• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

ආදරය සහ කෑදරය අන්තිමට ඉතුරු වූ කරදරය: බඩල්කුඹුරෙන් වේල්ල වීදියට ආ ඛේදවාචකයේ සම්පූර්ණ කතාව මෙන්න CID SPECIAL

March 7, 2021
in CID, Exclusive, Uncategorized
Reading Time: 8 mins read
A A
බුත්තල SI කරේ දාගෙන ගිය රහස් මල්ල සොයාගනී: තරුණියගේ හිසට වෙච්ච දේ
Share on WhatsAppShare on Facebook

ගුණසිංහපුර බස් නැවතුම් පොළ ආසන්නයේ දමාගොස් තිබුණු ගමන් මල්ලකින් හමුවූ හිස නොමැති කාන්තා මළ සිරුර ගෙවී ගිය සතියේ මුළු රටේම අවධානයට ලක්වුණු බිහිසුණු අපරාධයකි. රටේ ප්‍රධාන මාධ්‍ය සියල්ලන්ගේත්, සමාජ මාධ්‍ය ජාලාවලත් දැඩිව කථාබහකට ලක්වුණු එම මළ සිරුර හමුවන්නේ පසුගිය 01 වෙනිදාය. හිස නොමැති මෙම මළ සිරුර තරුණ කාන්තාවකගේ යැයි බැලූ බැල්මටම පෙනී ගියේය. මෙම මළ සිරුර තිබුණු ගමන් මල්ල ගුණසිංහපුරට ආවේ කෙසේදැයි සොයා පොලීසිය මුළු ගුණසිංහපුරම ආරක්ෂක කැමරා පරීක්ෂා කරන්නටද ගත්තේ ඒ ඔස්සේ හෝඩුවාවක් සොයා ගැනීමේ අරමුණ ඇතිවය. හැඩිදැඩි දේහධාරී පුද්ගලයෙක් ඒ බෑගය රැගෙනවිත් ගුණසිංහපුර බස් නැවතුම් පොළේ දමා යන බව හෙළි වන්නේ එවිටය. ඒ පුද්ගලයා හිස් වැසුමකින් සැරසී මුව ආවරණයක් පැලද සිටීම හේතුවෙන් පැහැදිලිවම ඔහු කවුරුන්දැයි හදුනා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවීය. ඔහු ඒ ගමන් මල්ල බිම දිගේ ඇදගෙන විත් ඒ තැන දමා යන්නේ කිසිවෙකුගේත් අවධානයට ලක්නොවන්නටය. එකී ගමන් මල්ලට අමතරව ඔහු තවත් ගමන් මල්ලක් සිය පසු පැත්තේ එල්ලාගෙන සිටියේය. එය බැලූ බැල්මට පාසල් බෑගයකට සමානය.

පොලිසිය සීසීටීටී මෙහෙයුම අරඹයි

මෙම ගමන් මල්ල මේ පුද්ගලයා රැගෙන එන්නේ බස් රථයකින් බවද ඒත් එක්කම පොලීසිය සොයා ගත්තේය. ඊටද ඉවහල් වන්නේ ආරක්ෂක කැමරාමය. ඒ ඔහු ඒ මල්ල රැගෙන එන මාර්ගයේ වෙළෙඳ සැල්වල සවිකර ඇති ආරක්ෂක කැමරාවල දර්ශන නිරීක්ෂණයෙනි. ඒ අනුව ඔහු ඒ ගමන් මල්ල රැගෙන ගුණසිංහපුරට පැමිණෙන්නේ බස් රථයක නැගීය. එය හංවැල්ලේ සිට පිටකොටුවට පැමිණි මාර්ග අංක 143 බස් රථයකි. එම බස් රථයද හදුනා ගන්නට පොලීසියට එතරම් අපහසු වන්නේ නැත. ඒ අනුව එම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාව මුණ ගැසෙමින් පොලීසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නේ ගමන් මල්ල සහ එය රැගෙන පැමිණි පුද්ගලයා ගැන යම් හෝඩුවාවක් ඒ අයගෙන් වත් දැන ගැනීමට හැකියාවක් ඇත්තේදැයි දැන ගන්නටය. හංවැල්ලෙන් බස් රථය ගමන් ආරම්භ කරන අවස්ථාවේදී ඒ තුළ සිටි මුල් දෙතුන් දෙනා අතර එකී පුද්ගලයාද සිටි බව රියදුරුගේ සහ කොන්දොස්තරවරයාගේ මතකයේ ඒ වන විටත් හොඳින්ම රැඳී තිබුණේය. ඒ එකී පුද්ගලයාගේ ගමන් මල්ල නිසාමය. ඒ අනුව පැහැදිලි වන්නේ මළ සිරුර බහාලූ ගමන් මල්ල හංවැල්ලේ සිට ගුණසිංහපුරයට රැගෙන විත් ඇති බවය. මේ සියල්ල හෙළිකර ගන්නේ ගුණසිංහපුර බස් නැවතුම් පොළ සහ ඒ අවට ප්‍රදේශය අයත්වන වේල්ලවීදිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පේදුරුආරච්ච ඇතුළු නිලධාරීන් කණ්ඩායමකි. දක්ෂ අපරාධ විමර්ශකයෙක් වන ඔහු කාලයක් පුරාවට අපරාධ ස්ථාන පරීක්ෂණාගාර ප්‍රධානියෙක් ලෙසද සේවය කළ අයෙකි. එසේම දහස් ගණනක් අපරාධ විසඳා නමක් දිනා සිටින්නෙකි. ඔහු මේ ආකාරයට ආරක්ෂක කැමරා පස්සේ පන්නමින් ගුණසිංහපුරට මෙම කාන්තාවගේ මළ සිරුර රැගෙන පැමිණි ස්ථානය සොයා ගන්නේද විමර්ශන අත්දැකීම් ඔස්සේය.

හංවැල්ලට ආවේ ත්‍රීවීල් එකෙන්

එතැන් සිට ගමන් මල්ල බස් රථයට රැගෙන ආවේ කොහේ සිටදැයි සෙවීමේ විමර්ශන කටයුත්ත පැවරෙන්නේ හංවැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර ඇතුළු නිලධාරීන්ටය. වේල්ලවීදිය පොලීසිය විසින් ගුණසිංහපුරයේම ආරක්ෂක කැමරා පරීක්ෂා කරමින් ගමන් මල්ල ගුණසිංහපුරයට රැගෙන ආ හැටි හෙළිකර ගැනීමට කළ වෙහෙසකර මෙහෙයුමට නොදැවෙනි මෙහෙයුමකට ඒ අනුව හංවැල්ල පොලීසිය අත තැබුවේය. ගුණසිංහපුරයේ ආරක්ෂක කැමරාවල සටහන්ව සිටි පුද්ගලයා හංවැල්ලේ බස් නැවතුම් පොළෙන් මතුවන්නේ ත්‍රී රෝද රථයකින් බව පෙනී යන්නේ එවිටය. ඒ අනුව පොලිස් මෙහෙයුම් දියත්වන්නේ එම ත්‍රී රෝද රථය සොයාය. හංවැල්ල නගරයේ ත්‍රී රෝද රථ රියදුරන්ගේ සහයද පොලීසිය ඒ සදහා ඉල්ලා සිටියේය. ඒ ආරක්ෂක කැමරාවේ සටහන්ව තිබුණු එම ත්‍රී රෝද රථය හංවැල්ලේ කුලී පදනම මත ධාවනය වන එකක් නොවූ බැවිනි. අවසානයේදී එම ත්‍රී රෝද රථය සමග රියදුරාවද පොලීසිය සොයා ගත්තේය. ඔහු කොළඹ යම් ආයතනයක සේවයේ නිරතව සිටින්නෙකි. හංවැල්ලේ සිට කොළඹ යන්නේ ඔහුට අයත් ත්‍රී රෝද රථයෙනි. ඒ යන එන අවස්ථාවන්වලදී ඔහු හයර් එකක් ලැබුණොත් එය අත හරින්නේද නැත. එදාත් ඔහු කොළඹ යමින් සිටියදී ගමන් මල්ල රැගත් පුද්ගලයා ත්‍රී රෝද රථයට ගොඩවී ඇත්තේ හංවැල්ල නගරයට මදක් නුදුරින් පිහිටි නවාතැන් පොළක් ඉදිරිපිටිනි.

