• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විශාල ගොඩනැගිලි පෙරළුණා! දහස් ගණනක් මැරුණා! මෙන්න හේතුව! ලංකාවත් වහාම සූදානම් වන්න…

February 21, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
විශාල ගොඩනැගිලි පෙරළුණා! දහස් ගණනක් මැරුණා! මෙන්න හේතුව! ලංකාවත් වහාම සූදානම් වන්න…
Share on WhatsAppShare on Facebook

‘මගේම බාල සහෝදරයා මේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයෙන් ගෙයක් ගන්න සිහින මව මවා හිටියේ. ඔහු ටිකක් යහමින් මුදල් තිබෙන කෙනෙක්. මේ මහල් නිවාස සංකීර්ණය හැදුවේ 2020 වසරේදියි. මේක හිරිම අලුත්. සුපිරි නිවාස සංකීර්ණයක්. කොහොම හරි මගේ සහෝදරයා ගිය 2022 වසරේ මැදදී විතර මෙහි නිවාසයක් මිලදී ගත්තා. ඒ සඳහා ඔහු තුර්කි ලීරා මිලියන 20ක විතර (ලීරා 01ක් ශ්‍රී ලංකා රුපියල් 19කි) විශාල මුදලක් වැයකළා. ඔහුට බිරිඳ සහ තරුණ වයසේ දරුවන් තිදෙනෙක්ද ඉන්නවා. මගේ සහෝදරයාගේ ගේ තිබුණේ තට්ටු 15ක නිවාස සංකීර්ණයේ 07 වැනි තට්ටුවේ. ඔහු නිවාසය මිලදී ගත් පසු පවුල සමග හරිම සතුටින් ජීවත් වුණා. මේක ඔහුගේ සිහින නිවාසයක් යැයි කියමින් සන්තෝෂ වුණා. ඒත් දෙවියනේ අද බලන්න වෙලා තියෙන විනාශයක්. මුළු තට්ටු 15ම බිමට කඩාගෙන වැටිලා සමතලා වෙලා. එදා මේ විනාශය වෙනකොට මුළු පවුලම නිවාසයේ තමයි හිටියේ. නින්දෙන් සිටිය නිසා දන්නෙත් නැතුව ඇති. දැනගත්තත් එළියට එන්න කිසි වෙලාවක් නැහැ. මම දැන් දවස් 03ක් විතර මේ ගොඩනැගිල්ල ඉස්සරහට ඇවිල්ලා බලාගෙන ඉන්නවා. මේක ඇතුළේ හිටපු දහස් ගණනක නිවැසියන්ගේ සිරුරුවලින් තවම ටිකයි හොයාගෙන තිබෙන්නේ. මගේ සහෝදරයාගේ පවුලේ පස්දෙනාගේ තොරතුරක් තවම නැහැ. මම මගේ පවුලේ අයත් එක්ක ජීවත් වෙලා ඉන්නේ ටිකක් දුරට වෙන්නයි. ඒ නිසා අපට එහි විශාල හානියක් සිදුවුණේ නැහැ. අනේ දෙවියනේ මේවා ඇත්තටම ජීවිතයේ සිහින නිවාසද…?’

