• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ප්‍රශ්න ගොඩක් මැද නිහඬව ඇයි මේ…? කියන්න අපෙ හාමුදුරුවනේ…

June 23, 2020
in News, Politics
Reading Time: 6 mins read
A A
ප්‍රශ්න ගොඩක් මැද නිහඬව ඇයි මේ…? කියන්න අපෙ හාමුදුරුවනේ…
Share on WhatsAppShare on Facebook

යහපාලන ආණ්ඩුව ගෙදර යැවීමට පාර්ශ්ව කිහිපයක් දිවා – රෑ ඇපවී, කැපවී, පේවී දරදිය ඇද්ද අයුරු මේ රටේ මහ ජනතාවට අමුතුවෙන් කිවයුතු නොවේ. එම පාර්ශ්ව අතරින් විශාලම මෙහෙය ඉටු කළේ මහා සංඝරත්නයයි. උන්වහන්සේලා නැගූ හඬ පොළෝතලය ගුගුරුවා අතනිටා බ්‍රහ්ම ලෝකය දක්වාම පැතුරුණා සේය.
බුදුදහම විනාශ කරන බව උන්වහන්සේලා කියනවා. සිංහලයාගේ අයිතීන් නැති භංගස්ථාන කරන බව කියා, මහබැංකුව බින්ද චෞරයන් නිදැල්ලේ බව කියා, රට විදේශකයන්ට උකස් කරන බව කියා, දූෂණය, වංචාව ඉහළ නැඟ ඇති බව ප්‍රකාශ කළහ. පාතාල කල්ලි රට පාලනය කරන බව විස්තර කළාය. කුඩු ඔඩුදුවා ඇති බව පෙන්වා දුන්හ. ජාතික සම්පත්, මහජන දේපොළ කොල්ල කන බව කීහ. මිනීමැරුම් අධික වී ඇතැයි පැවසූහ. මහජනයාට කෑම, බීම නැතැයි කීහ. වනාන්තර කපා ජනපද ඉදිකරන බවට ගායනා කළහ.
ඒ සියල්ල මහජනයා ඉදිරියේ තැබූ මහා සංඝරත්නය විසින් ආණ්ඩුව ගෙදර යවනු ලැබුවේය.
උන්වහන්සේලා අපේක්‍ෂා කළ අරමුණ සාක්‍ෂාත් කරගත්හ.
දැන් නව ආණ්ඩුව පිහිටුවා මාස හයත්ද (6) ඉක්මවා ගොසිණි.
කවුරු මොන දේ කීවද ප්‍රශ්න විසඳුණේ නැත.
තවමත් කැලෑ කැපේ. මිනී මැරේ. දූෂණ, වංචා …. කොටින්ම කිවහොත් එදා කටයුතු අදත් සිදුවෙයි.
ආණ්ඩුවක් අලුතින් බිහි කරන්නට කැපවූ මහා සංඝරත්නය අද ඇල්මැරුණේය. නිහඬය. මුනිවත රකින්නේය. උපන් බිම හැර රට යන්නටද ඇරඹෙන්නේය. මේ පිළිබඳ මහජනයා නඟන කසුකුසු ගැන සොයා බලන්නට අදහස් කළ ‘මව්රට’ එදා දිනපතාම පාහේ මාධ්‍ය සාකච්ඡා පවත්වා ගිහියන් (මහජනතාව) ගැන මෙවැනි බණ වදාළ මහා සංඝයා වහන්සේලා සමඟ කතාබස් කළාය.
මේ උන්වහන්සේලාගේ අනුශාසනාවන්ය.

