• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අෂ්රොෆ්-හකීම්-රිෂාඩ් කොටු පනින දේශපාලනයේ එදා සිට දෙපැත්තට පැන්න හැටි

November 4, 2020
in Exclusive, Uncategorized
Reading Time: 1 min read
A A
අෂ්රොෆ්-හකීම්-රිෂාඩ් කොටු පනින දේශපාලනයේ එදා සිට දෙපැත්තට පැන්න හැටි
Share on WhatsAppShare on Facebook

20 වැනි ව්‍යස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා මුස්ලිම් මන්ත්‍රීවරුන් 06 දෙනකුගේ සහාය ආණ්ඩුවට හිමි වීම සම්බන්ධයෙන් විවිධාකාරයේ කතාබහ දේශපාලන කරළියේ ඇසෙන්නට ඇත. විපක්ෂයේ දේශපාලනඥයන් පවසන්නේ ආණ්ඩුව 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා මුස්ලිම් මන්ත්‍රීවරුන් බිලී බා ගත් බවය. නමුත් ආණ්ඩු පාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රීවරුන් පවසන්නේ මුස්ලිම් මන්ත්‍රීවරුන් ඡන්දය භාවිත කළේ තම කැමැත්තෙන්ම බවය. මේ අතර 20 වැනි සංශෝධනයට පක්ෂව මුස්ලිම් මන්ත්‍රීවරුන් ඡන්දය භාවිතා කිරීම ආණ්ඩුවට හිතවත් බොහෝ පාර්ශ්වවල විවේචනයටද හේතු වී ඇත. පාස්කු ප්‍රහාරයෙන් පසු මෙරට මුස්ලිම් දේශපාලනඥයන් කෙරෙහි එල්ල වූ ප්‍රබල විරෝධය වර්තමාන ආණ්ඩුව බලය ලබා ගැනීම සඳහා යොදා ගත් ප්‍රධාන සටන් පාඨයක් වීම එයට හේතුවය.
කොයි ආකාරයකින් හෝ රජය 20 වැනි සංශෝධනය සම්මත කර ගත්තේ මුස්ලිම් දේශපාලනඥයන්ගේ ආශිර්වාදය මතය. රටම පුදුමයට පත් කරමින් 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුන් මුස්ලිම් මන්ත්‍රීවරුන් ඉදිරියේදී කොයි ආකාරයෙන් කටයුතු කරනු ඇද්දැයි පැවසීමට තවමත් කල් වැඩිය. මුස්ලිම් දේශපාලඥයන් ගන්නා දේශපාලන තීන්දු ගැන අනාවැකි ප්‍රකාශ කිරීම ඉතාම අපහසු කටයුත්තක් වීම ඊට හේතුවය. මෙරට දේශපාලන ඉතිහාසය තුළ අවස්ථා කිහපයකදීම ඔවුන් ඒ ආකාරයෙන් සියලු දෙනා පුදුමයට පත් කරවන තීන්දු තීරණ ගෙන ඇත. ඒ බව වඩාත් හොඳින් පැහැදිලි වන්නේ මුස්ලිම් මන්ත්‍රීවරුන් ඉතිහාසයේදී කටයුතු කළ ආකාරය පසු විපරම් කර බැලීමේදීය.
ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු දා සිටම දෙමළ දේශපාලන පක්ෂ රටේ බල තුලනය සඳහා ප්‍රබල බලපෑමක් එල්ල කළ නමුත් 1977 වසර වන තුරුම මුස්ලිම් දේශපාලඥයන් ඒ සඳහා තනිව කටයුතු කරන ආකාරයක් දැකගත නොහැකි විය. මුස්ලිම් ජනතාව නියෝජනය කරමින් වෙනම දේශපාලන බලවේගයක් ආරම්භ කිරීමට කටයුතු කළ පළමු දේශපාලනඥයා වන්නේ හිටපු අමාත්‍ය එම්. එච්. එම්. අෂ්රොෆ් මහතාය. ඊට පෙර ශ්‍රී ලංකාවෙන් බිහිව ඇති මුස්ලිම් නායකයන් දේශපාලනයට අවතීර්ණ වී ඇත්තේ ප්‍රධාන පක්ෂ හරහාය. නමුත් ඊට වෙනස් මඟක් ගත් අෂ්රොෆ් මහතා තම දේශපාලන ආගමනය සඳහා තෝරා ගත්තේ එස්. අමිර්තලිංගම් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණය. අෂ්රොෆ් මහතා පළමුවරට පාර්ලිමේන්තු මැතිවරණයකට තරග වැදුණේද දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ යටතේය. ඒ 1978 මහ මැතිවරණය සඳහාය. නමුත් එහිදී අෂ්රොෆ් මහතා මෙන්ම දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ යටතේ තරග කළ සියලුම මුස්ලිම් අපේක්ෂකයන් පරායට පත් විය. නමුත් එම මැතිවරණ වේදිකාවේදී අෂ්රොෆ් මහතා සිදු කළ ආන්දෝළනාත්මක ප්‍රකාශයක්ද සටහන් කළ යුතුය. එහිදී අෂ්රොෆ් මහතා සඳහන් කළේ තම වැඩිමල් සහෝදරයා ලෙස අමිර්තලිංගම් මහතා දෙමළ ඊළම අත්හැරියද, බාල සොහොයුරා වන තමන් කිසි දිනක ඊළම අත්නොහරින බවය.
