• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් දූෂණ විරෝධී පනත මොකක්ද? කියවලම දැනගන්න I Sri Lanka Latest News

July 21, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. එය සංශෝධන සහිතව ජූලි 19 වැනිදා කාරකසභා අවස්ථා විවාදයේදී සම්මත කරගැනීමට නියමිතය.(Sri Lanka Latest News)

මෙය අතීතයට බලපාන පරිදි ගෙන ආ යුතු බවට සහ මෙරටින් පිටකරන ලද, සොරකම් කරන ලද ධනය යළි මෙරටට රැගෙන ඒමට හැකි පරිදි ගෙන ආ යුතු බව විපක්ෂය මතුකරන කාරණයකි.

දූෂණය පිටුදැකීම සඳහා ශ්‍රී ලංකාව තුළ දැනටත් අණ පනත් තිබියදී නව දූෂණ විරෝධී පනතක් ගෙන ඒමේ අරමුණ කුමක්ද? මේ විමසා බැලීම ඒ පිළිබඳවයි.

නව පනත සමග අහෝසි වන පනත් තුන ගැන ඔබ දැනුවත්ද?

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී පනත් කෙටුම්පත පනතක් ලෙස සම්මත වූ විට මෙරට ක්‍රියාත්මක පනත් තුනක් අහෝසි වන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ උපදේශන සහ පර්යේෂණ කළමනාකාර ජනිත්‍රිකා ජයසුන්දර පැවැසුවාය.
‘අල්ලස් පනත සහ දූෂණ විරෝධී පනත් කෙටුම්පත අතර තිබෙන විශේෂම වෙනස්කම තමයි ලංකාවේ අල්ලස සම්බන්ධයෙන් තියෙන නීති බැලුවාම අල්ලස් පනත 1954 ආපු, ඊළඟට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත 1994 දී ආපු එක. ඒ වගේම 1975 දී ගෙනාපු වත්කම් සහ බැරකම් නීතියයි…’

‘එතකොට පාර්ලිමේන්තුවේදී දූෂණ විරෝධී පනත පාස් වුණොත් අර පරණ අල්ලස් පනත වගේම අල්ලස් කොමිෂන් සභා පනත යන පනත් දෙක සහ වත්කම් හා බැරකම් කියන නීතිය අහෝසි වෙනවා’

‘ඒ කියන්නේ වෙන වෙනම තියෙන අර නීති තුන අහෝසි වෙලා ඒ ඔක්කොම එක නීතියක් වෙලා තමයි දූෂණ විරෝධී පනත කියලා එන්නේ….’ යැයි ඇය සඳහන් කළාය.

නව දූෂණ විරෝධී පනතක් කුමටද?

දූෂණ විරෝධී පනත් කෙටුම්පත ගෙන එන බවට පසුගිය වසරේදී අධිකරණ අමාත්‍යාංශය අනාවරණ කළේය.

‘ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් කියලා තියනවා දූෂණ විරෝධී පනතක් ගේන්න ඕනෙ කියලා. ඒකෙ තියෙනවා ස්ට්‍රක්චරල් බෙන්ච් මාර්ක් කියලා දෙක තුනක්. මේ කාලය වෙනකොට මේ දේවල් කරන්න ඕනෙ කියලා….’

‘ඒකෙන් එකක් තමයි මේ අවුරුද්දේ ජුනි මාසය වෙනකොට ලංකාවේ දූෂණ විරෝධී පනත සම්මත වෙන්න ඕනෙ කියලා. ඒකට හේතුව හැටියට ඒගොල්ලෝ කියන්නේ දූෂණ සිදුවන දුර්වලතා තියෙන තැන්වලට ව්‍යුහාත්මක වෙනස්කම් කරන්න පුළුවන් කියලයි ඒ පනත ගේන්න හදන්නේ. ඒ නිසා තමයි මේ වෙද්දී මේ පනත හදිසියේම ගේන්නේ.’

