• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Sports

ක්‍රිකට් හොරකම් උඩට යයි

August 22, 2019
in Sports
Reading Time: 3 mins read
A A
ක්‍රිකට් හොරකම් උඩට යයි
Share on WhatsAppShare on Facebook

විගණකාධිපති එළියට දායි

හරීන් යට ගසයි

ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන පිරිස පමණක් නොව වංචාවට දූෂණයට එරෙහි සියලු දෙනාම මෙතෙක් කලක් බලා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෝහාරික විගණන වාර්තාව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත භාරදෙනු ලැබීය. ඒ, පසුගිය 07 වැනිදාය. ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලැබුණු එම රහස්‍ය වාර්තාව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත භාරදෙනු ලැබූයේ අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් එස්.එච්.ඒ.එන්.ඩී. අබේරත්න මහත්මිය විසිනි. ඉන්පසු බොහෝ දෙනකු දෑස් දල්වා බලා සිටියේ ඇමැතිවරයා ඊට එරෙහිව ගන්නා පියවර දෙසය. ඇමැති ධුරයට පත්වූ දින සිටම ඇමැතිවරයා ප්‍රකාශ කළ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව උඩුයටිකුරු කරන තීරණය එසැණින් ඇමැතිවරයා ගනු ඇතැයි යන්න ක්‍රීඩාවට ළැදි බොහෝ දෙනාගේ විශ්වාසය විය.

නමුත් වාර්තාව ලැබීමෙන් පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ඇමැතිවරයා පවසා තිබුණේ එම වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් සොයාබැලීමට කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බවය. එහි අඩංගු කරුණු සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමට එම කමිටුව තීරණය කරනු ඇති බවද ඇමැතිවරයාගේ ට්විටර් පණිවුඩයේ සඳහන්ව තිබුණේ ජනතාවගේ සියලු බලාපොරොත්තු එක මොහොතකින් බිඳ දමමින්ය.

දිනෙන් දින අනාවරණ වූ ක්‍රිකට් ආයතනය තුළ සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් කරුණු විමසූ සෑම අවස්ථාවකම ඇමැතිවරයා ප්‍රකාශ කළේ මෙම වෝහාරික විගණන වාර්තාව ලැබෙන තුරු තමන්ට ඒ සඳහා කිසිදු පියවරක් ගත නොහැකි බවය. එය ලැබුණු සැණින් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තමන්ට ගත හැකි ඉහළම පියවර ගන්නා බව ඇමැතිවරයා කිහිපවරක්ම ප්‍රකාශ කළේය. ඇමැතිවරයාගේ එම ප්‍රකාශ හේතුවෙන් ක්‍රිකට් ආයතනයේ වෝහාරික විගණන වාර්තාව ප්‍රමාදවීම සම්බන්ධව සියලු දෙනාගේම ඇඟිල්ල දිගු වූයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව දෙසටය. එම විගණන වාර්තාව ලබාදීම මාස ගණනක් ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් හිටපු විගණකාධිපතිවරයාට මෙන්ම වර්තමාන විගණකාධිපතිවරයාටද චෝදනා එල්ල විය. විගණන වාර්තාව ප්‍රමාද කිරීම පිටුපස අයථා ගනුදෙනුවක් සිදුවන බවට තමන්ටද සැකයක් මතුවන බව අර්ජුන රණතුංග මහතාද ප්‍රකාශ කළේය.
එම සියලු චෝදනාවලට පිළිතුරු ලබාදෙමින් විගණන වාර්තාව ක්‍රීඩා අමාත්‍යාංශයට ලබාදීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. ඒ සඳහා පත්කළ විශේෂ නිලධාරීන් පසුගිය දින කිහිපය පුරා දිවා රාත්‍රී නොබලා වෙහෙසවී ඇත. එහෙත් විගණන වාර්තාව ලැබීමෙන් පසු ජනතාව බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ලැබී නැත.