නමුත් වැඩි කල් නොගොස්ම දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සහ අෂ්රොෆ් මහතාගේ කණ්ඩායම අතර පැවැති දේශපාලනික ගනුදෙනුව බිඳ වැටුණි. ඊට ප්‍රධාන හේතුව වූයේ 1981 වසරේ පැවැති දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයට තම පක්ෂය යටතේ ඉදිරිපත් වීමට මුස්ලිම් දේශපාලනඥයන්ට අවස්ථාව ලබා නොදීමට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ තීරණය කිරීමය.
ඒ සමඟම තවත් මුස්ලිම් දේශපාලඥයන් එකතු කර ගනිමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පිහිටුවා ගැනීමට අෂ්රොෆ් මහතා කටයුතු කළ අතර රාවුෆ් හකීම් මහතාගේද සහාය ඇතිව කෙටි කලකින් නැගෙනහිර පළාතේ ප්‍රබල දේශපාලන බලවේගය බවට පත්වීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හැකිවිය. තනි පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තම බලය පළමුවරට රටට පෙන්වූයේ 1988 වසරේ පැවැති පළාත් සභා මැතිවරණයේදීය. එහිදී උතුරු- නැගෙනහිර පළාත් සභාවේ ආසන 17ක් හිමි කර ගත් මුස්ලිම් කොංග්‍රසය එහි ප්‍රධාන විපක්ෂය බවටද පත් විය.
එම කාලයේදී අෂ්රොෆ් මහතා දේශපාලනික වශයෙන් වැඩි හිතවත්කම් පවත්වන්නට වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟිනි. මුස්ලිම් නායකයන් ජාතිය පදනම් කර ගනිමින් වෙනම දේශපාලනයේ නිරත වීම එවකට ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධන මහතා දැඩි ලෙස හෙලා දකිද්දී, බණ්ඩාරනායක මැතිනිය සහ අනුර බණ්ඩාරනායක මහතාගෙන් ඊට ආශිර්වාදය හිමි විය. 88-89 කාලයේදී ඇති වූ කලබල නිමා කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සාකච්ඡා මේසයට කැඳවා ගැනීම වෙනුවෙන්ද අෂ්රොෆ් මහතා ක්‍රියකාරී මැදිහත් වීමක් සිදු කළේය.
ශ්‍රී ලංකාවේ දෙවැනි ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියම විය. 1988 වසරේ පැවැති එම ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස එවකට අගමැතිවරයා වූ ආර්. ප්‍රේමදාස මහතා ඉදිරිපත් වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂිකාව ලෙස එහි නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගෙන ඒම සඳහා කැපවී ක්‍රියා කළ ප්‍රධාන පුද්ගලයන් අතර අෂ්රොෆ් මහතා මෙන්ම හකීම් මහතාද විය. ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අතර ගිවිසුමක්ද අස්සන් කළ බව වාර්තා විය.
