• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමෙරිකාව අවුරුදු 52ක් සටනේ… පිලිපීනය අවුරුදු 7ක් තිස්සේ සටනේ… කුඩු මාෆියාව ඉවර කරන්න ලෝකෙට පුළුවන් වුණාද? I Sri Lanka Latest News

December 30, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මනුෂ්‍යයෙක් මෙවැනි තත්ත්වයකට පත්වෙලා ඉන්න දුක්ඛිත ආකාරයක් මම කවදාවත් දැකලා නැහැ. මේ ඔඛ්කොම කලකට පෙර යහපත්ව හොඳට හිටිය මනුෂ්‍යයන්. ඒත් අද සම්පූර්ණයෙන්ම ඇවිදින මළමිනී බවට පත්වෙලා. මේ වගේ පවුකාර මිනිස්සු දස දහස් ගණනින් මේ නගරය පිරිලා ඉතිරිලා ගිහින්. පිරිමින්ට සමානව ගැහැනුත් ඉන්නවා. හෙරොයින්, කොකේන්, මරිජුවානා කැමැති විදියකට මිලදී ගන්න පුළුවන්.(Sri Lanka Latest News)

මෙහෙම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මිනිසුන් සිටින නගරයක් තව ලෝකයේ කොතැනකවත් නැහැ. මේ නගරය තමයි අංක එකට තියෙන්නේ. අද ලෝකයේ බොහෝ දෙනෙක් මේ නගරය හඳුන්වන්නේ සොම්බි නගරය නොහොත් ඇවිදින මළවුන්ගේ නගරය ලෙසටයි. මේ මිනිස්සු සම්පූර්ණයෙන්ම ඇවිදින මළමිනී වගෙයි. ඔවුන් ඉන්නේ ඔවුන්ගේ සිහින ලෝකවල පමණයි. මෝහනයෙන් මෙන් පාරවල් පුරා ඇවිදින ආකාරයත් නිදිවර්ජිතව පාර පුරා වැටී සිටින ආකාරයත් ඔබට දකින්න පුළුවන්. ලෝක ඉතිහාසයේ කියා සිටිනවා මත්ද්‍රව්‍යවලට එරෙහිව යුද්ධය පටන්ගත්තේ ඇමෙරිකාව කියලා. ඒත් අද ඇමෙරිකාවට වෙලා තියෙන්නේ කුමක්ද?’

මෙම ඛේදනීය කතාව අපට ඇසෙන්නේ කොතැනකින්ද? එය කියා සිටින්නේ කවුරුන් විසින්ද? මෙම වගතුග අපට ඇසෙන්නේ ඇමෙරිකාවේ පිලඩෙල්ෆියා ප්‍රාන්තයේ කෙන්සින්ටන් (Kensington City in Philadelphia) නගරයෙනි. එම නගරය ප්‍රධාන කේන්ද්‍රස්ථානය වශයෙන් පිහිටුවාගෙන තිබෙන සමාජ සුබසාධන සංවිධානයක් වන ‘සැවේජස් ඉන් රිකවරි (Savages In Recovery) නමැති සංවිධානයෙහි නිර්මාතෘ සහ එහි විධායක අධ්‍යක්ෂවරිය වන සාරා ලෝරේල් (Sarah Laurel) නමැති කාන්තාව විසිනි. අද ලෝකයේ අතිශය උග්‍ර ආකාරයට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සිටින නගරය ලෙසට ප්‍රකටවී ඇත්තේ මෙම කෙන්සින්ග්ටන් නගරයයි.

මෙම මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම උදෙසා ඉහත සංවිධානය විශාල මෙහෙවරක් ඉටුකරමින් සිටියි. එහෙත් එම නගරයේ රාජ්‍ය පාලකයන්ගේ අකාර්යක්ෂමතාව නිසා දිනෙන් දින නගරය මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන්ගෙන් පිරී යයි. මෙවැනි වටපිටාවකදී සාරා ලොරේල් නමැති කාන්තාවගේ ප්‍රධානත්වයෙන් පවතින ඉහත සංවිධානය විශාල මෙහෙවරක් ඉටුකරයි. ‘සැවේජස් ඉන් රිකවරි’ යන්නෙහි සිංහල අරුත ලෙස ගැනිය හැක්කේ ‘අශිෂ්ටත්ව ප්‍රතිසාධන සංවිධානය’ යන්නයි.

