ලබන අප්‍රේල් 21 වනදා වන විට ප්‍රහාරයට අවුරුදු 2ක් සම්පූර්ණ වන බවත් ඒ වන විටත් ප්‍රහාරයේ මහ මොළකරුවන් සොයා ගැනීමට විධිමත් විනිවිද පෙනෙන පරීක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ නොවුනහොත් මාර්තු 7 වනදා කළු ඇඳුම් ඇඳීමෙන් පවත්වන විරෝධතාවය සමස්ත ශ්‍රී ලංකාවේම යුක්තිගරුක ජනයාගේ නිවෙස්වල කළු කොඩි එසවීම දක්වා විරෝධතාවය තීව්‍ර කරන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ සදහන් කර සිටියහ.
පසුගියදා මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් උන්වහන්සේ පවසා සිටියේ වසර දෙකක් තිස්සේ 269 දෙනෙකු ඝාතනයට වග කිව යුතු අය සොයා ගැනීමට ආණ්ඩුව කටයුතු කරණු ඇතැයි කතෝලික ජනතාව ඇතුළු සාමකාමී ජනයා විශ්වාසය පළ කර සිටි නමුත් මේ වන විට එම විශ්වාසය පළුදු වී ඇති බවයි.
ඒ අනුව මූලික විරෝධතාවයක් ලෙස එළඹෙන මාර්තු 7වන ඉරුදින සාමකාමී විරෝධතාවයකට අවතීර්ණ වන බව උන්වහන්සේ අවධාරණය කර සිටියෝය.