මෙරට දේශපාලන ඉතිහාසයේ මුස්ලිම් දේශපාලනඥයන් විසින් රටම පුදුමයට පත් කළ පළමු අවස්ථාව උදා වන්නේ ඉන් පසුවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ගිවිසුම අස්සන් කළ දිනට පසු දිනම අෂ්රොෆ් මහතා ඇතුළු මුස්ලිම් නායකයන් ආර්. ප්‍රේමදාස මහතා සමඟ හෙලිකොප්ටරයක නැගී නැගෙනහිරට ගමන් කළ බව මාධ්‍ය ඔස්සේ වාර්තා විය. එපමණක් නොව මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා නැගෙනහිරට ගිය බණ්ඩාරනායක මැතිනියට සිදු වූයේ හූ සංග්‍රහයක් භුක්ති විඳ ආපසු පැමිණීමටය. මේ ආකාරයෙන් එක රැයක් ඇතුළත රටම කැළඹවූ දේශපාලනික තීන්දුව ගැනීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කළ හේතුව සැමට දැනගත හැකි වූයේ ජනාධිපතිවරණයෙන් අනතුරුවය. එහිදී ඔවුන් ප්‍රේමදාස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති පොරොන්දුව වන්නේ දිස්ත්‍රික් පදනම යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තෝරා පත් කර ගැනීම සඳහා දේශපාලන පක්ෂයක් ලබා ගත යුතු අවම ඡන්ද ප්‍රතිශතය ලෙස එතෙක් පැවැති 12.5%ක අගය 5%දක්වා වෙනස් කිරීමය. එම සංශෝධනය සඳහා ගෙන ආ 15 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීම සඳහා පෙරමුණ ගත්තේද එම්. එච්. එම්. අෂ්රොෆ් මහතාය. එම සංශෝධනය ගෙන ඒමෙන් අනතුරුව 1989 වසරේ පැවැති මහා මැතිවරණයට තරග කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වීමට අෂ්රොෆ් මහතා ඇතුළු තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට හැකිවූ අතර එතැන් පටන් ඔවුහු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම සමඟ කටයුතු කළහ. ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වූ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහාද මුස්ලිම් කොංග්‍රසයේ සහාය හිමි විය. මුස්ලිම් මන්ත්‍රීවරුන් පළමුවරට පාර්ලිමේන්තුවේ තීරණාත්මක කටයුත්තක් සඳහා මැදිහත් වූ පළමු අවස්ථාව ලෙස එය හැඳින්විය හැක.
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු අතර පැවැති හිතවත්කම් පළුදු වීම ආරම්භ වූයේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනයත් සමඟිනි. ඉන් පසු ජනාධිපති ධුරයට පත් ඩී. බී. විජේතුංග මහතා මුස්ලිම් මන්ත්‍රීවරුන් පිළිබඳ තැකීමක් නොකිරීම එයට හේතු විය. ඒ හේතුවෙන් මුස්ලිම් කොංග්‍රසය කෙමෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ වෙත ළං වන බවක්ද දැක ගත හැකි විය.
1994 මහ මැතිවරණය මෙරට පැවැති තවත් තීරණාත්මක මැතිවරණයක් ලෙස හැඳින්විය හැක. වසර 17ක් පුරා පැවැති එ.ජා.ප. රජයට එරෙහිව ප්‍රබල සටනක් ලබා දීමට පොදුජන එක්සත් පෙරමුණ සමත්ව සිටි නමුත් දෙපාර්ශ්වයටම පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත නොහැකි විය. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමෙන් පසු මෙරට ඉතිහාසයේ පළමු වරට රජුන් තැනීමේ අවස්ථාව සුළු ජාතික පක්ෂ වෙත හිමි වූයේ එම අවස්ථාවේදීය. තීරණය පැවතියේ තොණ්ඩමන් සහ අෂ්රොෆ් අතේය. දෙපාර්ශවයෙන්ම ඔවුනට ආරාධනා ගලා එන්නට විය. අෂ්රොෆ් මහතා සමඟ එජාපය පැත්තෙන් සාකච්ඡා කළේ ගාමිණී දිසානායක මහතාය. ඒ වෙනුවෙන් මැදිහත් වූයේ එජාප ප්‍රබලයකු වූ ඒ. ජේ. එම්. මුසම්මිල් මහතාය. ගාමිණීගේ යෝජනාවට අෂ්රොෆ් කැමැති විය. අම්පාරේ සිට කොළඹට ඔහු කැඳවාගෙන ඒම සඳහා චොපර් යානයක් පිටත් කර හැරීමටද දිසානායක මහතා කටයුතු කළේය. නැවත වරක් රටම පුදුමයට පත් කරන ආකාරයේ තීරණයක් ගැනීමට මුස්ලිම් මන්ත්‍රීවරුන් කටයුතු කළේ ඒ අවස්ථාවේදීය. ගාමිණී යැවූ චොපර් යානයෙන් මුස්ලිම් මන්ත්‍රීවරු පැමිණ තිබුණේ චන්ද්‍රිකාගේ නිවසටය. ආණ්ඩුව බාර ගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට දැනුම් දුන් බව සැලවීමෙන් අනතුරුව තමන් එම තීරණයට එළැඹි බව එම මන්ත්‍රීවරුන් පසුව ප්‍රකාශ කර තිබිණි. කතානායකවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවැති තීරණාත්මක ඡන්ද විමසීමේදීද, මුස්ලිම් කොංග්‍රසයේ සහාය පොදුජන පෙරමුණට හිමි විය. චන්ද්‍රිකා රජයේ ප්‍රබල අමාත්‍ය ධුරයක් අෂ්රොෆ් මහතාට හිමි වූ අතර හකීම් මහතාට නියෝජ්‍ය ඇමැති ධුරයක් හිමි විය. පොදුජන පෙරමුණු රජය සමඟ කටයුතු කළ මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරුන් නැවත වරක් දේශපාලන පෙරළියකට සූදානම් වූයේ 2000 වසරේ පාර්ලිමේන්තු මැතිවරණය ආසන්නයේදීය. මැතිවරණයට මාස කිහිපයක් තිබියදී තම අමාත්‍යධුර වලින් ඉල්ලා අස්වීමට මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරු කටයුතු කළ අතර ජනාධිපතිනිය ප්‍රකාශ කර තිබුණේ තමන් එම ඉල්ලා අස්වීම් පිළිනොගන්නා බවය. පසුව පැවැති සාකච්ඡා හමුවේ නැවත වරක් අමාත්‍යධුර බාර ගැනීමටද මුස්ලිම් මන්ත්‍රීවරු කටයුතු කළහ. එහෙත් දේශපාලනයේ අභ්‍යන්තර තොරතුරු ඔස්සේ අනාවරණය වූයේ මහ මැතිවරණයෙන් පසු රජයට සහාය නොදීමට මුස්ලිම් කොංග්‍රසය තීරණය කර ඇති බවය. හදිසි ගුවන් අනතුරකින් මුස්ලිම් කොංග්‍රසයේ නායක එම්. එච්. එම්. අෂ්රොෆ් මහතා ජීවිතක්ෂයට පත් වූයේ ඒ අතරතුරේදීය. මැතිවරණයට මසකට ආසන්න කාලයක් තිබියදී සිදුවූ අෂ්රොෆ් මහතාගේ මරණය දැඩි ආන්දෝලනයකට තුඩු දුන් අතර තමන් චන්ද්‍රිකා රජය සමඟ ඉදිරියේදී ගනුදෙනු නොකරන බවට ප්‍රකාශයක් කිරීමට ඒ වන විටද අෂ්රොෆ් මහතා සූදානමින් සිටි බවද පසුව අනාවරණය විය. අෂ්රොෆ් මහතා වෙනුවෙන් අම්පාර දිස්ත්‍රික්කය සඳහා ඒ මහතාගේ බිරිඳ වන ෆේරියල් අෂ්රොෆ් මහත්මිය පාර්ලිමේන්තුවට තේරී පත් වූ නමුත් පක්ෂයේ නායකයා බවට රාවුෆ් හකීම් මහතා පත් විය. නව රජය පත් වී කෙටි කාලයකින්ම ඉන් ඉවත් වීමට හකීම් ප්‍රමුඛ මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරු පිරිසක් කටයුතු කළහ. 2000 මැතිවරණය පවත්වා වසරක් ඉක්ම යාමටත් මත්තෙන් තවත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සිදු වන තරමටම ඉන් ඇති වූ දේශපාලන බලපෑම ප්‍රබල විය. කෙසේ නමුත් ඉන් අනතුරුවත් ෆේරියල් අෂ්රොෆ් මහත්මියගේ සහාය පොදුජන එක්සත් පෙරමුණට හිමි වූ අතර පළමු වරට මුස්ලිම් කොංග්‍රසය දෙකඩ වූ අවස්ථාව ලෙස එය ඉතිහාසයේ සටහන්ව ඇත.