මෙම සංවිධානය දැනට පුනරුත්ථාපන නිවාස 04ක් සාර්ථකව පවත්වාගෙන යයි. මත්ද්‍රව්‍ය වසංගතය මැඬලීමට ඔවුන් සිදුකරන නිර්ව්‍යාජ මෙහෙවර දුටු බොහෝ පරිත්‍යාගශීලීන් එම සංවිධානයට ආධාර කළේය. මෙම සංවිධානයේ මෙහෙවර දැනට වසර 07ක් පුරා සිදුකෙරෙන අතර, එම සංවිධානයේ නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂිකා සාරා ලොරේල් ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ් වසංගත සමයේදී කොවිඩ් රෝගීන්ටත් වඩා මත්ද්‍රව්‍ය නිසා රෝගී වූවන් සිටින බවයි. එම ප්‍රමාණය 73,000ක් බවද ඇය ප්‍රකාශ කළාය.

අද ඔබට මෙවැනි වගතුගක් මෙම ලිපියේ මුලින්ම ලියා තැබුවේ ඇයි? එයට හේතුව වූයේ මෙයට දින කිහිපයකට පෙරදී අප ශ්‍රී ලංකාවෙන්ද අසන්නට සහ දකින්නට ලැබුණු යම් සුවිශේෂ වගතුගක් හේතුවෙනි. එය නම් පසුගියදා වත්මන් රජය විසින් දියත් කරන ලද ‘යුක්තිය’ නමැති සමාජ මෙහෙයුමයි. මෙහිදී මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය ප්‍රධාන කරගනිමින් තවත් අපරාධ කිහිපයක්ම මර්දනය උදෙසා මෙම ව්‍යාපෘතිය දියත් කර තිබිණි. මත්ද්‍රව්‍ය සහ වෙනත් අපරාධ උදෙසා මෙරට දියත් කරන ලද ප්‍රථම මෙහෙයුම මෙය නොවේ.

මෙයට පෙරද රජයන් කිහිපයක් විසින් මෙවවැනි මෙහෙයුම් දියත් කළේය. මුලදී මෙම මෙහෙයුම්වලදී යම් ප්‍රගතියක් දක්නට ලැබුණද ඉන් පසුව එම මෙහෙයුම් කාලීනව අකර්මන්‍ය වන ආකාරය දක්නට ලැබිණි. මෙම නවතම ‘යුක්තිය’ මෙහෙයුම ගැන දැනට එවැනි ස්ථිර අනාවැකියක් පැවැසීමට නොහැකිය. සිදුවන්නේ කුමක්දැයි අපි බලාගෙන සිටිමු. මෙම ලිපියෙන් අප ඔබට ලියා තබන්නට යන්නේ මෙරට ‘යුක්තිය’ මෙහෙයුම ගැන නොවේ. එසේ නම් කුමක්ද? මේ ලිපිය මගින් අප සොයා බලන්නට යන්නේ ලෝකයේ මෙලෙස කලින් කලට සිදුකෙරුණු මත්ද්‍රව්‍ය අපරාධ මෙහෙයුම් ගැන යම් වගතුගකි.

මත්ද්‍රව්‍ය ජාවාරම නිසා ලොවට සිදුවන විනාශය මෙතෙක් යැයි කියා නිමකළ නොහැකිය. දැනට දශක ගණනාවක සිට මෙම කුරිරු වසංගතය මුළු ලොවම බිලිගෙන සිටියි. ලොව මුලින්ම මත්ද්‍රව්‍ය වසංගතයට එරෙහිව මහා පුළුල් මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවේ ඇමෙරිකාවයි. එනම් 1971 ජුනි 17 වැනිදා මෙම මෙහෙයුම ආරම්භ කරනු ලැබුවේ එවක ඇමෙරිකාවේ ජනාධිපති රිචඩ් නික්සන්ගේ මෙහෙයවීම යටතේය. එකල ඇමෙරිකාව පුරා පැතිර යමින් තිබුණු මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම උදෙසා මෙම මෙහෙයුම දියත් කරන ලදී. එය සම්පූර්ණයෙන්ම ඇමෙරිකානු රජයේ මෙහෙයවීමෙන් සිදුකරන ලද අතර එම මෙහෙයුම ඇමෙරිකාවට පමණක් සීමාවුණු එකක්ද නොවීය.