විගණන වාර්තාව ලැබීමෙන් පසුත් ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පියවරක් නොගැනීමේ වගකීම දැන් භාරගත යුත්තේ ක්‍රීඩා ඇමැතිවරයාය. වාර්තාව හැකි ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, ඊට නිසි පියරව ගැනීම පසෙකලා කමිටු පත්කරමින් එය දිනෙන් දින කල් දැමීමට කටයුතු කරන්නේ මන්දැයි ඇමැතිවරයා ජනතාවට පැහැදිලි කළ යුතුව ඇත. මේ ආකාරයෙන් කමිටු පත්කරමින් ඇමැතිවරයා සූදානම් වන්නේ ක්‍රිකට් ආයතනයේ දූෂිත පාලකයන්ට තවදුරටත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විනාශ කිරීමට ඉඩ ලබාදීම සඳහා දැයි සැකයක් දැන් ජනතාව තුළ ඇත.

මේ අතර පසුගියදා අයි.සී.සී. ප්‍රධානියා හමුවීම සඳහා ඉන්දියාවට ගිය ඇමැතිවරයා නැවත දිවයිනට පැමිණි විගසම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව මුණගැසී ඇත. ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාද සහභාගි වූ එම හමුවේදී ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් කිසි දිනෙක ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත් නොකරන බවය. ඇමැතිවරයාගේ ඒ ප්‍රකාශයෙන් පෙනීයන්නේ ක්‍රිකට් ආයතනයේ පවතින දූෂිත සූදු මාෆියාව පන්නා දැමීමට ඇමැතිවරයාගේ කිසිදු බලාපොරොත්තුවක් නැති බවය. ක්‍රිකට් ආයතනයේ පරිපාලනය ඉවත්කිරීම සාධාරණීකරණය කළ හැකි ඕනෑ තරම් සාක්ෂි තිබියදී ඉන්දියාවට ගිය ඇමැතිවරයා ඒ සම්බන්ධව කිසිවක් අයි.සී.සී. ප්‍රධානියා සමඟ සාකච්ඡා කර නැති බවද මෙහිදී අනාවරණ වී ඇත. එම කරුණු කාරණා සාක්ෂි සහිතව ඉදිරිපත් කළේ නම් ලංකාවේ ක්‍රිකට් පරිපාලනය ඉවත් කීරීමට කිසිදු ලෙසකින් අයි.සී.සී.ය අකැමැති නොවන බවද බොහෝ දෙනාගේ අදහසය. නමුත් හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා කටයුතු කළේ සියලු ජනතාවගේ බලාපොරොත්තු බිඳදමමින් දූෂිත ක්‍රිකට් පරිපාලනය තවදුරටත් රැකගැනීමටය.