හදවත කඩාහැලෙන, ළය පැලී යන මේ කතාන්දරය ඇසෙන්නේ කොතැනකින්ද? ඒ, වෙනත් කොතැනකින්වත් නොවේ. එනම් අද මහා ඛේදවාචකයක් සිදුව ඇති තුර්කියෙනි. මෙයට දින කිහිපයකට ඉහතදී තුර්කියේ සිදුවූ එම මහා ශෝකජනක සිදුවීම අද ලොව නොදන්නා කෙනෙක් නැති තරම්ය. මෙම මහා භූමිකම්පාව සිදුවූ තුර්කියේ දකුණුදිග ඇන්ටාක්යා නගරයේ තිබී කඩාවැටුණු තට්ටු 15කින් සමන්විත සුපිරි මහල් නිවාස සංකීර්ණයක් ඉදිරිපිට ඇති සුන්බුන් ගොඩට මීටර් කිහිපයකට දුරින් අබලන් වූ ප්ලාස්ටික් පුටුවක අසුන්ගත් වැඩිහිටි මිනිසකු මෙම අඳෝනාව කිසා සිටින්නේය. ඔහු තම හදවතට දෙඅත් තබාගනිමින් අල්ලා දෙවියන් යදිමින් මෙම අඳෝනාව පවසා සිටියි. නගරයේ මහා ගොඩනැගිලි කඩාවැටුණු විශාල ප්‍රමාණයට අනුව එම සුන්බුන් ඉවත් කිරීමද අතිශය අපහසුය. එමෙන්ම අතිශය ප්‍රමාදය. මේ හෙයින් බොහෝ ගොඩනැගිලි කඩාවැටුණු විලසින්ම තිබේ. ‘අපි සිහින ගෙවල්, විශාල ගෙවල්, උතුම් ගෙවල් හැදුවා නේද? ඒත් දෙවියනේ අද ඒවා කොහෙද?’ යැයි පුනපුනා කියමින් වැඩිහිටි මිනිසා සුන්බුන් දෙස බලාගෙන හඬාවැලපෙයි. බැලූ බැලූ අත මහා කොන්ක්‍රීට් කඳු කඩාවැටී නිසොල්මනේ සිටියි.

අද තුර්කියේ යන යන තැනින් ඇසෙන්නේ අඳෝනා සහ විලාපයන්ය. මේ ඛේදවාචකයෙන් මේ වන විට මිනිසුන් 35,000ක් මියගොස් ඇත. මෙම දරුණු භූ කම්පනය තුර්කියට සහ යාබද සිරියාවටද බලපානු ලැබුවත් එහි ප්‍රධානතම විනාශය සිදුවූයේ තුර්කියටය. සිරියාවට වඩා තුර්කිය යනු අතිශය ධනවත් රාජ්‍යයකි. එනම් තුර්කිය අයත් වන්නේ යුරෝපයට වන අතර සිරියාව අයත් වනනේ මැදපෙරදිගටය. මේ රටවල් දෙක ගැන තවත් පැහැදිලි කරනවා නම් සිරියාව අතිශය දුප්පත්, ආර්ථික ප්‍රශ්නවල එරී සිටින රටක් වෙයි. තුර්කියේ ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 10,863ක් වන අතර සිරියාවේ ඒකපුද්ගල ආදායම ඩොලර් 2,900ක අවම අගයකි. එය අතිශය විශාල වූ පරාසයකි. මෙවැනි තත්ත්වයක් යටතේ තුර්කියේ ඇති ගොඩනැගිලි සහ අනෙකුත් දේපළ ආදියද ඉතා සුඛෝපභෝගී අයුරින් ගොඩනගා තිබේ. මෙම මහා භූමි කම්පාව සිදුවූ තුර්කියේ දකුණුදිග ප්‍රදේශයේ මේ ආකාරයේ විශාල ගොඩනැගිලි සංකීර්ණ සියදහස් ගණනක් දක්නට ඇත. එහිදී මෙම භූමිකම්පාව හේතුවෙන් එම ප්‍රදේශයේ තිබුණු පැරැණි සහ අලුත් තට්ටු නිවාස සංකීර්ණ 1,500කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම බිමට කඩාවැටී ඇත. මෙම තත්ත්වය සත්‍ය ලෙසම ලෝක වාර්තාවක් ලෙසටද සැලකෙයි. එනම් මින් පෙර ලෝකයේ සිදුවූ කිසිදු භූ කම්පනයකදී මේ ආකාරයේ ගොඩනැගිලි කඩාවැටීමක් සිදුවී නැත. තවද මෙම ගොඩනැගිලිවලින් විශාල ප්‍රමාණයක්ම මිනිසුන් වාසය කරන මහල් නිවාස සංකීර්ණයන්ය. මෙවැනි අරුමපුදම වටපිටාවක් යටතේදී දැන් තුර්කියේ උද්ගතව ඇති අලුත්ම තත්ත්වය කුමක්ද? එය එක්තරා ආකාරයකින් එම සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇතිකරන තත්ත්වයක් වී ඇත.