නැවතුණේ 106 කාමරයේ

ඒ අනුව ගමන් මල්ල රැගෙන පැමිණි පුද්ගලයා ත්‍රී රෝද රථයට ගොඩවූ ස්ථානය තවදුරටත් අභිරහසක් නොවීය. එතැන් සිට කෙරුණු විමර්ශනවලින් හෙළිවන්නේ තරුණියක් සමග පෙබරවාරි 27 වෙනිදා රාත්‍රී 10.00ට පමණ මේ පුද්ගලයා නවාතැන් පොළට පැමිණ 106 අංකය දරණ කාමරයේ නවාතැන් ගෙන ඇති බවය. නවාතැන් පොළෙන් ඒ අය පිටව යන්නේ මාර්තු 01 වෙනිදාය. ඒ පෙරවරු 10.00ට පමණය. ඒ අවස්ථාවේදී තරුණිය පෙනෙන්නට සිටි බවක් හෙළිවන්නේ නැත. නවාතැන් පොළේ ගතකළ කාලය වෙනුවෙන් රුපියල් 4100ක ගෙවීමක්ද කර තිබුණේය. නවාතැන් පොළෙන් ඔහු පිටවන්නේද කළු පැහැති ගමන් මල්ල රැගෙනය. එහෙත් ඔහු හෝටලයේ නවාතැන් ගැනීමට පැමිණෙන විට එවැනි ගමන් මල්ලක් රැගෙන විත් තිබුණේ නැත. එම මල්ල ඔහු රැගෙන එන්නේ එදින උදෑසන නවාතැන් පොළෙන් පිටව ගොසිනි. ඊට පෙර අවස්ථා දෙක තුනකදීම ඔහු නවාතැන් පොළෙන් පිටව ගොස් ඇති බවක්ද හෙළිවන්නට විය. තරුණිය සමග නවාතැන් පොළෙන් ඔහු පිටව යන්නේ එක් වරක් පමණි. ඒ පෙබරවාරි 28 වෙනිදාය. නවාතැන් පොළේ ගතකළ කාලය පුරාවට එම ස්ථානයෙන් මේ අය ආහාර පානද ලබාගෙන තිබුණේ නැත. ඒ ගැන නවාතැන් පොළේ පාලකයන් සිතුවේ පිටතින් ආහාර පාන ලබා ගන්නවා ඇතැයි කියාය.

පිරිමියා ප්‍රේමසිරි: තරුණිය දිලිනි

මේ කාරණා එකිනෙක පොලිස් විමර්ශකයන් හෙළිකර ගන්නේ නවාතැන් පොළේ භාරකරුවන්ගෙන්ද ප්‍රශ්න කරමිනි. එහිදී පොලිස් විමර්ශකයින් නවාතැන් පොළට පැමිණෙන අමුත්තන් ලියාපදිංචි කිරීමේ ලේඛනයද පරීක්ෂා කිරීමට අමතක නොකළේය. එහිදී පෙනී යන්නේ 106 කාමරයේ නවාතැන් ගත් දෙදෙනාගේම නම් ගම් ඇතුළු සියලු විස්තර එහි සටහන්ව ඇති බවය. ඊට අනුව පිරිමියා අධිකාරී මුදියන්සේලාගේ ප්‍රේමසිරිය. පදිංචිය ලෙස සදහන් වන්නේ බඩල්කුඹුර වෙහෙරබඩ ය. ජාතික හැඳුනුම්පතේ තොරතුරුවලට අනුව ඔහු ඒ වන විට පසුවූයේ 52 හැවිරදි වියේය. තරුණිය දිලිනි යශෝධාය. ඇයගේ පදිංචිය ලෙස සඳහන්ව තිබෙන්නේ කුරුවිට තෙප්පාගම, බඩෝගමය.