එනම් එම මෙහෙයුම අර්ථකථනය කර තිබුණ් ගෝලීය (Global) මෙහෙයුමක් වශයෙනි. එහිදී සිදුවූයේ ඇමෙරිකාව ප්‍රධාන කරගෙන තවත් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලබන විවිධ රටවල් කරාද අවතීර්ණ වීමකි. එනම් එම අදාළ රටවලද සහාය ලබාගෙන ඇමෙරිකානු මෙහෙයුමක් දියත් කිරීමකි. මෙම සුවිශේෂ මෙහෙයුම එකල සහ අදටත් නම්කර ඇත්තේ ‘වෝ ඔන් ඩ්‍රග්ස්’ (War on Drugs) හෙවත් ‘මත්ද්‍රව්‍ය කෙරෙහි යුද්ධය’ යනුවෙනි. මෙහි අපූරු වගතුග නම් මෙයට වසර 50කට පෙර ඇරැඹි එම මෙහෙයුම අදටත් ඒ ආකාරයෙන්ම සිදුවෙයි. එනම් අදට හරියටම වසර 52කට අධික කාලයක් ගතව තිබියදීද ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් ගණනාවක් යටතේ එම මෙහෙයුම ක්‍රියාත්මක වෙයි.

මෙහිදී සුවිශේෂ වගතුගක් ලෙස හෙලිවන්නේ මෙම මෙහෙයුමේදී ඇමෙරිකානු රජය සමග එක්සත් ජාතීන්ගේ සංවිධානයද සම්බන්ධ වී සිටීමය. එනම් එහිදී අර්ථවත් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ඇති සාමාජික රටවල් 193ක්ද මෙහෙයුමට සහයෝගය දක්වන බවයි. මෙහිදී සැබෑ ලෙසම මෙම මෙහෙයුමට ඍජුව සම්බන්ධ වී සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලය (United Nations Office on Drugs and Crime) වන අතර, එය ලෝකයේ මත්ද්‍රව්‍ය අපරාධ පැළැක්වීමේ ගෝලීය කාර්යාලයයි. ඇමෙරිකාව මේ වන තෙක්ම මෙම මහා මෙහෙයුම සඳහා තම සියලු රාජ්‍ය සන්නද්ධ හමුදාවේ බලයද අපරිම අයුරින් යොදවා ඇත. එනම් එය අතිශයින්ම බලගතු මෙහෙයුමකි.

දැන් ඔබ පැමිණ සිටින්නේ මෙම කතාන්දරයේ හැරවුම් ලක්ෂ්‍යයටය. එය කුමක්ද? ඇමෙරිකාව ලෝකයේ මුල් වරට පටන්ගත් දැනට වසර 52ක් සපිරී ඇති War on Drugs නමැති ගෝලීය මත්ද්‍රව්‍ය අපරාධ මෙහෙයුම මගින් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබේද? සැබෑ ලෙසම කිව යුත්තේ බලාපොරොත්තු වුණු ප්‍රතිඵල මෙතෙක් අත්කර නොගෙන තිබීමයි. විවිධ අවස්ථාවලදී යම් ක්ෂේත්‍රයන්ට අදාළව සාර්ථකත්වයක් ලබා තිබුණද ඇමෙරිකාව තුළ මත්ද්‍රව්‍ය වසංගතය මැඬලීමට මේ වන විටත් හැකිව නැත. ඇමෙරිකාව තුළ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් දිනෙන් දින වැඩිවුණු අතර, දැනට මත්ද්‍රව්‍ය භාවිතය නිසා මියයන පිරිස වසරකට 100,000 ඉක්මවන බව පැවසෙයි.

