• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

නකල්ස් හිමේ බවුන් වැඩූ ඩෙන්මාර්ක් හිමියන්ට මොකද වුණේ? (අවසන් කොටස)

October 7, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
නකල්ස් හිමේ බවුන් වැඩූ ඩෙන්මාර්ක් හිමියන්ට මොකද වුණේ? (අවසන් කොටස)
Share on WhatsAppShare on Facebook

ඕනෑම දුෂ්කර ගමනක් ඉවර වුණාට පස්සේ ඉතිරි වෙන මතක හරිම සුන්දරයි. හරියට ජීවිතය වගෙයි. කොළඹ ඉඳන් කිලෝමීටර් සිය ගණනක් ඈත, දන්න හඳුනන කවුරුවත් නැති, හරියට තොරතුරක් නොදන්න නකල්ස් මහා වනයේ දවස් තුනක් තිස්සේ කරක් ගහලා අපේ අරමුණ ඉටු කර ගත්තට පස්සේ අපිට දැනුණෙත් පුදුමාකාර සතුටක්. නයනමෝලි හාමුදුරුවෝ එක්ක කතා කරද්දී, ඒ සතුට දෙගුණ තෙගුණ වෙනවා කිව්වොත් හරි. උන්වහන්සේ එක්ක කතාබහ තවත් දිගට ඇදගෙන යන්න හිත කිව්වත්, අපිට උන්වහන්සේ එක්ක වැඩි වේලා කල් ගත කරන්න බැහැ. උන්වහන්සේගේ ජීවිතයේ අරමුණ තවත් මොහොතකින් හෝ පමා කිරීමේ අයිතියක් කිසිසේත්ම අපට තිබුණේ නැහැ.
උන්වහන්සේට සමුදීලා ආපහු එන වෙලාව උදා වුණා. ඒත් ඊට කලින් අවුරුදු 13ක් නකල්ස් මහ වනයේ ගත කළ ජීවිතයෙදි උන්වහන්සේ මුහුණ දුන්නු බාධක ගැනත් කියන්න ඕනෑ. රහස් පරීක්ෂකවරු ඇතුළු ආරක්ෂක නිලධාරීන් කිහිප වතාවක්ම උන්වහන්සේලා සොයා ගෙන නකල්ස් කැලයට ඇවිත් තියෙනවා. ඒ වගේම උන්වහන්සේලා පිළිබඳ විස්තර හොයන්න රහස් පොලිස් නිලධාරීන් ඒ අවට කල් ගත කරලත් තියෙනවා. සමාජ මාධ්‍ය එක්ක තිබුණු ගනුදෙනුව නවත්වන්න ඒකත් ලොකු හේතුවක් වුණු බව තමයි නයනමෝලි හිමිපාණන් අපි එක්ක කිව්වේ. ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වීමත් එක්ක බොහෝ දෙනා උන්වහන්සේලා සොයා ගෙන ආ බවත්, එය තමන්ගේ අරමුණ කරා යන්න බාධාවක් වුණු බවත් උන්වහන්සේ සඳහන් කළා. සමාජ මාධ්‍ය එක්ක තිබුණු ගනුදෙනුව නවත්වන්න ඒකත් ලොකු හේතුවක් වෙලා තියෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මය විවිධාකාරයෙන් අවභාවිත කිරීම පිළිබඳ ඇතැම් ස්වාමීන්වහන්සේලාටම චෝදනා එල්ල වන යුගයක, යුරෝපයේ ඉඳන් ලංකාවට ඇවිත් ඒ ධර්මය ඒ ආකාරයෙන් පිළිපදිමින් ජීවිතයේ සැබෑ අවබෝධය සොයා යන මේ සුදු ස්වාමීන්වහන්සේලාට අපේ ගෞරවය පුද කළ යුතුමයි. මේ සටහන කියවන ඔබ සෑම දෙනා තුළත් ඒ ගෞරවය ඒ ආකාරයෙන්ම ඇති වන බව අපි දන්නවා. ඒ හින්දම උන්වහන්සේලා මුණගැහිලා එක්වරක් හරි කතා කරන්න තිබුණා නම් කියලත් ඔබට හිතෙන්න පුළුවන්. ඒත් මේ ගමන්ම ඔබෙන් ඉල්ලන්න එක ඉල්ලීමකුත් තියෙනවා. උන්වහන්සේලා මුණගැහිලා කතා කරන්න ආශාවක් ආවා නම් ඒ ආශාව ඉටු කර ගන්න යන්න එපා. මොකද ඒක උන්වහන්සේ අපෙන් කෙරුව ඉල්ලීමක්. උන්වහන්සේගේ කුටිය පිහිටලා තියෙන නිවැරැදිම තැන සහ උන්වහන්සේගේ වර්තමාන ඡායාරූප අපි මේ සමඟ ඉදිරිපත් නොකරන්නෙත් ඒ ඉල්ලීම හින්දයි.
අපේ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම ඉටු වුණු ගමනේ තුන්වැනි දවසේ අනෙක් හැමදේමත් හොඳින් සිද්ධ වුණා. එදා සොබාදහමත් අපිට ආශීර්වාද කළා. ඊට කලින් දවස පුරාම ඇදහැලුණු මහා වැස්ස වෙනුවට එදා නකල්ස් කැලේට හොඳට ඉර පායලා තිබුණා. නමක් නොදන්න නොයෙක් ජාතියේ මල් හැමතැනම පිපිලා තිබුණා. වියනක හැඩයට පිහිටලා තිබුණේ කුරු ගස්වල උඩ ඉතිරි වෙලා තිබුණු වැහි බිංදු ඉර එළියට දිලිසෙමින් පරිසරය තවත් ලස්සන කරලා තිබුණා. මේ හැමදේම විඳගෙන නයනමෝලි හිමියන්ට සමු දුන්න අපි ආපහු පල්ලම් බහින්න පටන් ගත්තා.
උන්වහන්සේ කිව්ව විදියට තවත් ටිකක් එහායින් තවත් සුදු ස්වාමීන් වහන්සේ නමක් වැඩ වාසය කරනවා. ඒත් අවේලාවේ ගිහින් උන්වහන්සේට කරදර කරන්න අපිට ඕනෑකමක් තිබුණේ නැහැ. ඒ හින්දා අපි ආපහු පල්ලම් බහින්න තීරණය කළා. ඒත් අපේ ගමන ඉවර කරලා ආපහු එන්නත් අපිට ඉඩක් තිබුණේ නැහැ. පළමුවැනි දවසේ බඹරැල්ලට ආව වෙලාවේ ඉඳන් අපිට කනින් කොනෙන් අහන්න ලැබුණු ඒත් හරියටම තහවුරු කර ගන්න බැරි වුණු තවත් ආරංචියක ඇත්ත නැත්ත හොයා ගෙන යන්න අපිට සිද්ධ වුණා. ඒ තමයි බඹරැල්ලේ වැඩ වාසය කළා යැයි කියන ඩෙන්මාර්ක් හාමුදුරුවන්ගේ විස්තරය.