තරුණියගේ විස්තර මෙන්න

මෙම තොරතුරු විශ්ලේෂණයේදී පොලිස් විමර්ශකයන්ට පෙනී යන්නේ ඝාතනයට ලක්ව සිටින්නේ මෙම නවාතැන් පොළේ රැඳී සිටි තරුණිය බවය. ඒ අනුව කුරුවිට පොලීසියේ නිලධාරියෙක් ඒ නිවසට යොමු කරන්නේ සිය අනුමානයන් තහවුරුකර ගන්නටය. සිරිපාදේ වන්දනාවේ යනවා යැයි කියා එම තරුණිය 28 වෙනිදා නිවසින් පිටව ගොස් ඇති බවත්, එදින රාත්‍රී 10.00 සිට ඇය භාවිතා කළ ජංගම දුරකතනය පවා අක්‍රියව පවතින බවත් හෙළිවන්නේ එහිදීය. ඇගේ සහෝදරයා කුරුවිට ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් බවත්, ඇයද යොවුන් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරියක් බවත් වැඩිදුර විමර්ශනවලින් කියැවෙන්නට ගත්තේය. සුරූපී තරුණියක් වන ඇය ප්‍රදේශයේ පොදු කටයුතුවලදී කැපී පෙනෙන චරිතයක් බවද පොලිස් විමර්ශකයන්ට එහිදී පෙනී ගියේය. ඇය කුඩා කල පියා මියගොස් ඇති අතර ඇයත් සහෝදරියත් රැකබලාගෙන ඇත්තේ මව විසිනි. මේ වන විට ඇයද වයෝවෘද්ධ තැනැත්තියකි. ඇගේ මතක ශක්තිය පවා දැන් ඇත්තේ හීනවීය.

බුත්තල එස්.අයි.ගේ විස්තර මෙන්න

මේ තොරතුරු සමග පොලිස් විමර්ශකයන් සිය අවධානය ඊළගට යොමු කරන්නේ ඇය සමග නවාතැන් පොළට ගිය පුද්ගලයා ගැනය. බුත්තල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින ඔහු පොලිස් නිලධාරියෙක් බව තහවුරු වන්නේ එවිටය. බුත්තලට ඔහු එන්නේ ඇමැති ආරක්ෂක අංශයේ සිටය. ඒ ආණ්ඩු පෙරළියත් සමගිනි. ඔහු වැඩිම කාලයක් සේවයේ නිරතව සිට ඇත්තේද ප්‍රභූ ආරක්ෂක අංශයේය. ඒ අවසානයට ඔහු සේවයේ නිරතව සිටින්නේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා ළගය. ඊට පෙර ඔහු සේවයේ සිට ඇත්තේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයා ලෙසිනි. විමර්ශනවලින් පෙනී යන්නට වූ ආකාරයට අනුව මෙම තරුණිය ඔහුට මුණ ගැසෙන්නේ දේශපාලන වැඩවලදීය. ඒ ඇගේ සහෝදරයා දේශපාලන ක්‍රියාකාරිකයෙක් වූ බැවිනි. හැඩි දැඩි සිරුරකට හිමිකම් කී මෙම පුද්ගලයා කෙරෙහි විශේෂ අවධානයක් ඇයට යොමු වී ඇති අතර ඊට වයස් පරතරයද ගැටලුවක් වී නැති බව විමර්ශකයන්ට පෙනී ගියේය. එහෙත් ඇය ඔහුට අමතා ඇත්තේ අංකල් යැයි කියාය. ඒ නිසාම මේ දෙදෙනා අතර යම් සම්බන්ධයක් ඇතැයි කිසිවෙකුගේත් සැකයට පවා ලක්ව නැත.

