මෙරටින් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 90,200ක් වාර්තා කිරීමත් සමග පළමු වරට චීනය පසුකර යාමට ලංකාව සමත්ව ඇත.
චීනයේ මේ වන විට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 90,106කි. පුද්ගලයින් 85,309ක් පුර්ණ සුවය ලබා ඇති අතර චීනයේ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 4,636ක් වේ.
ලංකාවේ මේ වනවිට සුවය ලැබූ ආසාදිතයින් ගණන 86,759 දෙනෙකු වන අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2,895 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 546කි.