“ක්‍රීඩා ඇමැති කියන්නේ ක්‍රිකට් ඇමැති නෙවෙයි. එයා ක්‍රීඩා ඇමැති. ඒ හින්දා මේකට ඕනෑවට වඩා ඇඟිලි ගහන්න එපා කියලා ක්‍රීඩා ඇමැතිට කියන්නේ ඕනේ. මං දැක්කා මේ නිලවරණයට ඉදිරිපත් වෙලා ඉන්න එක්කෙනෙක් එහෙම කියනවා. ක්‍රිකට් තියෙන්නෙත් ක්‍රීඩාව ඇතුළේ කියන එක මං එයාට මතක් කරන්න ඕනේ. ඒ නිසා මට උගන්වන්න හදන්න එපා. ඔය කියන කට්ටිය හින්දා තමයි ක්‍රිකට් ක්‍රීඩාවට මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ. ඉතාම හොඳ තත්ත්වයේ තිබුණු ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඔය කියන මිනිස්සුන්ගේ මාෆියාවට අහුවෙලා සම්පූර්ණයෙන්ම විනාශ වුණා. මේ නිලවරණය එන හින්දා මං ඒව ගැන කතා කරන්න යන්නේ නැහැ. ලංකාවේ ක්‍රීඩා 64ක් තියෙනවා. ක්‍රිකට් කියන්නේ ඒකෙන් එකක්. හැබැයි අර මිනිස්සු හිතන් ඉන්නේ ක්‍රිකට් කියන්නේ ඒගොල්ලන්ගේ දෙයක් කියලා. ඒගොල්ලොම ඇමැතිලා කියලා. ක්‍රිකට් පිට්ටනියක්වත් නැති ක්‍රිකට් ගහන්නේ නැති ආයතනවලට රුපියල් මිලියන 30-40 ක්‍රිකට් ආයතනය ගෙවලා තියෙනවා. ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට ලක්ෂ 70-80ක් පඩි ගෙවලා තියෙනවා. ඕවා ඉස්සරහදි එළිවෙයි. ඒ නිසා තමයි අද ක්‍රිකට් කණ්ඩායමට මේ ඉරණම අත්වෙලා තියෙන්නේ. මේව මහ හෙණගහන අපරාධ. අපි මේක හරියට හදන්න ඕනේ. මට ඉතාම කෙටි කාලයයි තියෙන්නේ. ඒ කෙටි කාලෙදි ඒක ශුද්ධ කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.”
හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා මෙලෙස අදහස් පළ කළේ මෙම වසරේ ජනවාරි මාසයේදීය. ක්‍රීඩා ඇමැති ධුරයේ වැඩ භාරගත් මුල් කාලයේදීමය. ක්‍රිකට් නිලවරණයට දින නියම වී තිබූ එම සමයේ ඇමැතිවරයාගේ මේ ප්‍රකාශය ජනතාව තුළ අලුත් බලාපොරොත්තු ඇතිකිරීමට සමත් විය. හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා ගාමිණී දිසානායක මහතාගේ චරිතය රඟදක්වනු ඇති බව සැම දෙනාගේම බලාපොරොත්තුව විය.

“මේ ඔක්කොම මගේ කර පිට පැටවිච්ච දේවල්. මම මේක භාරගත්තේ ජනවාරි මාසයේ. මම ඒ වෙලාවේ මේක උඩුයටිකුරු කරන්න ගියා නම් මිනිස්සු මටත් බණියි. ලෝක කුසලානයක් අත ළඟ තියාගෙන මේ යකා මොකක්ද මේ කෙරුවේ කියලා. ඒ හින්දා ඒ වෙලාවේ මම කාවවත් මාරුකරන්න ගියේ නැහැ. ලෝක කුසලානය සම්බන්ධයෙන් ඒගොල්ලෝ ගත්ත තීරණවලට මම අනුමැතිය දුන්නා. නමුත් දැන් තීරණය ගන්න කාලේ හරි. විගණකාධිපතිතුමාගේ වාර්තාව ආව ගමන් පරිපාලනය ගැන තීරණයක් ගන්නවා. ඒ වාර්තාවත් ආවට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් උඩුයටිකුරු වෙන වෙනසක් කරන්න මම බලාපොරොත්තු වෙනවා”
ජනතා බලාපොරොත්තු නැවත වරක් අලුත් කළ ඇමැතිවරයා එලෙස අදහස් දැක්වූයේ ලෝක කුසලාන තරගාවලිය නැරැඹීම සඳහා එංගලන්තයට ගොස් එන අතරවාරයේදීය. නමුත් හරීන් ප්‍රනාන්දු, ගාමිණී දිසානායක භූමිකාවට පණ පොවනු ඇතැයි ජනතාව තුළ වූ විශ්වාසය බිඳවැටුණේ ඇමැතිවරයා පසුගියදා ඉන්දියාවට ගොස් පැමිණීමෙන් පසුය. එහිදී ප්‍රනාන්දු මහතා සඳහන් කළේ තමන් අයි.සී.සී. ප්‍රධානියා සමඟ සාකච්ඡා කළේ ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීමට අදාළ කරුණු පමණක් බවය. ඇමැතිවරයා එහිදී කතා කළ ආකාරයෙන් පෙනී ගියේ ක්‍රිකට් පරිපාලනය දූෂිත බව ඒ වන විට ඔහුට අමතකව ගොස් ඇති බවය.