මෙම මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් නීතියේ රැහැනට අල්ලාගැනීමට හැකිව ඇත. ලෝකයේ භයානකම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා ලෙස සැලකෙන එල් චාපෝ ගුස්මාන්ද මෙම මෙහෙයුම් යටතේ අත්අඩංගුවට ගෙන දැනට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට ලක්කර සිටී. එහෙත් එල් චාපෝ ගුස්මාන්ගේ ලොව ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම ලෙස සැලකෙන ‘සිනෝලා’ සංවිධානය මේ වන විට වෙනත් නායකයකු යටතට පත්කර ඇත. එයින් පෙනීයන්නේ ප්‍රධාන නායකයාට දඬුවම් පැමිණවුවත් ඔහු සිරගෙදර සිටිමින් හෝ තම සංවිධානයේ කටයුතු මෙහෙයවන ආකාරයයි.

මේ ආකාරයේ ලොව බලගතුම මත්ද්‍රව්‍ය මෙහෙයුම් සංවිධාන 10ක් පමණ ඇති අතර, මේ වන විටත් ඒවායෙහි කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදුකෙරීගෙන යයි. මෙහිදී ලෝකයේ සිදුකෙරෙන ප්‍රධානම මත්ද්‍රව්‍ය අපරාධ මෙහෙයුම් සඳහා ඇතිවන දෝෂාරෝපණය නම් මත්ද්‍රව්‍ය මෙහෙයුම්වල හාල්මැස්සන් පමණක් අල්ල ගැනීම පමණක් සිදුවන අතර, තෝරුන් මෝරුන් අල්ලා ගැනීමට නොහැකි වීමයි.

කෙසේ හෝ මෙවැනි වටපිටාවක් ගලා යමින් තිබියදී ලෝකයේ බොහෝ රටවල් තමන්ට අනන්‍ය වූ ආකාරයෙන් එම රටවල් තුළදී මත්ද්‍රව්‍ය යුද්ධයන් සිදුකළේය. මෑත සමයේදී එවැනි සුවිශාල මත්ද්‍රව්‍ය මෙහෙයුමක් සිදුකළ ලොව ප්‍රධානතම රට වශයෙන් සැලකෙන්නේ පිලිපීනයයි. ආසියාතික රටක් වශයෙන් පිලිපීනය තුළ සිදුකළ මෙම මත්ද්‍රව්‍ය අපරාධ මෙහෙයුම ‘පිලිපීන මත්ද්‍රව්‍ය යුද්ධය’ (Philippine drug war) ලෙසින් හඳුන්වාදී තිබිණි.

මෙම මහා මෙහෙයුම සිදුකරන්නට තීරණය කළේ 2016 ජුනි 30 වැනිදා බලයට පත්ව එරට නව ජනාධිපතිවරයා වූ රොඩ්රිගෝ ඩුටේරට් (Rodrigo Duterte) විසිනි. මුල් කාලයේදී වෘත්තියෙන් නීතිඥයකු වූ මොහු බොහෝ විට අසාධාරණයන්ට එරෙහිව සටන් කළ පුද්ගලයකු ලෙස ප්‍රකටය. 2016 පැවැති ජනාධිපතිවරණයෙන් බහුතර ප්‍රතිශතයක් ලබාගනිමින් බලයට පත්වූ රොඩ්රිගෝ ඩුටේර්ට් 2022 ජුනි 30 වැනිදා දක්වා වසර 06ක් ජනාධිපිවරයා ලෙස කටයුතු කළේය. ඔහු බලයට පත්ව මාසයක් ගතවත්ම එරට තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව ඉහත පැවැසූ ප්‍රබල මෙහෙයුම ආරම්භ කළේය. එනම් ඔහු තම වසර 06ක පාලන කාලය තුළම මෙම මෙහෙයුම සිදුකළේය.

