පුද්ගලයින් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත්කරමින් 1996 වසරේ ශ්‍රී ලංකා මහබැංකුවට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වරදකරුවී වසර දෙසීයක සිරදඩුවම් නියමවී සිටි හිටපු LTTE සාමාජිකයෙකුට ජනාධිපති සමාව පිරිනමා තිබේ.Sri Lanka Latest News
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසුවේ සෙල්ලයියා නවරත්නම් නමැති මෙම පුද්ගලයාට අමතරව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටි එස්.සන්මුගරාජා නමැති තවත් හිටපු LTTE සාමාජිකයෙකුට ජනාධිපති සමාව ලබාදී ඇති බවයි.
මේ අනුව පසුගිය 18 වැනිදා ඔවුන් බන්ධනාගාරයෙන් නිදහස් කර තිබේ.
මහ බැංකු බෝම්බ ප්‍රහාරයට අදාළව මහාධිකරණයෙන් වසර දෙසීයක සිරදඬුවම් නියමව පසුව අභියාචනාධිකරණයෙන් දඬුවම තහවුරු කර තිබූ සෙල්ලයියා නවරත්නම්ගේ වයස මේ වනවිට අවුරුදු 69 කි.
යහපත් කල්ක්‍රියාව මත පදනම්ව ඔහුට ජනාධිපති සමාව පිරිනමා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.
මේ අතර, ජනාධිපති සමාව හිමවූ 56 හැවිරිදි එස්.සන්මුගරාජා නැමැත්තා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටි අයෙකි.
ඔහු වරදකරුවී තිබුණේ LTTE සංවිධානයට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ චෝදනා මතයි.










