සිය පළමු ධුර කාලය ඇතුළත රටේ වැඩි නිවාස ප්‍රමාණයක් සූර්ය බල විදුලිය භාවිත වන නිවෙස් බවට පරිවර්තනය කිරීමටත්, ග්‍රාමීය ප්‍රදේශවලට පිරිසුදු පානීය ජල පහසුකම් ලබා දීමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව දැනට විදුලි බලෙයෙන් යැපෙන ග්‍රාමීය නිවාස සහ කාර්යාල බහුතරයක් සූර්ය බල විදුලියට පර්වර්තනය කිරීමට ජනාධිපතිවරයා සැලසුම් සකස් කර ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම දැනට 38%ක් පමණ වන ජල පරිභෝගිකයන් සංඛ්‍යාව සිය ධුර කාලය තුළදී 60% දක්වා ඉහළ දැමීමටද ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම ව්‍යාපෘති සදහා අඩු පොලියට ණය පහසුකම් ලබාදීමට ජාත්‍යන්තර ණය දෙන ආයතන සහ රටවල්ද, සංවිධානද කටයුතු කරන බැවින් එවැනි ආධාර යටතේ මෙම ව්‍යාපෘති දියත් කිරීමටද යෝජනා වී ඇත.










