ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩ්හානම් ගෙබ්‍රියේසස් මහතා අතර අද (07) දින විශේෂ සාකච්ජාවක් පැවැත්වී ඇත.
සූම් තාක්ෂණය ඔස්සේ පැවැති මෙම සාකච්ජාවේදී ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් ලක්ෂ 06කට ආසන්න පිරිසකට එහි දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් මාත්‍රා ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා වී තිබේ.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩ්හානම් ගෙබ්‍රියේසස් උත්සාහ දරනු ඇති බවට තමන් විශ්වාස කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තබා තිබූ ට්විටර් පණිවුඩය මෙසේය.











