• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

චීනෙට කසාද එපා වෙයි!

August 19, 2021
in News, Politics
Reading Time: 4 mins read
A A
චීනෙට කසාද එපා වෙයි!
Share on WhatsAppShare on Facebook

ගිහිගේ ගිනි ගෙයක් යැයි සිතන චීන යුවතියන්ගේ සංඛ්‍යාව 2012 වර්ෂයේ සිට 2020 වන විට දෙගුණ වී ඇත. ඒ නිසා ඔවුහු (අ)ශුභ සරණ බන්ධනගත වීමේ කැමැත්තෙන් දුරස් වෙමින් සිටිත්. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ගෘහස්ථ වගකීම් සහ පුරුෂ ආධිපත්‍ය මේ සඳහා හේතුවී තිබේ.

‘මගේ ජීවිතයේ බොහෝ සෙයින්ම කම්පාවට පත් කරුණ නම් විවාහ වීම, දරුවකු වැදීම සහ හැදීම’යි යනුවෙන් ලිවූ ෆෑං ගෘහණිය පණිවුඩයක් තැබුවාය. තිස්අට හැවිරිදි ඇය මීට සත් වසරකට පෙර විවාහ ගැටයගසා ගත් යුවතියකි. දැන් ඇයට සය හැවිරිදි දරුවකුද සිටියි.

“මම බලාපොරාත්තු වුණේ තරුණ කාලෙ තිබුණු මගේ සතුට විවාහෙන් පසු “ඩබල්” වෙයි කියල. බලපුවාම ඒකෙ අනිත් පැත්ත”. ඕ සම්මුඛ සාකච්ඡාවකදී කීවාය.

“විවාහයට පෙර ඩබල් එකේ තිබුණු වැඩ ටික, විවාහයෙන් පස්සෙ“ටි්‍රබල්” වුණා. ඒ කන්තෝරුවෙ වැඩයි, ගෙදර වැඩයි, ළමයින්ගෙ වැඩයි එක්ක. මම හිතාගෙන ඉන්නෙ මේකෙන් අත්මිදෙන්න දික්කසාද වෙන්න කියල” මූල්‍ය දත්ත සැකසුම් ආයතනයක විධායක ශ්‍රේණියක තනතුරක් දරන“ෂැංහායි” නගරවාසිනියක් කීවාය.

කාන්තාවන් අතරෙ පවත්නා මේ පදනම් විරහිත කලකිරීම කුමක්දැයි අසමින් කෙනකුට තර්ක කළ හැකිය. එහෙත් ඇත්ත වශයෙන්ම එහි තර්කයක් නැත. විවාදයකුත් නැත. ගෘහිනියන් (විවාහක කාන්තාවන්) කලකිරී ඇත. ඒ ළඟදී පවත්වන ලද සමීක්‍ෂණයකින් අනාවරණ වූ කරුණය.

පසුගිය වර්ෂයේ පවත්වන ලද සමීක්‍ෂණයකින් අනාවරණ වූයේ විවාහක කාන්තාවන්ගෙන් 20%ක් කලකිරීමෙන් සිටින බවය. 2017 දී ඒ ප්‍රතිශතය 12%කි. 2012 දී එම ප්‍රතිශතය 9%කි. වාර්ෂිකව චීනය පවත්වන “ලස්සන විවාහ ජීවිතය” සමීක්‍ෂණයෙන් මේ තොරතුරු අනාවරණ වී තිබේ.

එහෙත් ආවාහවීම ගැන එවැනි සමීක්‍ෂණයකදී තමන් දුක්වන බව පුරුෂ පක්‍ෂය පවසා ඇති ප්‍රතිශතය 7%ක් පමණි.

විවාහ වන සංඛ්‍යාවට අනුව දික්කසාද වූ සංඛ්‍යාව 2009දී 20%කි. 2019දී 50%කි. එහෙත් කොරෝනා වෛරසය පැතිරීමත් සමග 2020 දික්කසාද සංඛ්‍යාව අඩු අගයක් ගත් බව මේ දත්ත ප්‍රකාශ කළ චීනයේ ප්‍රජා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය කියයි.

දික්කසාදය ඉල්ලා අධිකරණයට වැඩි වශයෙන්ම ඉදිරිපත් වන්නේ කාන්තාවන්ය. චීනයේ උත්තරීතර මහජන අධිකරණයෙන් දික්කසාද ඉල්ලා 2017 දී පැවරුණු නඩුවලින් 73%ක්ම පවරා ඇත්තේ කාන්තාවන්ය.