‘නමුත් හදිසියේ කියලා කියන්නත් බැහැ. මොකද ගිය අවුරුද්දේ ඉඳන්ම අපේ ආයතනය වගේම තවත් සිවිල් සංවිධාන කිහිපයක්ම එකතු වෙලා මේකට ඇතුළත් කළ යුතු කරුණු මොනවාද කියලා මහජනතාවගෙන් අදහස් අරන් අමාත්‍යාංශයට දුන්නා. ඒ දුන්න නිර්දේශ, වට කිහිපයකදීම ඇතුළත් කරලා තිබෙන නිසා ගේන නව පනතේ සාධනීය මට්ටමක් තිබෙනවා…’

දූෂණ විරෝධී පනතෙන් වැඩි දියුණු කර ඇති නීති මොනවාද ?

නව දූෂණ විරෝධී පනත මගින් සෙසු පනත් තුනට සාපේක්ෂව සිදුකර ඇති නීති සම්බන්ධයෙන් ද අපි විමසා බැලුවෙමු.

‘නව පනත මගින් සිදුකර තිබෙන වෙනස්කම් කිහිපයක්ම තිබෙනවා. ඒ අතර ලිංගික අල්ලස් ගැනීම, පෞද්ගලික ආයතන තුළ සිදුවන අල්ලස් නව පනත යටතේ විශේෂයෙන්ම සඳහන් කර තිබෙනවා.’

‘අල්ලසක් කියලා ඒකේ හඳුන්වන්නේ, නිර්වචනය කරන්නේ යම් කිසි තුටු පඬුරක් කියලයි. ඒ කියන්නේ තුටු පඬුරක් කියන එකට මුදලක් වෙන්න පුළුවන්, මොකක් හරි රස්සාවක් වෙන්න පුළුවන්, ඒ වගේම කොන්ත්‍රාත්තුවක් වෙන්න පුළුවන්. නමුත් මෙච්චර කල් ඒක ඇතුළේ ලිංගික අනුග්‍රහයක් කියන එක හඳුනාගෙන තිබ්බේ නැහැ ලංකාවේ තියන අල්ලස් නීතිය යටතේ….’

‘මේ දේ ගොඩක් වෙනවා. උදාහරණයක් ලෙස ගත්තම මොකක් හරි රැකියාවක් දෙන්න ලිංගික අල්ලස් ඉල්ලන එක තියෙනවා. හැබැයි ඒක ලංකාවේ අල්ලස් නීතිය යටතේ වරදක් ලෙස තිබ්බේ නැහැ. අලුත් නීතියෙන් ලිංගික අනුග්‍රහය කියන එක වැරැද්දක් ලෙස හඳුනාගෙන තියෙනවා. ඒක වැරැද්දක් විදිහට. ඒක ගොඩක් හොඳ වෙනසක්….’

‘ලංකාවේ අල්ලස් නීතියේ පෞද්ගලික අංශයේ අල්ලස කියන එක වරදක් ලෙස මෙතරම් කාලයක් ඇතුළත්ව තිබුණේ නැහැ. මෙපමණ කාලයක් රජයේ ආයතනයක සම්බන්ධව සිද්ධ වෙන සිදුවීම් විතරයි අල්ලස් නීතිය ඇතුළේ අඩංගු වෙලා තිබුණේ. නමුත් නව නීතියේ යෝජනා කරලා තිබෙනවා පෞද්ගලික අංශයේ කාර්යාල තුළ සිදුවන අල්ලස් සිදුවීම් වරදක් ලෙස ඇතුළත් කරන්න.

‘පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂවරයෙක් හෝ ඕනෑම මට්ටමක නිලධාරියෙක් අල්ලසක් ගත්තත්, අල්ලසක් පිරිනැමුවත්, ඒ සියල්ලම වැරැද්දක් විදියට හඳුනාගෙන තියෙනවා….’

‘ක්‍රීඩා ඉසව් සම්බන්ධ වන අල්ලස් මෙච්චර කාලයකට සහතික කර තිබුණේ නැහැ. ඒ වගේ දේවල් වුණාම මෙච්චර කල් ඍජුවම අල්ලසක් විදියට ආවේ නැහැ. ඒකට වෙනම මහන්සිවෙන්න වුණා. නමුත් අලුත් පනතෙන් ක්‍රීඩාවේ සුපිළිපන්භාවයට හානිකර දෙයක් කළොත් ඒක මේ පනත යටතේ වරදක් වන බවට වෙනම කොටසක් සඳහන් කර තිබෙනවා. තරග පාවාදීම් වගේ කරුණු ඒක යටතේ සාකච්ජා කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා….’