සුදු හාමුදුරුවරු වැඩ ඉන්න ඉසව්ව ගැන බඹරැල්ලේ උදවිය අපිට එක එක විදියේ කතා කිව්ව හැටි මතකනේ. එහෙම කියන්න හේතු සාධක තිබුණා කියලත් මුලදිම කිව්වනේ. දැන් අපි කතා කරන ඩෙන්මාර්ක් සුදු හාමුදුරුවන්ගේ කතාවත් ඒකට එක හේතුවක්. හැබැයි මේ කියන්නේ පසුගියදා අභාවප්‍රාප්ත වුණු ඥානදීප ස්වාමීන් වහන්සේ ගැන නෙවෙයි. ඩෙන්මාර්කයේ ඉඳන් ලංකාවට ආව ඥානදීප හාමුදුරුවොත් වසර ගණනාවක් පුරා ජීවත් වුණේ මහා කැලයක් මැද තමයි. ඒ හින්දා උන්වහන්සේ ගැන පසුගිය දවස්වල බොහෝ මාධ්‍ය ඔස්සේ කතා කළා. හැබැයි උන්වහන්සේ ජීවත් වුණේ ලග්ගල කියන ප්‍රදේශයේ. අපි මේ කතා කරන බඹරැල්ලේ නෙවෙයි. ඒත් ඩෙන්මාර්කයේ ඉඳලා ලංකාවට ආව කවුරුත් නොදන්න තවත් හිමි නමක් මේ බඹරැල්ලේ ජීවත් වෙලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ සම්බන්ධ කතාවත් ගොඩක් වැදගත් එකක්.
බඹරැල්ලට ඇවිත් සුදුහාමුදුරුවෝ ගැන විස්තර හොයද්දී, ඒ අවට අය කිව්ව විස්තර අනුව අපිට ඇති වුණේ නකල්ස් කැලේ හැම තැනම සුදුහාමුදුරුවරු වැඩ ඉන්නවා වගේ හැඟීමක්. ඒකට හේතු වෙලා තිබුණෙත් මේ ඩෙන්මාර්ක් හාමුදුරුවන්ගේ සිද්ධියම තමයි. මොකද උන්වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ නයනමෝලි ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න පැත්තේ නෙවෙයි. ඒ හින්දා සුදුහාමුදුරුවරු කන්දේ හැම පැත්තෙන්ම පිණ්ඩපාතේ වඩිනවා කියන එක බඹරැල්ලේ මිනිසුන්ගේ ඔළුවේ ඇඳිලා තියෙන එක සාධාරණයි. අපි එක්ක කතාබහට එකතු වුණු නයනමෝලි හාමුදුරුවෝම තමයි මේ ඩෙන්මාර්ක් හාමුදුරුවෝ ගැනත් හරි විස්තර අපිට කිව්වේ.
බඹරැල්ල අවට නකල්ස් වනයේ මේ වෙද්දී විදේශීය ස්වාමීන් වහන්සේලා ඇතුළු ආරණ්‍යවාසී භික්ෂූන් කිහිප නමක්ම වැඩ වාසය කරනවා. අපේ ලංකාවේ ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරන “සඳුන් අරණ” නැමැති සුවපහසු භාවනා මධ්‍යස්ථානයකුත් මේ වෙද්දී බඹරැල්ලේ තියෙනවා. ඒත් මේ හැම ස්වාමීන් වහන්සේ නමකටම කලින් බඹරැල්ලෙන් නකල්ස් කැලයට වැඩම කරලා තියෙන්නේ අපි කතා කරන ඩෙන්මාර්ක් ස්වාමීන් වහන්සේයි. බඹරැල්ලට වැඩම කරලා තියෙන පළමුවැනි ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේ වෙන්නේ උන්වහන්සේයි. උන්වහන්සේ මේ කැලයට වැඩම කරලා තියෙන්නේ මීට අවුරුදු පහළොවකටත් කලින්. ඒ වගේම උන්වහන්සේ ගත කරලා තියෙන්නේ අපි කලින් කතා කරපු නයනමෝලි හිමිපාණන් ගත කරනවටත් වඩා එහා ගිය හුදෙකලා දිවියක්. ඩෙන්මාර්ක් ස්වාමීන් වහන්සේගේ කුටිය ඉදිවෙලා තියෙන්නෙත් නකල්ස් කඳු වැටියේ ඉතාම දුෂ්කර තැනක.
ධර්මානුකූල දිවියකට සම වැදිලා හිටියත් උන්වහන්සේ බොහොම දක්ෂ තාක්ෂණ ශිල්පියෙක් කියන එකත් අපට දැක ගන්න ලැබුණා. කුටිය සඳහා අවශ්‍ය පානීය ජලය ලබා ගත හැකි ආකාරයට උන්වහන්සේ සකස් කර ඇති ජල පද්ධතියෙන් වතුර මල් පවා සකස් කරලා තියෙනවා. අදටත් ඒවා දැක ගන්න පුළුවන්. ඊට අමතරව තමන් ජීවත්වන කුටියට විදුලිය පවා ලබා ගන්න උන්වහන්සේ කටයුතු කරලා තියෙනවා. ඒ උන්වහන්සේ විසින්ම සකස් කළ තාක්ෂණයක් ඔස්සේ.