දුරකතන ජාල පරීක්ෂණය ඇරඹේ

මෙම කරුණු එකිනෙක හෙළිකරගනිමින් පොලිස් විමර්ශකයන් ඇගේ ජංගම දුරකතන අංකය ඔස්සේ යම් ජාල පරීක්ෂාවක් කරන්නේ ඔහුගේ දුරකතන අංකයත් සමගිනි. එහිදී පැහැදිලිවම පෙනී යන්නේ 28 වෙනිදා උදෑසන ඔහු බුත්තල සිට ගමන් ආරම්භ කර ඇත්තේ ඇයට විටෙන් විට ඇමතුම් දෙමින් බවය. හංවැල්ලේ නවාතැන් පොළට දෙදෙනා පැමිණෙන්නේ කුරුවිටින් මුණ ගැසී බවද එම ජාල පරීක්ෂාවේදී පෙනී ගියේය. ඒ අනුව සියල්ල විමර්ශකයන්ට පැහැදිලි විය.
මේ අතර උප පොලිස් පරීක්ෂකවරයා ගැනද තොරතුරු සොයා බලන්නට විමර්ශකයන් අමතක නොකළේය. එහිදී පෙනී යන්නේ ඔහු බුත්තල පොලීසියේ ඒ වන විට කොවිඩ් 19 වැළැක්වීමේ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවයේ නිරතව සිටින බවය. සිය මවගේ තුන් මාසේ දානය සදහා යැයි කියා ඒ වන විට ඔහු සිටින්නේ නිවාඩු ලැබය. ඔහු නිවාඩු යන්නේද 28 වෙනිදා සිටය. ඒ අනුව පැහැදිලි වන්නේ ඔහු සැලසුම් සහගතව නිවාඩු ලැබ ඇය සමග එදා හංවැල්ලට ගොස් ඇති බවය. ඒ තුළ ඇයව මරා දැමීමේ චේතනාව තිබුණේ දැයි පැහැදිලි නැතත් එම ගමන සැලසුම් සහගත එකක් බව නම් පැහැදිලි විය.
මෙසේ තමාට වඩා වයසින් අවුරුදු 22ක් බාල තැනැත්තියක් සමග මෙම පොලිස් නිලධාරියා යම් සම්බන්ධයක් ඇතිකරගන්නේ ඇයට වඩා වසර 07ක් පමණ බාල කරදඬු උස්මහත් වූ දියණියක් ද සිටියදීය. දරුවන් තිදෙනෙකුගේ පියෙක් වන ඔහුගේ බාල දරුවා 16 හැවිරදිය. මේ සම්බන්ධය ඔහුගේ බිරිඳටද රහසක් නොවීය. ඒ නිසාම පවුලේ සමගියටද එය බලපා ඇත්තේ දරුණුවටය. ඒ නිසාම ඔහු මේ සම්බන්ධය නතරකිරීමට උත්සහයක නිරතව ඇත්තේ සිය බිරිඳ මගින් ඇගේ සහෝදරයාට ඇමතුමක් දෙමිනි. එම උත්සහයද අසාර්ථක වන්නේ එස්.අයි. අංකල් සමග එවන් සම්බන්ධයක් නැතැයි ඇය සහෝදරයාට පැවසීම හේතුවෙනි.

ෆොටෝ එකෙන් එස්.අයි. කැළඹේ: බිරියට වහා ලියුමක් ලියයි

මෙම කරුණු එකිනෙක පෙළ ගස්සවමින් ගුණසිංහපුර බස් නැවතුම් පොළේ දමා ගිය හිස නොමැති කාන්තා මළ සිරුර සහිත ගමන් මල්ලේ අභිරහස විසඳූ පොලිස් විමර්ශකයන් අනතුරුව සූදානම් වන්නේ සැකයට ලක්වුණු උප පොලිස් පරීක්ෂකවරයාව කොටු කර ගන්නටය. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ’නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඒ සදහා මිරිහානෙන් පොලිස් කණ්ඩායමක් පිටත්කර හරින්නේ දුරකතන ජාල විශ්ලේෂණයට අනුව ඔහු ඒ වන විටත් ඔහු පදිංචි ගම් පියස්සේ සිටින බව තහවුරු වීමත් සමගිනි. එදා මාර්තු 02 වෙනිදාය. මේ කිසිවක් නොදත් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා රැඳී සිටින්නේ නිවසේය. එහෙත් පොලීසිය තමාව හඹා එන බව ඔහුට දැනී’තිබුණේය. ඒ මාධ්‍ය මගින් ඔහු මළ සිරුර රැගත් ගමන් මල්ල සමග ගමන් කරන රූප රාමු නිරන්තරයෙන් ප්‍රචාරය කරන්නට වූ බැවිනි. එදා රෑ පොලිස් කණ්ඩායම නිවසට කඩා වදින විට ඔහු සිටියේ යම් තීරණයකට එළඹීය. ඒ සිය බිරිඳට ලියුම් කඩදහියක්ද ලියාය. එම ලියුම් කඩදහිය සිය බිරිඳගේ නෙත ගැටෙන තැනක තබා පොලීසිය නිවසට කඩා වදින විට ඔහු පලා යන්නේ පොලිස් ඇසට වැලි ගසාය. එසේ පළාගිය ඔහුගේ සිරුර පසුදින හමුවන්නේ ඒ කිට්ටුව පාත ඉඩමක රබර් ගසක් මත එල්ලෙමින් තිබියදීය.