දැන්ම විරෝධය පළ කරන්න කරුණක් නෑ -ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි

අපි කිසිදා වැරැදි දේ හරි කියන්නේ නැහැ. ඒ වගේම කොයි දේටත් එහෙයි කියන ප්‍රතිපත්තියක් අපේ නැහැ. දැන්ම අපි විරෝධය පළ කරන්න හෝ ක්‍රියාශීලී වෙන්න කරුණක් අපට නැහැ. ආණ්ඩුව තවම එවැනි ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. අපි නිහඬ වෙලත් නැහැ. නිහඬ වෙන්නෙත් නැහැ.
අපි ටිකක් ඉවසීමෙන් කටයුතු කරන්න ඕනෑ. අපේ රටත් කොරෝනා නිසා ලෝකයේ අනෙක් රටවල් වාගේම ඇදවැටුණා. ආර්ථික වශයෙන් අපේ නිෂ්පාදනය වැටුණා. කවුරුහරි චෝදනා කරන්න පුළුවනි. පසුගිය ආණ්ඩුව කාලෙ ආරම්භ කළ දේවල් නැවැත්තුවා කියලා. ඇත්ත වශයෙන් නැවැත්තුවා නෙවෙයි. අපේ ආර්ථිකය වැටුණු වෙලාවේ මහාපරිමාණයේ ව්‍යාපෘති පටන්ගන්න අමාරුයි. බැලැන්ස් එකේ ගෙනියන්න ඕනෑ ඒකයි.
මේ ආණ්ඩුවේ ඉන්න හැම කෙනකු ගැනම අපේ විශ්වාසයක් නැහැ. පරණ අප්පුහාමිලා ගැන. ඒ ගොල්ලන්ගෙ අපේක්‍ෂාව ඒකමයි. හැබැයි මේ ආණ්ඩුවට කරන්න පුළුවන් දේවල් තිබුණා. ඒ වගේම තියෙනවා. ඒවා නොකරන දේ ගැන කනගාටුයි.
ගිය ආණ්ඩුවේ තිබුණු වැරැදි හින්ද තමයි අපි ඒ ආණ්ඩුව ගෙදර යැව්වේ. මේ අයටත් ඒ ටිකම කරනවා නම් ඒක ගැන අපි නිහඬ වෙන්නෙත් නැහැ. මේ ආණ්ඩුවෙ හොරු නැහැ කියන්නෙ නැහැ. ආණ්ඩුව කළ යුතුව තියෙන දේ කරන්නෙ නැහැ කියන්නෙ උදාහරණයක් තමයි මහබැංකු කොල්ලය. කෝ බලයට එන්න බැංකු කොල්ලයට සම්බන්ධ හොරු අල්ලනවා කීවා. දැන් සද්දයක් නැහැ. හොරු ගැනයි බොරුකාර නිලධාරීන් ගැනයි අපේ විශ්වාසයක් නැහැ.

