• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හයිටි-මාලි-චැඩ්-සුඩානය හොල්ලන අපේ හමුදාවේ කොල්ලෝ…

April 9, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
හයිටි-මාලි-චැඩ්-සුඩානය හොල්ලන අපේ හමුදාවේ කොල්ලෝ…
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරිවල නිරත වීමට හැකි වීම රාජ්‍යයකට ජාත්‍යන්තර වශයෙන් ලැබිය හැකි ඉහළම ගෞරවයකි. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක මෙහෙයුම්වල සහභාගි වී සිදුකරන සුවිශේෂ කාර්යභාරය නිසාවෙන් ජාත්‍යන්තරයේ කීර්තිනාමයක් අත්පත් කරගෙන ඇත. එමෙන්ම හමුදා සෙබළකුට එක්සත් ජාතීන්ගේ සාම හමුදාවේ සේවයේ යෙදීම අභිමානයක් මෙන්ම තම සේවා කාලය තුළ ලබාගත හැකි සුවිශේෂ වෘත්තීමය අවස්ථාවකි. ශ්‍රී ලංකාව මේ වනවිට සාමසාධක රාජකාරීන්හි අභිමානවත් ලෙසත් මහත් ගෞරවයක් ලබමින් රටට කීර්තියක් ලෙස ජාත්‍යන්තරයේ සේවයේ යෙදිමින් සිටී.

ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය පරාජය කිරීමේදී ලබාගත් පන්නරය තුළින් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි ඉටුකරමින් මේ වන විට ජාත්‍යන්තරයට ලබාදෙමින් සිටී. එහි ප්‍රතිඵලයක් වශයෙන් යුද හමුදාව පමණක් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී ආරම්භ කළ දින සිට මේ දක්වා හයිටි, ලෙබනන්, දකුණු සුඩානය, චැඩ් ජනරජය සහ මාලි රාජ්‍යය වෙත යුද හමුදා නිලධාරීන් 1,858ක් සහ සෙසු නිලයන් 18,557ක් වශයෙන් 20,415ක ප්‍රමාණයක් සාමසාධක රාජකාරී සඳහා යොදවා ඇත. මේ වන විට මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාව ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය යටතේ ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 20ක් සහ සෙසු නිලයන් 243ක් සාමසාධක රාජකාරි සඳහා යොදවා සිටිති. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක රාජකාරි බලතල යටතේ ඇති හයවන සහ හත්වන පරිච්ඡේදයට අනුව මෙලෙස ශ්‍රී ලාංකීය භට පිරිස් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා යෙදවෙයි. එදා මෙදාතුර එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීවලින් පමණක් ශ්‍රී ලංකා යුද හමුදාව මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන තුන්සියයකට ආසන්න විදෙස් විනිමය ප්‍රමාණයක් උපයා දී ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාවේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුව, ගජබා රෙජිමේන්තුව, ගැමුණු හේවා බළකාය, පාබල හමුදාව, සිංහ රෙජිමේන්තුව, කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බළකාය, විජයබාහු පාබල රෙජිමේන්තුව, කාලතුවක්කු රෙජිමේන්තුව, ඉංජිනේරු බළකාය සහ සංඥා බළකාය නියෝජනය කරමින් නිලධාරීන් සහ සෙසු නිලයන් ඒක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා මේ වන විට යොදවා ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාව මේ වන විට එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරිවල දක්වන වෘත්තීමයභාවය පදනම් කරගනිමින් මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාව ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ රාජකාරි සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා යුද හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයට අමතරව තවත් ශ්‍රී ලංකා යුද හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයක් සාමසාධක රාජකාරී සඳහා යෙදවීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත.

එම අතිරේක භට ඛණ්ඩයේ සාමසාධක මෙහෙයුම් සඳහා ඇති සූදානම නිරීක්‍ෂණය කරමින් සියලු සංග්‍රාමික ප්‍රවාහන උපකරණවල (CCE) තාක්‍ෂණික ගුණාත්මකභාවය සහ ප්‍රමිතීන් පිළිබඳ සොයාබැලීම සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත කණ්ඩායමක් මෙරටට පැමිණියේය. දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායමට ජේම්ස් වික්ටර් ඩි රොකෝල්, කර්නල් ලෝරන්ස් කපිනා, ලුතිනන් කර්නල් රජීව්, මාර්ක් ෆ්ලඩ් සහ සත්වින්දර් සිං පෝල් ඇතුළත් විය.