හිස කරේ අරන් ගිය බෑග් එකේද?

මේ වන විට මළ සිරුරත් සහිත ගමන් මල්ලෙහි අභිරහස විසඳී හමාරය. එහෙත් ගැටලුව වී ඇත්තේ මළ සිරුරේ හිසට කුමක් සිදුවීදැයි කියාය. පොලිස් විමර්ශකයන් මුලින් විශ්වාස කරන්නේ ඔහු එම හිස කර මත එල්ලාගෙන සිටි ගමන් මල්ලෙහි දමාගෙන ගොස් ඈතකට විසිකරන්නට ඇතැයි කියාය. ශ්‍රීපාද වන්දනාවේ යනවා යැයි කියා ඇය නිවසින් එළියට බසින විට රෝස පැහැති ගමන් මල්ලක්ද ඇය සතුව තිබී ඇත. එහි තිබී ඇත්තේ දින දෙක තුනකට සෑහෙන ඇදුම් පැළදුම් කිහිපයකි. එම ඇදුම් මල්ලටද සිදුවූ’දෙයක් සොයා ගන්නට නැත. එයත් ඔහුගේ කරෙහි එල්ලෙමින් තිබුණු බෑගයේ තිබෙන්නට ඇතැයි විමර්ශකයෝ සැකකළෝය. උප පොලිස් පරීක්ෂකවරයා නිවසින් පිටතට යන අවස්ථාවන්වලදී එම බෑගය පුරුද්දක් ලෙස කරෙහි එල්ලාගෙන යන බව බිරිඳගේ ප්‍රකාශවලින් තහවුරු වූයේය. 28 වෙනිදා ඔහු නිවසින් පිටව යන විට ද එම බෑගය කරෙහි එල්ලෙමින් තිබී ඇත. ඊට නිසි විසඳුමක් නොලැබුණත් නවාතැන් පොළ පිටුපසින් ගලා බසිනා කැලණි ගඟට හිස විසිකළේ දැයි ඇත්තේ මේ වන විටත් සැකයකි. ඒ ඇගේ රෝස පැහැති ගමන් මල්ලද සමගිනි. ඒ නිසාම ඉකුත් 04 වෙනිදා පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරීන් යොදවා කැලණි ගඟ මුහුදට වැටෙන මෝදර මෝය කටේ සිට හංවැල්ල දක්වා මෙහෙයුමත් දියත් කරන්නට වූයේ කැලණි ගඟ ඔස්සේය. එහෙත් මෙම ලිපිය සටහන් තබන මොහොත දක්වාම එම මෙහෙයුම සාර්ථක වී තිබුණේ නැත.
ඒ අනුව විමර්ශකයන් පසුගිය සිකුරාදා දින බුත්තල බලා පිටත්ව ගියේ එම ගමන් මල්ල සහ හිස පිළිබඳ තොරතුරු සොයන්නටය.

සැලසුම් සහගත ඝාතනයක්ද?

