පොරොන්දු වූ අයුරින් මුතුරාජවෙල පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ආණ්ඩුවට සිය අප්‍රසාදය පල කරමින් නිවේදනයක් නිකුත් කොට ඇත.
එම නිවේදනයෙන් උන්වහන්සේ සඳහන් කරන්නේ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ජනවාරි මස 21 වැනි දින අගරදගුරු නිවසේදී පැවති සාකච්ඡාවේදී මුතුරාජවෙල කිසිදු ව්‍යාපෘතියක් හෝ විනාශකාරී ක්‍රියාවක් සිදු නොකරන බවට පොරොන්දු වූ බවයි .
එහෙත් ලබා දුන් පොරොන්දු හිතාමතාම කඩ කරමින් කඩකරමින් මුතුරාජවෙල හා ඒ ආශ්‍රිත ගම්මාන නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගන්නා බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇති බවද අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
එබැවින් දැනටත් පෞද්ගලික ආයතනයක් විසින් හිතුවක්කාර ලෙස මේ ප්‍රදේශය තමන් සතු වන බවට දන්වා ඇති පුවරු ඉවත් කර මුතුරාජවෙල ජාතික වනෝද්‍යානයේ නැවත වන ජීවී සංරක්ෂණ කලාපයක් ලෙස නම් කරන ලෙස ද ලෙසද මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් සිය නිවේදනයෙන් ඉල්ලා සිටී.