ආකිමිඩිස් රසදිය සොයාගත් වෙලාවේ යුරේකා ලෙස කෑ ගසමින් පාරේ හෙළුවෙන් දිවගිය බවත් රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතාද මේ මොහොතේ හැසිරෙන්නේද ඒ පිළිවෙළට බවත් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර සිටියේය.
රජය ගෙනයන ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන් අදහස් ප්‍රකාශ කළේ එය නිවැරදි මාවතට ගෙන යෑමේ අරමුණින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පැවසීය.
රජය ගෙන යන මාර්ගය ගැටලුකාරී බවත් එය නිවැරදි කරනොගත හොත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප විය හැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පසුගියදා ප්‍රකාශ කළේය.
ඊට පිළිතුරු දෙමින් රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර සිටියේ චන්දිම වීරක්කොඩි මහතා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ යේ මෙම එවැනි ප්‍රකාශ නිසා බවය.