මහින්දානන්ද අළුත්ගමගේ අමාත්‍යවරයා කටයුතු කරන්නේ අවස්ථාවාදී ලෙස බවට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ පවසන්නේ තමන් හමුවීමට පැමිණි ඔහු එසේ හමුවීමෙන් පසුව මාධ්‍ය වෙත අසත්‍ය කරණු පවසා ඇති බවයි.
“මේ නිසා තමයි අපිට ඇමතිවරුන්ගෙන් පරිස්සම් වෙන්න වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන් එතුමා ඊයේ ඉන්න වෙලාවෙදි සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමත් එක්ක කතා කළා. මාත් එක්ක කතා කරලා තොරතුරු ඇහුවම මම කිව්වා. එතුමා මේක මාධ්‍යයකට කියනවා නම්, එතුමා සදාචාරාත්මක දෙයක් නෙවෙයි ඊයේ කිව්වේ. එතුමා ඔය කියන ඒවා අපිට කිව්වෙත් නෑ, කළෙත් නෑ ඔය මව මවා කිව්වට. එහෙනම් නාමල් රාජපක්ෂ ගිහින් තිබුණේ අර හිරකාරයෙක් බලන්න අඟුණකොළපැළැස්සට. සජිත් ප්‍රේමදාස මහත්තයා ආශිර්වාදයක් කරපු එක මහින්දානන්ද අළුත්ගමගේ මහත්තයට මාධ්‍යයට කියන්න තරම් දෙයක් නෙවෙයි. එතුමන්ලා අවස්ථාවාදී ලෙස කටයුතු කළාට අපි ඒක කරන්නේනෑ.”යැයි උන්වහන්සේ පවසයි.