වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීම වෙනුවෙන් එදා මහපාරේ තාප්පවල චිත්‍ර අදිමින් රට ලස්සන කළ තරුණ තරුණියන් අද රට එපා වී විදෙස්ගත වීම සදහා පාස්පෝට් ගැනීමට පෝලිමේ සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුව අද රට එවැනි තත්ත්වයකට පත් කොට ඇති බවත්, තරුණ තරුණියන් ඉච්ජා භංගත්වයට පත්ව ඇති බවත්ය.
එමෙන්ම මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මුදල් අච්චු ගැසීමේ යන්ත්‍රය සක්‍රිය කොට ඇති බවත් පසුගිය සතියේ බිලියන 106ක් අච්චු ගසා ඇති බවත් ඒ මහතා කීය.










