• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගම සමග පිළිසඳරේදී ජනපතිගෙන් ප්‍රශ්න ඇසූ අයකුට කරුවලගස්වැව සභාපති පහර දීලා

March 2, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ගම සමග පිළිසඳරේදී ජනපතිගෙන් ප්‍රශ්න ඇසූ අයකුට කරුවලගස්වැව සභාපති පහර දීලා
Share on WhatsAppShare on Facebook

කරුවලගස්වැව නෙළුම්ගම  ගම්මානයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ‘‘ගම සමග පිළිසඳරක්’’ වැඩසටහනේදී එම ප‍්‍රදේශයේ මාර්ගයක් වසර ගණනාවකින් ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු වී නැති බව සඳහන් කරමින් ගැටලූ ඉදිරිපත් කළ පුද්ගලයකුට පහරදුන් බව කියන කරුවලගස්වැව ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට විරෝධය දක්වමින් ප‍්‍රදේශයේ ජනතාව කරුවලගස්වැව ප‍්‍රාදේශීය සභාව ඉදිරිපිටදී ඊයේ (01) දින විරෝධතාවයක් පැවැත්වූහ.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ කරුවලගස්වැව විජයපුර පදිංචි විශ‍්‍රාමික යුධ හමුදා සැරයන් මේජ්ර්වරයකු වන ඞී. ජයරත්න නැමති අයකු වේ.

කරුවලගස්වැව ප‍්‍රාදේශීය සභාවේ සභාපති නිමල් ජයසිරි බංඩාර මහතා මෙම පහරදීම සිදු කර ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම පහරදීම පසුගිය (26) දින කරුවලස්වැව 7 කනුව තබ්බෝව මංසන්දියේදී සිදුව ඇති බව පහර කෑමට ලක්වූ ජයරත්න මහතා කරුවලගස්වැව පොලිසියට පැමිණිලි කර තිබේ.

එසේ සභාපතිවරයා තමන්ට පහරදීම සිදුකළේ පසුගිය 20 දින ජනාධිපතිවරයාට එම ප‍්‍රදේශයේ වීරපුර මාර්ගය වසර 50කින් ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු වී නැති බව පවසමින් ඉදිරිපත් කළ ගැටළුවට උරණවීම නිසා බව ජයරත්න මහතා පැවසීය.

එම පහරදීමට විරෝධය දක්වමින් පහර කෑමට ලක්වූ ජයරත්න මහතා හා ගම්මානයේ පිරිසක් කරුවලගස්වැව ප‍්‍රාදේශීය සභාව ඉදිරිපිටදී සභාපතිවරයාගේ ක‍්‍රියා කලාපය හෙළා දකිමින් විරෝධතාවය පැවැත්වූහ. ‍

අදාළ චෝදනාවට ලක්වූ ප‍්‍රාදේශීය සභාපති නිමල් ජයසිරි බංඩාර මහතා කරුවලගස්වැව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරිය බව පොලිසිය පවසයි.

අදාළ පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා කරුවලගස්වැව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර ඇත්තේ පහර දීම සම්බන්ධ පැමිණිල්ල කරුවලගස්වැව සමථ මණ්ඩලයට යොමු කරමින් බව සඳහන් වේ.

එමෙන්ම සභාපතිවරයාද තමන්ට ජයරත්න නැමති අය පහර දුන් බවට පැමිණිල්ලක් පොලිසියට ඉදිරිපත් කර ඇත. කරුවලගස්වැව පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක සුජීව අලවත්ත මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වයි.

SendShareShare
Previous Post

කාදිනල් හිමි කනස්සල්ලෙන්: නිවේදනයකුත් නිකුත් කරයි

Next Post

ඉන්දීය ගුවන් යානා ලංකා අහසේ සෙල්ලම් දාන හැටි (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper