• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහණ කරපු කරඳ ගහ රහත් වුණු හැටි I Sri Lanka Latest News

July 21, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔබට මතකද පහුගිය කාලේ ඉතාම ආන්දෝලනාත්මකව කතාබහට ලක්වෙච්ච ක්ලෝඩියා සිලනිකා කියන ශාකය. හැමෝටම තේරෙන භාෂාවෙන් එහෙම නැත්නම් සාමාන්‍යයෙන් මේ ගහට සිංහලෙන් හඳුන්වන විදියට කියනවා නම් පඬු කරඳ ගහේ කතාව. පඬු කරඳ ගහ රතු දත්ත පොතට ගිය ගහක්. ඒක වඳවී යන ගහක්. ඉතා වටිනා ගහක් බව අපි දැනගෙන හිටියේ නෑ. අපිට කිව්වේ තේවානි නෝනා ඇතුළු පරිසර කණ්ඩායම.(Sri Lanka Latest News)

ඒ නිසා අපිත් හිතුවා ඇත්තටම මේක ආරක්ෂා විය යුතු ගහක් කියලා. ඒක ආරක්ෂා කරගැනීම සම්බන්ධව අපි සටන් කළා. අපි සටන් පාඨ කිව්වා. අපි ඒ ගැන පත්තරයට ලිව්වා. ඉතින් පඬු කරඳ ගහ ආරක්ෂා කරගත යුතුයි කියන සංකල්පය නරක එකක් නෙවෙයි. නමුත් මේ පඬු කරඳ ගහ නිසා මධ්‍යම අධිවේගී මාර්ගය නතර වෙලා තියෙනවා කියන තර්කය ඉඳ හිට මතුවෙන්න පටන් ගත්තා.

ඇත්තටම පඬු කරඳ ගහ නිසා මධ්‍යම අධිවේගී මාර්ගය නතර විය යුතුද කියන එක සාධාරණව මේ දේවල් දිහා බලන කෙනකුට ප්‍රශ්නයක්. මොකද හේතුව තමයි පඬු කරඳ ගහත් ආරක්ෂා කරලා මේ අධිවේගී මාර්ගයත් ඉදිකරන්න බැරිද? ලෝකයේ ඒ වගේ ඉදිකිරීම් සිදුවෙලා නැද්ද? ඇත්තටම එහෙම දේවල් ඉදිවෙලා තියෙනවා. අපි පහුගිය දවසක දැක්කා වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් ඉදිකරලා තිබුණු එක්තරා කෑම්ප් එකක්.

ඒක සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ තිබුණු ගස් ටික ඒ විදියටම ආරක්ෂා කරලා. ගස් වටේට බිත්ති බැඳලා. මේවා ඉතාම හොඳ සංකල්ප. කවුරු කළත්, කොහොම වුණත් ඒවා සාර්ථක නම් ඒවට හොඳයි කියලා කියන්න ඕනෙ.

මේ පඬු කරඳ ගහ ගැන කතා කරද්දී, ටික කාලයක් ඒ ගහ ආරක්ෂා වුණා. ටික කාලයකදී අපට ගහ අමතක වුණා. ගහ අමතක වුණේ ගහ එතැන ආරක්ෂිතව තිබුණු නිසා. ආරක්ෂිතව තිබුණා යැයි කියලා හිතපු ගහ පහුගිය දවසක හදිසියේම අතුරුදන් වෙලා. ගහ අතුරුදන් වුණේ කොහොමද කියන එක සම්බන්ධව ඒ අහල පහළ උදවිය කියනවා. පැය කිහිපයක් ඇතුළතදී තමයි මේ කතන්දරේ සිද්ධ වෙලා තියෙන්නේ.

