• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගුටි කෑමට නියමිතයි (උපුල් ජෝ‍ශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

October 24, 2020
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 2 mins read
A A
ගුටි කෑමට නියමිතයි (උපුල් ජෝ‍ශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

’19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය දුන්නේ එක මන්ත්‍රිවරයායි… ‘
2015 අප්‍රේල් 28දා රාත්‍රි ටී.වී. පුවත්වල සහ පසු දින පත්තරවල පළ වූ මේ පුවත දැක 2015 ජනාධිපතිවරණයේදී මහින්දට ඡන්දය දුන්න ලක්‍ෂ 58ම හිටියේ අන්දුන්කුන්දුන් වෙලාය.
‘හත්තිලව්වයි, එතකොට අපිට විපක්‍ෂයක් නැද්ද..?’
ඒ ලක්‍ෂ 58 මිමිනුවේ එහෙමය.
‘අපිව පාවලා දුන්න අර මෛත්‍රියගෙයි, දේශද්‍රෝහී රනිලයගෙයි 19 පරද්දන්න ඔවුන්ට කොන්දක් නැද්ද..?’
මේ ඒ දවස්වල ලක්‍ෂ 58 එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන්ට ශාප කළ විදිහයය.
‘මන්ත්‍රිවරු හතළිස් ගණනක් ඉන්න ආණ්ඩුවක පනතකට මන්ත්‍රිවරු 144ක් ඉන්න විපක්‍ෂයත් පක්‍ෂව ඡන්දය දෙනවා කියන්නේ මොන ලැජ්ජාවක්ද..?’
මේ එදා ලක්‍ෂ 58 හූල්ලපු හැටිය.
ඇත්තටම එදා මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ඒ 144 අත් 19ට පක්‍ෂව ඉස්සෙව්වේ හිතාගන්න බැරි විදියටය. 19 ගේනකොට 19ට එරෙහිව වචනයක්වත් කතා කරන්න එක රාජපක්‍ෂ කෙනෙක් හිටියේ නැත. මහින්ද හිටියේ කොළඹ ඉන්න හිටින්න නිල නිවෙසක් නැතිව මැදමුලනේය. ගෝඨාභය දේශපාලනය කතා කළේ නැත. බැසිල් හිටියේ රටය. චමල් කතානායක පුටුවේ සිට 19 වෙනුවෙන් පාර්ලිමේන්තුව මෙහෙයවීය. නාමල් පාර්ලිමේන්තුවේ සිටියත් 19ට එරෙහිව කතා කළේ නැත. ඔක්කොම හිතුවේ මෛත්‍රි – රනිල් ආණ්ඩුව තව අවුරුදු 20කට, 30කට වට්ටන්න බැහැ කියාය. 19 පමණක් නොව ඇය – වැය පවා සම්මත වූයේ හයෙන් පහක බලයකිනි.
එකල ඒකාබද්ධ විපක්‍ෂය ලෙස ප්‍රකට මහින්දවාදීන් හිටියේ දේශපාලන කාන්තාරයක නන්නත්තාර වෙලාය. හැබැයි මේ කවුරුවත් මෛත්‍රි – රනිල්ගේ ආණ්ඩුවට බයේ තමන් 19ට පක්‍ෂව උස්සන අත මෛත්‍රි – රනිල් ආණ්ඩුව පෙරළන අතම වේ යැයි හීනෙන්වත් නොසිතන්න ඇත.
ඇත්තටම මෛත්‍රි – රනිල් ගැටුමේ මුල 19යය. මෛත්‍රි මන්ත්‍රිවරු හතළිස් ගණනක් ඉන්න රනිල්ගේ ආණ්ඩුවට එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයා ලෙස විපක්‍ෂයේ සිටි සන්ධානයේ මන්ත්‍රිවරු 144ක සහාය ලබා දී මම විධායක බලතල දන් දුන්නා කියා කයිවාරු ගැහුවාට පසුව ඔහු රනිල් සහ යූ.ඇන්.පී.ය එක්ක වෛර බැඳගත්තේ මේ 19 නිසාය.
රනිල් තමාගේ තටු කැපුවා යැයි මෛත්‍රි අඳෝනා නගන්න ගත්තේ 19 නිසාය. මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ විනාශය පටන් ගත්තේ එතැනින්ය. මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ ශක්තිය රටට, ලොවට පෙන්වූ 19ම මෛත්‍රි – රනිල් ආණ්ඩුව දුර්වල කොට පොළොවට සමතළාකර දමන්න සමත් විය.