2001 වසරේ පැවැති මහ මැතිවරණයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තරග වැදුණේ එක්සත් ජාතික පක්ෂය හා සන්ධානගතව එක්සත් ජාතික පෙරමුණ ලෙසිනි. එම මැතිවරණය ජය ගැනීමට එක්සත් ජාතික පෙරමුණට හැකි වූ අතර රාවුෆ් හකීම් මහතාට ප්‍රබල කැබිනට් අමාත්‍ය ධුරයක්ද හිමි විණි. 2001 වන විට නැගෙනහිර පළාතෙන් පිටතද තම බලය පතුරුවා ලීමට මුස්ලිම් කොංග්‍රසය සමත්ව තිබූ අතර වර්තමානයේ දැඩි කතාබහට ලක් වී ඇති රිෂාඞ් බදුයුදීන් මහතා වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේද එම මැතිවරණයේදීය.
කෙසේ නමුත් ඒ අතර කාලයේදී මුස්ලිම් කොංග්‍රසයේ තවත් බෙදීමක්ද දක්නට ලැබුණි. හකීම් මහතා සමඟ එක්සත් ජාතික පක්ෂයට එකතු වූ ඒ. එල්. එම්. අතාවුල්ලා මහතා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් වී වෙනත් පක්ෂයක් පිහිටුවා ගනු ලැබිණි. ඊට හේතු වූයේ ඔහුට එජාප රජයේ කැබිනට් අමාත්‍ය ධුරයක් නොලැබීම බවද පසුව අනාවරණය විය.
2004 වසරේ පැවැති මහා මැතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසයේ සහාය එක්සත් ජාතික පක්ෂයට හිමි වද්දී, අතාවුල්ලා මහතාගේ සහාය හිමි වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයටය. 2005 වසරේ පැවැති ජනාධිපතිවරණයේදීද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය හිමි වූයේ රනිල් වික්‍රමසිංහ මහතායට. 2005 වසරෙන් පසු ශ්‍රී ලංකා මුස්ලිමේ කොංග්‍රසය දේශපාලනික වශයෙන් මුහුණ දුන් අභියෝග බොහෝය. ඒ කාලය අතරතුරදී ඔවුන් ගත් තීන්දු තීරණ විවිධාකාරය. මුස්ලිම් කොංග්‍රසයේ නායකත්වය සමඟ ඇති වූ ගැටමක් හේතුවෙන් ඉන් ඉවත් වූ රිෂාඞ් බදුයුදීන් මහතා නව පක්ෂයක් පිහිටුවා ගත් අතර පසුව මහින්ද රාජපක්ෂ රජය සමඟ එකතු විය. රාවුෆ් හකීම් මහතා ප්‍රමුඛ මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරුන්ද 2007 ජනවාරි මාසයේදී මහින්ද රාජපක්ෂ රජය සමඟ එකතු වූ නමුත් නැවත වරක් 2007 වසරේ දෙසැම්බර් මාසයේදී රජයෙන් ඉවත් විය. අනතුරුව පාර්ලිමේන්තුවෙන්ද ඉල්ලා අස් වූ හකීම් මහතා නැගෙනහිර පළාත් සභාව සඳහා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ත්‍රිකුණාමළය දිස්ත්‍රික්කයට තරග කළේය. අනතුරුව නැවත වරක් ඒ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසියේය.
2010 ජනාධිපතිවරණයේදිද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය හිමි වූයේ පොදු අපේක්ෂකයා ලෙස තරග කළ සරත් ෆොන්සේකා මහතාටය. නමුත් බදුයුදීන් මහතා ඇතුළු මුස්ලිම් කොංග්‍රසයෙන් කැඩී ගිය බොහෝ දෙනකු මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දැක්වීය. ජනාධිපතිවරණයෙන් පසුව පැවැති මහා මැතිවරණයට මුස්ලිම් කොංග්‍රසය එක්සත් ජාතික පෙරමුණ යටතේ තරග වදිද්දී, බදුයුදීන් මහතා තරග වැදුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේය.
