ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියට එක්වීමට නියමිතව සිටි කැනඩා ජාතික ක්‍රීඩකයකුට කොරෝනා වැළදී ඇති බවට තහවුරු වීමත් සමඟ ප්‍රධාන පෙළේ ක්‍රීඩකයක් රැසක් තරගාවලියට සහභාගි වීම ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව ලසිත් මාලිංග, ක්‍රිස් ගේල්, ලියම් ප්ලන්කට් සහ රවි බොපාරා තරගාවලියට සහභාගි වීම ප්‍රතික්ෂේප කොට ඇත.
මේ ආකාරයට ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් ඉවත් වීමත් සමඟ තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් සංවිධායකයන් දැඩි අර්බුදයකට මුහුණපා සිටින බවක්ද දැනගන්නට ඇත.











