එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් වන ජන්ද විමසීමේදී ඉන්දියාවේ ස්ථාවරය සම්බන්ධයෙන් මේ වනවිට තානාපති අංශවල දැඩි කතාබහක් මතුව තිබේ.
ඊට හේතුව වී ඇත්තේ මෙම ජන්ද විමසීමේදී ඉන්දියාව ලංකාවට එරෙහිව ජන්දය භාවිත කරනු ඇති බවට හෝ ජන්දය දීමෙන් වැළකී සිටිනු ඇති බවට ඉන්දීය මාධ්‍ය විසින් අනාවරණය කොට තිබීමය.
ලබන අප්‍රේල් 06 වන දින තමිල්නාඩු ජන්දය පැවැත්වීම මේ සදහා හේතු වී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
යම් හෙයකින් මානව හිමිකම් කොමිසමේදී ලංකාවට පක්ෂපාතී ස්ථාවරයක සිටි ජන්දය ප්‍රකාශ කළහොත් එය තමිල්නාඩු මැතිවරණයට අහිතකර ලෙස බලපානු ඇති බවට මත පළව තිබීම ඉන්දියාවේ මෙම ස්ථාවරයට හේතු වී ඇති බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.











