• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වන්නියේ ඉපදිලා, යුරෝපය හොල්ලලා, දැන යාපනය අල්ලන්න හදන කෝටිපතියා කවුද මේ බාස්කරන් කන්දයියා…

November 29, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
වන්නියේ ඉපදිලා, යුරෝපය හොල්ලලා, දැන යාපනය අල්ලන්න හදන කෝටිපතියා කවුද මේ බාස්කරන් කන්දයියා…
Share on WhatsAppShare on Facebook

මෙවර මගේ ගමනාන්තය උතුරු පෙනිසියුලාවෙන් දකුණට වන්නට නුවර යාපනය A9 මාර්ගය අතරවාරයේ පිහිටි කිලිනොච්චි දිස්ත්‍රික්කය කරාය. යාපනය අර්ධද්වීපයේ සංචාරය කරන බොහෝ දෙනාගේ තවත් එක් සංධිස්ථානයක් වන කිලිනොච්චිය වාර්ගික අර්බුදයෙන් බොහෝ සේ බැට කෑ ප්‍රදේශයක් වූ අතර සංවර්ධනයේ නව මංපෙත් විවර වෙමින් නැවත දියුණුව කරා ගමන්කරන උතුරු පළාතේ වූ තවත් එක් දිස්ත්‍රික්කයකි.

සංචාරක ආකර්ෂණය උදෙසා පැරණි කෝවිල් ලෙස ප්‍රධාන මාර්ගයට නුදුරෙන් දිස්වෙන කිලිනොච්චි කන්දසාමි කෝවිල, A9 මාර්ගයේ ගමන් කරන ඕනෑම අයෙක් තම රථය නවතා ආශීර්වාද ලබාගන්නා මුරුකන්ඩි පිල්ලයාර් කෝවිල තවත් එක් සංධිස්ථානයක් වන අතර වරු ගණනාවක් යාපනය දෙසට ගමන් කරන බොහෝ බස් රථවල, වන්දනා නඩවල උදවියට රට කජු මල්ලක්, කොට්ට කිලිඟු, තැම්බූ තල් අල මෙන්ම වීර, පලු, දං ආදී පලතුරු මිලදීගත හැකි අපූරු ස්ථානයකි. තවද පුනරින් බළකොටුව, අක්කරායන් අවට ස්වභාව සෞන්දර්යය, කිලිනොච්චි සරසවිය හා සරසවි විහාරය, ඉරණමඩු ජලාශය, යුද සමයේ විවිධ සිහිකිරීම් උදෙසා ඉදිකළ සමරු හා හින්දු සංස්කෘතියේ ආහාරවල රස විඳගැනීමට ‘අම්මාච්චි’ හෙවත් උතුරේ හෙළ බොජුන් සංකල්පය හා හෝටල් බොහොමයක් වේ.

ඔය අතරින් ඉරණමඩු වැව පිහිටා ඇත්තේ කිලිනොච්චිය නගරයේ සිට කිලෝමීටර 8ක් දුරිනි. එය ශ්‍රී ලංකාවේ මිනිසා විසින් සාදන ලද විශාලතම ජලාශවලින් එකක් වන අතර වර්ග සැතපුම් 227ක ජල පෝෂක ප්‍රදේශයක් සහිත ජලාශයේ ජල ධාරිතාව දිස්ත්‍රික්කයේ වෙසෙන බොහෝ දෙනාගේ කෘෂිකර්මාන්තය කෙරෙහි ඉමහත් බලපෑමක් ඇති කරන තවත් එක් ආශීර්වාදයකි.

‘සහල් බෝලය’ නම් දරන මන්නාරමට නොදෙවැනි කෘෂිකාර්මික වපසරියක් හිමිකරගත් කිලිනොච්චියේ බොහෝ දෙනා ගොවිතැන තම ව්‍යවසාය කරගත්තෝය. වියළි කලාපීය භූවිෂමතා සහිත භූමියක් වුවත් අහස් දියෙන් හා ජලාශවල ජලයෙන් පෝෂණය වන ගොවිබිම් නිසාවෙන් මඟ දෙපස නෙත ගැටෙන එකම දසුන නම් තල් රුප්පාවන් අතරේ වූ ගව් ගානකට එහා විසුරුණු කුඹුරු යායවල්ය. මේ ඉසව්වන් පුරා බණ්ඩක්කා, මෑ, කැකිරි, අල වර්ග, කෙසෙල් හා පලා සහිත සුළු බෝග ඉන්දවූ ඉඩම්වල ඵලදාව එදිනෙදා පරිභෝජනය සඳහා මෙන්ම වෙළෙඳපොළ ඉලක්ක කර වගා කළ ඉඩම්ද බොහෝය.

යාල් ආගන්තුකයාගේ විචාරයට අනුව දකුණු රටේ බොහෝ සෙයින්ම ප්‍රචලිත කාබනික වගාව උතුරුකරයේ දැකීම වඩාත් දුර්ලභය. මන්ද වියළි කලාපීය ගොවිතැන් සම්ප්‍රදාය තෙත් කලාපීය ගොවිතැන හා සසඳන කල සුළු වශයෙන් හෝ වෙනස්කම් පැවැතීමය.

