• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොළඹට සජිත්ගෙන් එන අලුත් තරුණ නායකත්වය චන්න

July 27, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
කොළඹට සජිත්ගෙන් එන අලුත් තරුණ නායකත්වය චන්න
Share on WhatsAppShare on Facebook

පසුගිය වසර ගණනාව මුළුල්ලේම දෙහිවල- ගල්කිස්ස යනු එක්සත් ජාතික පක්ෂයේ අණසක පැතිරවූ ආසනයකි. නමුත් දෙහිවල- ගල්කිස්ස ආසනය සඳහා තරුණ නායකත්වයක් නොමැති වීමය. එම ප්‍රදේශයේ එජාප පාක්ෂිකයන් බොහෝ දෙනකු තුළ වූ ප්‍රධාන ගැටලුවක් විය. වසර ගණනාවක් පුරා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දෙහිවල- ගල්කිස්සට තරග වැදි සාම්ප්‍රදායික නායකත්වය පාක්ෂිකයන්ට එපා වී තිබෙන ආකාරයක්ද පසුගිය කාලයේදී දැක ගත හැකි විය. එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව ජාතික සමඟි බලවේගය ලෙස නව ගමනක් යෑමට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ එජාපයේ හිටපු ප්‍රබලයන් රැසක් තීරණය කිරීමත් සමඟ දෙහිවල- ගල්කිස්ස ආසනය සඳහාද නව නායකත්වයක් පත් වී තිබීම කැපී පෙනෙන කරුණක් වී ඇත. ජාතික සමඟි බලවේගයේ දෙහිවල- ගල්කිස්ස ආසනයේ සංවිධායකවරයා වශයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ චන්න විකුම් මහතාය. මේ මෙවර මැතිවරණය සම්බන්ධයෙන් චන්න විකුම් මහතා දක්වන අදහස්ය.

හැමෝම දන්න විදියට චන්න විකුම් කියන්නේ ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයෙක්. නමුත් මෙවර ඔබ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ජාතික සමඟි බලවේගය යටතේයි. මොකක්ද ඒකට හේතුව?
පසුගිය ජනාධිපතිවරණය අවසන් වීමත් එක්ක මෙවර මැතිවරණය සඳහා නව නායකත්වයක් යටතේ ඉදිරිපත් විය යුතුයි කියන මතයේ තමයි අපි වගේම එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයොත් හිටියේ. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ නව සන්ධානයක් යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියත් හිමි වෙලා තිබුණු පසුබිමක ලකුණක් මුල් කර ගෙන කිහිප දෙනෙක් ඇති කරපු ප්‍රශ්නයක් හින්දා මේ විදියට වෙනම තරග කරන්න අපිට සිද්ධ වුණා. ඇත්තටම අපි වගේම එක්සත් ජාතික පාක්ෂිකයොත් මේ වෙනස ඉල්ලුවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රට හැදුව පක්ෂය. ඒ වගේ සාඩම්බර ඉතිහාසයක් තිබුණු පක්ෂය පසුගිය අවුරුදු 25 පුරාම එක තැන පල් වෙන බවක් තමයි තිබුණේ. ඒ තත්ත්වය වෙනස් කරන්න නම් තරුණ නායකත්වයක් අවශ්‍ය බව අපි හැමෝම විශ්වාස කළා. ඒ වෙනුවෙන් තමයි මේ තීරණය අරන් තියෙන්නේ.

