බෙල් බොටම් විලාසිතාව සමාජයෙන් දිය වී ගිය අන්දමින්ම චීනයේ මාර්ගෝපදේශකත්වයෙන් ක්‍රියාත්මක වූ ගෝලීයකරණයද සෙමෙන් සෙමෙන් එහෙත් ස්ථිර වශයෙන්ම දියවී යමින් තිබේ.
ඇමරිකානු සමාගම් කොරා්නා වසංගතය සමගම වාණිජ යුද්ධයක් පාදක කර ගනිමින් චීනය අත හැර යාමට පටන් ගෙන තිබේ. එක්සත් ජනපද දේශීය නිශ්පාදන නව ප්‍රවනතාව යටතේ නාට්‍යමය විපර්යාසයක් (පෙරැළියක්) සිදුවී ඇතැයි ඇමරිකාවේ කියර්නි ගෝලීය නිෂ්පාදන උපදේශන ආයතනය පසුගිය අප්‍රේල් මාසයේ (2020.04) නිකුත් කළ සිය හත් වැනි වාර්ෂික දර්ශකයේ සඳහන් කර තිබේ. ඒ සඳහා පවත්වා ඇති අධ්‍යයනයේදී චීනය සමග ආනයන සහ අපනයන වාණිජ කටයුතු කළ ආසියානු ව්‍යාපාරිකයන් දහ හතර (14) දෙනකුට තදබල අන්දමින් පාඩු සිදුව ඇතැයි අනාවරණය කෙරී ඇත වෙළෙඳ යුද්ධය චීනයෙන් කෙරෙන ආනයන කඩාකප්පල් කෙරිණි. ඇමරිකානු නිෂ්පාදකයන් මුලින්ම කළේ චීනයෙන් අඩු මිලකට අමු ද්‍රව්‍ය මහා පරිමානයෙන් ලබා ගැනීමය. කොවිඞ්-19 වෛරසය ව්‍යාප්තවීමෙන් පසු අනපේක්‍ෂිත තත්ත්වයන්ට යෝග්‍ය පරිදි ක්‍රියා කළ හැකි අන්දමේ වෙනත් මානයක් කරලියට පැමිණ තිබේ. නව මානයෙන් අග්නිදිග ආසියාවේ කුඩා රටවලට විශේෂයෙන් වියට්නාමය වැනි රටවලට වාසිදායක තත්වයක් එමගින් හිමි වී ඇත්තේය. එක්සත් ජනපද සමාගම් පසුගිය වර්ෂයේදී (2019) සැපයුම්දාමය පිළිබඳව දෙවන වරටද සිතා බැලුවේය. නැව් ගැස්තු ආදිය අවම මට්ටමක පවත්වා ගැනිම සඳහා චීන පාර්ශවකරුවන් සඳහා ස්ථාන අග්නිදිග ආසියාවේ ස්ථාපනය කළ යුතු බව එමගින් තහවුරු කර ගත්තේය.
චිනයේ හූබෙයි ප්‍රාන්තයෙන් ආරම්භවූ කොවිඞ් වසංගත මාරයාගෙන් ගැලවීමේ උපා මාර්ග සෙවීමේ කටයුතුවලට ප්‍රමුඛතාව දීමට සිදුවූ බැවින් ජන ජීවිතය යළි යථා තත්ත්වයට පත්වනතුරු වෙළෙඳ යුද්ධයට තාවකාලිකව නැවතීමේ තිත තැබිණි.
වසංගතය මේ වර්ෂයේ (2020) මුල් භාගයේ ආරම්භයත් සමගම චීනයේ කර්මාන්ත ශාලා වසා දැමීමෙන් සැපයුම් සේවා බිඳ වැටී සමාගම් අවුලෙන් අවුලට පත්විය. චීනය සියලු කටයුතු යළි ආරම්භ කිරීමට පටන් ගත්තද සැපයුම්දාමයේ අවහිරතා නිසා ඇමරිකාවට සෑම අතින්ම පහර වැදෙන්නට විය. එතකුදු වුවත් චීනය යළි යථා තත්වයට ඒමට උත්සාහ ගත්තද ඇත්ත වශයෙන්ම පෙර සිටි තත්ත්වයටම කඩිනමින් යළි ළඟාවීමට හැකිවේ දැයි යන්නද අඩමාන සිතිවිල්ලක් වුවේය. සම්පත් සොයා ගැනීම සහ සමස්ත සැපයුම් දාමය පිළිබඳව ලඝුවෙන් නොව ඉතා දීර්ඝ වශයෙන් සමාගම්වලට සිතන්නට සිදුවූයේ දිග්ගැසෙන්නට වූ කොරෝනා වසංගතය හේතුවෙනි. ඇත්ත වශයෙන්ම ඇමරිකානු සමාගම්වලට චීනය ගැන විශ්වාසය තබනවාට වඩා උද්ගතවෙන අවදානමෙන් මිදෙන ක්‍රමවේදයන් ගැන සොයන්නට සිදුවිය.