එනම් මේ මහා භූ කම්පන විනාශයත් සමග දැන් තුර්කියේ සහ ලෝකයේ අනෙකුත් බොහෝ රටවල විවිධ පාර්ශ්ව නගන ප්‍රධානතම ප්‍රශ්නය නම් මේ ආකාරයේ ගොඩනැගිලි කඩාගෙන වැටීමට හේතු වූයේ භූ කම්පනය පමණක්ද යන්නය. එසේත් නැතිනම් වෙනත් හේතු සාධකද? එම තත්ත්වය යටතේ අද තුර්කිය පුරාම ජනතාව නගන ප්‍රධානතම ප්‍රශ්නය නම් මෙලෙස ගොඩනැගිලි දහස් ගණනක් කඩාගෙන වැටුණේ භූ කම්පනයේ බලපෑමට අමතරව මෙවැනි නවීන ගොඩනැගිලි ඉදිකිරීමේ දුර්වලතාවක් මතද යන කරුණ මතුකරමිනි. අද මෙය අතිශය ප්‍රබල චෝදනාවක් හා දෝෂාරෝපණයක් බවට පත්ව ඇත.

මෙම තත්ත්වය පිළිබඳ තුර්කියේ සිටින ප්‍රධානතම භූ විද්‍යාඥයකු වන නැසි ගොරුර් (Naci Gorur) මාධ්‍ය වෙත ඉතා ප්‍රබල ප්‍රකාශයක් ලබාදී තිබිණි.

‘1999 වසරේදී තුර්කියට රිච්ටර් මාපාංක 7.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් ආවා. එහිදී 17,000ක් පමණ මියගියා. ඒත් මෙවර භූ කම්පනයෙන් 35,000ක් මියගොස් තිබෙනවා. තුර්කිය කියන්නේ මෙයට වසර 100ක පමණ කාලයක සිට භූ කම්පන ගණනාවකට ලක්වුණු රටක්. 1999 කම්පනයෙන් පස්සේ අපි පාලක රජයන්ට තදබල ලෙස කියා සිටියා ඉදිරියේදී රට තුළ ඉදිකෙරෙන විශාල ගොඩනැගිලි ඉතා ඉහළ භූ කම්පන ප්‍රමිතියට අනුව ගොඩනැගිය යුතුයි කියලා. ඒ සඳහා රජය නීති නිර්නායකයන්ද ලබාදී තිබුණා. කෙසේ හෝ කාලයෙන් කාලයට රට තුළ විවිධ නවීන ගොඩනැගිලි ඉදිවුණා. මේවායින් බහුතරයක්ම ගොඩනැගුණේ පසුගිය වසර 07, එනම් 2015න් පසුවයි. සුපිරි මහල් නිවාස සංකීර්ණ රාශියක් ගොඩනැගුණා. ඒ හැම ගොඩනැගිල්ලක්ම තට්ටු 12-15 අතර ප්‍රමාණයන්ගෙන් ඉදිවී තිබුණා. ඒත් දැන් සිදුවී ඇති විනාශය බලන්න. මේ නවීන මහල් නිවාස සංකීර්ණ ගොඩනැගිලි රාශියක්ම පොළොවට කඩාගෙන වැටිලා. මේ තත්ත්වයෙන් පෙනෙන්නේ මේ ගොඩනැගිලි භූ කම්පන ප්‍රමිතියට අනුව ඉදිකරලා නැති බවයි. රිච්ටර් මාපකයේ ඒකක 8-9 ප්‍රබලත්වයට වුණත් ඔරොත්තු දෙන ආකාරයෙන් ගොඩනැගිලි හදන්න පුළුවන්. ඒ සඳහා ගොඩනැගිල්ලේ අත්තිවාරම් ඉතා අධික ගැඹුරක ඝන කොන්ක්‍රීට් සහ ඝන යකඩ යොදා ශක්තිමත්ව නිර්මාණය කරන්න ඕනෑ. එවිට භූ කම්පනය බලපාන්නේ නැහැ. එහෙත් දැන් මෙහිදී පෙනී යන්නේ මෙම නවීන ගොඩනැගිලි රාශියක් එම අදාළ ප්‍රමිතියට හදලා නැති බවයි. කඩාගෙන වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් ඉවත්කිරීමේදී ඒ බව හොඳින්ම පෙනී යනවා. මේ කිසිම ගොඩනැගිල්ලක අඩිතාලම නියම ප්‍රමිතියට නැහැ. එසේම තට්ටු ගොඩනැගීමේදීද ඉතා බාල වර්ගයේ අමුද්‍රව්‍ය තමයි භාවිත කරලා තියෙන්නේ. සමහර යකඩ අතින් නවන්නත් පුළුවන්. මේක හිතාමතාම සිදුකර ඇති විනාශයක්. තට්ටු නිවාසවල සිටි ජනතාවනේ 90%ක්ම මියගිහින්. මෙවැනි බාල ගොඩනැගිලි හදපු ව්‍යාපාරික පිරිස්වලට එරෙහිව වහාම නීතියෙන් දඬුවම් කරන්න ඕනෑ…’