අපි රටට කළා ඇති: මම රට යනවා -මාගල්කන්දේ සුදත්ත හිමි

කවුරු කීවත් අපි නිහඬයි කියලා අපි නිහඬ නැහැ. අපි වැඩ කරනවා. කොරෝනාව ඇවිල්ල නිසා ඒකට අපට කළ හැකි දේ සීමිතයි. ඒකට සෞඛ්‍ය අංශ වෛiවරුන් ඉන්නවා. වෛiවරුන්ගේ වැඩ අපට කරන්න බැහැ.
ඔබ වහන්සේ ලංකාව අතහැරල රට යනවා කියන කතාවක් අහන්න ලැබුණා?
ඇත්ත. අපි රටට කළා ඇති. දැන් අපි අපි යනතැනට මොනවා හරි කරගන්න ඕනෑනෙ. රට ගැන කලකිරීමකින් යනවා නෙවෙයි. අපේ ජනාධිපතිතුමාට රට කරන්න ඉඩ දෙන්න ඕනෑ. තාම ඇවිල්ල මාස හයයිනේ. වැඩක් කරන්නෙ කොහොමද කොරෝනා ආවනේ.
අපේ ජනාධිපතිතුමා රටේ ආරක්‍ෂාව තහවුරු කරල තියෙනවා. සංවේදීව කටයුතු කරනවා. සිංහල රටට කළයුතු වැඩ ගොඩක් කෙරෙන්න තියෙනවා. එතුමා ඒව කරයි.
දැන් එහෙන් මෙහෙන් මිනීමැරුම් එහෙමත් ආරංචි වෙනවා
හොඳයි පසුගිය යහපාලන ආණ්ඩුව කාලෙ කොච්චර මිනිස්සු මැරුණද කියන්න. ඒ කාලෙ රට පාලනය කළේ පාතාල කල්ලියනෙ. කුඩු විකුණුවේ බන්ධනාගාරය ඇතුළෙනෙ. තැනින් තැන එක්කෙනෙක් දෙන්නෙක් යම් යම් හේතු නිසා මරාගත්තට අර කාලෙ ගානට සංසන්දනය කරන්න හොඳ නැහැ.
අපි ජනාධිපතිතුමා ගැන සම්පූර්ණ විශ්වාසයක් තියෙනවා එතුමා රටට යමක් කරනවා අපේ විශ්වාසයයි.
මහජන මුදල් කෝටි අනූවක් (90,00,00,000) ගල්කිස්සේදි වතුරෙ ගියා නේද
පිළිතුර – කවුරු මොනව කළත් ඒව මහජන සල්ලි. ඒ මහජන මුදල් නාස්තියට අපි විරුද්ධයි. ජනාධිපතිතුමා ඒවාට විසඳුම් දෙයි. මම කීවනෙ අපි ජනාධිපතිතුමාගෙ වැඩපිළිවෙළ අනුමත කරනවා. වෙන කිසිම කෙනකු ගැන අපේ විශ්වාසයක් නැහැ.

මහජනතාව පෙළගැසෙන්න ඕනෑ -ඇල්ලේ ගුණවංශ හිමි

රටේ කිසියම් දෙයක් කෙරෙනවා නම් ඒ දිහා බලා තීන්දු ගතයුත්තෙ ඡන්දෙ දීපු අය. හැමදාම අපේ මහජනතාව කළේ ඡන්දෙ දීලා නිකම් බලාගෙන ඉන්න එකයි. අපේ පරම අයිතිය බදුදීලා බලාගෙන ඉන්නවා. ඡන්දෙ දීලා බලයට පත්කරලා එක්කෝ බැණ බැණ ඉන්නවා. එහෙම නැත්නම් අඬ අඬ ඉන්නවා. එහෙම නෙවෙයි මහජනතාව පෙළගැසෙන්න ඕනෑ. එතකොට ආණ්ඩුවට හිතූහැටියට නටන්න බැහැ.
අපේ රට අපේ සංස්කෘතිය සමඟ බැඳුණු එකක්. හැම දෙයක්ම අපට සම්පතක්. ජලයත් සම්පතක්, වල්අලිත් සම්පතක්. පරිසරයත් සම්පතක්.
පහුගිය ආණ්ඩුවෙ වැරැදි නිසා ඒ ආණ්ඩුව එපා කියලා ගෙදර යැව්වා. වැරැදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රට කොටස් නවයකට බෙදන්න හැදුවා. බුදුදහම කොන්කරන්න හැදුවා. සමලිංගිකත්වය නීතිගත කරන තත්ත්වයට ආවා. රටේ සම්පත් විදේශිකයන්ට විකුණන්න ලෑස්ති වුණා.
කිසියම් ඇමැතිවරයකු අක්කර සියයක් රජයෙන් බදු අරගෙන අඹ වගාවක් කරන්න හදනවා. ඒ කියන්නෙ අක්කර සියයක හොඳ ගස්ටික කපාගන්නයි හදන්නෙ?
පිළිතුර – අපි කිසියම් දේකට සීමා වෙන්න නරකයි. පත්තරයක් වුණාම එහෙම කොටුවෙන්නත් හොඳ නැහැ. මම කියන්නේ රටේ සෑම සම්පතක් ගැනම. සේරුවිල අපට රත්තරං හමුවෙලා තියෙනවා. අපි රකින්න ඕනෑ පොස්පේට් නිධිය, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වාගේ සෑම සම්පතක්ම ආරක්‍ෂා කළ යුතුයි. එක දේකට කොටුවෙන්න නරකයි.
මේවා රැක ගන්න මහජනතාව මැදිවිය යුතුයි. මම හැමදාම කියන්නේ ඒකයි.

