2019 අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට යුක්තිය ඉෂ්ඨ කරන ලෙස ඉල්ලා කතෝලික ජනතාව අද දිනය “කලු ඉරිදා” ලෙස නම් කරමින් නිහඬ විරෝධතාවයක යෙදීම ආරම්භ කර තිබේ.
රට පුරා පිහිටි කතෝලික දේවස්ථාන ඉදිරිපිට කලු ඇඳුමින් සැරසුණු ජනතාව මෙම විරෝධතාවය සිදුකරනු ලබන අතර ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනය සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් විසින් අද දිනයේ මෙවැනි විරෝධතාවයක් පැවැත්වීමට තීරණය කරනු ලැබ තිබිණ.