මේ ආකාරයට එම ප්‍රවීණ භූ විද්‍යාඥයා ප්‍රබල ප්‍රකාශයක් සිදුකර තිබිණි. මෙවැනි වගතුගක් සමගම තුර්කි රජය මේ වන විට බාල ප්‍රමිතියෙන් යුත් සුපිරි නවීන මහල් නිවාස සංකීර්ණ ඉදිකළ ධනවත් ව්‍යාපාරිකයන් සහ කොන්ත්‍රාත්කරුවන් සොයා විශාල මෙහෙයුමක් දියත් කර ඇත. ඒ අනුව තුර්කියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ආරක්ෂක අංශ මෙම මෙහෙයුමට එක්වී සිටියි. මෙම මෙහෙයුම යටතේ මේ වන විට එවැනි ධනවත් ව්‍යාපාරිකයන් 116 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර එවැනි ධනකුවේර ව්‍යාපාරිකයන් දෙදෙනකු පසුගියදා තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් විදේශ රටවලට පැන යෑමට සූදානමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම ඉදිකිරීම් සමාගම් හිමිකරුවන් දෙදෙනා විසින් 2018 සිට 2022 දක්වා ගොඩනගන ලද සුපිරි මහල් නිවාස සංකීර්ණ 04ක් මුළුමනින්ම බිමට සමතලාවී ඇත. මෙම නිවාස සංකීර්ණවල සියලු නිවෙස්වල ජනතාව වාසය කරන ඇති අතර එම පිරිස් අතරින් 95%ක්ම මියගොස් ඇත. මෙම ව්‍යාපාරිකයන් දෙදෙනාට එරෙහිව ප්‍රබල ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඉතිරි ව්‍යාපාරිකයන් 116 දෙනාටද එරෙහිව නීතිමය කටයුතු සම්පාදනය වෙමින් ඇත. මෙහිදී හෙළිවී ඇති අනෙක් සුවිශේෂ කරුණ වන්නේ මෙවැනි ව්‍යාපාරිකයන් තම ගොඩනැගිලි ප්‍රමිතියෙන් තොරව ඉදිකිරීමේදී විවිධ රාජ්‍ය ආයතනයන්ට අල්ලස් ලබාදී අදාළ සැලසුම් අනුමත කරගන්නා බවය. මෙම සෑම සුපිරි නිවාසයක්ම ඔවුන් පසුව අලෙවි කර ඇත්තේද තුර්කි ලීරා මිලියන ගණන්වලටය. එහෙයින් මෙම නිවාස සංකීර්ණවල ජීවත්වූ බොහෝ පිරිස් යම් සැලකිය යුතු ධනවත් තත්ත්වයක සිටි පුද්ගලයන් විය. එහෙත් අද ඒ කිසිවකුත් මෙලොව නොමැත.

