• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා ගමේ මුදලාලිලාට ලෝකෙට යන්න පාර කපා දෙයි

June 23, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
ගෝඨා ගමේ මුදලාලිලාට ලෝකෙට යන්න පාර කපා දෙයි
Share on WhatsAppShare on Facebook

දීර්ඝ කාලයක සිට සිදු කළ අත්‍යාවශ්‍ය නොවන ආනයන, දේශීය ආර්ථිකය ගොඩනැගීමේ අරමුණ ඇතිව සීමා කර ඇති බැවින් ක්ෂේත්‍ර රැසක නිෂ්පාදන ඇරඹීමේ අවස්ථාව උදා වී ඇතැයි ද, “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු වූ ආකාරයට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයට ගමන් මග සකසා ඇති බවත්, දේශීය සහ අන්තර්ජාතික වෙළෙඳපොළ ජයගැනීම කර්මාන්තකරුවා හමුවේ ඇති වත්මන් අභියෝගය බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කර සිටියේය.

කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධක බළකාය සහ ක්ෂේත්‍ර රැසක කර්මාන්තකරුවන් සමග ඊයෙ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සදහන් කර තිබේ.

ජනතාවගේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම, නව කර්මාන්ත බිහි කිරීම හා රටට නව තාක්ෂණය හඳුන්වාදීම වැනි ව්‍යාපාරිකයන් විසින් කළයුතු බොහෝ දේ ඇත. රට තුළ නිෂ්පාදනය කරන සෑම භාණ්ඩයකම හා සපයන සෑම සේවාවකම ගුණාත්මකභාවය ඉහළ මට්ටමකින් පවත්වාගැනීමට සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගතවීමට උත්සාහය කළයුතු යැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

කර්මාන්තකරුවාගේ සහායට රාජ්‍ය යාන්ත්‍රණයේ සියලු ආයතන පෙළගස්වා තිබේ. තනි අංක පොලී අනුපාතයකට බැංකු ණය සම්පාදනය අරඹා ඇත. ඉදිරි මාස කිහිපය තුළ මෙරට නිෂ්පාදනය කෙරෙන කොස්ස, ඉදලේ සිට බෙහෙත් පෙත්ත දක්වා දේශීය නිෂ්පාදන වර්ධනය කරමින් ප්‍රතිඵල පෙන්වීම කර්මාන්තකරුවාගෙන් අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

ගොවියාට වගා කිරීමට උපදෙස් දී කෘෂි බෝග ‍ආනයනය රජයේ ප්‍රතිපත්තිය නොවේ. ඝෘජු ප්‍රතිපත්තියක සිට රජයේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බැවින් කර්මාන්තකරුවාට සේම ගොවියාට ද ඉල්ලුම හඳුනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා වී ඇතැයිද පැහැදිලි කර ඇත.

මෝටර් රථ නිෂ්පාදන එකලස් කිරීමේ කර්මාන්තකරුවන්, මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයන්ගේ සංගමය, ඇසුරුම් නිෂ්පාදකයින්ගේ සංගමය, විදුලි කේබල් කර්මාන්තකරුවන්, බෝට්ටු නිෂ්පාදකයන්ගේ සංගමය, ලෝහ කර්මාන්තකරුවන්, සම් නිෂ්පාදකයන්ගේ උපදේශක කමිටුව, රබර් ආශ්‍රිත නිෂ්පාදකයන්ගේ සංගමය, විදුලි හා විද්‍යුත් උපකරණ උපදේශක කමිටුව. දැව සහ දැව ආශ්‍රිත කරමාන්තකරුවන්ගේ සංගමය, ඒකාබද්ධ ඇගළුම් සංගම් සංසදය, ඇගළුම් කර්මාන්තකරුවන්, රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමය, ඖෂධ නිෂ්පාදන උපදේශක සභාව ඇතුළු ක්ෂේත්‍ර රැසක නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ජනාධිපති ලේකම් පි.බී. ජයසුන්දර සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරීහු ද ඊට සහභාගී වූහ.

SendShareShare
Previous Post

ප්‍රශ්න ගොඩක් මැද නිහඬව ඇයි මේ…? කියන්න අපෙ හාමුදුරුවනේ…

Next Post

කොටින්ට මහා අපල කාලයක්: දෙන්නෙක් එකට අහුවෙයි: එකෙක් මැරෙයි (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.