• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

සිංහරාජේ සිංහරාජ

January 11, 2021
in News, Politics
Reading Time: 4 mins read
A A
සිංහරාජේ සිංහරාජ
Share on WhatsAppShare on Facebook

අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා කැලෑ කොලම හරහා ලංකාවේ අතිවිශේෂ පරිසර පද්ධතියක් ගැන කතා කරන්න තමයි අපි හදන්නේ. ඒ තමයි සිංහරාජ වනාන්තරය. මාධ්‍ය හරහා මෙන්ම සමාජ මාධ්‍ය හරහාත් විවිධ හේතු නිසා පසුගිය කාලයේදී සිංහරාජය බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණා. ජෛව විවිධත්වයෙන් අනූන මේ වනෝද්‍යානය සෑම අතින්ම ඉතාම වටිනා ප්‍රදේශයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

මධ්‍යම කඳුකරයේ නිරිත දිග බෑවුමට අයත් රක්වාන කඳු වැටියට මායිම්වන සිංහරාජය යුනෙස්කෝ සංවිධානය විසින් ජෛව ගෝල ලෝක උරුම රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙනවා. පහතරට තෙත් කලාපයට අයත්ව පිහිටා ඇති මේ සුවිශේෂී භූමිය අදටත් ඉතාම අඩුවෙන් වාණිජකරණයට ලක් වූ ප්‍රදේශයක්. ඒ හේතුවෙන් සදාහරිත තෙත් වනාන්තරයක දැකිය හැකි නොඉඳුල් ලක්ෂණ සියල්ල මෙහිදී දැක ගන්න පුළුවන්. ලංකාවේ අනෙක් ජාතික වනෝද්‍යාවලට මෙන් පහසුවෙන් ළඟා වීමට හැකියාව නොමැතිකම තමයි ඊට හේතු වෙලා තියෙන්නේ.
මේ සිංහරාජය සම්බන්ධයෙන් මුලින්ම අවධානය යොමු වී ඇත්තේ 1607 තරම් ඈත අතීතයකදී වීමත් විශේෂ කාරණයක්. කෙසේ නමුත් 1988 වසරේදී තමයි එය ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙන්නේ. ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කයන් අයත් වන මේ වනාන්තර පද්ධතියේ සම්පූර්ණ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 11187ක්. එය දිගින් කිලෝමීටර් 21ක් සහ පළලින් කිලෝමීටර් 3ක් වන බවත් සඳහන්. ජාතික උරුමයක් වන මේ වැසි වනාන්තරය පරිසරවේදීන් මෙන්ම සත්වලෝලීන්ද ඉතාම ප්‍රිය කරන තැනක්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් පරිවාර වනාන්තර හෙක්ටයාර් 32,000කට ආසන්න ප්‍රමාණයක් අති විශේෂ ගැසට් පත්‍රයක් හරහා සිංහරාජයට ලබා දීමට පියවර ගනු ලැබුවා. එය මෙරට රාජ්‍ය නායකයෙකු පරිසරය රැක ගැනීම වෙනුවෙන් ගනු ලැබූ සාධනීය පියවරක් ලෙසත් සඳහන් කළ යුතුයි.

සිංහරාජය නැරඹීම සඳහා පැමිණිය හැකි මාර්ග කිහිපයක්ම තියෙනවා. රත්නපුර, කලවාන, වැද්දාගල මාර්ගය, රක්වාන මෝර්නින්ග් සයිඞ් හරහා ඇති මාර්ගය මෙන්ම දෙණියාය පල්ලේගම මාර්ගයත්, හිනිඳුම නෙළුව මාර්ගයත් ඒ අතරින් ප්‍රධානයි. සිංහරාජ වනාන්තරයට ඒ නම ලැබුණු ආකාරය පිළිබඳවත් රසවත් කතාන්දරයක් ජනප්‍රවාදයේ එනවා. ඒ කතාව මෙහෙමයි.