එසේ කාබනික වගාව උතුරේද ප්‍රචලිත කිරීමේ පියවරක් ලෙස ‘රීචා කාබනික ගොවිපළ’ කිලිනොච්චියේ ආරම්භ වන්නේ කෘෂිකාර්මන්තයේ තවත් එක් පියවරක් ඉදිරියට තබමින්ය. මේ සඳහා පුරෝගාමී දායකත්වයක් එක්කරන්නේ ජාතික මෙන්ම අන්තර්ජාතික වශයෙන් නම් දැරූ බොහෝ සමාගම් හා ව්‍යාපාරවල හිමිකාරීත්වයන්හි ශ්‍රී ලාංකීය නියෝජනය සලකන කල්හි යාපනයෙන් බිහිවූ තවත් එක් දැවැන්ත චරිතයක් වූ බාස්කරන් කන්දයියා මහතාය. ඔහු නමින් යුරෝපීය ටෙලිකොම් සමාගමක් වන Lebara Group නම් එක්සත් රාජධානිය, ප්‍රංශය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ජර්මනිය, සෞදි අරාබිය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය සහ ඔස්ටේ්‍රලියාව යන රටවල්හි සේවා සපයන විදුලි සංදේශ සමාගමක සම නිර්මාතෘ සහ අධ්‍යක්ෂවරයා වන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකි.

තවද ඔහු ලන්ඩනයේ පිහිටි ජනප්‍රිය දෙමළ රූපවාහිනී නාලිකාවක් වන IBC ටැමිල් හෝල්ඩින් සමාගමට අනුබද්ධ ලන්ඩන් ටැමිල් මීඩියාහි සභාපතිවරයාද වේ. දැනට යාපනේද ඔවුන්ගේම රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකාවක් පිහිටුවා ඇති අතර ලංකාවේ දමිළ සහෘදයන් අතර එය බොහෝ සෙයින් ප්‍රචලිතය. ඔහු නෙදර්ලන්තයේ ලියාපදිංචි වූ ඩික් හෝල්ඩිංග්ස් බී.වී.හි මෙන්ම මෑතකදී ටැමිල්වින්, ලංකා ශ්‍රී, සිනෙ උලගම්, මනිතම් යන වෙබ් අඩවි මිලදීගත් අතර දෙමළ මාධ්‍ය අධිරාජ්‍යයේ සාධාරණ කොටසකට හිමිකම් කියයි.

නිහතමානී දමිළ පවුල් පසුබිමක උපත ලැබූ ඔහු සිය ළමා කාලය ගත කළේ වන්නියේය. ලංකාවෙන් නෙදර්ලන්තයට ගොස් වසර කිහිපයකින් ඔහු සාර්ථක ව්‍යවසායකයකු ලෙස ස්ථාපිත වූයේ ඔහුගේ විශිෂ්ට කැපවීම පසක් කරමින්ය. ඔහු තුළ වූ දෙමළ භාෂාවට සහ එහි සාහිත්‍යයට ඇති විශේෂ කැමැත්ත නිසාවෙන් පසුකාලීනව බිහිවූ IBC Tamil TV මේ වන විට මාධ්‍යකරණයේ සියලු සීමා හඹාගොස් උතුරු පළාතට මෙන්ම දමිළ මුස්ලිම් ප්‍රජාව බොහෝ සෙයින් වාසය කරන නැගෙනහිර, බස්නාහිර, මධ්‍යම කඳුකරයේ ජනතාවට පුවත්, වින්දනාත්මක වැඩසටහන්, කාලීන දේශපාලනය, සාහිත්‍ය, විත්ති විචාරය කරන මාධ්‍ය සන්නාමයක් බවට පත්වී ඇත. ඔහුගේ දැක්වූ අතර එය ඔහුගේ මව විසින් තවදුරටත් පෝෂණය කරන ලදී. පසුව ඔහු නෙදර්ලන්තයට ගොස් වසර කිහිපයකින් සාර්ථක ව්‍යවසායකයකු ලෙස ස්ථාපිත විය.

