• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉස්සෙල්ලා නාගලෝකයෙන් නාගරාජයෙක් මතුවුණා දැන් ඊජිප්තුවෙන් බෝධිසත්වයෙක් මතුවෙලා… එදා බුදුන් වැඩි කැලණියට අද මොකක්ද මේ වෙලා තියෙන්නේ? I Sri Lanka Latest News

January 18, 2024
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කලින් කලට අපේ රටේ විවිධ මාතෘකා කරළියට ඒම සිදුවෙයි. සමාජ මාධ්‍ය පරිශීලනය කරන ඕනෑම අයෙකුට සෑම දිනෙකම කුමක් හෝ අලුත් මාතෘකාවක් ගැන දැකගන්නට ලැබීම දැන් සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇත. බෞද්ධ සංකල්පවලට පහර ගසන භික්ෂු වේශධාරීන් ගැන පුවත්ද ඒ අතර සුලබය. පසුගිය කාලයේද එවැනි පුද්ගලයන් ගැන පුවත් ඕනෑවටත් වඩා අසන්නට ලැබුණු නමුත්, මේ දිනවල සමාජ මාධ්‍ය ඇතුළු ප්‍රධාන මාධ්‍යවල ප්‍රමුඛ මාතෘකාවක් බවට පත්ව ඇත්තේත් බෞද්ධාගමට සහ බුදුරජාණන්වහන්සේගේ දේශනාවට නොගැළපෙන ලෙස හැසිරෙන එක්තරා පුද්ගලයෙක් පිළිබඳ සිදුවීමකි.(Sri Lanka Latest News)

වසර ගණනාවක් ඊජිප්තුවේ රැකියාවක නිරතව ඇති මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයකු මූලික කරගෙන මෙම සිදුවීම වාර්තා විය. ‘180’ නමින් යූටියුබ් නාලිකා කිහිපයක් පවත්වාගෙන ගොස් ඇති ඔහු, ඒ හරහා දේශනා 4,000ක් පමණ අන්තර්ජාලයට එක්කර ඇති බවද කියැවෙයි. මහින්ද කොඩිතුවක්කු ‘අවලෝකිතේෂ්වර’ බෝධිසත්ව සංකල්පය පිළිබඳ දේශනා රාශියක් එම යූටිබුම් නාලිකාවලට මුදාහැර ඇති බවත්, සිය නාලිකා වටා විශාල ශ්‍රාවක පිරිසක් ගොඩනගාගෙන සිටින බවත් සඳහන්ය. ශ්‍රී ලංකාවට තමන් පැමිණෙන බව කලක පටන් සිය ශ්‍රාවකයන් දැනුවත් කරමින් සිටි මහින්ද කොඩිතුවක්කු, අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් ලෙස කලඑළි බසින්නට තෝරාගෙන තිබුණේ පසුගිය ජනවාරි 01 වැනිදාය.

ඒ අනුව, එදින උදෑසන 6.22ට පමණ කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණි ඔහුව මඟුල් බෙර, ජයසක් හඬ මධ්‍යයේ අලංකාර පෙරහැරකින් කැඳවාගෙන යෑමට සිය අනුගාමිකයන් කටයුතු කර තිබූ අතර, ඒ සඳහා ඔවුන් සුවිශාල වියදමක්ද දරා ඇති බව පෙනීගිය කරුණකි. ගුවන් තොටුපළ පරිශ්‍රයේ රැස්ව සිටි පිරිස ඔහුට ඉමහත් ගෞරවයෙන් පසඟ පිහිටුවා වන්දනා කිරීම මෙහිදී දැකගන්නට ලැබුණු අතර, විශේෂම සිදුවීම වූයේ උතුම් චීවරය දරාගත් සිල් මාතාවක්ද මේ ගිහි පුද්ගලයාට පසඟ පිහිටුවා වන්දනා කිරීමය. ඒ අවස්ථාවේ මෙම පුද්ගලයා රෝද පුටුවක ආධාරයෙන් එතැනට පැමිණ සිටි වයෝවෘද්ධ රෝගී කාන්තාවකගේ නළලට දකුණත තබා ආශීර්වාද කරන ආකාරයද දැකගන්නට ලැබිණි.