තුර්කියේ මෙම මහා ශෝකාලාපය හමුවේ හෙළිවී ඇති තවත් අපූරු කරුණකි. එනම් තුර්කියේ ජනාධිපතිවරයාට එරෙහිව නැගෙන ප්‍රබල චෝදනාවන්ය. දැනට 68 හැවිරිදි තුර්කි ජනාධිපති රෙසෙප් ටායිප් එර්ඩෝගන් (Recep Tayyip Erdoğan) යනු ඉතා තදබල ඒකාධිපති පාලකයෙකි. ඔහු දැනට වසර 10කට ආසන්න කාලයක් ජනාධිපති ධුරයේ රැඳී සිටියි. පසුගිය කාලයේ ඔහුට එරෙහිව තුර්කියේ ඉතා ප්‍රබල ජන අරගල ගණනාවක් ඇතිවිය. ඔහු යම් ආකාරයකින් තුර්කියේ ජනතාවගේ ආර්ථික සහ මූල්‍ය ප්‍රශ්න විසඳා තිබුණද බොහෝ විට තමන්ගේම මතයට කටයුතු කරන රාජ්‍ය පාලකයකු ලෙස එර්ඩෝගන් ප්‍රසිද්ධය. මොහු මීට එරට අගමැති ධුරය වසර 11ක් පුරා දැරීය. ඔහුට එරෙහිව විවිධ දූෂණ වංචා චෝදනාද බොහෝ ඇත.

මෙවැනි වටපිටාවකදී ඔහුට මෙම භූ කම්පනයට අදාළවද නැගෙන දෝෂාරෝපණයන් බොහෝය. එනම් තුර්කියේ රාජ්‍ය පාලකයා ලෙස භූ කම්පනයට පෙර හා පසුව ඔහු ගත් පියවර ගැන ඔහුට එරෙහිව ජනතාව චෝදනා කරති. 53 හැවිරිදි ගණකාධිකාරිවරයකු වන තුර්කි ජාතික මියායිල් ගල් (Mikail Gul) නමැති පුද්ගලයා මාධ්‍යයට මෙසේ ප්‍රකාශ කර ඇත.

‘මමත් මේ රාජ්‍ය පාලනයට අවුරුදු 20ක් පුරා ඡන්දය දීපු කෙනෙක්. ඒත් ජනාධිපති එර්ඩෝගන්ගේ වත්මන් කාලයේ පාලනය ඉතා අකර්මණ්‍යයි. ඒ වගේම ඉතා හිතුවක්කාරයි. ඔහු දැනට අගමැති ධුරයේ සහ ජනාධිපති ධුරයේ තනතුරුවල වසර 20ක සිට කටයුතු කරනවා. මේ රට භූ කම්පන තිබෙන රටක් වශයෙන් නම්කරලා තියෙන්නේ. එහෙත් ඔහු රාජ්‍ය පාලකයා ලෙස ඒ අනතුරුවලට කිසි පෙර සූදානමක් තිබුණේ නැහැ. එසේම දැන් විනාශය සිදුවෙලත් ඔහුගේ ක්‍රියාකලාපය ඉතා දුර්වලයි. මේ ජනාධිපතිවරයා 2021 වසරේදී තුර්කියේ සිදුවූ ලැව්ගිනි විනාශයේදීත් මේ ආකාරයෙන්ම කටයුතු කළා. ඒවා වළක්වා ගන්නට එවිට රජයට බැරිවුණා. අද මගේ පවුලේ පස් දෙනකුම මේ විනාශයෙන් මියගිහින්. මම කරන්නේ මොනවද කියලා හිතාගන්න බැහැ. අද ජීවිතේ බේරාගත්තු මිනිස්සු තවමත් මහපාරවල හිම මිදෙන සීතලේ ගැහි ගැහී ඉන්නවා කුසගින්නේ. මේ වගේ පාලකයෝ තුර්කියට ඉදිරියට අවශ්‍ය නැහැ. මේ 2023 වසරේ මැයි මාසයේදී තුර්කියේ ජනාධිපතිවරණය එනවා. එවිට ජනතාව ජනාධිපති එර්ඩෝගන් ගැන තීරණයක් ගනීවි…’ යැයි ඔහු ආවේගශීලීව ප්‍රකාශ කර ඇත.

