• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ලෝකයම චීනෙට පොල්ල තියයිද?

July 6, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
ලෝකයම චීනෙට පොල්ල තියයිද?
Share on WhatsAppShare on Facebook

ලෝකයේ සියලු ජාතීන්ට කඩිනමින් පිළිතුරක් දිය හැකි සුළු ප්‍රශ්නයක් මතුවී තිබේ. ඒ ප්‍රශ්නය නම් ඌණ සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවත්නා රටවල් තම ණය ගැතියන් (ණයකාරයින්) බවට පත්කර ගැනීමේ අරමුණින් චීනය විසින් දෙනු ලැබූ සියලු ණය සහ ආධාර මුදල් ආපසු දීම ප්‍රතික්‍ෂේප කරන්නට නොහැකි මන්ද යන්නය. දකුණු ආසියානු රටවල් දෙස බැලූ විට සංවර්ධනය මුවාවෙන් චීනය සිය බූවලු අඬු විහිදා ඒ රටවලට ණය පහසුකම් දී ග්‍රහණය කර ගෙන ඇති අයුරු හොඳින්ම බලා ගත හැකිය. බංගලාදේශය හෝ වේවා, පාකිස්ථානය හෝ වේවා, මාලදිවයින හෝ වේවා, අප්‍රිකාවේ වෙනත් රටවල් හෝ වේවාකවර රටක් දෙස බැලුවත් චීනය ඒ සෑම එකකටම ආධාර උපකාරදී ඇත්තේ ඒ රටවල් තමන් ගේ නව ජනපද ලෙසට එක් කර ගැනීමේ උපක්‍රමයක් ලෙසිනි. මෙන්න මේ නිසා ලෝකය එකාවන්ව ඉදිරියට අවුත් බෙයිජිවලින් (චීනයෙන්) ගත් ණය ආපසු දීමට නො හැකි බව කියත්. චීනයට එකී එක් රටකට වෙන් වෙන් වශයෙන් බලපෑම් කළ හැකිය. එහෙත් සියලු ණයගැති රටවල් එකාවන්ව කටයුතු කළහොත් එසේ කළ හැකිද? සමස්ත භූතලය පුරා කොරා්නා වෛරසය පැතිරවීම සම්බන්ධයෙන් චීනයට එරෙහිව සියලු රටවල් නැගී සිටියහොත් ඊට පිළිතුරු දිය යුතු නොවන්නේද? මෙවන් තත්ත්වයක් දැනට උද්ගත වෙමින් නොතිබෙනවාද නොවේ. ඒ අනුව රටවල් ගණනාවක් තමන් ලබා ගත් ණය ගෙවීමට කල් ඉල්ලීමටද, ණය අත්හැර දමන ලෙසට ඉල්ලීමටද කටයුතු කර තිබේ. තම රට ණය බරින් නාහෙටත් උඩින් ගිලී ඇති බැවින් ණය සංශෝධනයක් කරන ලෙස පාකිස්තානු විදේශ අගමති චීනයෙන් ඉල්ලීමක් කර තිබේ. නිව් යෝර්ක් ටෛම්ස් පුවත් පතේ පසු ගියදා (2020.05.18) පළ වූ පුවතකට අනුව කිර්ගිස්ථානය සහ ශ්‍රී ලංකාව ඇතුළු අප්‍රිකානු රටවල් ගණනාවක් ද ණය සංශෝධනය කරන ලෙසට හෝ ගෙවීම් ප්‍රමාද කර දෙන ලෙසට හෝ මේ වසරේ ගෙවිය යුතු වාරිකවලින් ඩොලර් බිලියන ගණනාවක් කපා හරින ලෙසට හෝ ඉල්ලා තිබේ. මේ සිද්ධිවලින් පැහැදිලිව පෙනෙන කරුණක් නම් සංවර්ධනය වන ලෝකයේ බැංකුකාරයා ලෙසට චීනය ආධිපත්‍ය පැතිරවීමට සැලසුම් සකසන බවයි. දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පසුව ලෝක බැංකුව සහ ඇමරිකාවේ මුල්‍ය ආයතන ජගත් මුල්‍ය කටයුතු පාලනය කරන අන්දමට සමගාමීව චීනයද ණය දෙන්නකු වශයෙන් ක්‍රියා කිරීමේ අරමුණින් කටයුතු කරන බව පැහැදිලිවී තිබේ. දේශපාලනික සහ ආර්ථික සුපිරි බලවතකු වීමේ යටි අරමුණු ඇතිව ගතවු දශක දෙකක කාලය තුළ චීනය ලෝස් නැතුවම විවිධ රටවලට ඩොලර් බිලියන සිය දහස් ගණනින් අත දිග හැරදී තිබේ. මේ අන්දමින් මධ්‍ය රාජධානිය (චීනය) නව යටත් විජිත පාලක තත්වයට පත් වී තිබේ.
