• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලොක්කෝ දැං පාං ගණං ඉතිං ….පාං I Sri Lanka Latest News

December 31, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නීතියේ ඉස්පිල්ලක් පාපිල්ලක් රේපයක් පවා නොවරද්දා රකින අපේ පොලිස් දෙපාර්තමේන්තුවේ හක්මන බ්‍රාන්ච් එකේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සනත් කුමාර මහතාගේ උපදෙස් මත සැරයන් සෝමසිරි (925)තුමා මෙහෙයවන ලද අතිඋත්තම ගනයේ කේස් එකක් (පොල්මලේ කේස් එකටත් (හනස්ස) වඩා (උත්තරීතර) සම්බන්ධයෙන්, නලියන්නට පමණක් නොව, ලියන්නටම උපන් (නොලියා සිටින්නට බැරි නිසාම ලියන) ‘මව්රට’ට ආභරණයක් වන් අපේ ජීවන පහන් තිළිණ මහතා කරුණු කාරණා ටිකක් පසුගිය දොහක (දිනයක 2023.11.05) ‘මව්රට’ පත්‍රයේ 14 වැනි පිටුවේ “සුදහ ගින්න ඉවස ගන්නට බැරිම හින්දා කෑව ගස්ලබු ගෙඩියේ වන්දිය ගෙවපියව්” යන මැයෙන් හුදීජන පහන් සංවේගය කෙසේ වෙතත් භුමිතෙලෙන් (අපේ පැත්තේ හොයාගන්නටත් නැත) පත්තුකරන කුප්පි ලාම්පු සංවේගය උදෙසා හෝ සමාජගත කර තිබීම නම් පංකාදුය.(Sri Lanka Latest News)

රටේ ගෝරමේන්තුව (අපේ අත්තලා (සීයලා) ගවන්මන්ට් යන ඉංගිරිසි වචනයට දුන් සිංහල පදය) භාරකාර උරුමක්කාර, පොල්මඃකාර සහ අද්මිනිස්ත්‍රක්කාර යව්දිව් (දිවිඇතිතෙක්) බලය ඇත්තේ යැයි සිතන ජනපති ගොයියාට (උත්තමාචාර වදනකි-මහ ගොයියා-සුද්ධෝදන රජතුමාටත් ජාතක පොතේ යෙදී තිබුණා මතකය) පමණක් නොව පොලිස් දෙපාර්තමේන්තුවේ පිත්තල බොත්තං පමණක් නොව ජනරජ ලාංඡන සහ තරු ඔටුනු උරුමක්කාර, නිලමක්කාර උන්නාන්සේලාගේත් ගෞරව බහුමානය පිණිසම ලියාදක්වා තිබීම නම් මරේ මරුය.

ඒ සිද්ධිය වනාහි හක්මන වේපතඉර, ජූලම්පිටියේ තුන්දරු පියකු තම දරුවන්ගේ කුසගින්න නිවීම සඳහා ගස්ලබු ගෙඩි තුනක් සොරකම් කළ බව කියන කාරණයක් සම්බන්ධයෙන් අධිකරණයට ගෙනයාමය.

දෙයියන්දර වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රසන්න කොඩිතුවක්කු මැතිතුමා එහිදී යුක්තිය පසිඳනු ලැබ රුපියල් පනස් දහසක ශරීර ඇප මත තිදරු පියා මුදාහැර ඇත්තේය.

කවුරු මොනවා කීවද මම නම් (මේ ලියුම්කරු) හක්මන බ්‍රාන්ච් එකේ ‘චීෆා’ (පොලිස් ස්ථානාධිපතිවරුන් අමතනු ලබන පොදු ගෞරව නාමය) ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සනත් කුමාර මහතාට සේම සැරයන් සෝමසිරි (925) උත්තමයාටත් පිරිනැමිය හැකි උත්තමාචාරය, ගෞරවය Salutation විතරක් නොව අහවල් එකත් අම්මපා, අබමල් රේණුවක තරම්වත් අඩුවක් නොකර පිරිනමන්නට කැමැත්තෙම්හ. මන්ද යත් ඔය මනුස්සයා (තිදරු පියා) බැරිවෙලාවත් ආයුධ සඟවා ඇතැයි යන අභිප්‍රායෙන් කොහේ හරි තැනකට කැඳවාගෙන නොගිය එකටය. මතක නොවැ වතුකරයේ සහෝදරියකට කොළඹ පැත්තේ නිළියකගේද, බලියකගේද, නැත්නම් හැලියකගේද කියන ඇත්තියකගේ (ඇත්ති නොවේ ඕනෑ එකක්) ගෙදර දොරේ වැඩට ඇවිත් මොකක්දෝ කෙහෙම්මලකට පොලිසියට දක්කාගෙන ගිය පසු ආපහු ගම රටට යන්ට වුණේ නෑ නොවැ. ඉතිං ඕං කෙළිය. මගේ කුරුතඤ්ඤතාවය එහෙයිනි.