එහෙත් මළ සිරුර බහා තිබූ ගමන් මල්ල සහ ඇගේ ගෙල සිඳීමට යොදා ගත් පිහිය සම්බන්ධයෙන් නම් ගැටලුවක් විමර්ශකයන්ට නොවීය. ඒ මාර්තු 01 වෙනිදා උදෑසන එම ගමන් මල්ල ඔහු හංවැල්ලෙන් මිලදී ගන්නා අයුරු දිස්වෙන ආරක්ෂක කැමරා දර්ශනයක් පොලිස් විමර්ශකයන්ට ලැබීම හේතුවෙනි. එම ගමන් මල්ල බිම දිගේ රෝදවලින් ඇදගෙන යමින් ඔහු හංවැල්ලේ පදික වේදිකාවෙන් පිහියක් මිලදී ගන්නා අයුරු දැක්වෙන ආරක්ෂක කැමරා දර්ශන පෙළක්ද පොලීසියට හසුවිය. එම පිහිය ඔහු ගමන් මල්ලෙහි දමා ගන්නා අයුරු පැහැදිලිවම එම දර්ශනවල පෙනෙන්නට විය. එහෙත් එම පිහියට සිදුවූ දෙයක්ද නැත. එයද ඇතැම් විට කැලණිගගට විසිකරන්නට ඇතැයි අනුමාන කළ හැකිය.
මේ සියලු කාරණා පෙළ ගැස්සූ කල පොලිස් විමර්ශකයන්ට ගැටලු ගෙන දෙන්නට වූයේ ඇගේ ඝාතනය සැළසුම් සහගතව සිදු කළ එකක්දැයි කියාය. ඇයව ඝාතනය කිරීමේ අරමුණින් හංවැල්ලේ හෝටලයට රැගෙන පැමිණියේ නම් තමාගේ දුරකතනයෙන් ඇගේ දුරකතනයට ඔහු ඇමතුම් දෙමින් ඇයව කුරුවිටදී හමුවන්නේ නැත. එසේම ආරක්ෂක කැමරා සවිකර ඇති නවාතැන් පොළකට ඇයව රැගෙන යන්නේද නැත. එහිදී තමාගේ අනන්‍යතාව තහවුරු වන අයුරින් ජාතික හැඳුනුම්පත නවාතැන් පොළට ඉදිරිපත් කරන්නේද නැත. එසේ නම් ඔහු ඇයව ඝාතනය කර ගෙල කපා මළ සිරුර බෑගයක දමා ගුණසිංහපුරයට රැගෙන ආවේ ඇයිදැයි ගැටලුවකි. ඊට විමර්ශකයන්ගේ අනුමාන කිරීම් වන්නේ දින 06ක නිවාඩුවත් පවා ලබා ගනිමින් සැකකාර පොලිස් නිලධාරියා ඇයවත් රැගෙන හංවැල්ලට පැමිණ ඇත්තේ දින කිහිපයක් ඇය සමග නිදහසේ ගත කිරීමට විය හැකි බවය. එදා 27 වෙනිදා රාත්‍රියත් 28 වෙනිදා පෙරවරුවෙත් මේ දෙදෙනා සතුටින් කාලය ගතකර ඇතත් පසුව ඇතිවූ යම් සිද්ධියකින් ඇය මිය යන්නට ඇත. ඇගේ මරණය සිදුවූයේ පහරදීමකින්ද නැති නම් වෙනත් හේතුවක් නිසාදැයි තවමත් ඇත්තේ අභිරහසක් ලෙසිණි. ඇගේ සිරුරේ සීරීම් තුවාලයක්වත් බැලූ බැල්මට දකින්නට නැත. ඇගේ හිස කොටස තවමත් සොයාගෙන නැති බැවින් ඇගේ මරණය හිසට පහරදීමකින් හෝ හිස යම් වස්තුවක ගැටී සිදුවූයේදැයි කියන්නට බැරිය. එසේම පශ්චාත් මරණ පරීක්ෂණය මෙම සටහන තබන මොහොත දක්වාම සිදුව නැති බැවින් ඇගේ මරණය වසක් විසක් ශරීර ගතවීමෙන් සිදුවී ඇති බවක් අනාවරණය වන්නේද නැත. ඊට තවත් දින කිහිපයක් බලා සිටිය යුතුය. පොලීසියේ අපරාධ විමර්ශන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පවසන්නේ බලහත්කාරයෙන් ඇයට ලිංගික හිංසනයක් සිදුවී ඇති බවට වූ සලකුණුද නැති බවකි. ඒ අනුව අනුමාන කරන්නට හැකියාව ඇත්තේ ඇය මිය ගිය පසු හිස කඳින් වෙන්කර කඳ කොටස බෑගයේ දමා හිස වෙනත් ස්ථානයක දමන්නට ඇත්තේ මළ සිරුර හදුනා ගැනීමට නොහැකිවන ලෙසින් බවය. ඊට සාක්ෂි සපයන්නේ බෑගය සහ පිහිය මිලට ගන්නේ හංවැල්ලට පැමිණීමෙන් අනතුරුව වන බැවිනි. එම මරණය අහඹුවක් විය හැකි බවට කෙරෙන අනුමානයට ඔහු විසින් සිය බිරිඳට ලියන ලද ලිපියේ අඩංගු ඇතැම් කරුණුද සාක්ෂියක් වනු ඇත. ඒ “මම ප්ලෑන් කරල කරපු දෙයක් නෙමෙයි. ඇත්තෙන්ම එහෙම දෙයක් නොවෙන්න තිබුණා නම් හොදයි කියල හිතෙනවා“ යැයි වූ සටහනෙනි.

