• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

නුවර ඉඳලා කොළඹ ඇවිත් #GoHomeGota හදලා පොලිසියෙන් අරන් ගිය කව්ද මේ තිසර?

April 12, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
නුවර ඉඳලා කොළඹ ඇවිත් #GoHomeGota හදලා පොලිසියෙන් අරන් ගිය කව්ද මේ තිසර?
Share on WhatsAppShare on Facebook

අද වෙනකොට අපට රට වටෙන්ම අහන්න දකින්න ලැබෙන්නේ මේ වන විට උද්ගත වෙලා තිබෙන ආර්ථික අර්බුදයට එරෙහිව උද්ඝෝෂණ, විරෝධතාවලට එක්වෙලා ඉන්න දහස් ගණන් මිනිසුන්ගේ සටන්පාඨ. ඒ උද්ඝෝෂණ උග්‍ර අතට පත්වුණාම ගැටුම්කාරී තත්ත්වයන් දක්වා දුරදිග යන අවස්ථාත් පසුගිය දිනවල දැකගන්නට ලැබුණා. ජනතාවගේ විරෝධයන් උග්‍ර වෙද්දී ඔවුන්ව පාලනය කරන්න පොලිසිය සහ ආරක්ෂක අංශ දරන්නේ දැඩි උත්සාහයක්. එවැනි අවස්ථාවල දෙපාර්ශ්වයටම තුවාල සහ අනතුරු සිදුවන අවස්ථාත්, පොදු දේපළවලට හානි සිදුවන අවස්ථාත් වාර්තා වුණා.

මෙවැනි උද්ඝෝෂණ විරෝධතා ගමක් නගරයක් පාසා පැතිරෙද්දී වත්මන් ආර්ථික අර්බුදය ගැන ජනතාව දැනුවත් කරමින්, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හඬක් නගන්නට ඔවුන් පෙළගැස්වූ තරුණයකු ගැනත් පසුගිය දිනවල දැඩි කතාබහක් ඇතිවුණා. තිසර අනුරුද්ධ බණ්ඩාර නමැති මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා පසුගිය පළමුවැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගැනුණේ ඔහුගේ නිවෙසේදීයි. සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයාට එරෙහිව ඨධ ්‍යධඵෑ ඨධඕ නමින් සමූහයක් නිර්මාණය කරමින් එහි ඇඩ්මින් ලෙස කටයුතු කළ බවට වන චෝදනාවක් සම්බන්ධයෙනුයි මේ තරුණයාව අත්අඩංගුවට ගෙන තිබුණේ.

පසුගිය පළමුවැනිදා රෑ මෝදර පොලිසියෙන් කියලා ගෙදරට ඇවිත් තිසරව එක්කන් යනවා. තිසරගෙ තාත්තා පසුදා උදෙන්ම මෝදර පොලිසියට යනවා. එහෙන් කියනවා තිසරව ගෙනාවේ නැහැ කියලා. තිසරගෙ යාළුවො එකතු වෙනවා. සී.අයි.ඩී.යට යනවා. එතැනිනුත් තිසර ගැන තොරතුරක් නොලැබුණු තැන මුළු රටම ඔහු ගැන කතා කරන්නට පටන් ගන්නවා. තිසරගෙ අතුරුදන් වීමත් එක්ක සියලු ජනතාව ඒකරාශි වෙලා තිසරව හොයන්න කටයුතු කරනවා. මානව හිමිකම් කොමිසමට මේ සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කෙරෙනවා. ඒ සියලු කටුතුවල ප්‍රතිඵලය විදියට අවසානයේ තිසර නිරුපද්‍රිතව සිටින බවට ආරංචියක් ලැබෙනවා.

ඒ සිදුවීම කෙටියෙන් සඳහන් කරන්න වෙන්නේ ඒ විදියට.

තිසර අනුරුද්ධව අත්අඩංගුවට ගැනුණේ ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවෙසේදියි. ඔහු, මව පියා සහ සොහොයුරිය සමග නිදා සිටින අවස්ථාවේ රාත්‍රී 12ට පමණ මෝදර පොලිසියේ ප්‍රියන්ත නමැති නිලධාරියකු සහ තවත් පිරිසක් පැමිණ තිසරව රැගෙන ගිය බව ඔහුගේ පියා පවසා සිටියා.

තිසර අනුරුද්ධ බණ්ඩාර අධ්‍යාපනය ලැබුවේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙන්. කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියකුද වන තිසර මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන ලේකම් සරත් ප්‍රේමවංශ මහතාගේ පුත්‍රයාද වනවා.

තිසර අත්අඩංගුවට ගෙන තිබුණේ මහජනතාව තුළ කැලඹිලි තත්ත්වයක් ඇතිකරන ආකාරයේ පුවත් පළකිරීමේ චෝදනාවෙන් බවත්, ඒ, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය යටතේ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම වාර්තා වීමත් සමග තිසරව බේරාගැනීම සඳහා නීති ආධාර ලබාදීමට නීතිඥවරුන් සිය ගණනක් නොමිලේම ඉදිරිපත් වීම විශේෂ සිදුවීමක් වුණා. තිසර අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුට විරුද්ධව සාක්ෂි රැස් කිරීමට පොලිසිය කටයුතු කළ බවට චෝදනාවක් එල්ල වුණා. ඒ චෝදනාව කළේ නීතිඥ සුනිල් වටගල මහතා.

‘අත්අඩංගුවට ගත්තාට පසුව තමයි සාක්ෂි සොයන්නේ. විනිශ්චයකාරතුමා පැහැදිලිව ඇහුවා ඇයි අත්අඩංගුවට ගැනීමට පෙර පැමිණිලි ගැන සොයා බැලුවේ නැත්තේ කියලා. අත්අඩංගුවට ගත්තේ දෙවැනිදා. පැමිණිල්ල කැඳවා තිබෙන්නේ තුන්වැනිදා. එතකොට පැහැදිලියි මෙය දේශපාලන අරමුණකින් ක්‍රියාත්මක වූවක් බව’ සුනිල් වටගල නීතිඥවරයා වැඩිදුරටත් පවසා සිටියා.