මා කුඩා සන්දියේ (නවසිය පනහ දශකයේ මුල් භාගයේ) වයස හයහත කාලයේ රඹුක්කන පදිංචිව සිටියත් මහ ගෙවල් තිබූ සීයලා ආච්චිලා පදිංචිව සිටි (ඉහළකෝට්ටේ, ගංගොඩ, කඹුරාගල) ගමේද හක්මන වේපතඉර, ජූලම්පිටියේ සේම ඇසූ දුටු සිද්ධියක් තවමත් අද ඊයේ සිදුවූවක් සේ සිහිපතේ (මතකයේ) තිබේ.

ඒ කතාව මැරුණත් ඇට කෑල්ලේ පවා ඉතුරු වෙතැයි යන්න නම් කිව හැකිය. අර කියන අන්දමේ තිදරු පියෙක් ඒ ගමේද විසුවේය. ඔහුගේ වයස අවුරුදු තිස්අටක් තරම්ය. කටුමැටි පැල්පතක විසූ හෙතෙම දරු පවුල රැක්කේ බැද්දෝල (බැද්දෙවෙල) වත්තේ (එකල සුද්දන්ට අයත් සමාගමක අක්කර දහස් ගණනක රබර් වත්තකි) දවස් කුලියට රබර් කිරි කැපීමෙනි.

පැල්බැඳගෙන වහින වැහි කාලයේ දිනෙක ඔහුගේ බිරිය හදිසියේ මියගියාය. වැස්ස නිසා කිරිකැපිල්ලක් ද නැත. කුලියක් මලියක් සොයාගැනීමට ද නැත. ලොකු දරුවාට වයස නමයකි. බාලයාට හතරකි. ඒ අතරේ මද්දුමයාය. බාල දෙන්නා දවසක් රෑට කන්න නැතුව කුසගින්නේ අඬන්න පටන් ගෙන තිබේ. බොහෝ වේලාවක් කල්පනා කරමින් සිටි ඒ තාත්තා ගෝනියක් නමා හිසට දා ගෙන “පුතේ මං එනකං මල්ලිලා දෙන්නා බලා ගන්නිං” යැයි ලොකු දරුවාට පවසා මහ වැස්සේ පට්ටපල් කරුවලේ තට්ට තනියම එළියට බැස තිබේ.

පැය භාගෙකින් හමාරකින් ඔහු ආපසු ඇවිත් ඇත්තේ කාගෙදෝ වත්තකින් කඩාගත් කුරුම්බා (වෑවර) වල්ලක්ද කරේ තියාගෙනය. (මවිසින් 1972 දී තරුණි පත්‍රයට ලියා කොටස් වශයෙන් පළකළ “ඔබ එනතුරු” නවකතාවටද මේ කතාව එක්කෙළෙමි)

ජීවන පහන් තිළිණගේ අර කතාව සමග මගේ අත්දැකීම වැට දිගට ගියේ (සිහිවූයේ) මා දන්නා අඳුනන මගේ මිතුරකු අවුත් ටික වෙලාවක් කතාකරමින් සිට කළ ඉල්ලීමක් නිසාය. ඔහු රජයේ විශ්‍රාමිකයෙකි. ඔහුගේ බිරිය ගෙදරදොරේ වැඩ බලාගෙන උන්නාය.

වෙනත් ආදායමක් නොවූ ඔවුන් යැපුණේ විශ්‍රාම වැටුපෙනි. දුවකුගේ කුඩා දරුවෙක්ද (මුනුබුරෙකු) නිවෙසේ සිටින්නේය. රැකියාවේ සිටියදී මාසෙකට කීයක් හෝ අතට එන අතිකාල දීමනාවක් තිබුණෙන් කාටවත් අතනොපා හෙතෙම යාන්තමින් “ජාම” බේරා ගත්තේය.