චීන මධ්‍යම රූපවාහිනී සේවාව පසුගිය වර්ෂයේ පවත්වන ලද සමීක්‍ෂණයකින් අනාවරණ වී ඇත්තේ විවාහයට පෙර ගෙදර fදාර වැඩ කටයුතුවල යෙදෙන පුරුෂ පක්‍ෂයේ ප්‍රතිශතය 47%ක් වන අතර ස්ත්‍රී ප්‍රතිශතය 46%ක් බවයි. එහෙත් විවාහයෙන් පසුව ඒ කාර්යයේදී පුරුෂ ප්‍රතිශතය 46%ක් වී, ස්ත්‍රී ප්‍රතිශතය 48%ක් වී ඇත.

සැමියාත් බිරියත් අතර විරසකභාවයක් ඇතිවීමට ප්‍රධාන හේතුව ගෙදර fදාරේ දෛනික වැඩකටයුතුවලට පුරුෂ පක්‍ෂය දායක නොවන බව චීනයේ මාක්‍යු සරසවියේ මනෝ විද්‍යා අංශයේ පර්යේෂක ෂූනෑම් කියයි. එම කරුණ චීනයට පමණක් නොව ගෝලීය කරුණක් වී ඇති බවද කියයි.

චීනයේ විවාහක කාන්තාවන් ගෙදර fදාරේ වැඩකටයුතුවලදීත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලදීත් පුරුෂ පක්‍ෂය නොකරන අන්දමේ මහා පරිමාණයේ වැඩ කොටසක් කරන බව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය හ්වෑන්ං යූක්වින් කියයි.

“චීනයේ 60%ක් කාන්තා ශ්‍රම බලකායයි. එය පැසිෆික් කලාපයේ ඉහළ අගයක් ගන්නා ප්‍රතිශතයකි. ඒ පිරිසේ වැඩි කොටසක් විවාහ වී දරුවන් රකින මවුවරුන්. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේත් මවු පාර්ශ්වයටයි. එය බියකරු කාරණයක්. කාන්තා පාර්ශ්වය, පුරුෂ පාර්ශ්වය පවුලේ වැඩ කටයුතුවලට යොදවනවාට වැඩි ශාරීරික ශ්‍රම ශක්තියක් යොදවනවා. එමගින් ඇතිවන වෙහෙසත් දෙදෙනා අතර දුරස්ථභාවය ඇතිවීමට බලපානවා” යැයි මහාචාර්යවරයා වැඩිදුරටත් කීවේය.

මාධ්‍ය මගින් සමාජගත වන ඝාතන ප්‍රවෘත්තිද දෙපාර්ශ්වය අතර දුරස්ථභාවය ඇතිකිරීමට හේතුවක් වෙනවා. එම පුවත්වලින් සැමියා සිය බිරිය ඉතා කුරිරු අන්දමට ඝාතනය කළ සිද්ධීන් විස්තර කෙරෙනවා. මේ කරුණු කාන්තා පක්‍ෂයේ සිත්වලට තදින්ම බලපානවා”යැයිද හෙතෙම කීවේය.

ගෘහස්ථ හිංසනය වැළැක්වීමේ පනත චීනය පළමුවෙන්ම ස්ථාපනය කරන ලද 2016 සිට 2019 දක්වා කාලය තුළ සිදුවී ඇති එවැනි සිද්ධීන් 942 කින් 1200 දෙනකු මියගොස් තිබේ. එම සිද්ධි මාලාවෙන් 525 දෙනකු අධ්‍යයනය කළ විට ඝාතනය වූ සංඛ්‍යාවෙන් 85%ක්ම කාන්තාවන්ය. ඔවුන්ගේ වයස් සීමාව දහ 18-61ත් අතරේ විය.
ඒ අනුව පැහැදිලි වූයේ වින්දිත සංඛ්‍යාව වැඩි දෙනා විවාහක කාන්තාවන් බවයි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

පාන් 5කින් බනිස් 10කින් කේක් 100කින් සඳුදා සිට මිල ඉහළට!

Next Post

සතියකට රට වහන්න! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඉල්ලීමටවත් ජනපති-අගමැති අවනත වෙයිද? ‍

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.