අනතුරුව සුපිරි ක්‍රයිස්ලර් රථයක නැගී කැලණිය රජමහා විහාරස්ථානයට යන ඔහු, එහිදී සිය ශ්‍රාවකයන් හමුවී ඔවුන්ට දේශනයක්ද පවත්වා ඇති අයුරු අන්තර්ජාලය පුරා හුවමාරු වන වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කෙරේ. කැලණිය රජමහා විහාරස්ථානයට පැමිණෙන මහින්ද කොඩිතුවක්කු පිළිගැනීමට එම ස්ථානයේද ඔහුගේ අනුගාමිකයන් පිරිසක් රැස්ව සිටින්නේ ඉමහත් ගෞරවයෙන් යුක්තවයි. ක්‍රයිස්ලර් රථයෙන් බසිනවාත් සමගම චීවරයට සමාන කහ පැහැති විශාල රෙදිකඩක් ඔහුගේ කර වට දවටා මල්මාලාද පලඳා විහාරස්ථාන භූමිය තුළට කැඳවාගෙන යන එම අනුගාමිකයන්, ඉන් අනතුරුව ඔහුට දේශනයක් පැවැත්වීමට අවස්ථාව සලසා දෙයි. ඒ අනුව, විශේෂ ආසනයක අසුන්ගන්නා ඔහු රැස්ව සිටි අනුගාමිකයන් අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරයි. මහායාන බුදුදහමේ ඉගැන්වෙන සද්ධර්මපුණ්ඩරික සූත්‍රය වර්ණනා කරමින් එම දේශනය සිදුකරන කොඩිතුවක්කු, තමන් මෙරටට පැමිණියේ සියලු දෙනාට නිවන් දොරටුව විවෘත කරවීමට බවද පවසයි.

හිටි හැටියේ මෙරටට පැමිණ සාම්ප්‍රදායික බෞද්ධ පිළිගැනීම් සහ ඉගැන්වීම්වලට පටහැනි ආකාරයේ හැසිරීම් පෙන්වමින් සහ ප්‍රකාශ නිකුත් කරමින් සිටින මහින්ද කොඩිතුවක්කු නමැති මෙම පුද්ගලයා පිළිබඳ මේ වනවිට බොහෝ දෙනකු තුළ කුකුසක් ඇතිව තිබෙන අයුරු පෙනෙන්නට තිබේ. සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල විශාල වශයෙන් ඔහුගේ වීඩියෝ දර්ශන සහ ඡායාරූප හුවමාරු වන අතර, ඔහු කවුද, ඔහු ක්‍රියාත්මක කරන්නේ කාගේ වුවමනාවන්ද, ඔහුගේ අරමුණ කුමක්ද යන කරුණු පිළිබඳවද බොහෝ පිරිස් විමසා ඇති අයුරු නිරීක්ෂණය වේ.

මීට සති කිහිපයකට ඉහතදී සමාජ මාධ්‍යවල පෙනී සිටිමින් සුනඛයකුට චීවරයක් පොරවා, විටෙක ගිහි ඇඳුමින්ද, විටෙක චීවරයකින්ද සැරසී බෞද්ධ දර්ශනයට පටහැනි ප්‍රකාශ නිකුත් කරමින් සිටි විශ්ව බුද්ධා නමැත්තාද මෙම සිදුවීම් දාමයටම සම්බන්ධ යැයි ඇතැමකු සිතනවා විය හැකිය. කෙසේ වෙතත් මෙවැනි විපරීත මතවාද සමාජගත කරමින් නූගත් ජනතාව මුළා කරමින් විවිධ මූල්‍ය ප්‍රතිලාභ සහ භෞතික ලාභාපේක්ෂාවෙන් මුදුන් පමුණුවාගැනීම මහින්ද කොඩිතුවක්කු නමැත්තාගේ අරමුණ වී ඇති බවටද චෝදනා එල්ල වෙමින් ඇත.

ඒ අනුව මෙම පුද්ගලයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ ආගමික පැමිණිලි අංශය හරහා පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කිරීමටත්, මොහු යම් මානසික ව්‍යාකූලත්වයකින් පෙළෙන බවට චෝදනා කරමින් අධිකරණ නියෝගයක් හරහා මානසික ප්‍රතිකාරවලට යොමුකරන ලෙසත් ඉල්ලා සිටිමින් පූජ්‍ය අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකිරීමට පසුගිය 09 වැනිදා පියවර ගෙන තිබිණි. එසේම පූජ්‍ය හෑගොඩ විපස්සි ස්වාමින්වහන්සේ ඇතුළු හිමිවරුන් කිහිප නමක් විසින්ම මෙම පුද්ගලයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබිණි.

