ඉන්දුනිසියානු තානාපති ගුස්ති නුග්රා ආර්ඩියාසා (Gusti Ngurah Ardiyasa) මැතිතුමා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද (07) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය.
කොරොනා ව්‍යසනය හේතුවෙන් ඉන්දුනීසියාවද බලවත් පීඩාවට පත් රටක් වූ අතර ඊට ප්‍රධාන විසදුම ලෙස ප්‍රතිශක්තිකරණ වැඩසටහන රට තුළ ක්‍රියාත්මක කිරිමට ඔවුන් ප්‍රමුඛතාවය දුන් බව තානාපතිවරයා විපක්ෂ නායකතුමා සමඟ පැවසීය.
මෙහිදී ශ්‍රී ලංකාවේ පවත්නා තත්ත්වය පිළිබඳව විපක්ෂනායකතුමා ඉන්දුනීසියානු තානාපති තුමා සමඟ අදහස් හුවමාරු කරගනු ලැබීය. සෞඛ්‍යය ක්ෂේත්‍රය නැංවීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කමද මෙහිදී විශේෂ අවධානයකට ගනු ලැබීය.
ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශික සබඳතා දශක ගණනාවක් ඉපැරණිය. දෙරට අතර ආර්ථික සංස්කෘතික සහ සමාජ සංවර්ධනය උදෙසා වන කැපවීම ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
කොරෝනා ව්‍යසනයෙන් දැඩිව පීඩාවට පත් ශ්‍රි ලංකාවට ඉන්දුනිසියාවේ සෞඛ්‍යමය ආධාර ලබා ගැනීම උදෙසා අවශ්‍ය සහයද ලබාදෙන ලෙස විපක්ෂ නායකතුමා මෙහිදී ඉන්දුනිසියාවේ තානාපතිතුමාගෙන් ඉල්ලීමක් කරනු ලැබීය.