අප්‍රේල් 03 වැනිදා රට පුරාම ඇඳිරිනීතිය පැනවීමත් සමග සමාජ මාධ්‍ය ජාලද තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගත්තා. තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පවසා තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව එම ක්‍රියාමාර්ගය ගත් බවයි. මේ සියලු දේ සිදුවුණේ රට වෙනුවෙන් හඬ නැගූ තරුණයකු නිසයි.

තිසරගේ සිදුවීම සම්බන්ධයෙන් නීතිඥවරු මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පෙන්වා දුන්නේ ඨධ ්‍යධඵෑ ඨධඕ නමින් සමාජ මාධ්‍ය සමූහයක් නිර්මාණය කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 12 වැනි වගන්තිය යටතට වැටෙන්නේ නැති බවයි. විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි වගන්තියෙන් ලබාදී ඇති භාෂණයේ නිදහස අනුව ඕනෑම අයකුට පවතින රජය සාධාරණ විවේචනයකට අවසර ඇති බවත් අධිකරණයේදී ප්‍රකාශ වුණා.

කොළඹ උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනුණු තිසර අනුරුද්ධ, රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට ඒ අනුව අලුත්කඩේ අංක 06 මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
තිසර, පසුගිය දෙසැම්බර් 19 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි උත්සවයේදී තම උපාධි සහතිකය ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබුණා. ඒ, දේශපාලන පත්වීමක් ලෙස උපකුලපති ධුරයට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත්කිරීමට විරෝධය පළකරමින්.

කෙසේ වෙතත් තිසර අනුරුද්ධ ඇප ලබා නිදහස් වූ පසු තමා වෙනුවෙන් කැපවූ සියලු දෙනාට ස්තුතිය පුදකරමින් ෆේස්බුක් සටහනක් තබා තිබුණේ මෙලෙසින්.

‘කිසිදු පුද්ගලික ලාභයක් හෝ සම්බන්ධයක් නොමැතිව මා වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙස වූ සිය ගණනක් වූ නීතිඥවරුන්ට වරියන්ට, සියල්ල ශක්තිමත්ව දරාගත් පවුලේ අයට, සහාය වූ ජනමාධ්‍යවේදීන්ට, පාසල් සහ විශ්වවිද්‍යාල ප්‍රජාවට, මිතුරු මිතුරියන්ට, අසල්වැසියන්ට, සමාජ මාධ්‍ය සහ දේශපාලන ක්‍රියාකාරීන්ට මෙන්ම යහපත් රටක් පිළිබඳ විශ්වාසයෙන් නන් අයුරින් සහාය වූ ලක්ෂ ගණනක් වූ ශ්‍රී ලාංකිකයන්ට ගෞරවනීය ආචාරය…

ඔබ නොසිටියා නම් මගේ කතාව තරමක් වෙනස් එකක් වන්නට ඉඩ තිබුණු බව මම විශ්වාස කරමි…

විශාල පීඩනයකට මැදිව සිටින සාමාන්‍ය පවුලක සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස සැඟවීමට පැනයාමට හෝ විදේශගතව රැකවරණය ලැබීමට අවස්ථා ඕනෑ තරම් තිබුණද මා එසේ කරන්නේ නැත. අපට ශ්‍රී ලංකාව යළි ගොඩනැඟිය හැක…’

තිසර අනුරුද්ධ බණ්ඩාර වැනි සමාජ ක්‍රියාකාරිකයන් නිහඬ නොවී රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් නොබියව ක්‍රියාත්මක විය යුතු කාලයකි මේ. උග්‍ර ආර්ථික අර්බුදයකට රට මුහුණපා සිටින මෙවැනි අවස්ථාවක ජනතාව අවදි කරමින් ඔවුන් නිවැරැදි දිශාවට පෙළගස්වන්නට මෙවැනි තරුණයන් රටට අවශ්‍යම මොහොතකි මේ.

තිසරගේ සිදුවීමත් සමග එදා රටේ නිදහස වෙනුවෙන් සටන් කළ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් මතකයට නැඟෙනවා. උන්වහන්සේ දූ දරුවන්ට කියා දුන්නේ අසාධාරණය දුටු තැන නිවටයෙක් නොවී නැඟී සිටිනා ලෙස අවවාද කරමින්. මහින්ද හිමියන් එදා ලියූ මේ පද වැල් එදාට වඩා අදට ගැළපෙන බව නම් නොලියාම බැහැ.

කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
ඉස් මොළ තිබෙද්දිත් මේ ගැන නොසිතන්නේ
ඇස් ගෙඩිවලට හෙන ගහලද සිහලුන්නේ

අනුරුද්ධ ඔබ ගැන අපට හදවතින්ම ආඩම්බරයි. දුක් විඳින ජනතාවගේ අයිතීන් වෙනුවෙන් හඬ නගන්නට නොබියව ඉදිරිපත් වූ ඔබේ අනාගතයට අපි සුබ ප්‍රාර්ථනා කරමු….

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

කසාද බැඳලා හනිමූන් යන්නත් කලින් ගෝල්ෆේස් ජන අරගලයට ගිය අලුත්ම ‌‌ජෝඩුව! (PHOTOS)

Next Post

කොල්ලො කෙල්ලො සටන අතාරින්න සූදානම් නෑ වගේ! හතරවැනි දිනටත් අරගලය පටන් ගනී! ‌(VIDEO)

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.