ණය ගැති රටවල වරායවල් විවිධ වර්ගයේ ඛනිජ සම්පත් (නිධි) ප්‍රවාහන සේවා වැනි යටිතල පහසුකම් චීනය තමන් යටතට සංවර්ධනයේ කඩතුරාවට මුවා වී වංචනිකව අත්පත්කර ගෙන තිබේ.
කොරෝනා මාරයා සමස්ත ලෝක ධාතුවම ගිල ගැනීමෙන් පසු ඊට නොදෙවැනිව පුපුරා ඇති ආර්ථික කාල බෝම්බය හමුවේ අවසන් හුස්ම පොද පවා මහත් අමාරුවෙන් අදින රටවල් චීනයෙන් ලබා ගත් ණය මුදල් ආපසු ගෙවන්නට නොහැකි බවම කියයි. ණය ගෙවීමට නොහැකි බව කීම චිනය තුළ ඍජුව සේම වක්‍රවද ඝට්ටනයකට හේතුවී ඇත. ණය මුදල් කපා හරින ලෙසට සහ සංශෝධනය කරන ලෙසට කෙරෙන ඉල්ලීම්ද චීනයේ පවත්නා වර්තමාන ආර්ථික පසුගාමිත්වයට හා මූල්‍ය රටාවට අවුල් සහගත තත්ත්වයක් ඈඳා තිබේ.
චීනයේ ධනය කිසියම් ප්‍රමාණයකට වර්ධනයක් සිදුවෙමින් පවත්නා බව සැබැවි. එහෙත් ගෘහ කර්මාන්තවල ආදායම සංවර්ධනය වෙමින් පවත්නා රටවල ආදායමෙන් කාලක් තරම් හෝ නැත.
කවුරු කෙසේ කීවද කෙරෝනා වසංගතය නිසා චීන ආර්ථිකයද කිසියම් දුරකට සලිත වී තිබේ. මාඕ සේතුං පාලන සමයෙන් පසුව මේ ප්‍රථම වතාවට චිනයේ ආර්ථිකය එසේ ඇකිලී ගිය බවට නිරීක්‍ෂකයෝ කරුණු දක්වති. මේ තත්ත්වය නිසා තමන්ගෙන් ගත් ණය දෙන ලෙසට චීනය ණයගැති රටවලින් ඉල්ලා සිටියහොත් ඒ රටවල්ද නිකම් සිටින්නේ නැත.
