• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දළදා පෙරහැරේ අලි කුලප්පුවෙන් පස්සෙ වෙච්ච දේවල් මේ සැරෙත් වෙයිද? නොවෙයිද? I Sri Lanka Latest News

August 26, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1959 රාජා කුලප්පු වුණා, 1976 ඇතා වෙඩි තියලා මැරුවා, 1992 රන්සිළුගෙය ගිනිගත්තා, 1992 ඇත් ගොව්වට ගැහුවා, 1993 ඇතා කුලප්පු වුණා, 2012 මළබෙර ගැහුවා, 2014 බුරුම රාජා කුලප්පු වුණා, 2019 නාථ දේවාලයේ අලි ගැටුමක්, 2022 නැදුන්ගමුවේ රාජා මැරුණා…

ශ්‍රී ලංකාවේ පෙරහැර ඉතිහාසය ඉතා විශාල එකක්. දළදා පෙරහැර පටන් ගන්නේ ඉතා ඈත අතීතයේ. අතීතයේ සිට මේ දක්වාම පෙරහැර සම්බන්ධව විවිධ සිදුවීම් සිද්ධ වෙලා තියෙනවා. එහෙම සිදුවෙච්ච සිදුවීම් අතර සමහර ඒවා කිසිදා නොමැකෙන මතක සටහන් බවට පත්වෙලා ඉතිරි වෙලයි තියෙන්නේ. අද පෙරහැරත් එදා පෙරහැරත් අතර කොයි තරම් වෙනස්කම් තිබුණත් ඒ පෙරහැර දෙකේම යම් යම් සමානකම් තිබුණු බව තමයි අපි දන්නා හඳුනන අය කියන්නේ.(Sri Lanka Latest News)

ඒ වගේම අපි විශ්වාස කරනවා එක කාරණයක්. ලංකාවේ දළදා පෙරහැර කියන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකාවට අභ්‍යන්තරිකව විශාල බලපෑම් කරන දෙයක් කියලා. පෙරහැරෙන් ලැබෙන සමහර ඉඟි රටක් විදියට රටට බලපාන බව සමහර අයගේ මතය. ඒවා ඇත්ත වෙන්නත් පුළුවන්, එහෙම නොවෙන්නත් පුළුවන්. දළදා වහන්සේගේ භාරකාරත්වය මත රටේ පාලකයා කවුද කියන එක පවා තීරණය වෙනවා කියන නිසා අපි තීරණය කළා මේ රට ඇතුළේ තියෙන සමහර විශ්වාසවලට වැඩි තැනක් දෙමින් මේ විදියේ පැහැදිලි කිරීමක් කරන්න.

හැබැයි මතක තියාගන්න මේ විශ්වාසයන් බොහෝ විට මිථ්‍යාවන් විය හැකියි. මේ දේවල් එකිනෙකට සම්බන්ධ යැයි අපි විශ්වාස කළාට එහෙම නොවෙන්නත් පුළුවන්. හැබැයි මේ අතර යම් සබඳතාවක් තියෙනවා වෙන්නත් පුළුවන්. මේවායේ යම් ගුප්ත බවක් ඔබට දැනෙනවා නම් ඒ ගුප්ත බව කියවමින්ම ඔබ මේ ලිපිය කියවන්න.

ලංකාවේ පෙරහැර ඉතිහාසයේ විශාලතම කලබලය විදියට අපි සලකන්නේ 1959 අවුරුද්දේ සිද්ධ වෙච්ච අලි කුලප්පුව. ඒක විශාල අලි කුලප්පුවක්. රාජා කියන හස්තියා තමයි මේ විදියට කුලප්පු වෙන්නේ. රාජා කුලප්පු වුණු හේතුව විවිධ අය විවිධ විදියට කියනවා. සමහර අය කියනවා රාජාට ගිනි පුළිඟුවක් පෑගුණා කියලා. කොහොම නමුත් රාජා අතිශයට කලබලයට පත්වෙනවා. රාජා කලබල වෙලා දුවන්න පටන් අරගන්නවා.

