BBC දෙමළ වෙබ් අඩවියේ ශ්‍රී ලංකාවේ වාර්තාකාර රංජන් අරුන් ප්‍රසාද් මහතාගේ රක්වාන ප්‍රදේශයේ පිහිටි නිවසට මාර්තු 1 දා නාදුනන පිරිසක් පැමිණ ඔහු පිළිබද විමසීමක් කර ඇත.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව සම්බන්ධයෙන් ජගත් ප්‍රජාව විසින් කරමින්පවතින සාකච්ඡාව සම්බන්ධයෙන් දෙමළ ජනතාව දක්වන අදහස් උතුරේ සංචාරය කොට විමසා පළ කිරීමත් සමග මෙම සිදුවීම සිදුව ඇති බව රංජන් අරුන් ප්‍රසාද් පවසයි.
මෙම පිරිස දෙදිනක්ම ඔහු පිළිබද විමසා එම නිවසට පැමිණ ඇති බවද දැනගන්නට ඇත.
ඉන් අනතුරුව මාර්තු 2 දිනයේ නුවර ප්‍රදේශයේ පිහිටි මාධ්‍යවේදියා රැදී සිටි නෑදෑ නිවසකට ජංගම දුරකතන ජාල සමීක්ෂණයක් සදහා පැමිණි බව පැවසූ දෙදෙනකු දුරකතන අංකය විමසීමෙන් අනතුරුව ඔහුගේ රැකියාව, ඔහුට වැටුප් වැටුප් ලැබෙන්නේ ඩොලර්වලින්ද යන්නත් ප්‍රශ්න කර තිබේ.
මාර්තු 3 බදාදා පොලිස් මුලස්ථානයට කළ පැමිණිල්ලකින් මාධ්‍යවේදියා පවසා ඇත්තේ නාදුනන පිරිසක් විසින් තමන්ගේ තොරතුරු රැස්කරමින් සිටින අතර ඔවුන් කවුරුන්ද යන්නත්, තමන් සම්බන්ධයෙන් විස්තර එක් රැස් කරන්නේ කුමන කරුණක් උදෙසාද යන්නත් දැනගැනීමට අවශ්‍ය බවයි.