අතීතයේදී මේ ප්‍රදේශයේ ආදිපත්‍ය පැතිරවූ එක්තරා සිංහයෙකු හේතුවෙන් ගම්වාසීන්ට සහ සතුන්ට විශාල හිරිහැර සිදු වෙලා තියෙනවා. ඒ හේතුවෙන් කිසිවකුට මේ ප්‍රදේශයට ඇතුළු වීමට පවා නොහැකි තත්ත්වයක් තමයි තිබිලා තියෙන්නේ. ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ එක්තරා ශක්තිවන්ත පුද්ගලයෙක් තනිවම වනාන්තරයට ගොස් බියකරු සිංහයා ගල්ගසා මරා දැමූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. වනාන්තරයේ රජා බවට පත්ව සිටි සිංහයා මරා දැමූවේ යැයි කියන ගල් ගොඩ අදටත් එහිදී දැක ගන්න පුළුවන්. යෝධ ගල් ගොඩ ලෙසින් තමයි එය හැඳින්වෙන්නේ.

සිංහරාජ වනාන්තරයේ උසම ස්ථානය මීටර් 1171ක්. හීනිපිටිහෙල බටහිර කඳු මුදුන තමයි ඒ උසම ස්ථානය ලෙස සැලකෙන්නේ. ඊට අමතරව මීටර් 600 වඩා උස කඳු මුදුන් කිහිපයක්ම සිංහරාජයේදී දැක ගන්න පුළුවන්. හීනිපිටිහෙල නැඟෙනහිර, තිබ්බොටුගල, කොස්ගුලන, දෝතලුගල, මුලාවැල්ල, සිංහවැල මෙන්ම පතිනිගල මුදුනත් එවැනි උස් කඳුමුදුන් ලෙස හඳුන්වන්න පුළුවන්. සිංහරාජයේ අවම උස ලෙස වාර්තා වී තිබෙන්නේ මීටර් 90ක්.

ලංකාවේ වැඩිම වර්ෂාපතනය ලැබෙන ප්‍රදේශයක් ලෙස සිංහරාජ වනාන්තරය හඳුන්වන්න පුළුවන්. නිරිත දිග මෝසම් සුළඟෙන් මෙන්ම ඊසාන දිග මෝසම් සුළඟ මඟිනුත් සිංහරාජ වනාන්තරයට අවුරුද්ද මුළුල්ලේ අධික වර්ෂාවක් ලැබෙනවා. සාමාන්‍යයෙන් මිලි මීටර් 3000 සිට 6000දක්වා අතර වර්ෂාපතනයක් එහි පවතිනවා. 1989 වසරේදී සිංහරාජයේ පිහිටුවූ පර්යේෂණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ අනුව මේ දක්වා එහි වාර්තා වී ඇති අඩුම වර්ෂාපතනය වන්නේ මිලිමීටර් 50ක්.

අපි මීට පෙර හෝර්ටන්තැන්න ගැන කතා කිරීමේදී එයින් ලංකාවේ ජලාශ්‍රිත පද්ධතියට ඇති වටිනාකම ගැන කතා කළා. හෝර්ටන්තැන්න අපේ ජලා මූලාශ්‍ර පද්ධතියේ එක් පෙණහැල්ලක් නම් එහි අනෙක් පෙණහැල්ල ලෙස සිංහරාජය හඳුන්වන්න පුළුවන්. වසරේ කිසිම කාලයක් නියං සමයක් නැති පහතරට තෙත් කලාපීය සිංහරාජ වැසි වනාන්තරය තුළ නිරන්තරයෙන්ම දක්නට ලැබෙන්නේ තෙතබරිත පිනිබර දේශගුණයක්.