නමුත් පසුගිය වසර පහ තුළදී ආණ්ඩුවේ ප්‍රධාන බලවේගය වෙලා තිබුණේ එක්සත් ජාතික පක්ෂය නේද?
2015දී ආණ්ඩු බලය ලබා ගන්න අපිට පුළුවන් වුණත් ජනතාව බලාපොරොත්තු වුණු වෙනස සිදු කරන්න අපිට බැරි වුණා. ඒ හින්දා එක්සත් ජාතික පාක්ෂිකයන් වගේම අපිට ඡන්දය ලබා දුන්නු මධ්‍යස්ථ මතධාරීනුත් දැඩි කලකිරීමකින් තමයි හිටියේ. ලබා ගත්ත ආණ්ඩුවෙන් වගකිව යුතු නායකත්වයක් හරහා ජනතාවට නියම වටිනාකම ලබා දෙන්න බැරි වුණා. ඒ නායකත්වයත් එක්ක මේ ගමන තවත් ඉස්සරහට යන්න බැරි හින්දා තමයි අපි මේ විදියට වෙන් වුණේ.

ඔබ නියෝජනය කරන්නේ දෙහිවල- ගල්කිස්ස ආසනය. පසුගිය කාලය මුළුල්ලේම එහි බලය හිමි වෙලා තිබුණේ එක්සත් ජාතික පක්ෂයට. ඒ ආසනයේ ජනතාවටත් එක්සත් ජාතික පක්ෂයෙන් නිසි සැලකිල්ල ලැබුණේ නැහැ කියලද ඔබ කියන්නේ?
ඇත්තටම ඔව්. පසුගිය කාලය පුරාම දෙහිවල ගල්කිස්ස ප්‍රදේශයේ එකම නායකත්වයක් තමයි තිබුණේ. පසුගිය වසර 40 පුරාම එකම පිරිසක් තමයි අපේ ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හෙබවූවේ. ඒ හින්දා ජනතාව දෙහිවල- ගල්කිස්සටත් අලුත් තරුණ නායකත්වයක් ඉල්ලමින් හිටියා.

දෙහිවල- ගල්කිස්ස ආසනයේ ජාතික සමඟි බලවේගය ආසන සංවිධායකවරයා විදියට තමයි ඔබ මෙවර මහ මැතිවරණයට තරග වදින්නේ. මේ තනතුර දරන්න ඔබට තියෙන සුදුසුකම මොකක්ද?
දෙහිවල- ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ලෙස ජනතාවට කරපු සේවය තමයි ඒ සඳහා ප්‍රධාන සුදුසුකම. මොකද දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව ගැන කතා කරද්දී බොහෝ දෙනෙක්ට මතක් වෙන්නේ වංචාව. බොරුව. ඒ වගේම රාජ්‍ය දේපොළ අයථා පරිහරණය. ඒ ක්‍රමය වෙනස් කරලා කිසිම චෝදනාවක් නැතිව පක්ෂ විපක්ෂ හැමදෙනාගේම ආදරය දිනා ගෙන ජනතාවට සේවය කරන්න මට පුළුවන් වුණා. ඒ වෙනුවෙන් ජනතාවගෙනුත් මට විශාල ප්‍රසාදයක් ලැබුණු හින්දා තමයි ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස මාව පත් කරන්න පක්ෂ නායකත්වය තීරණය කළේ.

ඔබ මේ වෙනතුරු දෙහිවල ගල්කිස්සට කරලා තියෙන සේවය ගැන කතා කළොත්?
මගේ මූලිකත්වයෙන් පිහිටුවලා තියෙන චන්න විකුම් පදනම හරහා ජනතාවට විශාල සේවයක් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ හරහා පාසල් අධ්‍යාපනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ඒ වගේම අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් හැකි උපරිමය කරලා තියෙනවා. ගැබිනි මාතාවන්, කුඩා දරුවන් ඇතුළු හැම දෙනාටම විශාල සේවයක් කරන්න මට හැකියාව ලැබිලා තියෙනවා.