මුලින් සාමාන්‍ය ස්වරූපයකින් පටන්ගත් මෙහෙයුම කාලයත් සමග ඉතා ප්‍රචණ්ඩ තත්ත්වයට පත්විය. එනම් මත්ද්‍රන්‍්‍ය මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධකරුවන් වෙඩිතබා ඝාතනය කිරීමේ දරුණු තත්ත්වයන්ට පවා පත්විය. එවැනි වැටලීම්වලදී සිදුකළ වෙඩිතැබීම්වලදී අහිංසක සාමාන්‍ය ජනතාව විශාල පිරිසක්ද ඝාතනයට ලක්විය. මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ රැසක් මෙල්ල කෙරුණු අතර, එම වසර 06ක මෙහෙයුමේදී පුද්ගලයන් 27,000ක පමණ විශාල පිරිසක් මියගිය බවටද කරුණු ප්‍රකාශ විය.

කෙසේ හෝ මෙම පිලිපීන මත්ද්‍රව්‍ය යුද්ධයේ බියකරු බව සහ ම්ලේච්ඡත්වය හේතුවෙන් ජනාධිපති රොඩ්රිගෝ ඩුටේර්ට් එරට තුළ සහ ජාත්‍යන්තරයේද දැඩි දෝෂදර්ශනයට ලක්වන්නට විය. එහෙත් ඔහු තම සටන නොනැවැත්වූ අතර, පසුව තීරණය කළේ නැවත ජනාධිපතිවරණයට තරග නොකිරීමටය. ඒ අනුව 2022 පිලිපීන ජනාධිපතිවරණයෙන් එරට හිටපු ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ පුත් බොන්ග්බොන්ග් මාකෝස් බලයට පත්විය.

ඔහුද මත්ද්‍රව්‍ය යුද්ධය ඉදිරියට ගෙනයන බව ප්‍රකාශ කර තිබුණු අතර, දැනට ඔහුගේ පාලනයට වසර එකහමාරක් ගතව තිබියදී මත්ද්‍රව්‍ය අපරාධකරුවන් 400ක් පමණ ඝාතනයට ලක්ව ඇත. පසු කාලයේදී හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටේර්ට්ට එරෙහිව ජාත්‍යන්තරයෙන් විශාල අපරාධ චෝදනා එල්ලවූ අතර, ඔහු ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ගෙන යායුතු යැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන කිහිපයක්ම කියා සිටියේය. ඒ අනුව පසුගිය කාලයේ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා තිබෙන ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන්ද (International Criminal Court) විශේෂ ඉල්ලීමක් එරට නව ජනාධිපතිවරයා වෙත ලැබී තිබිණි.

එහෙත් නව ජනාධිපති බොන්ග්බොන්ග් මාකෝස් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කළ නායකයකු එසේ විදේශයට පාවාදිය නොහැකි යැයි ඔහු ප්‍රකාශ කර ඇත. ලෝකයේ නොයෙකුත් රටවල මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධවලට එරෙහිව එම රාජ්‍යයන් විසින් විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරී තිබුණද මෑත කාලයේ පිලිපීනයේ පැවැති මෙහෙයුම තරම් ඒ කිසිවක් බලගතු වූයේ නැත. එය අප ශ්‍රී ලංකාවටද විශේෂ වන්නේ ආසියාතික රටවල් ලෙස ගත් කලය. ලෝකයේ අංක එකේ ප්‍රබලතම ජාවාරම වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමයි. එයට තිත තැබීමට ලෙහෙසි නැත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

වැට් එක වැඩ පෙන්නන්න ලෑස්තියි! බස් ගාස්තු-ස්කූල් වෑන් ගාස්තු-ත්‍රීවීල් ගාස්තු වැඩිවෙනවා! අවම බස් ගාස්තුව 35යි! I Sri Lanka Latest News

Next Post

අපි තමයි කලින්ම කිව්වේ! ඔන්න වැඩේ හරි! ‘ඔව් මම ජනාධිපතිවරණයට එන්න සූදානමින් ඉන්නේ..’ පොහොට්ටුව මට කොන්දේසි 10 එව්වා! ධම්මික පෙරේරා එළියට බහී! I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.