නව ආසියාතික පිහිණුම් වාර්තාවක් පිහිටුවීම සඳහා ඊයේ අලුයම 2ට තලෛමන්නාරම වෙරලේ සිට ආරම්භය ලබාගෙන ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා පිහිනූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මිට සුළු මොහොතකට පෙර යළි තලේයිමන්නාරමට පිහිනා පැමිණියේය.
මෙම වාර්තාව පිහිටුවීම සඳහා ඔහු පිහිනා ගිය සමස්ත දුර කිලෝමීටර 59.3ක් වේ.