දෙහිවල ගල්කිස්ස ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඉදිරියේදී ප්‍රමුඛතාව ලබා දෙන්නේ ඕනෑ මොන වගේ කටයුතුවලට කියලද ඔබ හිතන්නේ?
ඊයේ පෙරේදා තිබුණු වැස්සටත් දෙහිවල ගල්කිස්ස යට වුණු විදිය අපි දැක්කා. ඇත්තටම පසුගිය අවුරුදු 25ටම මේ ප්‍රදේශය නිසියාකාරව සංවර්ධනය වෙලා නැහැ. කොළඹ, කඩුවෙල වගේ ප්‍රදේශ වේගයෙන් සංවර්ධනය වුණාට ඒ සංවර්ධනය දෙහිවල ගල්කිස්සට ආවේ නැහැ. ඒ හින්දා දෙහිවල ගල්කිස්සටත් ඒ සංවර්ධනය ගේන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. ඉදිරි මැතිවරණයේදී අපි ලබා ගන්න රාජ්‍ය බලය තුළින් ඒ සංවර්ධනය ඉක්මනටම දෙහිවල ගල්කිස්සට ගෙන එන බවත් මම කියන්න කැමැතියි. ඒ වගේම මත්ද්‍රව්‍ය උවදුරට බිලි වෙලා ඉන්න තරුණ පරපුර ඉන් මුදවා ගන්නත්, කැළි කසළ ප්‍රශ්නයට නිසි විසඳුමක් ලබා දෙන්නත්, රැකියා නැති තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා ලබා දීමටත් ප්‍රමුඛතාවය දෙන්න මම බලාපොරොත්තු වෙනවා.

සජිත් ප්‍රේමදාස මහතා සමඟ එකතු වෙලා යන මේ අලුත් ගමනට සහයෝගය ලබා දෙන්න ජනතාව සූදානම් කියලද ඔබ හිතන්නේ?
අනිවාර්යයෙන්ම. දෙහිවල ගල්කිස්ස ආසනය හැමදාම එක්සත් ජාතික පක්ෂය දිනුවා. වර්තමාන නායකත්වය අවුරුදු 40ක් තිස්සේ පාක්ෂිකයන් හිර කරලා තියෙන්නේ. ඒ හින්දා දෙහිවල ගල්කිස්සේ ජනතාව වෙනසක් ඉල්ලමින් හිටියා. දැන් ඒ වෙනස සිද්ධ වෙලා තියෙනවා. ඒ හින්දා මෙවර මැතිවරණයෙන් සමඟි ජන බලවේගයට අති විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර දෙන්න දෙහිවල ගල්කිස්සේ ජනතාව සූදානමින් ඉන්න බව මට හොඳටම විශ්වාසයි.

අවසන් වශයෙන් ජනතාවට මොනවද කියන්න තියෙන්නේ?
අපි ජනතාව ඉල්ලුව වෙනස සිද්ධ කරලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටට වැඩිම වැඩක් කෙරුව පක්ෂය. නමුත් වර්තමාන නායකත්වය එජාපය බෝඞ් ලෑල්ලක් කියන තැනට පත් කරලා. ඒ හින්දා අගෝස්තු 05 වැනිදායින් පස්සේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ රට ගොඩනඟන අළුත් ගමනට එකතු වෙන්න කියලා මම ජනතාවට ආරාධනා කරනවා. ඒ වගේම දැන් අපි ඉන්නේ 21 වැනි සියවසේ පළමු කාර්තුවේ අවසන් අදියරේ. ඒ හින්දා වර්තමානයට ගැළපෙන විදියට ආගම්වාදයෙන්, ජාතිවාදයෙන් මිදිලා ලෝකය පිළිගන්න අලුත් නායකත්වයක් රටට ලබා දීමේ හැකියාව තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ අපේ කණ්ඩායමට විතරයි කියන එකත් මම මේ වෙලාවේ ජනතාවට මතක් කරනවා.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

බැසිල්ගෙන් රටටම උපදෙසක්: හදිසියකදී එහෙට මෙහෙට පනින කට්ටිය පාර්ලිමේන්තු එවන්න එපා

Next Post

‘අංගොඩ ලොක්කා’ සමග ‘පත්තර සොක්කෝ’ කරපු ඒකාබද්ධ මෙහෙයුම (CID SPECIAL)

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.