කොරෝනා වසංගත මාරයාගේ මව චීනය බව කියති. එම චෝදනාව පිහියක් ලෙස අමෝරා ගනු ලබන සෙසු රටවල් චීනයේ පිටුපස්සට නොවැරදීම එල්ල කිරීම වැළැක්විය නො හැකිය. එසේ වුවහොත් ලෝකයේ බලවතා වීමේ බෙයිජිං සිහිනය අවදානමට ලක්වනු ඇත. මේ තත්ත්වය යටතේ චීනය දේශපාලනික වශයෙන් තනිවන කොන්වන ස්වභාවයකට තල්ලුවීමද නොවැළැක්විය හැකි බැවින් ණය ඉල්ලීම මඳකට ලිහිල් කර ඒ ඒ රටවලට යටිතල පහසුකම් සැපයීමේ ක්‍රමවේදය යටතේ ඒ රටවල ඇති සම්පත් අත්පත් කරගැනීමටද බැරි නැත. අපේ ශ්‍රී ලංකාවත් පාකිස්ථානයත් ඇතුළු බොහෝ රටවල්වලට අත්විඳින්නට සිදුවී ඇත්තේද ඔන්න ඔය පෙනෙන තත්ත්වයමය. තම රටේත් සමස්ත ලෝකයේත් ප්‍රජාතන්ත්‍රවාදයට චීන කොමියුනිස්ට් පක්‍ෂය බලවත් තර්ජනයක් වී ඇති බවට ඇමරිකාවේ රාජ්‍ය ලේකම් වන මයික් පොම්පියෝ පසුගියදා තර්ජනාංගුලිය එල්ල කෙළේය. එමතුද නොව කොවිඞ්-19 වසංගතය චීනයේ නොසැලකිල්ල නිසා මහත් ව්‍යසනයක් ඇතිකර ලෝකයම බිල්ලක් කළ බවට චෝදනා කෙළේය. දසතින් නැගෙන චෝදනා නිසා මේවන විට චීන කිර්තිය දිය වෙන සෙයකි.
මේ වසරේ (2020) මුලදීම ආරම්භවූ කොරෝනා වෛයිරසයේ යථා ස්වරූපය වසංකර ලෝකයට පෙන්වීම ගැනත් දැන් බොහෝ රටවල් චීනෙන් වගඋත්තර අසන්නට පටන් ගෙන තිබේ. චීන ගුවන් සේවා මගින් ඇමරිකාවටත් යුරෝපයටත් වෛරසය පැතිරුණු බවද චෝදනාවකි. වසංගත ව්‍යාප්තියට පෙරාතුව විවිධ රටවලින් මුහුණු ආවරණ රැස්කර ගොඩ ගසා ගැනීමද චීනයේ තවත් මගෝඩි වැඩක් බව ලෝකයා අවබෝධ කර ගැනීමද චීනය ඇදගෙන නාගැනීමකට හේතුවක් වී තිබේ.
චීනය සන්තක මූල්‍ය තත්ත්වය නම් සුළුපටු එකක් නොවන බව සංවර්ධනය වන රටවලට ණය ප්‍රතිපාදන යටතේ මුදා හැර ඇති මුදල් ප්‍රමාණයෙන්ම පැහැදිලිය. වාර්ථාගත අන්දමට ඒ මුදල ඩොලර් බිලියන පන්සිය විස්සක් හෙවත් කෝටි පනස් දෙදාහකි (5,20,00,00,00,000) ඒ අනුව බලන කල චීනය ලෝක බැංකුවටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් වඩා ණය දෙන්නෙකි.
මුල්‍ය සම්පතින් කොතරම් ආඪ්‍ය වුවත් දිළිඳු රටවල් කොතතරම් නාහෙන් ඇඬූවත් ණය කපා හරින්නට නම් චීනය සූදානමක් නැත. එහෙත් සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීමට නම් අකමැත්තක්ද නැත. කිර්ගිස්ථාන් රජය පසුගිය අප්‍රේල් මාසයේ (2020.04) නිවේදනය කළේ ණය ආපසු ගෙවීමේදි ඩොලර් බිලියන එකයි දශම හතක් හෙවත් කෝටි එකසිය හැත්තෑවක් (1,70,00,00,000) යළි සැලසුම් කිරීමට චීනය කැමැත්ත පළ කර ඇති බවය. මේ අන්දමටම ශ්‍රී ලංකාවද තම ණය ප්‍රමාණය යළි ව්‍යුහගත කර දෙන ලෙසට චීනෙන් ඉල්ලා තිබේ. එහෙත් ඇත්ත වශයෙන්ම චීනය ශ්‍රී ලංකාවට කිසියම් අනුග්‍රහයක් දක්වන බව පෙනෙන්නට තිබේ. මන්ද යත් අපේ රටේ (ශ්‍රී ලංකාවට) සංවර්ධනය උදෙසා ණය ප්‍රමාණය ඩොලර් මිලියන හත්සියයකින් (70,00,00,000) වැඩි කිරීමටත් ණය ගෙවීම සඳහා දෙවසරක සහන කාලයක් දීමටත් චීන සංවර්ධන බැංකුව කැමැත්ත පළ කර තිබේ. එසේම මේ ණය සඳහා අඩු පොලියක් අයකර ගැනීමටත් බැංකව කැමැත්ත දී ඇත.
