බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ වේගවත් ව්‍යාප්තියක් ඇති කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 06 දෙනෙකු ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම ආසාදිතයින් 06 දෙනා පසුගියදා බ්‍රිතාන්‍යයේ සිට ඉන්දියාවට පැමිණි ගුවන් යානයෙන් පැමිණි පුද්ගලයින් වන බවත්, ඔවුන් මේ වන විට හුදෙකලා කොට තිබෙන බවත්, ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා විමර්ශන ආරම්භ කර ඇති බවත් දැනගන්නට ඇත.
බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව වෛරස් ප්‍රභේදය හේතුවෙන් ඉන්දියාව පසුගිය දා එරටට බ්‍රිතාන්‍යය සිට පැමිණෙන ගුවන් යානා තහනම් කිරීමට පියවර ගනු ලැබුවත් නොවැම්බර් මාසය අවසානය දක්වා පුද්ගලයින් 33,000ක් බ්‍රිතාන්‍යයේ සිට පැමිණ ඇත.
එලෙස පැමිණි 114 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත්, එම පිරිස අතර නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති පුද්ගලයින් සිටීද යන්න ගැන සෙවීමට ඔවුන්ගේ සාම්පල් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවත් ඉන්දීය සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.