එක්සත් ජාතීන්ගේ සාමසාධක දූත මණ්ඩල රාජකාරී සඳහා පළමු වරට යුද හමුදා භට පිරිස් යෙදවීමට පෙරද එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවැනි යෝග්‍යතා පිරික්සුම් වැඩසටහනක් පවත්වන ලදී. එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුව (UNDPKO) නියමකර ඇති පරිදි දූත මණ්ඩල අවශ්‍යතා සපුරාලීම සඳහා යුද හමුදාවේ යෝග්‍යතාව පරීක්‍ෂා කිරීම සහ එහි යෝග්‍යතා කොන්දේසි සපුරා තිබේද යන්න පරීක්‍ෂා කිරීම මෙම නියෝජිත කණ්ඩායමේ අරමුණයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරී සඳහා අතිරේක සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායමක අවශ්‍යතාව ශ්‍රී ලංකා යුද හමුදාවට යොමු කිරීම ශ්‍රී ලංකා යුද හමුදාව සාමසාධක රාජකාරිවලදී ඇතිකරගත් අනන්‍යතාව සහ වෘත්තීමයභාවය අගය කිරීමක් ලෙස හැඳින්විය හැක.

මෙම නියෝජිත පිරිස යුද හමුදා මූලස්ථානයේදී පසුගියදා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මුණගැසුණු අතර එහිදී මාලි රාජ්‍යයෙන් සිදුකරන දැනුම්දීමකින් මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාව ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය වෙත යැවීම සඳහා මෙම සංග්‍රාමික ආරක්‍ෂක භට ඛණ්ඩයේ සූදානම පිළිබඳ යුද හමුදාපතිතුමන්, එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් දැනුවත් කළේය.

සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත ‘යුද හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩය බී – 1’ සඳහා (Combat Convoy Company B – 1) නිලධාරීන් 20 දෙනකු සහ සෙසු නිලයන් 223 දෙනකු ඇතුළත් වන අතර, එමගින් මෙරට ජාතික ආර්ථිකයට වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 9ක් එකතු කිරීමට අපේක්‍ෂා කරයි.

කිඩාල්, ඇග්ලෝහොක් සහ ටෙසාලිට් යන කලාපවල පිහිටා ඇති මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාව ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථාන (MINUSMA) කඳවුරුවල සංග්‍රාමික ආරක්‍ෂක රථ මෙහෙයුම් සිදුකරන එකම විදේශීය සාමසාධක හමුදාව ලෙස ශ්‍රී ලංකා යුද හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩය විශිෂ්ට කැපවීමකින් සහ මනා වෘත්තීයභාවයෙන් යුතුව තම රාජකාරිය ඉටුකරමින් ජීවිත අවදානම් මධ්‍යයේ වුවද භට කාර්යය සම්පාදන ප්‍රවාහන රථ සඳහා ආරක්‍ෂාව සැපයීමේ කටයුතුවල නිරතව සිටී.

මෙරට සංචාරයේ යෙදී සිටින එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත කණ්ඩායම පසුගියදා ඇඹිලිපිටිය යුද හමුදා ඉංජිනේරු පාසල, උඩවලව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපළ සහ ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනය යන ස්ථානවල නිරීක්‍ෂණ සංචාරවල නිරත වූහ.