එයා ඉල්ලපු හැම දේම දුන්නා…

දෙදෙනා අතර වූ’සම්බන්ධය ගැටුමක් බවට පත්වූයේ නම් ඊට හේතුවක් යැයි අනුමාන කරන්නට හැක්කේ “මගේ දරුවන්ට මම කොපමණ ආදරෙයිද කියල එයා දැන ගත්තා
එයා ඉල්ලපු හැම දේම දුන්නා බිරිඳටත් දරුවන්ටත් බනින්න ගත්තා. මට එපා වුණා. සම්බන්ධය නවත්තන්න කීවා. එහෙම බැහැ කියල නොයෙක් දේවල් කළා.“ යනුවෙන් වූ ඔහුගේ සටහනෙනි. මේ සෑම දේකටම පිළිතුරු සතුව තිබුණේ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සතුවය. එහෙත් ඔහු සිය දිවි හානිකර ගන්නේ ප්‍රශ්න ගොඩක් ඉතිරි කරමිනි. අඩුම තරමින් ඇගේ හිස කොටසට සිදුවූයේ කුමක්ද? එදා නවාතැන් පොළේ කාමරය ඇතුළේ සිදුවූයේ කුමක්ද? මේවාට දැන් පිළිතුරු නැත.

රසායනික දියරයකින් කාමරයම හෝදලා

පොලීසිය විශ්වාස කරන්නේ ඇගේ ගෙල නවාතැන් පොළේ නානකාමරය තුළදී කපා වෙන්කරන්නට ඇතැයි කියාය. මුළු නාන කාමරයම සෝදා පිරිසිදුකර ඇත්තේ රසායනික ද්‍රව්‍යයක් එක්කර බැවින් ලේ පැල්ලමක් සොයා ගැනීමද දුෂ්කර වී ඇත. එහෙත් අපරාධ ස්ථාන පරීක්ෂාවේ දක්ෂයින් වන අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පසුගිය දින කිහිපය තුළ දැඩි වෙහෙසක් දරා එම නාන කාමරයෙන්ද යම් සාක්ෂි කිහිපයක් සොයාගෙන ඇත්තේ ඇගේ ඝාතනය සිදුවූයේ එම නවාතැන් පොළේදීමදැයි සැකහැර ගන්නටය.

රුවන් වෙඩිවර්ධන

පත්තරෙන් කතාව බලන්න මෙතැනින් පිවිසෙන්න…

https://e.mawratanews.lk/wp-content/uploads/2021/20210307M1/#page=8

SendShareShare
Previous Post

සියලුම කතෝලික පල්ලි කළු වෙයි (PHOTOS)

Next Post

කෙහෙළිය ඉන්නේ හෙළුවෙන්: ශ්‍රීලනිපයේ චන්දිමගෙන් ආණ්ඩුවට යළි ප්‍රහාරයක්

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News
Exclusive

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News
Exclusive

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.