මෙහි ඇති ශාක පද්ධතිය ස්ථර හතරක් යටතේ වෙන් කර හඳුනා ගන්න පුළුවන්. ඉහළ වියන් ස්ථරය, උප වියන් ස්ථරය, යටි වියන් ස්ථරය සහ බිම් ස්ථරය ලෙස ඒ ස්ථර වෙන් කර ගන්න පුළුවන්. ඉතා ළඟ ළඟින් වැඩුණු දැවැන්ත ගස් මෙහිදී දැක ගන්න පුළුවන්. මීටර් 30ක් පමණ උස් වූ දැවැන්ත වෘක්ෂ රාශියක් ඒ අතරේ තියෙනවා.

තීනියා, බෙරලිය, කිරි හැඹිලිය, හැඩවක, මලබොඩ, මඩොල්, අතු කැටිය, වල් බෝඹු, පිණිබරු, පේර තඹල, තපසර බුලත්, වල් ගම්මිරිස්, වල් ගොනිකා වැනි දුර්ලභ ශාක වර්ග මෙන්ම වේවැල්, වෙනිවැල් ගැට, බාඳුරා වැනි ප්‍රභේද රාශියකුත් මෙහි ඉතා හොඳින් වැඩී තියෙනවා. එක් අතකින් සිංහරාජය ඔසු උයනක් ලෙස හැඳින්වුවත් එහි වරදක් නැහැ. ලංකාවේ දැනට වාර්තා වී ඇති දැවමය ශාක 452 අතරින් 192ක්ම සිංහරාජයෙන් වාර්තා වී තිබීම එහි ඇති වටිනාකම පෙන්නුම් කරන එක් සාක්ෂියක් ලෙස සඳහන් කරන්න පුළුවන්.

ශාක පමණක් නෙවෙයි සිංහරාජයේ ජීවත් වන සත්ව ප්‍රජාවත් ඉතා විශාලයි. නමුත් වෙනත් ජාතික වනෝද්‍යානයක මෙන් පහසුවෙන් සතුන් නැරඹීමට මෙහිදී හැකියාව ලැබෙන්නේ නැහැ. එය ඉතාම සංයමයෙන් සිදු කළ යුතු දෙයක්. සිංහරාජයේ පවතින දැඩි වනාන්තර ස්වභාවය තමයි ඊට හේතු වෙලා තියෙන්නේ.

දැනට ශ්‍රී ලංකාවේ තෙත් කලාපයෙන් වාර්තා වී ඇති අවසන් අලි තිදෙනාම ජීවත් වෙන්නේ සිංහරාජයේ. මෙම සතුන් වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමේ උත්සායක් පිළිබඳවත් පසුගිය කාලයේදී දැඩි ආන්දෝලනයක් ඇති වුණා. ඒ වගේම මෙහි කළු දිවියන් කිහිප දෙනකුම ජීවත්වන බවට වාර්තා වෙලා තියෙනවා. මෑත කාලයේදී මුලින්ම කළු දිවියෙකු මියගිය පුවත වාර්තා වුණෙත් සිංහරාජයට ආසන්න දෙණියාය ප්‍රදේශයෙන්. ඊට අමතරව ශ්‍රී ලංකාවට ආවේණික කළු වඳුරාත් මෙහිදී වාර්තා ඇති විශේෂිත සත්වයෙක් ලෙස හඳුන්වන්න පුළුවන්.

මේ සියල්ලට අමතරව සිංහරාජ වනාන්තරය පිළිබඳව කතා කිරීමට තවත් දේ බොහෝයි. අපි ඒ විස්තර ලබන සතියේ කැලෑ කොලමෙන් කතා කරමු.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

නීතිපති දෙපාර්තමේන්තුව පිල්ලෙයාන්ගේ නඩුව අතහරී

Next Post

අගමැතිට ප්‍රශ්නයක් නෑ: යෝෂිතගෙන් ප්‍රකාශයක්

MORE NEWS

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

Load More
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ගෙවුණු දින 7 ඇතුළත රට පුරා වෙඩිතැබීමේ සිදුවීම් 7ක් සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණ කරයි.Sri Lanka Latest News...

Read more
ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.