එහිදී මෙම නිරීක්ෂණ කණ්ඩායම පුපුරන ද්‍රව්‍ය උපකරණ නිෂ්ක්‍රීය කිරීමේ නිදර්ශනයක් සහ පුපුරන ද්‍රව්‍ය ඉවත් කිරීම, සැකකටයුතු ද්‍රව්‍ය හඳුනාගැනීම පිළිබඳ පුහුණු හා ප්‍රායෝගික නිදර්ශනයන් නිරීක්ෂණය කළ අතර ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ හමුදා සාමාජිකයන්ගේ පුහුණු ක්‍රමවේදයන්හි ගුණාත්මකභාවය, ප්‍රමිතීන් සහතික කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රාජකාරි කටයුතු සඳහා සූදානම් කර ඇති අතිරේක ‘3 වැනි ශ්‍රී ලංකා යුද හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම’හි මෙහෙයුම් සඳහා වූ සූදානම තක්සේරු කිරීමේ වැඩසටහන්ද නිරීක්ෂණය කරන ලදී. එසේම සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා යුද හමුදා අතිරේක සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ සූදානම නිරීක්‍ෂණ කරමින් සියලු සංග්‍රාමික ප්‍රවාහන උපකරණවල (CCE) තාක්‍ෂණික ගුණාත්මකභාවය සහ ප්‍රමිතීන් පිළිබඳ සොයාබැලීමද සිදුකරන ලදී.

ඊට අමතරව එහිදී, යුද හමුදාව නිෂ්පාදනය කරන ලද යුද උපකරණ, සංග්‍රාමික වාහන සහ උපාංග, බිම් බෝම්බ ඉවත් කිරීමේ උපකරණ, පුපුරන ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ උපකරණ, සැපයුම් සහ වෛද්‍ය උපකරණ, බැරැක්ක භාණ්ඩ පරීක්‍ෂා කිරීමටද එක්සත් ජාතීන්ගේ විශේෂ නිරීක්ෂණ කණ්ඩායම කටයුතු කරන ලදී.

එසේම මෙම නිරීක්ෂණ කණ්ඩායම බිම් වෙඩිකෙත් නිසැක කිරීමේ පුහුණු පාඨමාලාව හැදෑරූ ශ්‍රී ලංකා යුද හමුදා පළමු කාන්තා බළකා කණ්ඩායමේ හැකියාවන්ද නිරීක්ෂණය කරන ලදී. ඔවුන් ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ සෙබළියන් සඳහා ක්ෂේත්‍ර ඉංජිනේරු මූලික ක්‍රමවේද සහ මානුෂීය බිම් වෙඩි කෙත් නිසැක කිරීමේ පාඨමාලාව පසුගිය වසරේ යාපනයේ මයිලඩි ප්‍රදේශයේ පිහිටි 10 වැනි ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ සහ වවුනියාව ප්‍රදේශයේ පිහිටි ක්ෂේත්‍ර ඉංජිනේරු බළසේනා පරිශ්‍රයේදී ආරම්භ කරන ලදී.

තිස් වසරක් පුරා පැතිරුණු කුරිරු යුද්ධය මානුෂීය ස්වරූපයකින් නිමාකරමින් ලොව විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහයුම සිදුකළ ශ්‍රී ලංකාව මේ ඉටුකරමින් සිටින්නේ අන්තර්ජාතික සබඳතා පවත්වාගෙන යාම වෙනුවෙන් වූ පැවරී ඇති භාරදූර වගකීමක් ඉටුකිරීමකි. එහිදී ශ්‍රී ලංකාවේ හමුදාවන් ලොව මානුෂීයම හමුදාවන් වශයෙන් තමන් ලද විරුදාවලිය එලෙසින්ම ආරක්ෂා කරගනිමින් විදේශයකදී වුවද තම රණකාමීත්වය ආරක්ෂා කරමින් තම රටේදී අත්කර ගත් අත්දැකීම් ජාත්‍යන්තර සාමය ස්ථාපනය කිරීම වෙනුවෙන් යෙදවීමට අවස්ථාව උදාකරලීම සැබැවින්ම අගය කළ යුතුමය.

දිලංක ගුණතිලක

SendShareShare
Previous Post

ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනකාරී ත්‍රස්ත පනත ගේන්න ඉස්සෙල්ලා බදු වංචාව-පොහොර වංචාව-සීනි වංචාව-පොල්තෙල් වංචාව-සුදුළූණු වංචාව-ගෑස් වංචාව හොයන්න දූෂණ විරෝධී පනත ‌ගේන්න! හොරුන්ට නිසි දඬුවම් දෙන්න! විපක්ෂනායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO

Next Post

ගුණාත්මකභාවය-ආරක්ෂාව-කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් බරපතළ සැකයක්! ඉන්දීය ‌සමාගම් දෙකකින් ඖෂධ ගෙන්වීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි!

MORE NEWS

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.