• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

අමේසන් සරි සිංහරාජේ සිරි

January 19, 2021
in News, Politics, Uncategorized
Reading Time: 3 mins read
A A
අමේසන් සරි සිංහරාජේ සිරි
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ නතර කළ තැන ඉඳන් සිංහරාජ වනාන්තරය පිළිබඳ තවත් බොහෝ දේ කතා කරන්නයි මේ හදන්නේ. ක්ෂීරපායීන්, පක්ෂීන්, උභය ජීවීන්, උරගයන්, කෘමීන් ඇතුළු සෑම කොට්ඨාසයකටම අයත් සත්ව විශේෂ සිංහරාජයේ ජීවත් වෙනවා. කුල 55ක් සහ ගන 84කට අයත් සත්ව විශේෂ 107ක් දැනට සිංහරාජයෙන් වාර්තා වෙලා තියෙනවා. එම විශේෂ 107 අතරින් සත්ව විශේෂ 50ක්ම ශ්‍රී ලංකාවට ආවේණික ඒක දේශික විශේෂ වීමත් සුවිශේෂී කාරණයක්.
ඒ වගේම ඒ අතරින් එක් පක්ෂි විශේෂයක් සහ එක් සමනල් විශේෂයක් සිංහරාජයෙන් පමණක් වාර්තා වීමත් විශේෂත්වයක්. දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති ඒක දේශික පක්ෂි විශේෂ 34න් 30ක්ම සිංහරාජයෙන් වාර්තා වී තියෙනවා. එය ආසන්න වශයෙන් 90%කට වැඩි ප්‍රතිශතයක් ලෙස සලකන්න පුළුවන්. ගිරා මලිත්තා, ලංකා හබන් කුකුළා, ලංකා අළු ගිරවා, බට ඇටි කුකුළා, පිට තඹ වන බස්සා, රතු දෙමලිච්චා, ලංකා කැහි බෙල්ලා, පඬුවන් බස්සා, මැදි මුහුණු බස්සා, පිට රතු මහ කෑරලා, වත රතු මල් කොහා, ශ්‍රී ලංකා කහ මුහුණැති කොට්ටෝරුවා, ශ්‍රී ලංකා අළු කෑදැත්තා සහ කහ කන් කොණ්ඩයා වැනි ඒක දේශික පක්ෂි විශේෂ රැසක් සිංහරාජයේ ජීවත් වෙනවා. ඊට අමතරව සිංහරාජයෙන් වාර්තා වී ඇති මූකලන් බස්සා නැමැති පක්ෂියා ඒක දේශික පක්ෂි විශේෂ අතරට එකතු කිරීම සඳහා වනජීවී සහ පක්ෂි විශේෂඥයන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා.

උණහපුළුවා, බෝදිලිමා, පලා පොළඟා සහ පිනුම් කටුස්සා වැනි දුර්ලභ සත්ව විශේෂ රැසකුත් සිංහරාජයේදී දැක ගන්න පුළුවන්. ඊට අමතර ගණනය කර ගත නොහැකි තරම් කෘමි විශේෂ විශාල ප්‍රමාණයක් එහිදී සොයා ගත හැකියි. විවිධ ප්‍රමාණයේ කෘමීන් මෙන්ම, කුරුමිණි වර්ග සහ කඩි වර්ග විශාල ප්‍රමාණයකුත් සිංහරාජයේදී දැක ගත හැකියි. ලොව පුරා ප්‍රචලිත ඇමේසන් වනාන්තරයේ ජීවත් වන විශාල කඩියන් හා සමාන වන විශාල කඩි වර්ගත් මෙහිදී හමුවීම විශේෂ කාරණයක්.

සිංහරාජයේදී හමු වන ගෙඹි වර්ගත් ඉතා විශාලයි. ඒ අතරින් විශේෂ කිහිපයක් ඉතා විශේෂිත වර්ග ලෙස සැලකෙනවා. ඒ වගේම අඳුන් දිවියා, කැලෑ දිවියා මෙන්න ඉතාම දුර්ලභ කළු කොටියාත් සිංහරාජයේ සැරිසරන බව විශ්වාස කරනවා. කළු කොටියන් සිංහරාජයේ සැරිසරන බව ස්ථිර දත්ත අනුව නිල වශයෙන් තහවුරු කර නැතත්, අවට ගැමියන්ගේ ඇසින් දුටු සාක්ෂි සහ ඔවුන්ගේ ප්‍රකාශ අනුව ඒ බව සනාථ වෙලා තියෙනවා.

අපි පසුගිය සතියේදී කතා කළ ආකාරයෙන්ම අලි ඇතුන් ජීවත් වන එකම තෙත් කලාපීය වනාන්තරය වන්නේ සිංහරාජය පමණයි. ඒ හේතුවෙන් අලි ඇතුන්ගේ සිට කුඩා ප්‍රමාණයේ කෘමීන් දක්වා සියලුම ආකාරයේ සත්ව විශේෂ ජීවත් වන සුවිශේෂී පාරිසරික පද්ධතියක් ලෙස සිංහරාජය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ලංකාවට ආවේණික ලයිකන වර්ග විශාල ප්‍රමාණයකුත් සිංහරාජයේදී දැක ගන්න පුළුවන්. එම ලයිකන විවිධ හැඩයෙන් සහ විවිධ ප්‍රමාණයන්ගෙන් දැක ගන්න පුළුවන්. ජෛව විවිධත්වය උපරිමයෙන් ආරක්ෂා වී තිබෙන මේ මර්මස්ථානය ඉදිරි පරපුර වෙනුවෙන් රැක ගැනීම අපේ වගකීමක් වෙලා තියෙන්නේ අන්න ඒ හින්දයි.

