රනිල් මහබැංකු හොරා කියලා පාර්ලිමේන්තුවෙදි වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන කිව්වා. මහින්ද හොරා කියලා දැන් ඉන්න ජනාධිපති රනිල් එදා පාර්ලිමේන්තුවෙදි කිව්වා. දැන් කියනවා මේ දෙගොල්ලොම එකතු වෙලා ආසියාවේ බලවත්ම දූෂණ විරෝධී පනත ගේනවාලු. පලක් තියෙයිද? හොරකම් නවත්වන්න දැන් තියෙන නීති හොදටම ප්‍රමාණවත් යැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.