මේ අවස්ථාවේ ඇමරිකාවේ සෙනෙට් මන්ත්‍රීවරුන් වන ජොෂ් හවුලේ සහ ටොම් කොට්න් ජාතික ආරක්‍ෂක තලයේ කරුණක් මතුකරමින් විස්තර කළේ ඇමරිකාව මේ අවස්ථාවේ ඇතැම් භාණ්ඩ සපයා ගැනීම සඳහා චීනයෙන් යැපෙන බවයි. එසේ සපයා ගැනීමට සිදුවී ඇත්තේ වසංගතයෙන් ගැලවීමට ඉතා අවශ්‍ය මුඛ ආවරණ, රබර් ග්ලවුස්, හැස්මට් සුට්, වැන්ටිලේටර්ස් පමණක් නොව ටොයිලට් පේපර්ස් පවා චීනයෙන් ආනයනය කෙරෙන බවද කීහ.
ධවල මන්දිරයේ ජාතික ආර්ථික කවුන්සලයේ සභාපති ලැරී කුඞ්ලෝ යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කළේ චීනය අතහැර එන දේශිය (එක්සත් ජනපද) සමාගම්කරුවන්ට සිය කාර්යාල හෝ කම්හල් හෝ යළි ස්ථාපනය කර ගැනීම සඳහා ආධාර මුදල් සැපයිය යුතු බවය.
චීනය අනාගත වසංගත මාරයින්ගේ මාතාව යන හැඟීමෙන් යුතුව ව්‍යාපාරිකයෝ සිය වෙළෙඳ ආයතනය යළි ආරම්භ කරන්නට වූහ. ආසියානු රටවල නිෂ්පාදනය සඳහා වන නිෂ්පාදන ආනයන අනුපාතය දෙදස් දහනමයේදී (2019) සියයට හතකින් (7%) පහත වැටිණි. ඊට පෙර වර්ෂයේදී (2018) වීනයෙන් ආනයනය කිරීමේදී තීරුබද්ද සමග ප්‍රමාණය සියයට දාහතක් (17%) වූවේය. චීනය සමග කෙරුණු කටයුතු වෙනුවෙන් කම්කරු සහ පාරිසරික නීති අතහැර නාමික අගය මත පිරිවැය සකසා කට යුතු කිරීමට ඇමරිකා එක්සත් ජනපදයට කාලය උදාවී ඇත්තේය.
චීනය ආසියාවෙන් ආනයනය කළ සියයට හැට හතක්වූ (67%) භාණ්ඩ ප්‍රමාණය දෙදාස් දහනමයේ (2019) මැද භාගය වනවිට සියයට පහයි දශම තුනක් (5.3%) වූවේය. ඒ වන විට ඇමරිකාව චීන ආනයනයෙන් ඩොලර් බිලියන තිස් එකක් (31,00,00,00,000) අඩු කර ගෙන තිබිණි. වියට්නාමය සියයට හතළිස් හයකි (46%). ඊට අමතරව වියට්නාමයේ නිෂ්පාදිත ඩොලර් බිලියන දාහතරක් (14,00,00,00,000) වටිනා භාණ්ඩ ඇරිකාවට අපනයනය කරනු ලැබිණි.
ඇමරිකාව මැක්සිකෝවෙන් දෙදහස් දහ තුනේ (2013) සිට භාණ්ඩ ආනයනය කළ ප්‍රමාණය සියයට තිස් හතකි (37%). ඒ ප්‍රමාණය දෙදහස් දහනමයේදී (2019) සියයට අටකින් (8%) ඉහළ ගියේය. චීනයට වඩා වෙනත් රටවලින් ඇමරිකාවට භාණ්ඩ ආනයනය කිරීමේ ප්‍රවනතාව ඉහළ යාමට හේතුව තීරිබදු අඩුවීමය. කැනඩාව සහ මැක්සිකෝව යන දෙපාර්ශවය අතර ගිවිසුම් ඇතිවීමෙන් පසුව වෙළෙඳ භාණ්ඩ ආනයනයේ ජනප්‍රියම ස්ථානය මැක්සිකෝව වූවේය. වෙළෙඳ යුද්ධය ආරම්භ වීමත් සමග ඇමරිකානු සමාගම්වලට සිය සැපයුම්දාමය සම්බන්ධයෙන් නවක්‍රමෝපායන් ගැනද සිතන්නට සිදුවී තිබේ.