මුලින්ම ආවා බැකෝ එකක්. ඒ බැකෝ එකෙන් වටේම සුද්ද කළා. ඊට පස්සේ තවත් මොකක්දෝ යන්ත්‍රයක් ආවා. ඒ යන්ත්‍රයෙන් අතු ටික කැපුවා. ඊට පස්සේ ආවා අමුතු එකක්. ඒකෙ නිකන් අතක් වගේ එකක් තිබුණා. ඒක උඩින් ඇවිල්ලා ගහ උගුල්ලලා දැම්මා. ගහ උගුල්ලලා දාලා බැකෝ එක ගෙනාපු ලොරියෙම පටවගෙන යන්න ගියා. දැන් ගහ නෑ. ගහ අතුරුදන්. ගහ අතුරුදන් වුණේ කොහොමද කියන එක සම්බන්ධව ගමේ මිනිස්සු කිව්වට තවම දේශපාලකයෙක් මේ සම්බන්ධයෙන් කතා කරනවා අපි ඇහුවේ නෑ.

ඇත්තටම මේ ගහ අතුරුදන් වුණේ අදෘශ්‍යමාන බලවේගයකින් නෙවෙයි කියන එක අපි හැමෝම දන්නවා. මේ ගහ අතුරුදන් කිරීමේ සංකල්පය සහ එය ක්‍රියාත්මක කිරීමේ ගෞරවය හිමිවෙන්නේ අපි හිතන විදියට අපේ රටේ දේශපාලකයන්ට. ඒකට හේතුව විදියට අපි හිතන්නේ මේ රටේ දේශපාලකයාගේ අනුදැනුමකින් තොරව මෙහෙම දෙයක් කරන්න බෑ. මේ ගහ අතුරුදන් කළාට පස්සේ ඒ සම්බන්ධයෙන් දේවානි නෝනා හෝ වෙනත් පරිසර කණ්ඩායමක කෙනෙක් බරපතළ විදියේ හඬක් නගනවා අපි දැක්කෙත් නෑ, ඇත්තටම දැන් නම් හඬක් නගලා වැඩකුත් නෑ.

මොකද හේතුව අස්සයා පැනලා ගිහින් ඉවරයි. දැන් ඉස්තාලය වහලා වැඩක් නෑ. ඇත්තටම මේක හරිම නරක විදියේ පූර්වාදර්ශයක්.

කවුද මේ වැඩේ කළේ කියන එක මුල ඉඳන්ම හොයන්න ඕනේ. මේ ගහ ගලවපු වෙලාවේ එතැන චීන ජාතිකයෝ කිහිප දෙනෙක් හිටියාය, ඒ අය මේ ගහ ගලවන ආකාරය ඡායාරූපගත කළාය කියන කාරණාව කියන්නේ මේ සිදුවීම ඇසින් දැක්ක බව කියන අසල්වැසියෝ. භයානක කාරණාව තමයි සිද්ධිය ඇසින් දුටු බව කියන අසල්වැසියන්ටත් යම් කිසි කෙනෙක් තර්ජනය කරයිද, ඔවුන්ට මේ කතාව කියන්න එපා කියලා කියයිද කියන එක.

අපේ රටේ තියෙනවනේ කට වැහීමේ ක්‍රම දෙකක්. පළමු එක තමයි තර්ජනය කර කට වැසීම. ඔවුන්ට ඔවුන්ගේ පවුලේ අයට කරනු ලබන අඩන්තේට්ටම් හිරිහැර පිළිබඳ මතක් කර දීමෙන් කට වසාදැමීමේ ව්‍යාපෘති අපේ රටේ මීට කලින් ඕනෙ තරම් ක්‍රියාත්මක වුණා. ඒ සම්බන්ධව ඉතා දක්ෂ පුද්ගලයෝ අපේ රටේ පාලකයෝ වෙලා කාලයක් හිටියා. එහෙම දේවල් අහපු නැති අය අතුරුදන් වුණු බවත් අපි සමහර කතන්දරවල අහලා තියෙනවා. ඒවා කතන්දර නිසා ඔය කතන්දරවලට රැවැටෙන්න අවශ්‍ය නෑ. මම කියන්නේ අපි ඒවා අහලා තියෙනවා. ඒවා බොරු වෙන්නත් පුළුවන්.

