• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මව්රටට දෙවියන් දුන් ඉපැරණිම ගීත ලතාවට අප සැලකූ තරම ඇතිද?

November 29, 2022
in Exclusive, Heart
Reading Time: 4 mins read
A A
මව්රටට දෙවියන් දුන් ඉපැරණිම ගීත ලතාවට අප සැලකූ තරම ඇතිද?
Share on WhatsAppShare on Facebook

මංගේෂ්කාර් සහෝදරියෝ උත්තර භාරතය මිහිරියාවෙන් පිරවූයේ ඔවුන්ටම ආවේණික වූ සංගීත රටාවකිනි. ආශා, ඌෂා, ලතා යනුවෙන් නම් ලද ඒ තුන් සහෝදරියන් අතර ලතාගේ හඬ වඩාත්ම ජනප්‍රිය විය.

ඉන්දීය රාජ්‍ය නායකයන් මුණගැසීමට එන බොහෝ විදේශ රාජ්‍ය නායකයෝ ඔවුන් වෙනුවෙන් පවත්වන ප්‍රිය සම්භාෂණවලදී ලතා මංගේෂ්කාර්ව මුණගැසී කතාබහ කිරීමට ප්‍රිය කළහ. ඒ, ලතා ඒ තරමටම සමස්ත ඉන්දියාව පුරා තම නාමය ප්‍රචලිත කොට තිබූ නිසාය. ඉන්දියාවේ ප්‍රසිද්ධ නොවුණාට මංගේෂ්කාර් පවුලට අයත් නොවුණාට ඉන්දියාවට අසල්වැසිකම් කියන ලංකාවේද මිහිරි හඬකට උරුමකම් කියන ලතා කෙනකු උපන්නාය. ලතා කියන නාමය ඇයට ලැබුණේ සංගීත කලාව තුළ එය හසුරුවන්නට වැඩිය පහසු නිසාය. නැත්නම් ඇගේ උපන් නම රීටා ජෙනෙට් ප්‍රනාන්දු විය. ලතා නමින් මේ ගීත කෝකිලාව සිනමාව සහ සංගීත ලෝකය තුළ අතිශය ජනප්‍රිය වන විට එවක ප්‍රවීණ ගායකයකු වූ ධර්මදාස වල්පොල ඈ සරණ පාවා ගත්තේය. එතැන් පටන් ලතා, ලතා වල්පොල නම් වූවාය.

ඒ ලතා වල්පොල නම් මධුර සුමධුර ගායිකාවගේ රසැති අතීතයෙන් පුංචි කොටසකි. තව ඒ වාගේ රසවත් කතා ඇගේ කෝකිල හඬ මුල්කොට ගෙතී තිබුණා මතකය.

මීට වසර අසූ ගණනකට කලින් දවසක පවුලේ අයත් සමග මඩු පල්ලි ගිය, එවක වයස අවුරුදු සතරක් හෝ පහක්ව උන් ලතා දැරිය ළමා ගීතයක් උස් හඬින් ගායනා කරන විට කතෝලික බැතිමතුන් ඇය වටා කාන්දමකට හසුවූවාක් වැනි ආකාරයට එක්රොක් වන්නට ගත් බව පසු කලෙක සරසවිය පුවත්පතේ සඳහන්ව තිබුණා මතකය.

‘ඔය කෙලීට ඇස්වහ පුච්චපං. මිනිස්සු බලා හිටියෙ වශී වෙලා වගේ…’

ලතා වල්පොලගේ පවුලේ වැහිහිටියකු එලෙස එදා පවසා තිබිණි. ඒ කතාව නම් බොරුවක් වන්නට බැරිය. දෙහි ගෝනියක් ගෙන ඇස්වහ යවන්නට තරම් ඇගේ සුරතල් හඬ ළයාන්විතව තියෙන්නට ඇත.

මඳක් ඈත ඒ අතීත කතාවලින් අපි දැන් බැහැරට යමු. ලතා වල්පොල සංගීත ලෝකයට පැමිණි ආකාරය, ගැයූ ගීත ගණන, සිනමාව සමග ඇගේ ළයාන්විත හඬ කළ දහසකුත් එකක් සුමධුර ගනුදෙනුද ඇයට ළැදි රසික රසිකාවියන් හැමෝම වාගේ දන්නා නිසා අප දැන් කතා කරන්නේ ඊයේ පෙරේදාවක පසුවූ ඇගේ 88 වැනි උපන් දිනය ගැනය.

88 වැනි උපන්දිනය දවසේද ලතා තරුණ කෙල්ලක වාගේම හරි අපූරුවට සින්දු කීවාය. සජීවී රූපවාහිනී වැඩසටහනකට ඇවිදින් ‘සුකොමල බඳ ළෙලවා’ ගීතය හරි අගේට ගායනා කළාය. සරලවම කියනවා නම් අසූව පැන්නත් ගීත කෝකිලාව යන නම තවමත් තමාට ගැළපෙන්නේය යන වග ලතා වල්පොල පසක් කළාය.