කමිටු පත්කරමින් තවත් කාලය කාදැමීමට තරම් මේ වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවී ඇති කරුණු සුළුපටු නොවන බව අප දිගින් දිගමට කරුණු අනාවරණ කළෙමු. එංගලන්ත සංචාරයට අදාළව ශ්‍රී ලංකාවට ලැබිය යුතු ඇමෙරිකානු ඩොලර් 187084.75ක මුදල ඇමෙරිකානු ගිණුමකට බැරකිරීම මෙන්ම දකුණු අප්‍රිකා තරග සංචාරයේ විකාශන අයිතියට අදාළව ලැබිය යුතු මුදල වෙනත් ගිණුමකට බැරකිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන්ද වූ වාර්තා ඇතුළු ක්‍රිකට් ආයතනය තුළ සිදුවූ තවත් බරපතළ වංචා රාශියක් පිළිබඳ තොරතුරු මේ වාර්තාවේ ඇතුළත් වී ඇත.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බදුල්ලේ ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයාට රුපියල් මිලියන 60ක් ලබාදීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල විය. එයට ප්‍රතිචාර දක්වමින් බදුල්ල ක්‍රිකට් සමාජය නිවේදනයක් නිකුත් කර තිබුණේ එම චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවය. බදුල්ල ක්‍රිකට් සමාජය කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 60ක මුදලක් ලබාදීමට ක්‍රිකට් ආයතන එකඟවී ඇති බව සත්‍ය නමුත් එය ඇමැතිවරයාගේ පෞද්ගලික ඉල්ලීමකට ලබාදුන් මුදලක් නොවන බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පසුගියදා පියවර ගත්තේය. ඇතැම් විට එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කරන බවට ඇමැතිවරයා සිදුකළ ප්‍රකාශයේ එක් පියවරක් වන්නට ඇත. නමුත් ජනතාවට ඇති ගැටලුව වන්නේ දූෂිත පරිපාලනය ඉවත් නොකොට පුහුණුකරු පමණක් ඉවත් කිරීමෙන් මේ සියලු ප්‍රශ්න විසඳේදැයි යන්නය. පුහුණකරුවකු ලෙස ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය චන්දික හතුරුසිංහ වැන්නකු මේ ආකාරයෙන් ඉවත් කිරීමට ක්‍රීඩා ඇමැතිවරයාට හැකියාව ඇත්නම් මෙතරම් දූෂණ වංචා හෙළිවී තිබියදීත් ක්‍රිකට් පරිපාලනය ඉවත් කිරීමට ඇමැතිවරයාට හැකියාව නැත්තේ ඇයිදැයි යන්න ජනතාවට ඇති ගැටලුවය. පුහුණුකරු ඉවත් කිරීමට මූලික හේතුව ලෙස ඇමැතිවරයා පවසන්නේ ඔහුට ගෙවන මුදලට සාධාරණය ඉටු කිරීමට හතුරුසිංහ අසමත් වී ඇති බවය. නමුත් ක්‍රිකට් ආයතනය තුළ සිදුව ඇති වංචා දූෂණයන්ගෙන් සිදුව ඇති පාඩුව හතුරුසිංහගේ වැටුප මෙන් කීගුණයක්දැයි යන්න ඇමැතිවරයාට අමතක වී ඇත. සීමිත පන්දුවාර තරගවලදී පරාජයට පත්වුවද පසුගිය ටෙස්ට් තරගාවලි කිහිපයකදීම දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ. එවැනි පසුබිමක ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු තරගයේදීම හතුරුසිංහ ඉවත් කිරීමට ගත් තීරණය කොතරම් ප්‍රායෝගිකදැයි යන්න බොහෝ දෙනාගේ කතාබහට තුඩු දී තිබේ. එමෙන්ම මෙම තීරණයට එරෙහිව නීතිමය පියවර ගැනීමට හතුරුසිංහ කටයුතු කළහොත් ඒ සඳහා විශාල වන්දි මුදලක් ගෙවීමට සිදු වනු ඇති බවට මත පළවෙමින් තිබේ. එබැවින් ඇමැතිවරයා කළ යුතුව තිබුණේ හතුරුසිංහ ඉවත් කිරීම නොව ක්‍රිකට් ක්‍රීඩාව බිලිගෙන තිබෙන මාෆියාව පන්නා දමා පුහුණුකරුවන්ට සහ ක්‍රීඩකයන්ට සැහැල්ලුවෙන් ක්‍රීඩා කළ හැකි පසුබිමක් නිර්මාණය කරදීම බව ක්‍රීඩාවට ආදරය කරන හැම දෙනාගේම අදහස වී තිබේ. බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පසුගිය පරිපාලනය කටයුතු කළේ ඒ හරහා තම වැරැදි වසාගැනීමට බව මේ වන විට කිසිවකුටත් රහසක් නොවේ. අවසානයේ එම පරිපාලකයන්ගේ වැරැදිවලට හතුරුසිංහටම වන්දි ගෙවීමට සිදුවීම දෛවයේ සරදමක් බඳුය.