මේ කාලෙ වෙද්දී අලුතෙන් විදුලිය දීලයි තිබුණේ දළදා මාලිගාව ආශ්‍රිත ප්‍රදේශයට. ඒ නිසා විදුලි බුබුළු දැල්වෙමින් තියෙනවා. රාජා දුවනකොට විදුලි බුබුළු හදිසියේම ක්‍රියා විරහිත වෙනවා. ලොකු දැනුමක් විදුලිය සම්බන්ධයෙන් නොතිබුණු නිසා ඒක නිවැරැදි කරගන්න බැරිවෙනවා. පළමුවෙන්න පුංචි දරුවෙක් රාජාට පෑගිලා මියයනවා. ඒත් එක්කම තවත් කාන්තාවක් රාජාට පෑගිලා මියයනවා. මේ එක්කම මියගිය පුද්ගලයන් සංඛ්‍යාව පළමු දවසේ අටකුත්, පසුව රෝහල්ගත වූවන්ගෙන් හත්දෙනකුත් ඇතුළුව 15 දෙනෙක් මියයනවා මේ පෙරහැරේ කලබලයත් එක්ක.

ඒ වගේම පෙරහැර අතරතුරේදී කිසිවෙක් බලාපොරොත්තු නොවිච්චි විදියට ඇතාව මරා දමන්නත් සිද්ධ වෙනවා. මේක ඉතා කනගාටුදායක සිදුවීමක් විදියටයි සඳහන් වෙන්නේ. පෙරහැරට ආලෝකය සැපයූ කොප්පරා පහන්වල අඟුරු තමයි යටිනුවර වීදියේදී රාජාට පෑගෙන්නේ. මේ මොහොතේ හැමූ සුළඟක් නිසා අඟුරු සීසීකඩ විසිරී ගිය බවත් සඳහන් වෙනවා. කොහොම නමුත් මේ සිද්ධියෙන් පස්සේ ඇතා මුළු නගරය පුරාම දිවගිය බව ඒ මොහොතේ සිටි ඇතැමුන් සඳහන් කරනවා. නැට්ටුවෝ බෙරකරුවෝ පවා පැන දුවනවා.

දළදා කරඬුව රැගත් ඇතාව මාලිගාව අසලදී පෙරහැරට එක්වෙන්නට නොදී දියවඩන නිලමේ විසින් මාලිගාවට කැඳවාගෙන ගිය බවත් සඳහන් වෙනවා. නුගවෙල නිලමේතුමා ඇතාව දළයකින් අල්ලා මෙල්ල කළ බවත් සමහර කතාවල සඳහන් වෙනවා. සමහර ඇතුන්ව අදාළ තැන්වල බැඳ තබන්න සිද්ධ වෙනවා. මේ මොහොතේදී එකම කලබලයක් බවට මුළු මහනුවර නගරයම පත්වුණු බව කියනවා. වෙන කළ හැකි දෙයක් නැති තැන පොලිසිය විසින් ඇතාට වෙඩි තියනවා. මහනුවර උසස් පොලිස් නිලධාරීන් විසින් සන්නද්ධ පොලිස් කණ්ඩායමක් යටිනුවර වීදියට කැඳවපු බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා.

මේ දුවගෙන යන ඇතා පසුපස පන්නාගෙන ආපු මහනුවර පොලිසියෙ උප පොලිස් පරීක්ෂක ආර්.කේ. කරුණාරත්න සහ පොලිස් සැරයන් එම්.ඩී. බණ්ඩාර කියන දෙදෙනා ඇතාට වෙඩි පිට වෙඩි තිබ්බ බවත්, ඉන් පසුව ඇතා ඇදවැටී මියගිය බවත් සඳහන් වෙනවා. මේ ප්‍රදේශය අලි මුඩුක්කුව විදියටත්, අලියා ගිය අලි වීදිය ලෙස අදටත් හඳුන්වන බවත් ජනප්‍රවාදවල සඳහන් වෙලා තියෙනවා.

කොහොම වුණත් මේකෙ තියෙන සම්බන්ධතාව තමයි 1959 සැප්තැම්බර් මාසේ බණ්ඩාරනායක මහත්තයා ඝාතනයට ලක්වීම. ඒ වගේම මේ සිදුවීමට සමගාමීව 1959 දෙසැම්බර් 04 වැනිදා 1956 පිහිටුවපු ආණ්ඩුව කඩාවැටීමත් එක්කම අලි කුලප්පුව සහ දේශපාලනය අතර යම් සබඳතාවක් තියෙන බව විශ්වාස කරන්න පටන් අරගන්නවා.

