අවශ්‍යතාවයක් ඇති වූවහොත් රට වසා දැමීමට ඉදිරියේදී සිදුවිය හැකි බව වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
අද (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.
අවශ්‍යතාව අනුව ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් වැසීමේ බලතල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට ලබාදී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
“ඉස්සරහට අපි බලමු, අවශ්‍ය වුණොත් රට වහන්න ඉස්සරහට සමහරවිට සිද්ධ වෙයි.”