සත්තකින්ම කියනවා නම් කලාසූරී ලතා වල්පොල යනු සිරිලකට ජාතික වස්තුවකි. අසීමිත වූ ජනප්‍රියත්වයක් තුළ සංගීත කලාවේ නිපුණ දක්ෂතා සුවිශේෂ පෙළහරක නියැළුණු ඇය ඈ අපට සිටින පැරැණිතම ප්‍රවීණ ගායිකාවකි. එක්දහස් නවසිය පනස් ගණන්වල රීටා රත්නායක සහ ෆ්ලොරීඩා ජයලත් වෙනුවෙන් පසුබිම් ගී ගැයූ මේ කන්කලු හඬ ඇත්තී එයට පසුව ජීවරාණි කුරුකුලසූරිය සහ විජිත මල්ලිකාලාටද සිය මධුර හඬ දුන්නාය. එයට පසුව මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මෙන්ම ගීතා කුමාරසිංහ සහ ශ්‍රියානි අමරසේනලාට එය තිළිණ විය. අනතුරුව සබීතා, නදීකා සහ අනෝජා වෙතද ලතාගේ හඬ අපූරුවට ගැළපී ගියේය. රූකාන්තගේ තරුණ හඬ සමග තම හඬ එකතු කරවමින් සබීතා වෙනුවෙන් ඈ ගැයූ ‘සියුමැලි රෝස මලී’ සින්දුවට තරුණ කැල උමතුව ගියහ.

නොනැසෙන නොමියෙන හඬක් හිමි මේ ප්‍රතිභාපූර්ණ සංගීත ශිල්පිනිය වෙනුවෙන් ඈ සංගීත ක්ෂේත්‍රයට කළ අනගි මෙහෙවර වෙනුවෙන් ඇයට ලැබිය යුතු සැලකුම් හරි හැටි ලැබුණාදැයි කියා යම් සැකයක් කාට හෝ සිතට නැගේ නම් එය පුදුමයක් නොවේය. වැඩි දුර හිතන්නට ඕනෑ නැති පහසුම නිදසුනක් ඒ සඳහා දෙන්නට බැරි නැත.

ඒ, පසුගිය නොවැම්බර් 11 වැනිදාවේ පැවැත්වුණු ඇගේ 88 වැනි උපන් දින සාදයයි. රටක් නැළවූ අසහාය ගීත කෝකිලාවට 88 වැනි විය සම්පූර්ණ වූ ඒ සාදයට පැමිණ සිටියේ ඉතා සුළු පිරිසකි. ඒ සුළු පිරිස අතරද ගායන ශිල්පියකු ලෙස සහභාගිව සිටියේ දයාන් විතාරණ පමණකි. ඒ අතර ලතා වල්පොලගේ හඬ ඔස්සේ රිදී තිරට එකලු කරමින් සිය රංගන මෙහෙවර හැඩකරගත් ප්‍රවීණ සම්මානනීය නිළි කැලක් වූ සුවිනීතා වීරසිංහ, ශ්‍රියානි අමරසේන, ගීතා කුමාරසිංහ සහ නදීකා ගුණසේකරද පැමිණ සිටීම ඇත්තෙන්ම ගෞරවනීයත්වයක් ලැබිය යුතු කලාසූරී ලතා වල්පොල වෙනුවෙන් කළ වටිනා කටයුත්තකි. හැම කලාකරුවකු සමගම සිය සුහදත්වය බෙදාගන්නා ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණත් ප්‍රවීණ කලා ශිල්පී ප්‍රියංකර පෙරේරාත් ඒ සෙනෙහෙබර එකමුතුවට දායක වීම සතුටුදායක කාරණයකි. එහෙත් තව කී දෙනෙක් නම් ඔතැන ඉන්නට තිබුණාද? ඒ කිසිවකුටවත් එතැනට එදා එන්නට අමතක වූයේ ඇයි? ලතා වල්පොල වැනි පැරැණිතම කලාසූරී සිංදුකාරියකව එතරම් අමතක කොට දමන්නට තරම් ඔවුන් අවිවේකීව සිටියාද? කොයි තරම් විවේකයක් නැති වුණත් ලතා වල්පොලගේ 88 වැනි උපන් දිනය වෙනුවෙන් ඇයව පුදුම කරවන්නට දූ දරුවන් ඇතුළු ඒ පිරිස් එකමුතුව කළ ස’ප්‍රයිස් පාටියට තව ඕනෑ තරම් අයට විනාඩියකට හෝ පැමිණ ලතාට සුබ උපන් දිනයක් පතන්නට ඉඩ තිබුණේ නැතැයි කොහොම හිතන්නද?