දැනට පවතින වත්කම් හා බැරකම් නීතියේ අඩංගු කරුණු මොනවාද ?

දැනට පවතින වත්කම් හා බැරකම් නීතිය අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් නම්, මන්ත්‍රී ධුරය ලබාගන්නා විට වත්කම් හා බැරකම් ප්‍රකාශයක් ලබාදිය යුතුය. ඉන් පසුව සෑම වසරකම එම මන්ත්‍රීවරයා විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශනයක් ඉදිරිපත් කළ යුතු වේ. මෙය ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පවා කරනු ලබයි.

‘ඒ වගේම මැතිවරණ කාලසීමාවේදී අපේක්ෂකයන් මැතිවරණයට ඉදිරිපත් වෙනකොට වත්කම් හා බැරකම් ප්‍රකාශනය ලබාදෙන්න ඕනෙ කියලා තියෙනවා. හැබැයි දැනට තියෙන නීතිය අනුව නාමයෝජනා භාරදීලා මාස තුනක් ඇතුළත….’ ජනිත්‍රිකා ජයසුන්දර කියා සිටියාය.

‘සමහර අපේක්ෂකයන් ඉන්නවා ඡන්දයෙන් පරාජය වුණොත් වත්කම් හා බැරකම් ප්‍රකාශනය දෙන්නෙත් නැහැ. දැනට තියෙන නීතිය අනුව නාමයෝජනා සමග වත්කම් හා බැරකම් ප්‍රකාශනය නොදුන්ණොත් කිසිම දඬුවමකුත් නැහැ. ඒ වගේම දැනට තිබෙන නීතිය අනුව සාමාන්‍ය පුද්ගලයකුට වත්කම් හා බැරකම්වලට ප්‍රවේශ වෙන්න තිබෙන ඉඩ අඩුයි.’

‘අපට වත්කම් හා බැරකම් ප්‍රකාශයක් අවශ්‍ය නම් අපි ඒක ඉල්ලන්න ඕනෙ ඒ ප්‍රකාශනය තියෙන ආයතනයෙන්. ඉල්ලලා ඒක එයාලා දෙන්න කැමැති වුණොත් රුපියල් 750ක් ගෙවලා තමයි ගන්න ඕනෙ. අරගත්තට පස්සේ අපිට ඒ ගන්න එක ප්‍රසිද්ධියට පත්කරන්න බැහැ කියලා ඒ නීතියේ තියෙනවා.’

වත්කම් හා බැරකම් ප්‍රකාශන සම්බන්ධයෙන් නව නීතියෙන් වෙනස් වන නව කරුණු මොනවා ද ?

නව නීතියෙන් වත්කම් හා බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කළයුතු පුද්ගලයන්ගේ ලැයිස්තුවට රටේ ජනාධිපතිවරයාව ද ඇතුළත් කර ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්හි ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දෙන ලදී.

‘නව නීතියෙන් ජනාධිපතිවරයාත් වත්කම් හා බැරකම් ප්‍රකාශනය දෙන්න ඕනෙ කියලා ඇතුළත් කර තිබෙනවා. දැනට පවතින නීතියේ ජනාධිපතිවරයා ඇතුළත් වන්නේ නැහැ. නව නීතියෙන් ජනාධිපතිවරයාත් මේකට ඇතුළත් වෙන්න ඕනෙ කියලා යෝජනා කරලා තියෙනවා….’

‘ඒ වගේම නිලධාරියෙක් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබාදිය යුතු අවස්ථා සංඛ්‍යාව වැඩිකරලා තියෙනවා. ඒ, නිලධාරියකුට සිය තනතුර ලද අවස්ථාවෙයි, වාර්ෂිකවයි ඇරෙන්න තව අවස්ථා කිහිපයකදීම. ඒ අනුව සිය රැකියාවෙන් ඉවත් වන අවස්ථාවේදී නිලධාරියාට වත්කම් හා බැරකම් ප්‍රකාශනයක් ලබාදෙන්න, රැකියාවෙන් ඉවත් වෙලා වසර දෙකකට පස්සේ නැවත වරක් වත්කම් හා බැරකම් ප්‍රකාශනය දෙන්න ඕන….’