කඩකප්පල්කාරී මෙන්ම අවුල් සහගත අවස්ථා වළකා ගැනීමට චීනයෙන් බැහැර වූ ආර්ථිකයක් ගොඩනැගිය යුතු බව ජපන් අගමැති ෂින්සෝ අබේ පසුගියදා යෝජනා කෙළේය. කොරෝනා වසංගතයෙන් පසු ජපානයට ආනයනය කෙරෙන චීනයේ නිෂ්පාදිත මෝටර් රථ අමතර කොටස්වලට අමතර වැට් බද්දක් එකතුවීමෙන් මිල අධික වී ඇතැයි ද අගමැතිවරයා වැඩි දුරටත් සඳහන් කෙළේය. චීන ප්‍රතිපත්තිවලින් දුරස්විය යුතු බවද අගමැති ෂින්සෝ අබේ පැහැදිලිවම අවධාරණය කෙළේය.
චීනයේ පවත්නා විවිධ රටවලට අයත් වාණිජ ව්‍යාපාර, කර්මාන්ත ශාලා, කාර්යාල ටිකෙන් ටික ඒ ඒ රටවල් විසින් ඉවත් කරගනු ලැබීම ගැන චීනය අවුලක සිටී.
විවිධ රටවල ඇති ජපනුන්ගේ විවිධ වාණිජ ආයතන, කර්මාන්ත ශාලා සහ කාර්යාල ජපානයේ හෝ අග්නිදිග ආසියාවේ හෝ ස්ථාපනය කිරීම උදෙසා ඩොලර් බිලියන දෙකයි දශම දෙකක් හෙවත් කෝටි දෙසිය විස්සක් (2,20,00,00,000) ජපානය දෙදහස් විස්සේ (2020) අය වැයෙන් ප්‍රතිපාදන සලසා තිබේ.
ලෝකයේ බලවත්ම ආර්ථික ශක්තිවන්තයා එක්සත් ජනපදයයි. දෙවැන්නා චීනයයි. තුන් වැන්නා ජපානයයි. එක්සත් ජනපදය සහ ජපානය මේ වන විට චීනයෙන් දුරින්ම දුරීභූත වීමට තීරණය කර තිබේ. එසේ වුවහොත් චීනයට “අබ සරණං ගච්ඡාමි” කියන්නට සිදු වේ දැයි නිීරීක්‍ෂකයෝ සැක පහළ කරති.
චින ජ්‍යොතිෂයට අනුව සෑම වර්ෂ හැටකට (60) වරක්ම උදාවන මීයාගේ වර්ෂය රටට එතරම් ශුභදායක නොවන බව ගතවූ ශත වර්ෂ දෙකක (අවුරුදු 200) කාලය තුළ චීන ඉතිහාසයෙන් පෙනේ. වර්ෂ එක්දහස් අටසිය හතළිහේ දී (1840) චීනයට අබිං යුද්ධයකට මුහුණ දෙන්නට සිදුවිය. එක දහස් නමසියයේදී (1900) බොක්සර් කැරැල්ල ඇති විය. එක් දහස් නම සිය හැටේදී (1960) දරුණු සාගතයක් ඇතිවිය.
මේ අවුරුද්දේදී (2020) චීනයට යළි මීයාගේ වර්ෂය උදාවන්නේය. වර්ෂාරම්භයේදීම චීනයේදී කොරා්නා මාරයා උපන්නේය. වර්ෂයේ මැද භාගය වන විට (ජූනි) කොරෝනා මාරයාගේ දෙවැනි රැල්ලද පටන් ගත්තේය. ඉදිරියට තවත් මොන මොනවා වෙයිදැයි දන්නේ දෙවියන් පමණි. එතෙක් අපි දැස් දල්වා බලා සිටිමු.
පරිවර්තනය චන්ද්‍රසේන මාරසිංහ











