• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

චීනයෙන් අමෙරිකාවට සම්බාධක!

January 6, 2022
in News, Politics
Reading Time: 3 mins read
A A
චීනයෙන් අමෙරිකාවට සම්බාධක!
Share on WhatsAppShare on Facebook

චීනය ඇමෙරිකාවට සම්බාධක පනවන බව පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කෙළේය. චීනය ඇමෙරිකාවට එකට එක කිරීමක් වශයෙක් මෙ සේ සම්බාධක පනවා තිබේ.

චීනයේ සිංජිඈං ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවල බලයෙන් යොදවාගනු ලබන බව කියන ශ්‍රමිකයන් ලවා කෙරෙන නිෂ්පාදන ආනයනය කිරීම පසුගියදා වොෂිංටනය තහනම් කරනු ලැබුවේය.

ඊට එකටෙක කිරීමක් වශයෙන් ඇමෙරිකන් පාලන අධිකාරියේ ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ කොමසමේ නිලධාරීන් සිවුදෙනකු අරබයා චීනය මෙසේ සම්බාධක පනවා තිබේ.

යථෝක්ත කොමසමේ සභාපතිනි නාදිනී මේන්සා, නියෝජ්‍ය සභාපතිනි නූරි ටර්කල් සහ සාමාජිකයන් වන අනුරිමා භාරගාවෝ සහ ජේම්ස කාර් යන සිවුදෙනාට චීන දේශයට, හොංකොං සහ මැකෝ යන නගරවලට පා තැබීමද තහනම් කරමින් සම්බාධක පනවා තිබේ.

එපමණක් නොව චීනයේ ඇති ඔවුන් සිවු දෙනාට අයත් දේපොළ පවා තහනමට ලක්කර ඇතැයි චීන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ශාවෝ ලිජියෑං ප්‍රකාශ කෙළේය.
චීනයේ සිංජියෑං කර්මාන්ත ශාලාවල බලයෙන් යොදවාගනු ලබන ශ්‍රමිකයන් ලවා නිෂ්පාදනය කරවා ගන්නා භාණ්ඩ ආනයනය පමණක් නොව ලබන පෙබරවාරියේ බෙයිජිං නගරයේ පැවැත්වීමට නියමිත “වින්ටර් ඔලිම්පික්” ක්‍රීඩා උළෙල පවා වර්ජනය කරන ලෙසට ඇමෙරිකානු සමාජ ක්‍රියාකාරීහු ජෝ බයිඩන්ගේ ආණ්ඩුවට බල කරති.

තම කර්මාන්තශාලාවල බලයෙන් ශ්‍රමිකයන් යොදවා ගන්නා බවට කෙරෙන ඇමෙරිකානු චෝදනාව මීට පෙරද කීපවතාවක්ම ප්‍රතික්‍ෂේප කළ චීනය විදේශයේ නිෂ්පාදිත පාවහන් සහ ඇඳුම් පැලැඳුම් ආනයනය කිරීම ප්‍රසිද්ධියේම තහනම් කෙළේද ඇමෙරිකාවට එකටෙක කිරීමක් වශයෙනි.

සින්ජිඈං ප්‍රදේශයේ වෙසෙන උයිගර් සහ වෙනත් මුස්ලිම් සුළු ජාතිකයන් පිරිසට නිරන්තරයෙන් චීන පාලනය හිරිහැර කරන බව කියන ඇමෙරිකාව එම පිරිස් බලයෙන් රඳවාගෙන සිටින බවටද, එම පිරිසේ කාන්තාවන් ගැබ්ගත් කල්හි බලහත්කාරයෙන් ගබ්සාවට ලක්කරන බවටද ඇමෙරිකාව චෝදනා කරයි.

සින්ජිඈං ප්‍රදේශයේ පාලනාධිකාරියේ සභාපති වශයෙන් 2018 ආරම්භයේ සිට 2020 මුල් භාගය දක්වා රාජකාරි කළ ෂෝරත් සාකි සහ එවකට නියෝජ්‍ය සභාපතිව සිට මේ වන විට සභාපති වශයෙන් රාජකාරි කරන එර්කන් තුනියාස් යන දෙදෙදෙනාට ඇමෙරිකාව පසුගිය 10 වැනිදා එසේ චෝදනා කරමින් සම්බාධක පැනෙව්වේය.

“ඇමෙරිකාව පැනවූ සම්බාධක ඉවත් කරගත යුතුයි, සින්ජිඈං ප්‍රදේශයේ කෙරෙන කටයුතු ගැන සෙවීමත් නැවැත්විය යුතුයි. චීනයේ අභ්‍යන්තර කටයුතුවලට කෙරෙන ඇඟිලි ගැසීම්ද ඇමෙරිකාව වහා නැවැත්විය යුතුයි. එසේ නැතහොත් ඒවාට උත්තර දෙන්නත් චීනය ලෑස්තියි” යනුවෙන් චීන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ශාවෝ ලිජියෑං ප්‍රකාශ කෙළේය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ඇමැතිකමින් පන්නපු සුසිල්ව පොහොට්ටුවෙනුත් පන්නන්න ලෑස්ති වෙයි! හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක්?

Next Post

චීනය හදන්නේ අමෙරිකානුවන් මත්කරලා මරන්නද?

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.