• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ එහෙම වුණත් පකිස්තානෙ එහෙම වෙන්නෙ නෑ! IMF එකත් එක්ක ඒ විදිහේ ගිවිසුම් ගහන්නෙ නෑ! I Sri Lanka Latest News

June 30, 2023
in Exclusive, Politics
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැතහොත් අයි.එම්.එෆ් සමග එළඹි ගිවිසුම තරම් මෑත භාගයේ ශ්‍රී ලංකාවේ සාකච්ඡාවට බඳුන්වූ වෙනත් ලේඛනයක් නොමැති තරම්ය. පාර්ලිමේන්තුවේ සිට ගමේ කෝපි කඩය තෙක් පුළුල් පරාසයක සාකච්ඡාවට ලක්වූ අයි.එම්.එෆ්. ගිවිසුම අපි කැමැති වූවත් නැතත් ඉදිරි දශක දෙක තුනේදී අප කො‍යි කාගේත් ඉරණම තීරණය කරන ලියවිල්ල වන්නේය.(Sri Lanka Latest News)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹි ගිවිසුම අනුව මේ වන විටත් ලංකාවේ ආණ්ඩුව ජාතික ආර්ථිකයේ අතුඉති පාහිමින් සිටියි. මේ පිළිබඳ පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසුවේ ‘මීට වඩා හොඳ ගනුදෙනුවකට අපට අයි.එම්.එෆ්. එකත් එක්ක යන්න තිබුණා‘ යනුවෙනි. විපක්ෂ නායකගේ එම ප්‍රකාශය අපට මේ මොහොතේ සිහියට නැගෙනුයේ පාකිස්තානයේ මුදල් අමාත්‍ය ඉෂාක් ඩාර් කළ ප්‍රකාශයක් සමගය. ඔහු පවසනුයේද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹි ගිවිසුම අපට එළඹීමට හැකිව තිබූ හොඳම ගිවිසුම නොවන බවයි.

පාකිස්තානය මේ මොහොතේ සිටින්නේ ආර්ථික අර්බුදයක තරමටම දේශපාලන අර්බුදයකද ගිලීගෙනය. මේ වන විට එරට ආර්ථිකය මතු නොව දේශපාලනයද පවතිනුයේ කළු කුහරයක් තුළට ඇදී යමින් යැයි පැවසීම සාධාරණය. මේ මොහොතේ පාකිස්තානයද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උදව් ලබාගෙන ඇති අතර, ඉදිරියේදී වඩාත් විශාල ආධාරයක් එම ආයතනයෙන් බලාපොරොත්තුවෙන් සිටී. එහෙත් ඇතුළත සහ පිටත යන දෙගිනිවලින් දැවෙමින් සිටින පාකිස්තානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග බරපතළ කේවල් කිරීමක යෙදී සිටියි.

එකී කේවල් කිරීම කෙතරම් දුරට ගොස් ඇත්දැයි කිවහොත්, මේ වන විට එරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අතහැරීමට පවා සූදානම් බව දැකගත හැකිය. පසුගියදා එරට මූල්‍ය පිළිබඳ සෙනෙට් සභාවේ ස්ථාවර කමිටුව හමුවේ සාක්ෂි දෙමින් මුදල් අමාත්‍ය ඉෂාක් ඩාර් පැවැසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කඩිනම් සහන පැකේජය සමග හෝ එවැන්නක් නොමැතිව රට වෙනුවෙන් සිය වගකීම් ඉටු කිරීමට රජය සූදානම් බවයි.

නොවැම්බරයේ සිට විභාග වෙමින් පවතින නවවැනි සමාලෝචනය පිටුපස ඇති ‘අනවශ්‍ය ප්‍රමාදය’ සඳහා IMF විසින් කිසිදු හේතුවක් ඉදිරිපත් කර නොමැති බව පවැසූ ඔහු, ‘IMF ඇත හෝ IMF නැත යන්න ප්‍රශ්නයක් නොවේ. රජයක් ලෙස පාකිස්ථානයේ වගකීම අප දරන්නෙමු’ යනුවෙන් පැවැසීය.

‘ජත්‍යන්තර මූල්‍ය අරමුදල පමණක් නොවේ, වෙනත් ගෝලීය ආයතනවලද අවශ්‍යතාව අප හඳුනාගෙන සිටින්නෙමු. ඔවුන් උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවට කළ දේ පාකිස්තානයටද කරන්නටය. ණය ගෙවීම පැහැර හැර ඉන් පසු සාකච්ඡා කිරීම ඒ අයගේ අපේක්ෂාවයි. මේ පිටුපස ඇත්තේ වෙනත් භූ දේශපාලනයක් බව අප දැන සිටින්නෙමු’ ඉෂාක් ඩාර් පවසන්නේය.

