රජයේ මුද්‍රණ නීති ගත සංස්ථාවට කඩදාසි මිලදී ගැනීමේදී 2021 වර්ෂයේදී රුපියල් හය කෝටි දහනව ලක්ෂයකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.Sri Lanka Latest News
ණයවර ලිපිවලින් රුපියල් කෝටි 45 කට කඩදාසි ආනයනය කර මිලදී ගැනීමට හැකියාව තිබියදී එසේ නොකර අවස්ථා හයකදී දේශීය සැපයුම්කරුවන්ගෙන් කෝටි පනස් එකකට කඩදාසි මිලදී ගැනීමෙන් මෙම පාඩුව සිදුව ඇති බවද එම වාර්තාවේ දැක්වේ.
මේ අතර මුද්‍රණ සංස්ථාව එම වර්ෂයේදී මුද්‍රණය කරන ලද ලොතරැයි පතකින් සංස්ථාවට ලැබීමට නියමිත මුදල එහි සභාපතිවරයා ශත 49 සිට ශත 44 දක්වා අඩු කිරීම හේතුවෙන් කෝටියකට වැඩි ආදායමක් අහිමිව තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
ඔහු මෙම තීරණය ගෙන ඇතැයි පැවසෙන්නේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරවය.සංස්ථාවේ සම්පත් සකසුරුවම් ලෙස කාර්යක්ෂම ලෙස සහ ඵලදායිතා ලෙස අදාල නීති වලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර නොමැති බවද වාර්තාවේ සඳහන් වේ.