ඊළඟ එක තමයි වරප්‍රසාද තාන්නමාන්න දීලා ඒ අයගේ කට වහන ක්‍රමවේදය. මේක ජාත්‍යන්තර මට්ටමේ ක්‍රමවේදයක්. අපේ රටේ එහෙම ක්‍රමයකුත් ක්‍රියාත්මක වුණා. අතුරුදන් කරවීම හෝ වරප්‍රසාද ලබාදීම මත මේ කතාව මෙතැනින් වහලා දාන්න ඕනෙ කෙනකුට පුළුවන්. පඬු කරඳ ගහ මනුස්සයෙක් නොවුණු නිසා පඬු කරඳ ගහට වරප්‍රසාද ලබා දී තමන්ගේ පැත්තට නම්මගන්න බැරි නිසා පඬු කරඳ ගහ අතුරුදන් කළාය කියලා අපි විශ්වාස කරනවා.

අපේ රටේ දේශපාලකයන්ට මීට වඩා දේවල් වුණත් පැයකින් දෙකකින් අතුරුදන් කරන්න, ගිලලා දාන්න පුළුවන්. සමහර දේවල් ගිල්ලා වගේ අතුරුදන් වෙනවා. සමහර සිද්ධි ආගිය අතක් නැතිවෙනවා. සමහර ප්‍රශ්න හිටි ගමන් අමතක වෙනවා. ඒක තමයි මේ රටේ දේශපාලකයන්ගේ සහ සාමාන්‍ය මිනිස්සුන්ගේ විදිය. කොහොම නමුත් මේ පඬු කරඳ ගහ සම්බන්ධව කතන්දරය අපි හිතන තරම් සරල එකක් නෙවෙයි.

පහුගිය දවසක උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුව කියලා තිබුණා මේ විදියේ ගස් කිහිපයක් ලංකාවේ තියෙනවා කියලා. ඒ වගේම මේක රතු දත්ත පොතට ගියාට, දැන් මේක රතු දත්ත පොතෙන් ඉවත් කරලා කියලත් කියලා තිබුණා. විශාල ගහක් මේ විදියට කපලා දාන්න කලින් ඒ සම්බන්ධව නිසි ක්‍රමවේදයකට රටේ ජනතාව දැනුවත් කරලා, මොකද මේක ජනතාව විසින් හඬ නගන ලද ව්‍යාපෘතියක් නිසා, ජනතාවට මේ ගැන තේරුම් කරලා දීලා මේ ගහ ඉවත් කළා නම් මේ වැඩේ ඊට වඩා ක්‍රමවත් වෙන්න තිබුණා.

මොකද බලධාරීන් කියලා කියන්නේ හොරා පොලිස් සෙල්ලම කරන අය නොවිය යුතුයි. ඒ වගේම පාලකයන්ගේ තියෙන්න ඕනෙ වගකීමක්. එහෙම වගකීමක් නැති පාලකයෝ තමන්ට රිසි සේ බොරු කියලා මිනිස්සුන්ව රවට්ටලා මේ වගේ දේවල් කරනවා නම් අපිට හෙට දවස ගැන දැනෙන්නේ නියත බයක්. ඒක අනියත බයක් කියලා හිතන තැනට වැඩ කරන්න ඕනේ මේ දේශපාලකයෝ. එහෙම නොවුණොත් මේ නන්නත්තාර වෙච්ච රටේ අනාගතය තවත් නන්නත්තාර වෙයි කියලා අපිට හිතෙන එක නවත්තන්න නම් බෑ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මහබැංකුවට බෝම්බ ගහලා අවුරුදු 200ක සිරදඬුවම් නියමව සිටි LTTE සාමාජිකයෙක්ට රනිල් ජනාධිපති සමාව දීලා ගෙදර යවයි! I Sri Lanka Latest News

Next Post

කළුතර පුද්ගලික පන්තියක සිසුවියන්ට අතවර කළ බවට චෝදනා ලැබූ ටියුෂන් ගුරාට ඇප! Sri Lanka Latest News

MORE NEWS

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News
Exclusive

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චි මහතා වහාම පක්ෂයෙන් ඉවත් කරන ලෙසට එම පක්ෂය ඇතුළෙන්ම නාමල්...

Read more
බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.