අපි කොහෙත්ම නිහඬ නෑ -මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

අපි කොහෙත්ම නිහඬ නෑ. මේ වෙලාවෙ කොරෝනා වසංගතය ඇවිල්ලනෙ.ඒ නිසා ඒ කරදරෙන් බේරෙන්න වැඩ කරවනවා මිසක් වෙන දෙයක් කරන්න විදිහක් නෑනෙ. ආණ්ඩුව බලයට පත් වෙච්චි හැටියෙම වාගෙනෙ මේ වසංගතය ඇති වුණේ. මම මේ නුවර ඉඳන් එන ගමන් අතර මග ඉන්නෙ. පස්සෙ කතා කරන්න. තෙරුවන් සරණයි. ඉන් පසුව උන් වහන්සේ දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට කීපවතාවක් උත්සාහ කළද නොහැකි විය.

නිහඬයි -උඩුවේ ධම්මාලෝක හිමි

උඩුවේ ධම්මාලෝක හිමියන් ඇමතූ විට එම කාර්යාලයේ කෙනකු කතා කරන බව කී අතර අවශ්‍යතාව දැන්වුවහොත් මිස උන්වහන්සේ සමග සම්බන්ධ කළ නොහැකි බවද දුරකතනයේ ලෙඩක් ඇති බැවින් වරින්වර විසන්ධි විය හැකි බවද පැවසිණි. මේ ආණ්ඩුව බලයට පත් කිරීමට විශාල මෙහෙයක් කළ උන්වහන්සේ නිහඬව සිටින්නේ මන්දැයි සමාජ කතාබහක් කෙරෙන බැවින් ඒ ගැන විමසන්නට යැයි මව්රට කී විට පිළිතුරු වශයෙන් පසුව අමතන බව පැවසිණි. එහෙත් ඉන් පසු කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

ප්‍රතිචාරයක් නෑ – අතුරලියේ රතන හිමි

අතුරලියේ රතන හිමියන් දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට දින ගණනාවක් තිස්සේ උත්සදාහ දැරූවද පටිගත කළ හඬින් කියැවුණේ ප්‍රතිචාරයක් නැති බවය.

මම නිහඬ නෑ: නිහඬ කරවලා -ගලබොඩඅත්තේ ඥානසාර හිමි

ගලබොඩ අත්තේ ඥානසාර හිමියෝ මාව නිහඬ කරවලා මෙසේ කීහ.
මම නිහඬ නෑ. නිහඬ කරවලා. වචනයක් කතා කරන්න බෑ. බ්ලොක් කරලා. ෆේස් බුක් එක බ්ලොක් කරලා. ඒ විතරක් නෙමෙයි ජනාධිපති කොමිසමට යන්නත් වෙලා. ඒවාට විස්තර හොයා ගන්නත් වෙලා. හුස්ම ගන්නවත් වෙලාවක් නෑ. අනිත් අතට පත්තරවල දාන්නෙ මම කියන දේ නෙමෙයිනෙ. වෙනස් කරලනෙ.
නෑ අපේ හාමුදුරුවනේ අපේ පත්තරේ කාගෙවත් දෙයක් කොහත්ම වෙනස් කරන්නෙ නෑ. අකුරක්වත් වෙනස් කරන්නෙ නැතුවම පළ කරනවා. ඒ අපේ සම්ප්‍රදාය.
මොකක්ද පත්තරේ?
මම – ‘මව්රට’ පත්තරේ.
දුරකථනයෙන් බෑ. ඇවිල්ල හම්බවෙන්න.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ගහපු බොරුවලට සූකාට බුද්ධි අංශ ප්‍රධානී සලේට කෝටි 100ක් ගෙවන්න වෙයිද?

Next Post

ගෝඨා ගමේ මුදලාලිලාට ලෝකෙට යන්න පාර කපා දෙයි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.