ඔහුගේ මේ ගොවිපළ සංකල්පයේ මූලික හරය වූයේ විවිධ ව්‍යාපාර ක්‍රියාවට නැංවීමෙන්, අප සදහටම ස්වභාවධර්මය සමග හොඳින් මුල් බැසගෙන සිටින බවත් අද පවතින තත්ත්වය තුළ ප්‍රමාණවත් ජීවනෝපායක් නොමැතිව ජීවත් වීමට අවශ්‍ය වූවන් වෙනුවෙන් සටන් කර ඔවුන්ට ජීවත් වීමට ප්‍රජාවක් ගොඩනඟා ස්ථිර ආදායමක් ඇති කරන රැකියා ගොඩනැඟීමේත් දිගුකාලීන ආශාව මුල්කරගෙනය. තවද මෙම අදහස්වල සම්මුතිය වන්නේ ඒකාබද්ධ ප්‍රජාවගේ ජීවනෝපාය දියුණු කිරීමට, කෘෂිකර්මාන්තය සහ සොබාදහම පිළිබඳ අපගේ දැනුම වර්ධනය කිරීමට සහ අනාගත පරපුරේ අවශ්‍යතාවන්ට සංග්‍රහ කිරීමට අක්කර 150ක ස්වාභාවික භූමිය විනෝදාත්මක ප්‍රදේශ සහ වගා කළ හැකි ඉඩම් බවට පරිවර්තනය කිරීමයි. එසේම සංචාරකයන්ට ඔවුන්ගේ විවේක ගැනීමට මෙය බොහෝ ප්‍රියමනාප ස්ථානයක් විය. සිවිල් යුද්ධයේ වින්දිතයන් බොහෝ දෙනෙක් මෙම ගොවිපළේ වර්ධනයේ සහ නැගීමේදී ප්‍රතිලාභීන් සහ කම්කරුවන් බවට පරිවර්තනය වීම බාස්කරන් මහතාට බොහෝ සෙයින් තෘප්තියක් ලබාදෙන කරුණක් විය.

ඇත්තෙන්ම ReeCha කාබනික ගොවිපළ යනු ප්‍රධාන වශයෙන් කාබනික වැඩ කරන ගොවිපළක් වන අතර, සියල්ල පොදු ඉලක්කයක් බෙදාගන්නා ක්ෂුද්‍ර ව්‍යාපාර එකතුවකි. 2018 ජුනි මාසයේදී කිලිනොච්චිය අයියකච්චි ප්‍රදේශයේ අක්කර 150ක පොල් වත්තක මහා පරිමාණ සත්ව පාලනයක් සහ කාබනික එළවළු වගා කිරීමක් ලෙස ඇරඹි අපූරූ සංකල්පයකි.

රීචා ගොවිපළේ පශු සම්පත්වල ආහාර පිරිවැය පාලනය කිරීමට සහ ඔවුන්ගේ වර්ධනය හා ඵලදායිතාව වැඩි කිරීමට Azolla නම් බහු වාර්ෂික පාවෙන කුඩා ශාකයක් භාවිත කරයි. එහි ප්‍රෝටීන් බහුලය. එය එළුවන්, එළදෙනුන්, කුකුළන්, ඌරන්, හාවුන් සහ මාළු වැනි අනෙකුත් ගෘහස්ථ පක්ෂීන් සඳහා ආහාර ලෙස භාවිත කරයි. ගොවිපළේ මෙම ස්ථානයෙන් ලබාගත් නව අත්දැකීම සමගින් ඔබටත් ඔබේ පශු සම්පත් සඳහා පෝෂණය කිරීමෙන් හොඳම ප්‍රතිලාභ ලබාගත හැකි බව ඔවුන් කාබනික වගාව පිළිබඳ ප්‍රිය ඇත්තන්ට ඒත්තු ගන්වයි.

විශේෂයෙන්ම පරිසරය හා ඒකාබද්ධ වූ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට දායක වන ආකාරයෙන් ගොවිපළ ක්‍රියාත්මක වන අයුරු දැකබලා ගැනීමට ඔවුහු ආරාධනා කරති. අක්කර 150ක ගොවිපළ බෝග වගාවට පමණක් නොව පශු සම්පත් ලෙස ගවයන්, කුකුළන් සඳහා නිවහනක් වන අතර ‘රීචා ෆොරස්ට් අයිලන්ඩ් කැෆේ’ සහ නිෂ්පාදන ගබඩාව තුළින් මස් සහ බිත්තර මිලදී ගැනීමේ අවකාශයද ඇත. ඔබ ඔවුන්ගේ වෙබ් අඩවිය පුරා සැරිසරන විට ඔබට මල් උයන් කෙත්වතු සහිත සශ්‍රීක හරිත බිමක් දැකබලා ගත හැකිය.

රීචා ෆොරස්ට් අයිලන්ඩ් කැෆේ අවන්හල, ළමා උද්‍යානය ආදී ඔවුන්ගේ දර්ශනීය අවකාශයන්හි වැඩිහිටියන් සහ ළමුන් සඳහා ස්ථානීය වැඩමුළුද පිරිනමන අත. ඔවුන්ගේ මේ ඵලදායී භූමිය, සතුන් සහ ශාක සමග සෞඛ්‍ය සම්පන්න, වඩාත් සුසංයෝගී පැවැත්මක් සඳහා කුඩාම වෙනසක් පවා කිරීමට ආශ්වාදයක් ලැබෙනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වෙති.

විදුනි බස්නායක
ශර්මිලා විනෝදිනී

SendShareShare
Previous Post

හොරකම් හොයන්න දැමූ කොමිසමට එරෙහිව කුරුණෑගල පොහොට්ටු සභාපති උසාවි යයි! පෙත්සම විභාගයට නොගෙනම වීසි කරයි!

Next Post

මව්රටට දෙවියන් දුන් ඉපැරණිම ගීත ලතාවට අප සැලකූ තරම ඇතිද?

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.