ඉතිහාසයේ කිහිප වරක්ම සිදුවූ පරිදි රටම පුදුමයට පත් කරවන තවත් දේශපාලන තීන්දුවක් ගැනීමට ශ්‍රී ලංකා මුස්ලිමේ කොංග්‍රසය කටයුතු කළේ 2010 මහ මැතිවරණයෙන් අනතුරුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ආ අවස්ථාවේදීය. 20 වැනි සංශෝධනයේදී සිදු වූ ආකාරයෙන්ම 18 වැනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහාද ආණ්ඩුවට අවශ්‍ය 2/3ක බලය ලබා දුන්නේ මුස්ලිම් මන්ත්‍රීවරුන් විසිනි. අනතුරුව පැවැති අය වැය විවාදයේදීද ඊට සහාය ලබා දුන් මුස්ලිම් කොංග්‍රසය පසුව නිල වශයෙන් රජයට එක් වූ අතර හකීම් මහතාට අධිකරණ අමාත්‍ය ධුරය හිමි විය. මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබල ඇමැතිවරයකු ලෙස වසර කිහිපයක් කටයුතු කළද, නැවත වරක් මුස්ලිම් කොංග්‍රසය තවත් දේශපාලන කරණමක් ගසන ආකාරය දක්නට ලැබිණි. ඒ 2014 වසරේ පැවැති ජනාධිපතිවරණයේදීය. ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී පොදු අපේක්ෂකයා ලෙස තරග කළ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට මුස්ලිම් කොංග්‍රසය පමණක් නොව රිෂාඞ් බදුයුදීන් මහතාද ඉදිරිපත් විය. මහින්ද රාජපක්ෂ රජයේ ඇතැම් පාර්ශ්වයන්ගෙන් දැඩි මුස්ලිම් විරෝධයක් පැන නැගී තිබීම ඊට හේතු වුණු බවද වාර්තා විය. කෙසේ නමුත් විල්පත්තුව විනාශ කිරීම සම්බන්ධයෙන් බදුයුදීන් මහතාට ඒ වන විටද චෝදනා එල්ල වී තිබීම විශේෂත්වයක් විය. අනතුරුව පැවැති 2015 මහා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගතව තරග කළ හකීම් මහතාට මෙන්ම බදුයුදීන් මහතාටත් යහපාලන රජයේ ප්‍රබල අමාත්‍යධුර හිමි විය.
පසුගිය වසරේදී සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් පසු ආණ්ඩුව නියෝජනය කළ මුස්ලිම් දේශපාලනඥන් දැඩි විවේචනයකට ලක් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දේශපාලනඥයන් බොහෝ දෙනකු කටයුතු කරන ආකාරය දැක ගත හැකි විය. ඔවුන් බොහෝ දෙනකු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටිය් තම ආණ්ඩුවක් සඳහා එම මන්ත්‍රීවරුන් කිසිසේත්ම එකතු කර නොගන්නා බවය. නමුත් නැවත වරක් රටම පුදුමයට පත් කරවමින් 20 වැනි සංශෝධනය සඳහා සහාය ලබා දීමට මුස්ලිම් මන්ත්‍රීවරු සූදානමින් පසුවන බව සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මුල් දින සිටම ආරංචි පැතිර යන්නට විය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන සිටි බදුයුදීන් මන්ත්‍රීවරයාගේ සොහොයුරාටද ඇප හිමි වූ අතර වර්තමාන රජය බලයට පත් කිරීමට කැප වූ ස්වාමීන් වහන්සේලා තුළ පවා ඒ සම්බන්ධයෙන් සැකයක් ඇති වී තිබෙන ආකාරය දැකගත හැකි විය. අවසානයේ රිෂාඞ් බදුයුදීන් මහතා සහ රාවුෆ් හකීම් මහතා පමණක් 20 වැනි සංශෝධනයට විරුද්ධ වද්දී, සෙසු සියලු මුස්ලිම් මන්ත්‍රීවරුන් 20ට පක්ෂව අත එසවීය.
ඉතිහාසයේ කිහිප වරකදීම දැක ගත හැකි වූ පරිදි රටම පුදුමයට පත් කරවමින් මුස්ලිම් මන්ත්‍රීවරු ගන්නා ඊළඟ තීරණය කුමක්දැයි කිසිවකුට ප්‍රකාශ කළ නොහැක. එමෙන්ම රටේ බහුතර පොදු ජනතාව තුළ පවතින මතයක්ද මෙහිදී මතක් කළ යුතුය. ඔවුන් බොහෝ දෙනකු පවසන්නේ මුස්ලිම් මන්ත්‍රීවරුන් වැඩි කාලයක් විපක්ෂයේ සිටීමට අකැමැති බවය. ඉතිහාසයේදී ඔප්පු වී ඇති එම ජනමතය අනාගතයටද වලංගු වේවිද? එය අපට ඉදිරියේදී කතා කළ හැකි වනු ඇත.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

අමෙරිකාව වෙනස් වෙයි: ට්‍රම්ප් පරාදයි (VIDEO)

Next Post

බොරැල්ල පොලිසිය ඇතුළෙත් කොරෝනා පොකුරක් හැදෙයි

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.