තුර්කියේ මහා භූ කම්පනයෙන් අනතුරුව පසු විපරමක් ලෙස ඔබට ඉහත වගතුග ලියා තැබුවෙමි. කෙසේ හෝ එම විනාශයෙන් දවස් කිහිපයක් යන්නට මත්තෙන්ම ශ්‍රී ලංකාව තුළින්ද භූමි කම්පාවක තොරතුරක් ගැන ඇසෙන්නට විය. මේ අනුව වැල්ලවාය, බුත්තල ප්‍රදේශයේ රිච්ටර් පරිමාණ 2.5 සහ 3.3 ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පන දෙකක් ඇතිවිය. මෙම තත්ත්වය යටතේ කිසිදු පුද්ගලයකුට හෝ දේපළකට හානියක් සිදු නොවීය. එහෙත් මේ අනතුරු පිළිබඳ භූ විද්‍යාඥයන් කිහිප දෙනකු තම මත ප්‍රකාශ කර තිබිණි. ඇතැම් විද්වතුන් මෙය බියකරු තත්ත්වයක් නොවන බවට යම් කරුණු ඉදිරිපත් කර තිබිණි. එහෙත් ඇතැමුන් ප්‍රකාශ කර තිබුණේ මේ තත්ත්වයන් දැඩි අවධානයකට ගතයුතු බවය. එනම් දිගින් දිගටම එවැනි අනතුරු සිදුවන්නේ නම් දැඩි අවධානයක් යොමුකළ යුතු බවය. එම විද්වත් ප්‍රකාශයන් කිහිපයක් මෙසේ ගෙනහැර දැක්විය හැකිය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය අතුල සේනාරත්න මහතා

‘බුත්තල සහ වැල්ලවාය ප්‍රදේශවල භූ කම්පන බරපතළ ආකාරයේ ඒවා නොවෙයි. ඔස්ටේ්‍රලියානු භූ තලයේ මෑතකදී සිදුවූ යම් වෙනස්වීම් ආශ්‍රිත කරගෙනයි ඒවා ඇතිවී තිබෙන්නේ. ඔස්ටේ්‍රලියානු භූ තලය තිබෙන්නේ කිලෝමීටර් 1000ක පමණ දුරකින්. ඒ නිසා ශ්‍රී ලංකාවට යම් කම්පනයක් දැනෙනවා. කෙසේ වෙතත් අපට බලපානු ලබන භූ කම්පන ගැන මුලින් කියන්නට ක්‍රමයක් නැහැ. පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් ගණනාවක් යට සිදුවන විපර්යාසයන් කාටවත් වේලාසන කියන්න බැහැ. කාලීන වශයෙන් අධ්‍යයනයක් සිදුකිරීම තුළින් පමණක් යම් සාධක කියන්නට පුළුවන්. කෙසේ හෝ අප රටත් අවධානයෙන් සිටීම වැදගත්…’

ශ්‍රී ලකාවේ සිටින කීර්තිමත් භූ විද්‍යාඥයකු වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ප්‍රධානී, මහාචාර්ය කපිල දහනායක මහතා

‘ශ්‍රී ලංකාවේ භූ කම්පන ගැන දැනට බියවිය යුතු තත්ත්වයක් නැහැ. එහෙත් එකම කම්පනවල බලය තවත් වැඩි වෙනවා නම් අවධානයෙන් සිටිය යුතුයි. මෙවැනි කම්පන තවදුරටත් එම ප්‍රදේශවල දිගින් දිගටම සිදුවෙනවා නම් එය බරපතළ ගැටලුවක් විය හැකියි…’ යැයි පැවැසීය.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ආගමික නායකයන් සිවිල් සමාජ නායකයන් අසාමාන්‍ය විදුලි බිල ඉහළ දැමීම ගැන විපක්ෂනායක සමග තීරණාත්මක සාකච්ඡාවක්! VIDEO

Next Post

පාකිස්තානයෙන් අයි.එම්.එෆ්. සංවිධානය යන්න යයි, අවුරුදු 3ක් ගතවෙලත් තවම ඩොලරයක්වත් දීලා නැහැ, ශ්‍රී ලංකාවටත් පාකිස්තානයට වුණු දේ වෙයිද?

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.