‘අද ගෝඨාභයගේ ආණ්ඩුවේ ශක්තිය පෙන්වන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයම කවදා හෝ ගෝඨාගේ ආණ්ඩුව දුර්වල කරයිද..?’
ඒක කියන්න දන්නේ නැත. හැබැයි පරණ වමේ නායකයෙක් 20 සම්මත වූ දින සවස මාධ්‍යවේදියෙක්ට අපූරු කතාවක් කීවේය.
‘මේ 20 හරි, ද්විත්ව පුරවැසි වගන්තිය හරි පාර්ලිමේන්තුවේ පැරැදුණා කියමුකෝ. නැතිනම් පරදියි කියල බයේ ආණ්ඩුව හකුලා ගත්තා කියමුකෝ. තමුන් හිතන්නේ‌ ඒක විපක්‍ෂයේ ජයක් කියලාද..?’
මේ ඒ වමේ නායකයා අහපු ප්‍රශ්නයය.
‘එහෙම වුණා නම් මේ ගෝඨාවත්, ආණ්ඩුවත් ආරක්‍ෂා කරන්නේ මහින්ද සුළඟින් මහින්දව නැඟිට්ටවපු විමල්, වාසු, උදය වගේ කටකාර රැඩිකල් මන්ත්‍රිවරු. එහෙනම් විපක්‍ෂයට ලේසි වෙන්නේ නැහැ. 20 සම්මත වීමෙන් වුණේ ඒ කට්ටිය අකුළා ගත්තා. ඔවුන් පරාජය වුණා. දින්නේ බැසිල්. මෙතැන් පටන් මේක බැසිල්ගේ ආණ්ඩුව. බැසිල්ගේ පාර්ලිමේන්තුව. විමල්ලාට, උදයලාට, වාසුදේවලාට වෙන්නේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න…’
ඔහු කියාගෙන ගියේ උපහාසාත්මක සිනහවකින්ය.
‘ඉතින් ඒක කොහොමද විපක්‍ෂයට වාසි වෙන්නේ..?’
මාධ්‍යවේදියා ඇසුවේය.
‘මහින්ද 18 සම්මත කරගෙන ස්වාධීන කොමිෂන් බලය ජනාධිපති අතට අරගෙන ජනාධිපතිවරයකුට තෙවරක් ඉල්ලන්න බැරි ජේ. ආර්.ගේ ව්‍යවස්ථාවත් වෙනස්කර ගත්තට පස්සේ කවුද හිතුවේ මහින්දව වට්ටන්න පුළුවන් කියලා…’
වමේ නායකයා ආපිට ඇසුවේය.
ඇත්තටම ඔහු කිව්ව කතාවේ තේරුමක් තිබේ. ගෝඨාගේ ආණ්ඩුව 20 අකුළා ගත්තා නම් ද්විත්ව පුරවැසි වගන්තිය අකුළා ගත්තා නම් විමල්ලා, උදයලා, වාසුලා, හාමුදුරුවරු, ජාතික සංවිධාන ගෝඨාගේ ආණ්ඩුව රකින්නේ බොක්කෙන්ය. එහෙනම් පරදින්නේ බැසිල්ය. ලැජ්ජාව බැසිල්ටය. අද පැරැදිලා ඉන්නේ විමල්ලා ඇතුළු 20ට එරෙහි වුණු මන්ත්‍රිවරු කණ්ඩායමක්ය. අද ලජ්ජාවට පත්වෙලා ඉන්නේ ඔවුන්ය. ඔවුන් 20ට පක්‍ෂව, ද්විත්ව පුරවැසි වගන්තියට පක්‍ෂව ඡන්දය දුන්නේ අන්ත අසරණ වෙලාය. හේතුව නුඹලා නැතිවුණත් මම 20 විපක්‍ෂයෙන් සුළු ජාතික ඡන්දවලින් දිනනවා යැයි බැසිල් දුන්න තර්ජනය ඉදිරියේ අකුළා ගත්තේ ඔවුන්ය.
ඔවුන් 20ට විරුද්ධ වුණේ නිකම්ම නෙවේ. 2019 ජනාධිපතිවරණයට පෙර මැදමුලන කෑම මේසයේ වාඩි වී තීන්දු තීරණ ගත් ඔවුන්ට ජනාධිපතිවරණයට පසු මැදමුලන ඉස්තෝප්පුවේ බකන්නිලාගෙන සිටින්න සිදුවූ නිසාය. ඔවුන් බලාගෙන සිටියේ ගෝඨා එක්ක ඇමැති මණ්ඩල හදන්නටය. තමන් කැමැති ඇමැති ධුර බෙදාහදා ගන්නටය.
2015 සිට 2019 තෙක් තමන් කියන දේ මහින්ද කළා සේ තමන් කියන දේ ගෝඨාභය ලව්වා කරගන්නටය. ඒ ඔක්කොම වැරැදුණි. අන්තිමට තමන් අකැමැති අයෙක් තානාපති ධුරයට පත්වීම වළක්වා ගන්නටත් බලයක් ඔවුන්ට නොවීය. 20 විරෝධයෙන් එළියට පැන්නේ ඔවුන්ගේ ඒ ඉච්ඡාභංගත්වයය.