SendShareShare
Previous Post

ගෝඨා‌ගේත්-සජිත්‌‌ගේත් උත්සවවල කචල්

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් කල් ඉල්ලයි

MORE NEWS

‘Unleash’ සන්නාමය, ශ්‍රී ලංකාවේ MMA ක්‍රීඩකයන් ජාත්‍යන්තර සටන් පිටියට සූදානම් කරමින් නිල වශයෙන් දියත් කෙරෙයි! Sri Lanka Latest News
Sports

‘Unleash’ සන්නාමය, ශ්‍රී ලංකාවේ MMA ක්‍රීඩකයන් ජාත්‍යන්තර සටන් පිටියට සූදානම් කරමින් නිල වශයෙන් දියත් කෙරෙයි! Sri Lanka Latest News

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව කොටගත් උත්සවයක්! Sri Lanka Latest News
Sports

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව කොටගත් උත්සවයක්! Sri Lanka Latest News

Battle of the Golds ඩී.එස්. හා මහානාම ‘රන් මහා සටන’ 19 වැනි වතාවටත් ජයටම පැවැත්වෙයි! Sri Lanka Latest News
Business

Battle of the Golds ඩී.එස්. හා මහානාම ‘රන් මහා සටන’ 19 වැනි වතාවටත් ජයටම පැවැත්වෙයි! Sri Lanka Latest News

තර්ස්ටන්-ඉසිපතන 62 වැනි සහෝදරයන්ගේ මහා ක්‍රිකට් තරගය ජයටම! PHOTOS I Sri Lanka Latest News
Sports

තර්ස්ටන්-ඉසිපතන 62 වැනි සහෝදරයන්ගේ මහා ක්‍රිකට් තරගය ජයටම! PHOTOS I Sri Lanka Latest News

සංගා යළි ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම බාර ගනී!‍ Sri Lanka Latest News
Exclusive

සංගා යළි ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම බාර ගනී!‍ Sri Lanka Latest News

Exclusive

2014 අපි දින්නේ ලෝක කුසලානයක් නෙවෙයිද? මාලිංග පොරක් නෙවෙයිද? Sri Lanka Latest News

Load More
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකට පැමිණෙමින් සිටියදී දුරදක්නයකින් නිරීක්ෂණය කළ බව කියන පුද්ගලයින් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri...

Read more
ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.