ආයෙත් මේ වගේම අලි කලබලයක් ගැන 1976 අගෝස්තු ඇසළ පෙරහැරේදී කියැවෙනවා. මේක නම් සමහර තැන්වල සඳහන් නොවුණත් පොලිස් වෙඩි පහරින් පත්තිනි දේවාලයේ වතුර මල අසලදී ඇතා මැරී වැටුණු බව සමහර තැන්වල සඳහන් වෙනවා. කොහොම නමුත් 1977 ජූලි 22 වැනිදා එජාප ආණ්ඩුව 6/5ක බලයක් සමග ආණ්ඩු බලය ලබාගන්නවා. එතකොට මේ ඇත් කලබලයත් ආණ්ඩු පෙරළියත් සමග සම්බන්ධයක් තියෙන බව ඇතැමුන් විශ්වාස කරනවා.

1992 අගෝස්තුවේ නෙරන්ජන් විජේරත්න දියවඩන නිලමේවරයාගේ සමයේදී මංගල කියන හස්තියා පෙරහැර කරඬුව අරගෙන ගිය අවස්ථාවේ විදුලි කාන්දුවක් හේතුවෙන් රන්සිවිගෙය ගිනිගැනීමකට ලක්වූ බව සඳහන් වෙනවා. ඒ වගේම 1992 වසරේදීම කරඬුව වඩම්මනකොට රත්නපුර සමන් දේවාලයේ ඇතා ඇත්ගොව්වාට පහරදීමත් සමග කලබැගෑනියක් සිදුවූ බවත් ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා.

මේ අවස්ථාවේ ඇතාව නිර්වින්දනය කරලා ඇතා පිට තිබුණු කරඬුව ජයරාජා කියන හස්තියාට ලබාදුන්නු බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉන් පස්සේ 1993 මැයි 01 වැනිදා එවක හිටපු ජනාධිපතිවරයා ඝාතනයට ලක්වෙනවා. 1993 මැයි 17 වැනිදා පළාත් සභා ඡන්ද විමසීම පවත්වද්දී බස්නාහිර, වයඹ සහ දකුණු පළාත් සභා බලය අවුරුදු 17ක දිගු කාලයකට පස්සේ එජාපයට අහිමි වෙනවා.

ඉන් පස්සේ බොහෝ දෙනෙක් අහන්න පටන්ගත්තා ඔහු ඇයි මෙහෙම දෙයක් කළේ කියලා. සමහරු කිව්වා ඔහු බීමතින් වියරු වෙලා හිටපු නිසා මේ වගේ දෙයක් කරන්න ඇති කියලා. ඒ වගේම තවත් බහුතරයක් දෙනා කියන්නේ ජේමිස් අප්පුහාමි අන්‍යාගමික පුද්ගලයන්ගෙන් මුදල් අරගෙන බොහෝ දෙනෙක් වැඳපුදාගන්න එන මේ ස්ථානය විනාශ කරන්න මේ අපරාධය සිදුකළා කියලා. තවත් සමහරු කියන්නේ මේ පුද්ගලයා මානසික විහරුවට පත්වුණු ව්‍යාකූල මනසක් ඇති අයකු නිසා මෙවැනි අපරාධයක් සිදුකරන්න යොමුවුණා කියලයි.

කෙසේ නමුත් මේ අවාසනාවන්ත සිදුවීමෙන් පස්සේ ජේමිස් කපා බිම හෙලූ ශ්‍රී මහා බෝධින්වහන්සේගේ ශාඛාව සුවිශේෂ උත්සවයක් පවත්වලා ආදාහනය කිරීම සිදුකළා. ඒත් සමගම එවක අටමස්ථානාධිපති හෙවත් අනුරාධපුර පූජා නගරයේ නායක හිමියන් ලෙස කටයුතු කළ ස්වාමින්වහන්සේ වහාම ක්‍රියාත්මක වන පරිදි බෝධින්වහන්සේ වටා යකඩ වැටක් සවිකරන්න තීරණය කරනවා. එදා පටන් තමයි බෝධින්වහන්සේ අසලටම ගිහින් වන්දනාමාන කරන්න තිබුණු අවස්ථාව අපට අහිමි වෙන්නේ. එදා නිර්මාණය කරපු යකඩ වැට වෙනුවට අද වෙද්දී රන් ආලේපිත වැටක් ඉදිකරලා තියෙනවා. ශ්‍රී මහා බෝධින්වහන්සේ වැඳපුදාගන්න යන ඒනෑම කෙනකුට එදා ජේමිස් අප්පුහාමි විසින් කපා විනාශ කළ ශාඛාවේ කොටසක් දැකබලාගන්න අවස්ථාව ලැබෙනවා.