ඒ අතරම ඔහු රැස්වීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ‘සියල්ල පිළිවෙළට’ ඇති බවත්, ‘සියල්ල සකස් කර ඇති’ බැවින් කලබල විය යුතු නැති බවත්ය.

පාකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා තවමත් සිදුකරමින් පවතී. අප ඔවුන් අතහැර නැත. අයි.එම්.එෆ්. ආයතනය සිය නවවැනි සමාලෝචනය මේ මාසයේ අවසන් කරනු ඇත. පාකිස්තානයට ඩොලර් බිලියන 3.7ක ණය ආපසු ගෙවීම කරන්නේ කෙසේද යන්න පිළිබඳ අප්‍රේල් මස අගදී ණය ශ්‍රේණිගත කිරීමේ ෆිච් රේටින් ආයතනය විසින් ප්‍රශ්නයක් මතුකරන ලද මුත්, එය කෙසේ හෝ ගෙවීමට පාකිස්තානය සමත් විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම අසාධාරණ බවත්, තම රටවැසියාගේ වඩාත් හොඳ හෙට දවස වෙනුවෙන් මිස ගෝලීය ආයතනවල හිත පිනවීමට පාකිස්තානය තීරණ නොගන්නා බවත් ඉෂාක් ඩාර් පවසන්නේය. ඔහු පුන පුනා පවසන්නේ එකම දෙයකි. ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව හිරකළ උගුලේ පාකිස්තානය හිරකරන්නට තම රජය කිසිම දිනයක ඉඩ නොදෙන බවය.

මේ තීරණාත්මක අර්බුදය හමුවේ එය ජයගැනීමේ තිරසාර අරමුණින් පාකිස්තාන ආණ්ඩුව පමණක් නොව, එරට ජනතාවද කටයුතු කරති. අනන්ත දුක් ගැහැට විඳදරා ගනිමින් අයි.එම්.එෆ්. යෝජනා ගෙඩිය පිටින් පිළිගැනීම වෙනුවට ඊට සංශෝධන යෝජනා කරමින් අතිශය ප්‍රශංසනීය කේවල් කිරීමක යෙදෙන්නට එරට ආණ්ඩුව මේ මොහොත වන විටත් සමත්ව ඇත.

අවසානයේ ජය පරාජය කෙසේ වෙතත් මේ මොහොතේදීත් පාකිස්තාන ආණ්ඩුව යාබද ඉන්දියාවේ දැවැන්ත භූ භෞතික දේශපාලන ප්‍රතිරෝධයට මුහුණ දෙමින් සෞදිඅරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය ලබාගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අසාධාරණ කොන්දේසිවලට එරෙහිව සටන් කරමින් සිටිති. ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට කරපු දෙය පාකිස්තානයට කරන්න අපි ඉඩ දෙන්නේ නෑ’ යනුවෙන් පාකිස්තාන මුදල් ඇමැතිවරයා ලෝකයට දෙන්නේ එම පණිවුඩයය.

නිර්මාල් දේවසුරේන්ද්‍ර

SendShareShare
Previous Post

පොලොන්නරුව සියඹලාව විද්‍යාලයේ වතුර පිරිසුදු කරන යන්ත්‍රය අවුරුද්දක් තිස්සේ කැඩිලා! පුංචි ළමයි දැනදැනම බොන්නේ මඩ වතුර! එක වසරේ දැරියකට දැනටමත් වකුගඩු රෝගය හැදිලා! ළමයි ගොඩකට බඩේ අමාරු! මේ ළමයින්ට බොන්න පිරිසුදු වතුර ටිකක් දෙන්න පුලුවන් නම් ඒක ‌ලොකු පිනක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ජාත්‍යන්තරයේ කප් ගහපු කෙනෙක් රටේ ජනාධිපති වුණා කිව්වත් IMF කප් එක ගහගන්න එතුමට බැරිවුණා! එතුමා කප් ගැහුවේ කතාවෙනුයි කයිවාරුවෙනුයි විතරයි! ක්‍රියාවෙන් කප් එක ගහන්න බැරිවුණා! නෑ නෑ කිව්වත් එතුමලා දැන් EPF එකටත් අත තියලා ඉවරයි! ඇඹිලිපිටිය සිසුන්ට ස්මාර්ට් පන්ති කාමරයක් ලබා දෙමින් විපක්ෂනායකගෙන් ජනාධිපතිට ප්‍රබල ප්‍රහාරයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

දඟකාර කොලු‍ගැටයා දැන් යස ඉලන්දාරියෙක්… මට තවම හිතාගන්න බැහැ..! පුංචි තිරය වගේම සිනමාව හැඩවැඩ කළ දඟකාර පුංචි කොලුගැටයා දැන් යස...

Read more
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.