මෙවර ලංකාවේ පැතිරී යන කොරෝනා වයිරසයේ සාන්ද්‍රණය වෙනදාට වඩා ඉතා අධික වී ඇති බවත්, මේ හේතුව මත රෝගය ඉතා ඉක්මනින් වැළදීමේ විශාල අවදානමක් මතුව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අනාවරණය කරයි.
මාධ්‍ය හමුවේ විශේෂ අනාවරණයක් කරමින් ඒ මහතා මේ බව පැවසීය.
‘මම ඊයෙ දවස තුළ වෛද්‍ය පර්යේෂණ ආයතනයට කතා කළා. එතෙන්දි හෙළිදරව් වෙච්ච කාරණය තමයි මේ කාන්තාවගේ වගේම මේ දැන් අපි අලුතින් හොයාගන්න රෝගීන්ගෙ – දැන් 800 ගාණක් හොයාගෙන තියෙනවා, ඒ සියලු දෙනාගෙම – වෛරල් ලෝඩ් එක, එහෙම නැත්නම් ඇඟේ තිබෙන වෛරස් සාන්ද්‍රණය ඉතාම අධික මට්ටමක තියෙනවා. ඒ නිසා අපි සැක කරනවා මෙච්චර දවසක් ලංකාවෙ තිබිච්ච මේ වෛරසයේ යම් වෙනසක් සිද්ධ වෙලාද මෙච්චර විශාල වෛරස් ප්‍රමාණයක් ඇඟ ඇතුළෙ තියෙන්න කියලා.
එතකොට මේ හරහා එන අවදානම තමයි මේ හරහා එක් පුද්ගලයෙක්ගෙන් තව කිහිපදෙනෙක්ට රෝගය වැළඳෙන්න තියෙන ඉඩකඩ ගොඩක් ප්‍රමාණයකින් වැඩිවෙලා තියෙනවා. ඉතිං ඒක අපි හරියට කළමනාකරණය කරගන්න ඕනෙ” යනුවෙන් හෙතෙම සඳහන් කළේය.