ගෝලීය ආර්ථික අර්බුදය බරපතළ වෙන්න වෙන්න ණයගැති රටවලින් චීනයට එල්ලවන පීඩනයද වැඩි වන්නේය. ලෝකයේ බොහෝ රටවල් මේ වන විට තම ණය කපා හරින ලෙසටත් ණය සහන සලසන ලෙසටත් ඉල්ලමින් අප්‍රිකානු රටවල් ගණනාවක් චීනයට පීඩන ඇති කර තිබේ. තම ණය බරින් කොටසක් හෝ කපා හරින ලෙසට ඉල්ලන ඉතියෝපියාව තම කලාපයේ දරිද්‍රතාවෙන් පෙළෙන සෙසු අප්‍රිකානු රටවල්ද පෙරටු කොට ගනිමින් චීනය හා මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට කැපවී සිටියි. සාකච්ඡා පවතවනවාට වඩා යමක් චීනය කළ යුතු යැයි ඝානාවේ මුදල් ඇමති කෙන් ඔෆෝරි අත්තා පවසයි.
බාහිර ලෝකයේ පවත්නා මේ තත්ත්වය සම්බන්ධයෙන් චීන අභ්‍යන්තරයේද ණය සීමා පිළිබඳව වාද විවාද හා සාකච්ඡා පැවැත්වේ. ඒ බොරදියේ මාළු බෑමේ අරමුණ ඇතිවය. ජාත්‍යන්තරයේ ණය ගෙවීමේ දුෂ්කරතා උද්ගතව ඇති තත්ත්වය පාදක කරගනිමින් තවත් උපරිම ප්‍රතිලාභ ලබා ගන්නේ කවර ආකාරයෙන්දැයි යන්න ගැන චීනය බිලීපිති මානයි.
චීනය මාළු බෑමට දරන මේ තැටමිල්ල ගැන ග්ලෝබල් ටයිම්ස් පුවත්පතේ ලිපියක් පළ කරන සෝං වේ නමැති මාධ්‍යවේදියා මෙසේ අනතුරු අඟවා තිබේ.
අතමිට සරුවී සියලු ණය තුරුස්වලින් ගැලවිය හැකි අන්දමට තිරසාර ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘති රැසක් චීනය විසින් ඉදිරිපත් කරනු ලැබේ. එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම උදෙසා අවශ්‍ය ණය මුදල්ද චීනෙන්ම සැපයේ. මේ යෝජනා ඉදිරිපත් කෙරෙන්නේ ණය සහන හෝ ණය කපා හැරීම් හෝ ඉල්ලන රටවල් වෙනුවෙනි.
මෙ සේ ඉදිරිපත් කෙරෙන යෝජනා ක්‍රියාත්මක කරනවාට වඩා කියන එක ලේසියි යන සිද්ධාන්තයට අනුරූපි වන පරිදි වේ. මේ ණය ලෝක බැංකුව හෝ එමෙන් ධනවත් රටවල් විසින් හෝ දිළිඳු රටවල සංවර්ධනය උදෙසා දෙනු ලබන ණය ක්‍රමයට සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයේ ක්‍රමයක් අනුවය. ණය සඳහා ඉතා ඉහළ පොලියකි. එහෙත් කෙටි කාලීන කල්පිරෙන අන්දමටය. මේ කරුණද ඇතුළුව තවත් වාසි ලැබෙතැයි සේ පෙනෙන කරුණු ගණනාවක් නිසාම සංවර්ධනය සඳහා වෙර දරන රටවල් චීනෙන් ණය ගැනීමට උත්සුක වන්නා සේම චීන රාජ්‍ය බැංකු දිළිඳු රටවලට ණය දීමටද අභිරුචියක් දක්වයි.