කොහොම වුණත් දශක එකහමාරකට වඩා වැඩි කාලයක් නකල්ස් වනාන්තරයේ ජීවත් වුණු ඩෙන්මාර්ක් හාමුදුරුවන්ගේ කතාවේ අවසානය ඉතාම දුක්බරයි. ඒ කතාව මෙහෙමයි. ඒ අවට ජීවත් වුණු එක්තරා පුද්ගලයෙක් පසුගිය වසර කිහිපය පුරාම උන්වහසේට නොයෙක් හිරිහැර කරලා තියෙනවා. උන්වහන්සේ ජීවත් වුණු භූමිය ඒ පුද්ගලයාට ලබා ගැනීම අවශ්‍ය වීම නිසා එහෙම කළා කියලයි ආරංචි වෙන්නේ. කොහාම වුණත් පසුගිය වසරේදී සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් පසුව මේ හිරිහැර වැඩි වෙලා තියෙනවා. එක් ජාතියක් පිටින් යන විදියට ඩෙන්මාර්ක් ස්වාමීන් වහන්සේ බිය වද්දන්න ඒ පුද්ගලයා කටයුතු කළ බව තමයි මේ ගැන වැඩිදුර විස්තර හොයද්දී අපිට තේරුම් ගියේ. මේ කරදර ඉවසාගන්න බැරිම තැන, තමන්ගේ ජීවිතයේ විමුක්තිය සොයා ගෙන ආව සුන්දර නකල්ස් වනයට සමු දෙන්න උන්වහන්සේ තීරණය කරලා. පාස්කු ප්‍රහාරයෙන් මාස කිහිපයකට පස්සේ උන්වහන්සේ නැවත තමන්ගේ උපන් රට වන ඩෙන්මාර්කය බලා වැඩම කරලා තියෙනවා. වසර ගණනාවක් ජීවත් වූ කුටියේ ඉතිරි වුණු දේ පොලිසිය විසින් රැගෙන ගිය බව අවට ගම්වාසීන් පවසනවා. කොහොම වුණත් තමන්ගෙ උපන් රටට ගිය ස්වාමීන් වහන්සේ අවසානයේ සියදිවි හානි කර ගත් බව ආරංචි වෙලා තියෙනවා. හැම දේම අත්හැරලා ආව ස්වාමීන් වහන්සේ නමකට ආපසු තමන්ගේ රටට ගිහින් සියදිවි නසා ගන්න සිදු වන තරමටම අපේ රටේදී එල්ල වුණු පීඩනය කොයි තරම් බරපතළ වෙන්න ඇතිද? ඒකෙන් කියන්නේ හැමදේම අත්හැරලා ආව හිමිනමකටවත් අපේ රටේ මිනිස්සු නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියන එකද? ඒකට උත්තර අපි කියන්න යන්නේ නැහැ.
ඩෙන්මාර්ක් ස්වාමීන් වහන්සේගේ කතාවේ දුක්බර අවසානයත් එක්ක සති කිහිපයක් පුරා දිග හැරුණු සුදු හාමුදුරුවෝ හොයාගෙන නකල්ස් මහ වනයේ අපි සිදු කළ දුෂ්කර සංචාරයටත් මෙතැනින් නිමාව තබනවා. උන්වහන්සේලා ගත කරන ජීවිතය ගැන ඇති වුණු පැහැදීමෙන් එක මොහොතකට හරි හිත නිවා ගන්න. ඒත් උන්වහන්සේලා හොයා ගෙන යන්න හිතුණොත් ඒ හැඟීමට වැඩි දුර යන්න දෙන්න එපා. ඒ තමයි අපේ ඉල්ලීම.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

රේගුව අද සිට කොලේ අතහරී

Next Post

ලංකාවේ කොරෝනා වයිරස් සාන්ද්‍රණය දරුණු වෙලා: අලුත්ම හෙළිදරව්ව මෙන්න

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News
Exclusive

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

බස් රථ හිමිකරුවකු හා පිරිසක් කඩා වැදි ධාවනය වෙමින් තිබු බස් රථයක රියදුරේකු හා කොන්දොස්තරවරයකුට එළියට ඇද දමා මහ මග...

Read more
අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.