විශ්‍රාම ගියාට පසු ඒ වාසිය නැවතිණි. ඔහුගේ විශ්‍රාම වැටුප් පත මට පෙන්නුවේය. පහුගිය ආණ්ඩුවෙන් වැඩිකළ පන්දහසත් සමග මුළු වැටුප රුපියල් විසි අට දහස් ගණනකි.

“දොස්තර මහත්තයා සීනි වැඩියි කීව” එහෙත් තමා බෙහෙත් නොගන්නා බවද බිරියට නියමිත බෙහෙත් ටික කොහොම හරි අරන් දෙන බවද කීවේය. හෙතෙම නොහඬා ඇඬුවේය.

“මහත්තයා මට නං වතුර බිබී හරි ඉන්ඩ පුළුහං, දරුවයි, අර මනුස්සයයි ඉන්න හැටි දකිනවාට වැඩිය මැරෙන එක හොඳයි, උහුලන්න බෑ” කී හෙතෙම දෙනෙත් පිසදමා,

“මහත්තය පුළුවං නං මට කඩේක බඩු කිරන්ඩවත් අල්ලල දෙන්ඩ” යැයි පවසා යන්න ගියේය.
ඒ අහිංසක මනුස්සයා අවුරුදු තිහකට ආසන්න කාලයක් රාජකාරි කළ බව මම දනිමි. ඒත් මාසෙ අන්තිමට විශ්‍රාම වැටුප හැටියට දැං ලැබෙන ප්‍රමාණය තුන් දෙනකුට තියා එක්කෙනකුට හෝ තුන් වේල නොව දෙවේලක් හෝ පිරිමසාගත හැකිදැයි යන ප්‍රශ්නය ඔහුටම පමණක් නො වේ.

එහෙත් අවුරුදු පහක් වැඩක් (කර හෝ නොකර හෝ) ඉන්න උන්ට විශ්‍රාම වැටුපට අමතරව ඇති පහසුකම්. ඉන්ඩ ගෙවල්, යාන වාහන. මේ ඔක්කොම අර අහිංසක මනුස්සයා වගේම මේ රටේ කෝටි දෙකහමාරකට ආසන්න මනුස්ස ප්‍රාණී්න්ගේ ලේ දහඩිය නොවේද?පාරේ යදින (යාචක) වයෝවෘද්ධයකු, කුඩා දරුවකු කරපින්නාගෙන (වඩාගෙන) අනුන්ට අතපාන අසරනියක දකින මට සිහිවන්නේ ඒ ටිකය.

මැස්සකු, මදුරුවකු මරනවා තබා මස් මාළු කෑල්ලක් පවා කෑ නොහැකි මට “මුන් මරාගෙන කන්ඩ ඇත්නම්” යන හිතට එන ආවේගය මැඬගන්තේ ඉතා අමාරුවෙනි. කෙහෙළියා වැන්නවුන් නොදකින්නට පාරට නොබහින එක උන්නේ වාසනාවට නොව අපේ වාසනාවටය. නැත්තං අපට මෙලැහැකටත් යකඩ කූරු ගනිමින් ඉන්ට සිද්ධ වෙලාය.

මේ විසිතුන (2023) අවුරුද්දේ වලිගයේ අන්තිම කෙළවරය. හෙට සිට විසිහතරේ (2024) ආරම්භයයි. කෙළවිල්ල පටන් ගන්නේ ඊළඟටය. අරුන් කියන හැටියට 2048 වනතුරු එළිච්චි පස්සේ ගිය කැනහිලුන් මෙන් අපට බලා ඉන්න ඕනෑය.

හක්මන මනුස්සයා, ගංගොඩ කඹුරාගල මනුස්සයා සමාජ පෙරහැරේ කසකාරයන් පමණි.
පෙරහැර ඉස්සරහටය.

මිනිසුන් අතරේ භීතිය වපුරා තම මල්ල තරකර ගැනීමට මානබලන බඩගෝස්තරවාදීහු රියනක් පමණ එළියට ඇදගත් දිවක් සහිතව එහෙං මෙහෙං අවි ආයුධද, එක් අතක කඳින් වෙන්කළ මිනිස් හිසක්ද අතැතිව කාලි මාතාවගේ රූපය සමාජගත කරති.

ඔබ මට සමාව දෙන සේක්වා.