2015 නුගේගොඩින් මහින්ද සුළඟ පටන්ගත්ත විමල්, උදය, වාසු අද ඉන්නේ බැසිල්ගේ සුනාමියට හසුවෙලා අත්තක එල්ලිලා පණ නළ ගැටගහගෙනය. 20 සම්මත වීම නිසා විපක්‍ෂයට ෂැම්පේන් බොන්න පුළුවන් එකම ජය ඒකය. 2015 ඔවුන් අමාරුවෙන් හදාගත් ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත්කොට ඉවර කරපු තුන්දෙනා ඉවර වුණේ ඔවුන් හදපු ආණ්ඩුවේම තුවක්කුවේ පතොරම්වලින්ය. එදා ඒ තුන්දෙනාගේ මුහුණුවලින් පෙනුණේ ගුටිකන මුහුණු තුනක්ය. කවුදෝ කීවේ ගුටිකෑමට නියමිතයි කියන නාට්‍යයේ නම මතක් වුණා කියාය.
2010 මහින්දව දිනවා අගමැති වෙන්න බලා සිටි ජේ. ආර්.ගේ ව්‍යවස්ථා බාධකය නිසා 2015 එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ජනාධිපති අපේක්‍ෂක වෙන්න බලා සිටි මෛත්‍රිපාලත් මහින්ද 18 ගේන කොට අකුළා ගත්තේ මෙසේය. එදා මෛත්‍රිලා, ලංකා සමසමාජ පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂය, වාසුදේවගේ පක්‍ෂය 18ට එරෙහි විය. මේ නිසාම පරාජය වෙයි කියල බයේ රාජපක්‍ෂලා 18 අකුළා ගත්තේය. අකුළාගෙන යූ.ඇන්.පී.යේ මන්ත්‍රිවරු සහ මුස්ලිම් කොංග්‍රසය බාගෙන තුනෙන් දෙකේ බලය ෂුවර් වූ විට රාජපක්‍ෂලා 18 ගෙනැවිත් සම්මත කරගත්හ. ඒ වෙලාවේ 18ට එරෙහිව කතා කළ හැමෝම 18ට පක්‍ෂ වූයේ තමන් විරුද්ධ වුණත් රාජපක්‍ෂලා 18 සම්මත කරගනීය කියන බයෙන්ය. 18 සම්මත කරගෙන රාජපක්‍ෂලා බලය පෙන්නුවේ විපක්‍ෂයට නොව ආණ්ඩුව ඇතුළේ තමන්ට පාලනය කරගත නොහැකි පක්‍ෂ සහ කණ්ඩායම්වලටය. ප්‍රතිඵලය මෛත්‍රි වසර පහක් ඉවසා සිට අන්තිම වසරේ ඒ කණ්ඩායමත් සමඟ එළියට බැසීමය. ඊට කලින් මෛත්‍රිලා එළියට බැස්සේ නැත්තේ මහින්ද එවකට විපක්‍ෂ නායක රනිල් එක්ක ඩීල් එකක් දමාගෙන සිටි නිසාය. රනිල් 2015ට කලින් මහින්දලාට එරෙහිව ජනතාව සංවිධානය කළා නම් මෛත්‍රිලා ආණ්ඩුවෙන් එළියට එන්නේ 2015ට කලින්ය.
එදා මහින්දට 18 සම්මත කරගන්න බැරි වුණා නම් මහින්ද මෛත්‍රිපාලලාගේ, චම්පිකලාගේ අනෙකුත් කලකිරුණු මැති ඇමැතිවරුන්ගේ ශක්තිය ගැන බය වෙයි. ඔවුන් සමඟ සාකච්ඡා කොට හැම තීරණයක්ම ගන්නවා මිස ඔවුන්ව ආණ්ඩුවෙන් එළියට යන තැනට වැඩ කරන්නේ නැත. 18 සම්මත නොවූවා නම් හැමෝගේම එකඟත්වයෙන් 2015ට ජනාධිපති අපේක්‍ෂකයෙක් පත්වෙයි. සමහර විට ඒ අපේක්‍ෂකයා මෛත්‍රි වීමට ඉඩ තිබුණි. එසේ වූවා නම් 2015 දිනන්නේත් එක්සත් ජනතා නිදහස් සන්ධානයය.
18න් බලය වැඩිකර ගන්න ගිහින් මහින්දට වැරැදුණි. 19න් බලය පෙන්වන්න ගිහින් මෛත්‍රි – රනිල් හවුලටම වැරැදුණි. 20න් බලය වැඩිකර ගන්න ගිහින් ගෝඨාටත් ඒකම වෙයිද කියන්න දන්නේ නැත.

උපුල් ජෝ‍ශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

විස්සේ භයානක පැත්තක් ඉරාන් පෙන්වා දෙයි (VIDEO)

Next Post

ආ රෝහණ සහ අව රෝහණ (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.