අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පරාජයට පත් කරමින් ජෝ බයිඩන් මහතා ජයගනු ඇති බව ට්‍රම්ප් හිතවාදී එකම නාළිකාව වන ෆොක්ස් පුවත් සේවය වාර්තා කරයි.
මේ වනවිට ප්‍රකාශිත ප්‍රතිපලවලට අනුව පැහැදිලි ජයක් බයිඩන් මහතා විසින් හිමිකරගෙන ඇති බවත්, ට්‍රම්ප් පරාජයට පත්වනු ඇති බවත් එම නාළිකාව පෙන්වා දී ඇත.
මෙවර ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් වර්ණබේදවාදී සහ ජාතිවාදී ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර තිබූ නමුත් කොරෝනා වසංගතය හමුවේ එම ප්‍රචාරක ව්‍යාපාරය අසාර්ථක වී ඇති බව විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.