දෙදහස් විසිහතර (නව අවුරුද්ද) උදාවෙනවා යැයි කියන සෑම විටෙකම මට සිහියට නැගෙන්නේ අන්න අර කී අන්දමේ කෙනකු අප දෙස මාරාත්මක හිනාවක් පාමින් බලා සිටින චිත්‍රයකි.
ඇතිවන්නේ ගත කිළිපොලා යන භීිතියකි. බොහෝ දුරට ඒ රූපය අපේ කෙලක්කාගේ මුහුණේ ඩුප්ලිකේට් එකක් වැන්න.

ගතවූ වසර පහකට ආසන්න කාලය තුළ මුන්නේ කෙරුවාව නිසා එක වේලක් හෝ බඩගින්නේ නොසිටියා යැයි කියන්නට එකකු මේ රටේ නැති තරම්ය.

මේ වන විට හුස්ම ටිකවත් වැටෙන්නේවත් නැතිව සිටින අතරේ සෑම දේකටම සියයට දහ අටක (18%) වැට් බද්ද බද්දක් එකතු වෙනවා යැයි කියන විට කන්න වෙන්නේ මේ හැත්තගේ තුන්සූත්තරේ මිස වෙන දෙයක් නොවන බව කියන්නට සිදුවේ.

ඒ වුණාට මුන් ටික ආයෙත් අපට කොරන්ඩ එන බව කියන්නට පසුගියදා රට පුරා හන්දියක් හන්දියක් ගානේ පාරක් පාරක් ගානේ කුඩකොඩි ධජ සේසත් හැරමිටි, කොසුමිටි, ඉදල්මිටි අටවා පාපු (පෙන්නපු) අඬහැරය වෙනුවෙන් රුපියල් කෝටි විස්සක් වියදම් කළ බව කියනු ඇසිණි.

හැබැයි පුතේ වරෙල්ලා අපි උඹලට සලකඤ්ඤං යන්න ගැන මහජනයා කියන පූර්ව නිමිත්ත තණකොළ මිටි පෙළපාළියෙන්ම පෙනේ.

සංඛ්‍යා ලේඛනඥයන් දෛනික ජීවන දර්ශකය සකස් කිරීමට කෙනකුට දවසකට වැයවන අවම කැලරි ප්‍රමාණය ලබාගැනීමට අවශ්‍ය ආහාර ප්‍රමාණය මිලට ගැනීම සඳහා කොපමණ මුදලක් වුවමනා දැයි යන්න ගණනය කරන්නේය.

කිරි ටිකක්, බිත්තරයක්, මස් කෑල්ලක් හෝ මාළු කෑල්ලක් හෝ පමණක් නොව පරිප්පු, එළවළු ආදිය මෙපමණ මෙපමණ ගතයුතු යැයි කියන්නේ ඒ අන්දමටය.

ඉස්සර අපේ සීයලා කීවේ පනං හතරක් හොයාගත්තාම දවසේ වියදම හරි බවය. පනම යනු සත හයකි. ඒ අනුව පනං හතරක් යනු සත විසි පහකි. ඒ කාලයේ හතර පස් දෙනකුගේ පවුලක වියදමට පනං හතර ඉහටත් උඩිංය. ඔහු කී අන්දමට ආප්පයක් තුට්ටුවකි. තුට්ටුව යනු සත භාගයකි.

(අපේ සීයා ඉපදී ඇත්තේ එක්දහස් අටසිය හැත්තෑ (1870) ගණංවලය. මියගියේ 1966 දීය. අපේ කුඹුරු වැඩකර ගන්නට මීවස්සෙක් සහ මීදෙනක් උන්හ. උන් දෙන්නා ගස් බැඳීමකට යටත් නොකර රිසි සේ ඉන්නට අලගල්ල කන්දට මුදාහැර සිටියෝය. බඩ පුරා කා නා හැදුණු උන් අලි මෙන් විශාලය. වැඩට අල්ලා ගන්න ගිය විට උං කන්ද දෙබෑකරගෙන දුවන්නෝය. අපේ සියා උං පස්සෙ පන්නා උන්ට හැති වැටුණු පසු ඇදගෙන ආවේය. ඔය කතාව කීවෙ අවුරුදු අසූවේ අනූවේ හිටියත් අපේ සීයාගේ හයි හත්තිය ගැන කියන්නටය)

සීයලා සත භාගයට කෑ ආප්පයක් මා තුඩා කාලයේ සත තුනකි. 2017 තරම් වන විට රුපියල් පහක් තරම්ය. දැන් රුපියල් විස්සකි. බිත්තර ආප්පයක් රුපියල් එකසිය තිහකි.