මේ අතර, පසුගිය 09 වැනිදා මාධ්‍ය හමුවක් කැඳවමින් ශාක්‍ය පුත්‍ර ජාතික සංවිධානයද මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිදරව් කිරීමටද කටයුතු කර තිබිණි. එම සංවිධානයේ ලේඛකාධිකාරී පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියන් එහිදී සඳහන් කළේ වෛද්‍ය ගාමිණී අභය නම් පුද්ගලයා එකල සිදුකළ මහායානික දේශනා ශ්‍රවණය කිරීමෙන් පසු පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් ‘සමන්ත භද්‍ර’ ලෙස තම නාමය වෙනස් කරගත් බවයි. අනතුරුව සමන්ත භද්‍ර හිමියන් පවත්වාගෙන ගිය ලොව්තුරු සුවය නම් දේශනා මාලාවේ 11 වැනි දේශනය අසා මහින්ද කොඩිතුවක්කු නමැත්තා අවලෝකිතේශ්වර බෝධිසත්වයන් ලෙස පෙනී සිටීමට උත්සාහ ගත් බවද පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියෝ එම මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියහ.

මහින්ද කොඩිතුවක්කු නමැති මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවේ ජීවත්ව සිටියදී සිය සහෝදරයකුගේ දරුවකු අපයෝජනය කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් ගම්වාසීන් එකතුවී පහරදුන් පසු සැඟවී සිට ඊජිප්තුවට පලාගොස් තිබූ බවත්, එරට සුනඛයන් රැකබලා ගැනීමේ රැකියාවක නියැලුණු බවත්, ඔහු සිය දියණිය ද අපයෝජනයට ලක්කිරීම හේතුවෙන් බිරිඳ විසින් පහර දී නිවෙසින් එළවා දමා ඇති බවත් කස්සප හිමියෝ එම මාධ්‍ය හමුවේදී අනාවරණ කර සිටියහ.

ඉන් පසු මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහිව ඇති කොඩිතුවක්කු, පැරැණි ඊජිප්තු භාවනා ක්‍රමයක් සහ බෝධිසත්ව සංකල්පය භාවිත කර සිය අනුගාමිකයන් රවටමින් ඔවුන්ගේ මුදල්වලින් ශ්‍රී ලංකාවට පැමිණි බවද එම මාධ්‍ය හමුවේදී හෙළිදරව් කෙරිණි.

බුදුවීමේ අපේක්ෂාවෙන් මෙම පුද්ගලයා පසුපස යන පොලිස් නිලධාරීන්, වෛද්‍යවරුන් ඇතුළු ඉහළ පෙළේ රැකියා කරන පිරිස් සිටින බවත්, මෙම පුද්ගලයා දිවයිනට පැමිණීමට පෙරම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කළ ද ඔවුන් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් බවත් බළන්ගොඩ කස්සප හිමියෝ පෙන්වා දුන්හ.

සමාජ මාධ්‍යවල හුවමාරු වන වීඩියෝවලට අමතරව කැලණිය රජමහා විහාරස්ථානයේදී මහින්ද කොඩිතුවක්කු නමැත්තාට කිසියම් පිරිසක් පහරදී එළවා දමා ඇති බවද හෙළිදරව් කළ කස්සප ස්වාමින්වහන්සේ සඳහන් කළේ මෙවැනි පුද්ගලයන් මානසික ප්‍රතිකාර සඳහා යොමුකර සමාජයට සිදුවන හානිය වළක්වාගත යුතු බවයි.

තවද, මහනායක ස්වාමින්වහන්සේලා පිටිදූවේ සිරිධම්ම හිමියන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන උදාසීන ආකාරය, මෙවන් පිළිල බිහිවීමට හේතුව බවද පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියෝ එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කර සිටියහ.