සත්ව සහ ශාක විශේෂයන්ට අමතරව පාරිසරික සමතුලිත බව රැක ගැනීම සඳහාත් සිංහරාජයෙන් ලැබෙන පිටිවහල ඉතා විශාලයි. ශ්‍රී ලංකාවේ වැඩිම ජල ප්‍රමාණයක් ඇති ගංගාව ලෙස සැලකෙන කළු ගඟේ දිය අතු බොහොමයක ආරම්භය මේ සිංහරාජයයි. කළු ගඟේ අධික ජල ප්‍රවාහයට නිරන්තරයෙන් වැසි වැටෙන මේ ජල පෝෂක ප්‍රදේශය විශාල බලපෑමක් එල්ල කරනවා. ඒ වගේම දකුණු පළාතේ ප්‍රධාන ගංගාවක් වන ගිං ගඟේ ප්‍රධාන පෝෂක ප්‍රදේශය වන්නෙත් සිංහරාජයයි.

සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව වර්තමානයේදීත් ගම්මාන 22ක් පවතිනවා. ඒ අතරින් වාරුකන්දෙණිය සහ කොලොන්තොටුව යන ගම්මාන දෙකම පිහිටලා තියෙන්නේ සිංහරාජ රක්ෂිත ප්‍රදේශය තුළයි. ඒ එක ගමක පවුල් 2000ක් පමණ ජීවත් වෙනවා. කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවිකාව කරගත් එම ගම්මානවල ජීවත් වන ගැමියන් නිරන්තරයෙන් වනාන්තරය එක්ක ගැටෙමින් ජීවත් වන පිරිසක්. ඒ හේතුවෙන් කිතුල් රා කර්මාන්තය, දුම්මල කර්මාන්තය සහ වේවැල් කර්මාන්තය වැනි කටයුතු සඳහා වනාන්තරය යොදා ගැනීමට එම ගැමියන්ට අවසර ලබා දී තිබෙනවා.

ලෝක උරුමයක් සහ ජාතික උරුමයක් ලෙස නම් කර ඇති සිංහරාජය රැක ගැනීම වෙනුවෙන් රජයේ පාරිසරික ප්‍රතිපත්තිය යටතේ දැඩි නීති රීති ක්‍රියාත්මක වෙනවා. වනජීවී දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සඳහා දැඩි ලෙස කැපවෙනවා. ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සහ ජාන සම්පත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ඒ යටතේ අරගෙන තියෙනවා. සිංහරාජය අවට ගම්වාසීනුත් වර්තමානයේදී මේ තත්ත්වය ඉතා හොඳින් තේරුම් ගෙන තිබීම සතුටට කරුණක්. තමන්ගේ පැවැත්ම රඳා පවතින්නේ මේ සුවිශේෂී පරිසර පද්ධිතය රැකුණොත් පමණයි කියන ආකල්පය එම ජනතාව තුළ ඇති වෙලා තියෙනවා.

 හැබැයි වර්තමානයේදී මේ සුවිශේෂී පාරිසරික කලාපයට එල්ල වී ඇති ජාත්‍යන්තර තර්ජනයක් ගැනත් සඳහන් කළ යුතුයි. ඒ ජාන මංකොල්ලකරුවන්ගේ තර්ජනය. පරිසරවේදීන් ලෙස හුවා දක්වමින් සිංහරාජයට පැමිණෙන ඇතැම් විදේශීය සංචාරකයන් තමයි මේ ක්‍රියාවේ නිරත වෙන්නේ. මේ ආකාරයෙන් පැමිණි සංචාරකයන් පිරිසක් නීති විරෝධී ආකාරයෙන් රැගෙන යාමට උත්සාහ කළ සමනල් විශේෂ කිහිපයක් සොයා ගැනීමට පසුගිය දිනකත් වනජීවී නිලධාරීන්ට හැකියාව ලැබිලා තියෙනවා. නමුත් එවැනි ආකාරයෙන් හසු වූ සිද්ධීන්ට වඩා හසු නොවූ සිද්ධීන් ප්‍රමාණය වැඩි බවත් පැවසිය යුතුයි. එබැවින් මේ ජාන මංකොල්ලකරුවන්ට එරෙහිව පුළුල් ක්‍රියාමාර්ග ගත යුතු බවයි අපේ අදහස.
ඒ වගේම සිංහරාජයේ සංචාරය කරන දේශීය ඔබ සතුවත් විශාල වගකීමක් තියෙනවා. මෙහි සංචාරය කරන ඇතැම් දේශීය සංචාරකයනුත් නොදැනුවත්කම මත හෝ ඕකිඩ් වැනි විවිධ මල් වර්ග ගලවා ගෙන ඒමට උත්සාහ කරනවා. ඒක ඇත්තටම දඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් බවත් මතකයේ තබා ගත යුතුයි. ඔබ යම් දිනක සිංහරාජයේ සංචාරය කරනවා නම් පා සටහන් පමණක් එහි තබා එන්න. ඡායාරූප පමණක් යළි රැගෙන එන්න. මේ සුවිශේෂී පරිසර පද්ධතිය රැක ගැනීම සඳහා ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය එයයි.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා පස් අදින පැංචාට උදව් කරන හැටි මෙන්න

Next Post

හිතාගන්න බැරි විදිහට ඇත්ත වුණු ලෝකෙටම මැජික් පෙන්නපු ෆිල්ම්

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Uncategorized

ගැහුවාට විරෝධය! අමෙරිකානු සාම සාකච්ජාවලින් ඉරානය ඉවත් වෙයි! I Sri Lanka Latest News

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.