පේරාදෙණි යන කාලයේ (1966 දී තරම්) අම්මා උදේට සත විසිපහක් දෙන්නීය. පේරාදෙණියේ මහවැලි ගඟේ පාලම ළඟ ජෆ්නා බ්‍රදර්ස්ලාගේ සයිවර කඩෙන් තෝසෙ දෙකකුයි වඩේ ගෙඩියකුයි කෑ විට බඩට ගල් දැම්මා සේය. හැන්දැවේ ගෙදර යනතුරු බඩ ෆුල් ලෝඩ්ය. දැං තෝසෙ එකක් රුපියල් සියයකි.

මා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දුම්රිය ශාඛාවේ වැඩකරන සමයේ (1970) දුම්රිය මාර්ගයේ වැඩකරන කම්කරු ශ්‍රේණියේ බොහෝ දෙනෙක් අඳුනන්නෝ වූහ. ඔවුහු ඇතැමෙක් පොල්ගහවෙල උදේ හතට වැඩට සිටින්නට මහව, නාගොල්ලාගම පැත්තේ සිට ආවේ පාන්දර තුනට තුන හමාරටය. කෑම ගේනවද? මම එක්කෙනකුගෙන් ඇසුවෙමි.

‘ඔච්චර පාන්දර උයන්න බෑනෙ’ ඔහු කීවේය.

‘එතකොට දවල්ට?’

‘වඩේ ගෙඩියක් කාල වතුර ටිකක් බීපුවම හරි.’

ඔය පහළ ශ්‍රේණිවල සේවකයන් සත පහකින් වේල පිරිමසා ගත් හැටිය.

දැං සත පහකින් කන්න ඇත්තේ මුන්නෙ අම්මලාගෙ දහරුවය.

දැං හාල් කිලෝ එකක් රුපියල් 210ක් පමණය. සම්බා කිලෝවක් 235කි. ඔය දෙක ජනවාරිවලින් පස්සේ පිළිවෙළින් 245ක් 250ක් සේම දෙසිය අසූවක් විය හැකිය. වෑංජනයකට රතුලූණු ගෙඩියක් නොදමා බැරිය. ඊයෙ පෙරේදා රතුලූණු පන්සීයක් 280කි. බීලූණු කිලෝවක් රුපියල් 630කි. වැට් එක වැදුණාම රතුලූණු පන්සීයක් 335ක් තරම් වෙයි. අවුරුද්දට කැවුම් ගෙඩියක් බැදගන්න නොව කරෝල කෑල්ලක් තෙලට දාගන්න බැරි තරංය. බෝතලේ රුපියල් හයසියයකි. හෙණ ගහන වැට් එක ගැහුවාම බෝතලේ කීයක් වෙයිද?බීලූණු පන්සියයක් මුදලාලිලාගේ දේව කරුණාවෙන් රුපියල් 370ක් විය හැකිය. දරුවකුට බිත්තරයක් කුකුළු මස් කෑල්ලක් දීමද සිහිනයකි.

මම එළවළුවක් ගන්න බ්‍රහස්පතිදා (28) රඹුක්කන පොළට ගියෙමි. අමු මිරිස් ග්‍රෑම් සියයක් එක තැනක රුපියල් දෙසීයකි. ඒ කියන්නේ කිලෝව රුපියල් දෙදාහකි. තවත් තැනක එකසිය හැටකි. ඒකෙ තේරුම කිලෝව රුපියල් එක් දහස් හයසියයකි.

අපි ඉස්සර පාන් රාත්තලක් සත විසිඅටට කෑවෙමු. කෑ හැකි මට්ටමේ පාන් ගෙඩියක් දැං රුපියල් දෙසීයකට ආසන්නය. ජනවාරියේ සිට 240ත් පනිණු නොඅනුමානය. එවිට නැති බැරි එකාට කාපාංය. ‘ඒයි අඩෝ ලොක්කෝ එතකොට …කාපාං’ය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

අනුර මාතරට කාන්තාවන් අරන් එයි! VIDEO I PHOTOS I Sri Lanka Latest News

Next Post

වැලිගම හෝටලයකදී වෙඩි හුවමාරුවක්! පොලිස් නිලධාරියකු මරුට! I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.