එදා ජේමිස් අප්පුහාමි කියන මේ වියරු පුද්ගලයා සිදුකළ අපරාධයෙන් පස්සේ වෙනදටත් වැඩියෙන් දෙස් විදෙස් සංචාරකයන් විසින් මේ ස්ථානය වැඳපුදාගන්න ආවා. ඒ ආවේ නිකන්ම නෙවෙයි. මේ ස්ථානයේ තියෙන සුවිශේෂ බලගතු ආධ්‍යාත්මික ආකර්ෂණය නිසා කියලයි බොහෝ දෙනෙක් කියන්නේ. බොහෝ දෙනෙක්ගේ මතයට අනුව ශ්‍රී මහා බෝධින්වහන්සේ අවට මවු කුසක පිළිසරණ පතාගෙන සැරිසරන ආත්ම බොහොමයක් ඉන්නවා.

ඒ නිසාම දරු ඵල අහිමි බොහෝ මවුවරුන් ශ්‍රී මහා බෝධින්වහන්සේ වැඳපුදාගන්න විශේෂ පූජාවක් සිදුකරමින් ඉතා ඉක්මනින් බලාපොරොත්තු වෙනවා. ඒ ආකාරයෙන් දරු සම්පත් අහිමි වුණු මවුවරුන් රැසකට සෙත් ශාන්තිය සලසන ස්ථානයක් විදියටත් ජයශ්‍රී මහා බෝධිය ප්‍රචලිත වෙලා තියෙනවා. අදටත් අපට ශ්‍රී මහා බෝධින්වහන්සේගේ මළුව අවට මහා රාත්‍රියේදී පවා භාවනානුයෝගීව සිටින විවිධ පුද්ගලයන් දැකගන්න අවස්ථාව ලැබෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ අනුරාධපුරයේ ජීවත් වෙන ගොවීන් විශ්වාස කරන එක්තරා සාම්ප්‍රදායික උත්සවයක් තියෙනවා. ඒ තමයි අලුත් සහල් මංගල්‍යය. තමන්ගේ ගොවිතැන ආරක්ෂා කරලා අස්වැන්න වැඩිකරලා දෙන්න කියලා ඔවුන් ශ්‍රී මහා බෝධින්වහන්සේ වන්දනාමාන කරනවා. ඉන් අනතුරුව ඔවුන්ගේ පළමු අස්වැන්නේ කොටසක් බෝධින්වහන්සේට පූජා කරන්නත් ඔවුන් කටයුතු කරනවා. මේක තමයි අලුත් සහල් මංගල්‍යය කියන්නේ.

ප්‍රායෝගික තත්ත්වයට ගියොත් බොහෝ සෙවණ තියෙන මෙවැනි වෘක්ෂයක් කියන්නේ මිනිසුන්ගේ ආධ්‍යාත්මික සුවය සලසන්න පුළුවන් ඉතා වටිනා ස්ථානයක්. ඉතිහාසියේ සඳහන් වෙන විදියට බෝධිසත්වයන් බුද්ධත්වය ලබාගැනීමේදී සෙවන ලබාගන්න මේ වෘක්ෂය අසලට ආවෙත් මේ ආකාරයේ වෘක්ෂයක තියෙන සෙවණ නිසාමයි. ඒ ප්‍රායෝගික සහ ආධ්‍යාත්මික තත්ත්වයන් තේරුම් අරගෙන බුදුදහමේ හරය තේරුම් අරගෙන බුදුන් වහන්සේ දේශනා කළේ ආගමක්ද, දහමක්ද කියන කරුණත් තේරුම් අරගෙන බෝධින්වහන්සේ වන්දනා කිරීම වගේම අනෙක් සියලු වන්දනාමාන කාර්යයන් අපි හැමෝම සිද්ධ කළ යුතුමයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සරත් වීරසේකර පාර්ලිමේන්තුවේ කියපු කතාවට උතුරු නැගෙනහිර නීතීඥවරුන් බෝඩ් උස්සන් පාරට බසී! VIDEO I Sri Lanka Latest News

Next Post

28 ආණ්ඩුව ලොකු විනාශයක් කරන්නයි යන්නේ! ලක්ෂ 23ක සේවකයන් වෙනුවෙන් කොළඹ කරන මහා විරෝධයට පෙරටුගාමීනුත් එක්වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.