ස’ප්‍රයිස් පාටිය මඳකට එහායින් තැබුවත් කලාසූරී ලතා වල්පොල වෙනුවෙන් කළ යුතු සහ කරන්නට තිබුණු බොහෝ දෑ අපේ රටට අමතක වීමත් එක්තරා ශෝකාන්තයකි. කලාසූරී සම්මානයත් සමග තව මොනවා හරි යමක් අත තැබුවා කියා එතරම් ප්‍රවීණ ප්‍රතිරූපයක් හිමි ගායිකාවකට ඇයට හිමි වටිනාකම ලැබෙනවද? කොහොමත් ලංකාව පාලනය කළ කිසිදු රජයක් අපේ කලාකරුවන්ට හරියකට සැලකුවේ නැත. කලාකරුවන් වෙනුවෙන් යමක් කළ රාජ්‍ය නායකයකු වේ නම් ඒ රණසිංහ ප්‍රේමදාසය. බොහොමයක් වූ කලාකරුවන්ගේ දුක සැප විමසන්නට තරම් කලාවට ළැදි මිනිසකු වූ රණසිංහ ප්‍රේමදාස, ලතා වල්පොලටද ගෞරවයෙන් සැලකුවේය. දහසකුත් එකක් වැඩ දමා ගිටාරයක් සමග මල් කලඹකුත් දෝත පුරා තෑගිත් අරගෙන සජිත් ප්‍රේමදාස ස’ප්‍රයිස් පාටියට කඩාපාත් වෙන්නට හිතුවේද තම පියා ලතා වෙනුවෙන් කළ මෙහෙවරට අත්වැල් ඇල්ලීමක් වශයෙන් වන්නට ඇත.

එක අතකට ගත්තම නළු නිළියන් වෙනුවෙන් කිසිවක්ම කරන්නට නොහිතන ලංකාවේ දේශපාලන නායකයන් ලතා වෙනුවෙන් යමක් කරතැයි හිතන්නේ කොහොමද? ලතා වල්පොල ඉන්දියාවේ උපන්නේ නම් තත්ත්වය මීට වඩා වෙනස් වන්නට තිබුණේය. එහෙම කියන්නේ ඉන්දියාවේ ප්‍රවීණ ගායකයන් රානු මොන්ඩාල් වැනි පදික වේදිකාවේ යාචක කාන්තාවන්ට අත්කර දුන් වාසනා මහිමය මෙය ලියන මොහොතේ හිතට නැගුණු නිසාය. තවත් සංවේදී බොහෝ නිදසුන් ඉන්දියාවෙන් ගන්නට බැරි නැත. පසුගිය වසරක කොරෝනා වැලඳීම නිසා රෝගීව සිට මියගිය ලතා මංගේෂ්කාර් වෙනුවෙන් සමස්ත ඉන්දියාවම වැලපුණේ 93 වැනි විය පසුකරමින් සිටි වියපත් කාන්තාවක වුවද ලතා මංගේෂ්කාර් යන අද්විතීය ගායිකාව ඇය බව අමතක කර දමන්නට ඉන්දීය ජනතාවට මෙන්ම දේශපාලකයන්ටද බැරි වූ නිසාය.

ලතා මංගේෂ්කාර්ගේ වටිනාකම භාරතයට එහෙම නම් ලතා වල්පොලගේ වටිනාකමද සිරිලකට එලෙසම විය යුතුය. එහි අඩුපාඩු හෝ හිස්තැන් නැත. එවැන්නක් හොයන්නට වෙහෙසීමද කුහකකමකි.

කොහොමත් රනිල් වික්‍රමසිංහලා වැනි ‘පොෂ්’ ටයිප් එකේ මිනිසුන් නායකත්වය දරන ආණ්ඩුවක් රට පාලනය කරන සමයක ලතා වල්පොල වැනි ඔවුනට අමතකව ගිය අද්විතීය ගායිකාවන් ගැන කතා කිරීම පලක් නැති තරම්ය. ලතා වල්පොල වෙනුවෙන් යමක් කරනවා තබා ඇගේ නමවත් හරියට පැහැදිලිව ඔහුට උච්චාරණය කරන්න පුළුවන් නම් එයද පුදුමයකි.

යුගයෙන් යුගයට විවිධ වයස් තරාතිරම්වල ගායකයන් සමග හැමදාමත් සොඳුරුව සින්දු කී අපේ කලාසූරී ලතා කවදාකවත් තමාට සැලකුවේ නැතැයි කියා කිසිම රජයකට දොස් පවරා නැත.

නමුත්, ඇගේ කන්කලු ගී හඬට ඇලුම් කරන අයට නම් ඒ දොස නොකියා නිහඬව ඉන්නට බැරිය. එයට හේතුව භාරතයට ලතා මංගේෂ්කාර් වටිනා තරම කොයි තරම්ද, අපට ලතා වල්පොලද ඒ තරමටම වටිනා නිසාය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

වන්නියේ ඉපදිලා, යුරෝපය හොල්ලලා, දැන යාපනය අල්ලන්න හදන කෝටිපතියා කවුද මේ බාස්කරන් කන්දයියා…

Next Post

සංජීව එදිරිමාන්නයි මහින්දානන්දයි මධ්‍යම සංස්කෘතික අරමුදල ගැන කියමින් අදත් සජිත්ට මඩ ගහයි! කිරිඇල්ල සංජීවටයි මහින්දානන්දටයි ස්ථාවර නියෝග ගැන පාඩමක් උගන්වමින් ඇත්ත කතාව පෙන්වා දෙයි! අල්ලස් කොමිසමෙන් සජිත්ව නිදහස් කළ ලියුමත් සභාගත කරයි! (VIDEO)

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.