කොරෝනා මළ සිරුරු භූමදානය කිරීමට අවසර ලබා දිය යුතු බවට මතුව ඇති සංවාදය පිළිබදව පසුගිය සදුදා (04) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ජාවට ලක්ව තිබේ.
මෙහිදී ඇමැතිවරුන් විවිධ අදහස් පළ කොට ඇති අතර අවසානයේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ ඒ සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව විද්වත් කමිටුව විසින් ගත යුතු බවකි.
ඒ අනුව විද්වත් කමිටු වාර්තාව ඉදිරිපත් වීමෙන් පසු භූමදානය සම්බන්ධයෙන් ආණ්ඩුව අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බව දැනගන්නට ඇත.