කෙසේ වෙතත්, ථෙරවාද ඉගැන්වීම් සමග වසර දහස් ගණනක් ගලාගෙන ආ ශ්‍රී ලාංකේය බෞද්ධ ජන සමාජය මහායාන සංකල්ප සහ බුදුරදුන් අනුදැන නොවදාළ විවිධ භාවනා ක්‍රම සමග මිශ්‍ර කරමින් විපරීත ආගමික දර්ශන හඳුන්වා දෙන මෙවැනි පුද්ගලයන් බිහිවීම දැන් දැන් වැඩි වශයෙන් දක්නට ලැබෙන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී. යූටියුබ් මාධ්‍යය තුළ මෙවැනි පුද්ගල චරිත වැඩි වශයෙන් බිහිව ඇති අතර, ඒ සෑම පුද්ගලයකුම තමන්ටම වෙන්වූ වෙනමම අනුගාමිකයන් පිරිසක්ද ගොඩනගාගෙන සිටින බව දක්නට ලැබේ. එම අනුගාමිකයෝ තමන්ගේ ශාස්තෘවරයා ලෙස සලකන අදාළ දේශකයා වෙනුවෙන් ඕනෑම දෙයක් කැපකිරීමට පවා පෙළඹී සිටිති.

ලක්ෂ ගණන් මුදල්, යාන වාහන, ගොඩනැගිලි, ඉඩකඩම් ඇතුළු තවත් බොහෝ දේ එම නූගත් ශ්‍රාවකයන් තම යූටියුබ් ශාස්තෘවරයා වෙනුවෙන් පුදදෙයි. ආර්ථික – සමාජ – දේශපාලන අංශයන්ගෙන් යම් සමාජයක් අන්ත පරිහානියට පත්වූ පසු මෙවැනි අඥාන ශ්‍රාවකයන්, කෛරාටික ආගමික ශාස්තෘවරුන් බිහිවීම සාමාන්‍ය තත්ත්වයක් බව පොතපතේ සඳහන්ව තිබෙන අතර, වර්තමාන ශ්‍රී ලංකාව තුළ උද්ගතව ඇති ආර්ථික – සමාජ අර්බුදය තුළ මහින්ද කොඩිතුවක්කු වැනි ‘ක්‍රයිස්ලර් බෝසත්වරු’ ඉදිරියේදීද තොග පිටින් බිහිවීම විමතියට කරුණක් නොවනු ඇත.

කෙසේ වෙතත්, බෞද්ධ දර්ශනය සහ එහි ඉගැන්වීම් නිසි ලෙස අධ්‍යයනය නොකළ අසරණ ශ්‍රාවක ප්‍රජාව මුළාකරමින් මෙම ‘බෝධිසත්වයා’ සිදුකරන්නට යන්නේ කුමක්ද යන්න ගැන මහානායක ස්වාමින්වහන්සේලා ඇතුළු වගකිව යුතු පාර්ශ්වවල අවධානය දැඩිව යොමුවිය යුතුය යන්න අපගේ විශ්වාසයයි.

පුබුදු උදයංග

SendShareShare
Previous Post

මාධ්‍ය සංවිධාන- සිවිල් සංවිධාන-ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කටයුතු කණ්ඩායම්-වෘත්තීය සමිති සියල්ලම පළමු වතාවට විපක්ෂනායක කාර්යාලයට එයි! ආණ්ඩුව ගේන්න යන ඔන්ලයින් පනතට එරෙහිව දැවැන්ත සන්ධානයකට යන්න තීන්දු කරයි! විපක්ෂනායකවරයාගෙනුත් ප්‍රතිඥාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ණයවර ලිපිවලින් කෝටි 45කට කඩදාසි ගෙන්වන්න පුළුවන්කම තියෙද්දී 6 පාරක් දේශීය සැපයුම්කරුවන්ගෙන් කෝටි 51කට කඩදාසි අරන්! අනුමැතියකින් තොරව ලොතරැයි මුද්‍රණය කරන මුදල අඩු කිරීමෙන් කෝටියක් පාඩුයි! මුද්‍රණ සංස්ථාවට ‌හයකෝටි දහනව ලක්ෂයක පාඩුවක් කළේ කවුද? විගණන වාර්තාව හෙළිකරපු හොරු අල්ලන්නේ කවදාද? I Sri Lanka Latest News

MORE NEWS

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.