වර්තමානයේ බොහෝ රටවල් ණය ගැනීම පුරුද්දක් කර ගෙන තිබේ. මේ නිසා දේශීය ආර්ථික වර්ධනයේ පසුගාමිත්වය එහි නිවුන් සොහොයුරා බවට වේ.
මේ සඳහා හොඳම උදාහරණය ජිබුටි රටය. ඒ රට චීනයට ඇති ණය ප්‍රමාණය රටේ වාර්ෂික ආදායමෙන් සියයට අසූවකි (80%) ඉතියෝපියාව චීනයට ඇති ණය ප්‍රමාණය තම රටේ වාර්ෂික ආදායමෙන් සියයට විස්සකි (20%). කිර්ගිස්තානය සියයට හතළිහකි (40%). මෙය හඳුන්වනු ලැබෙන්නේ චීනයේ උපාය මාර්ගික හෝ රාජ්‍ය දුත ණය උගුල වශයෙනි. කිසියම් රටකට දරා ගත නොහැකි අන්දමේ ණය මුදල් දෙමින් ඒ රටවල් ණය උගුලට අල්වා ගනු ලබන්නේ ඒ රටේ යටිතල පහසුකම් සංවර්ධනය කරන මුවාවෙන් චීනය තම ආධිපත්‍ය පතුරා ගැනීමටය.
චීනය අහිංසක මුහුණුවරකින් කර ගෙන යන මගඩිකාර මේ උප්පරවැට්ටිය නිසා හිරවී ඇති ණය උගුලෙන් ගැලවීමක් නැති බව අවබෝධ කර ගත් රටවල් ගණනාවකින් චීනයට එරෙහිව විරෝධතා එල්ලවී තිබේ.
චීනයෙන් ණය පහසුකම් සැපයෙන බෙල්ට් ඇන්ඞ් රෝඞ් ව්‍යාපෘතිය තමන්ට වාසියක් අත් නොවන එහෙත් බිල් පමණක් ගෙවිමට සිදුවන තවත් මර උගුලක් බවද ජාත්‍යන්තරය තේරුම් බේරුම් කර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායද චීනය විසින් අත්පත් කරගනු ලැබ ඇත්තේ ද මේ ණය උගුලේම මහිමයෙනි.
ණය අගුලට අසු කර ගනිමින් සංවර්ධනයට මුදල් යෙදවෙන රටේ දූෂණ සහ වංචා ඉහළ යෑමද රහසිගතව ක්‍රියාත්මක කෙරෙන තවත් බරපතළ කුමන්ත්‍රණයකි. මුදල්වලට කෑදර වන සමාජයේ කිසියම් නිලධාරි පිරිසක් සාක්කුවේ දමාගෙන ණය ගැති රටට අහිතකර එහෙත් චීනයට හිතකර අසාධාරණ කොන්දේසිවලටද මෙම නිලධාරින් යොදවා චිනය අනුමැතිය ලබාගනී. මේ ගැටයට බංගලාදේශය සහ මලයාසියාවද හිරවි ඇත.
චීනය සිය ණයගැතියන් තව දුරටත් පෙළන්නට තැත් කළහොත් සියලු ණය ගැති රටවල් සන්ධානගතව සිය ණය මුදල් ප්‍රමාණ සහ ඒවාට එකඟවූ කෙන්දේසි ආදියද අනාවරණය කිරීමට සූදානම් වේ. ඒ අනුව ඉදිරි සති කීපයේ දී චීනයට එරෙහි යුද්ධයකට තවත් පෙරමුණක් පෙළ ගැසෙනු ඇතැයි නිරීක්‍ෂකයෝ පෙන්වා දෙති.

පරිවර්තනය චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ලංකාව වටෙන්ම සුපිරි හෝටල්- ඉඩම් ගන්න ‘එඩ්වඩ්ස්ලාට’ බිලියන 7ක කළු සල්ලි ලැබුණේ කොහෙන්ද? EXCLUSIVE

Next Post

මෛත්‍රීපාල වගේ හොරෙක් මගෙ ජීවිතේට දැකලා නෑ: ඕනෑම ජරා වැඩක් කරන කෙනෙක්: ළගදීම කරපු හොරකම් එළියට දානවා

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.