‘තව විශේෂත්වයක් තමයි තමන්ගේ වත්කම් රුපියල් මිලියන 10ක් හෝ ඊට වඩා වැඩි වටිනාකමක වෙනසක් වෙනවා නම් ඒ අවස්ථාවේදී විශේෂ වත්කම් හා බැරකම් ප්‍රකාශයක් දෙන්න ඕනෙ ඒ වටිනාකම පිළිබිඹු වෙන විදියට.’

‘මැතිවරණ අපේක්ෂකයෙක් ලෙස නාමයෝජනා පත්‍රයත් එක්ක වත්කම් හා බැරකම් ප්‍රකාශයක් දෙන්න ඕනෙ කියලා නව නීතියෙන් යෝජනා කර තිබෙනවා.’

‘නව වත්කම් හා බැරකම් ප්‍රකාශනය ඉලෙක්ට්‍රොනික පද්ධතියකට යොමුකරන්න වගේම නොමිලේ මහජනතාවට එය බැලීමට අවස්ථාව ලබාදෙන්න කියන යෝජනාවත් ඇතුළත් කර තිබෙනවා….’

රටින් පිට කළ සොරකම් කළ ධනය නැවත ගෙන ඒමට යෝජිත නව පනතින් ඉඩක් තිබෙනවාද?

විවිධ අවස්ථාවලදී සොරකම් කර හෝ අපරාධවලින් ඉපැයූ මුදල් විදෙස්ගතව තබා ඇති බවත්, එසේ තිබෙන මුදල් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙන් හැකියාවක් ඇද්ද යන්න සම්බන්ධයෙන් ද අපි විමසා බැලුවෙමු.

‘රටින් පිටකර තිබෙන, සොරකම් කරන ලද හෝ අපරාධවලින් උපයාගත් දේපළ නැවත ගෙන ඒම සම්බන්ධයෙන් වෙනම නීතියක් ගෙන එන්න එකඟ වෙලා තිබෙනවා ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක…’

‘ඒ නීතිය 2024 මාර්තු මාසය වෙනකොට ගෙන එන බවට අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා…’

‘ඒ අනුව ලංකාවෙන් පිටට රැගෙන ගිය සොරකම් කළ හෝ අපරාධවලින් ඉපැයූ වත්කම් නැවත ගෙන ඒම මේ නව දූෂණ විරෝධී පනතට ඇතුල් වෙන්නේ නැහැ….’

‘නමුත් ඒ සම්බන්ධයෙන් වන නීති කෙටුම්පත 2018 වෙද්දී හදලා තිබුණේ. ඒ කෙටුම්පත පදනම් කරගෙන තමයි ඉදිරියේදී එන්න යන වත්කම් හා අයකිරීම කියන නීතිය හදන්න යන්නේ කියලා අධිකරණ අමාත්‍යාංශයෙන් අපට දැනුම් දීලා තිබෙන්නේ. ඒක පාර්ලිමේන්තුවේදී හැන්සාඩ්ගත කරලා තියෙනවා…’ යනුවෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ උපදේශන සහ පර්යේෂණ කළමනාකාරවරිය වැඩිදුරටත් පවසා සිටියාය.

බීබීසී සිංහල වෙබ් අඩවියෙන්

SendShareShare
Previous Post

ටෙලිකොම් සභාපති අයින් කළ හේතුව විමල් කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

‘එහෙම කරන්න එපා..!’ රෝහල්වල සිද්ධ වෙන මරණ ගැන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මාධ්‍යවලින් කරපු ඉල්ලීම! Sri Lanka Latest News

MORE NEWS

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Load More
ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

අපි කවුරුත් දන්න දෙයක් තමයි සුනාමියක් එන්නේ මුහුදු පතුලේ සිදුවන භූමිකම්පාවකින් කියලා. ඒත් පසුගිය දවසක මම ලොස් ඇලමොස් (ඛදි ්ක්පදි)...

Read more
හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.