• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාකිස්තානයෙන් අයි.එම්.එෆ්. සංවිධානය යන්න යයි, අවුරුදු 3ක් ගතවෙලත් තවම ඩොලරයක්වත් දීලා නැහැ, ශ්‍රී ලංකාවටත් පාකිස්තානයට වුණු දේ වෙයිද?

February 21, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
පාකිස්තානයෙන් අයි.එම්.එෆ්. සංවිධානය යන්න යයි, අවුරුදු 3ක් ගතවෙලත් තවම ඩොලරයක්වත් දීලා නැහැ, ශ්‍රී ලංකාවටත් පාකිස්තානයට වුණු දේ වෙයිද?
Share on WhatsAppShare on Facebook

‘යම් රටකට ණය ගැනීමට අවශ්‍ය නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලා සිටින කොන්දේසි ඉටුකරන්න ඕනෑ. ලෝකයේ ඕනෑම රටකට එම නීතිරීති සහ ක්‍රමවේදයන් පොදුයි. අපේ රට පාකිස්තානයටත් දැන් ඒ දේ සිදුවෙලා තියෙනවා. අයි.එම්.එෆ්. කියන විදියට පාකිස්තානයේ රජය කටයුතු කළ යුතුයි. පසුගිය දවස්වල අයි.එම්.එෆ්. නියෝජිත කණ්ඩායක් පාකිස්තානයට ඇවිත් දින 10ක්ම රජය සමග සාකච්ඡා කළා. පාකිස්තානය ඩොලර් බිලියන 06ක ණයක් ඉල්ලා තිබුණා. එයට අමතරව තවත් ඩොලර් බිලියන 01ක්ද ඉල්ලා තිබුණා. මේ ඩොලර් බිලියන 07න් ඩොලර් බිලියන 01.2ක් තමයි මුල්ම වාරිකය ලෙස ලබාදීමට නියමිතව තිබෙන්නේ. 2022 දෙසැම්බර් මාසයේදී තමයි ඒ වාරිකය ලබාදීමට නියමිතව තිබුණේ. එහෙත් මේ දක්වා කිසිම මුදලක් ලැබී නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන ප්‍රධානතම කොන්දේසිය තමයි ණය ලබාගන්නා රට තුළ ඇති බදු මුදල් අයකිරීම් ඉහළ දැමීමට කටයුතු කිරීම. ඒ අනුව දැන් පාකිස්තානය එකඟ වෙලා තියෙනවා නව බදු ක්‍රමවේදයක හරහා පාකිස්තාන රුපියල් බිලියන 170ක මුදලකින් බදු අදායම වැඩි කරගැනීමට. මෙහිදී ඉන්ධන බදු පවා වැඩිවන නිසා පෙට්‍රල්, ඩීසල් ඉන්ධන පවා ඉහළ යනවා. මෙවැනි වටපිටාවක් තිබියදී පසුගියදා සිදුවුණේ පුදුමාකාර දෙයක්. එනම් දින 10ක් එක දිගට පාකිස්තාන රජය සමග සාකච්ඡා පවත්වපු IMF නියෝජිත කණඩායම කිසිදු තීරණයකට එන්නේ නැතිව හදිසියේම රටින් පිටවෙලා ගියා. ඒ කියන්නේ රජය සමග අවශ්‍ය එකඟතාවට IMF එක පැමිණ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පැහැදිලිවම දේශපාලන කැපකිරීමක් ඕනෑ. පාකිස්තානයට ඉදිරි සතිය ඉතාමත් තීරණාත්මකයි. රජයට ඉක්මනින්ම තීරණ රාශියක් ගැනීමට සිදුවේවි. එසේ නොකළහොත් එය පාකිස්තානයට රතු එළියක් වෙනවා ඇත…’

කුමක්ද මේ බැරෑරුම් කතාන්දරය? මෙම වගතුග ඇසෙන්නේ ශ්‍රී ලංකාවට සමීප දේශයක් වන පාකිස්තානයෙනි. පාකිස්තානයේ කරච්චි නගරයේ පිහිටා ඇති සමාජ විද්‍යා පර්යේෂණ ආයතනයේ (Social Science Research Institute) ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යා විශේෂඥයකු වන අසාඩ් සායිඩ් (Asad Sayeed) විසින් මෙම ප්‍රකාශය සිදුකරනු ලබයි. ලොව ප්‍රකට මාධ්‍ය ආයතනයක් වන අල් ජසීරා සමග සිදුකර ඇති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. පසුගියදා පාකිස්තානය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සිදුවූ යම් අර්බුදකාරී තත්ත්වයකට අදාළව ඔහු මෙම වගතුග හෙළිකර තිබිණි. පාකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඩොලර් බිලියන 06ක ණය මුදලක් ලබාගැනීමට වැඩසටහන් සම්පාදනය කළේ 2019 වසරේදීය. එය පසුව ඩොලර් බිලියන 07 දක්වා වැඩිකරනු ලැබීය. කෙසේ හෝ මෙතෙක් වසර 03ක් පමණ ගතවී තිබියදීත් IMF සංවිධානය කිසිදු වාරිකයක් පාකිස්තානයට ලබාදී නොමැත. පළමු වාරිකය වූ ඩොලර් බිලියන 1.2ක මෙම පෙබරවාරි මාසයේදී ලබාදීමට තිබුණත් පසුගියදා හදිසියේ සාකච්ඡා අසාර්ථක වූ හෙයින් එය ඇණහිට ඇත. එසේම මෙම ණය මුදල ලබාගැනී සඳහා තවද පාකිස්තානය සහ IMF අතර කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුම්ද අස්සන් කර නැත. එසේම එය අස්සන් කළ පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය වෙත යැවිය යුතුය.

මෙලෙස පසුගියදා පාකිස්තානයට පැමිණි IMF නියෝජිත කණ්ඩායම අවසන් ප්‍රකාශයකින් තොරව රටින් පිටව ගිය හෙයින්, සාකච්ඡාවල ප්‍රතිඵලය පිළිබඳ යම් ව්‍යාකූලත්වයක් තිබෙන බව පාකිස්තානයේ මුදල් ආත්‍ය ඉෂාක් ඩාර් (Ishaq Dar) මාධ්‍යයට ප්‍රකාශ කර ඇත. එසේම දෙපාර්ශ්වයම මෙතෙක් කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුම් අස්සන් කර නොමැති බවද මුදල් ආත්‍යවරයා පිළිගෙන ඇත. මෙලෙස ඇතිවී තිබෙන හදිසි අර්බුදය පිළිබඳ ඔහු මෙලෙස මාධ්‍යයට කරුණු ප්‍රකාශ කර ඇත.

‘අපි පසුගිය දින 10ක පමණ කාලයක් පුරා IMF නියෝජිත කණ්ඩායම සමග සාකච්ඡා කළා. නමුත් නිසි එකඟතාවකින් තොරව සාකච්ඡා අවසාන කිරීමට සිදුවුණා. සාමාන්‍ය ක්‍රියාපටිපාටි හේතුවෙනුයි මූලික වාරිකයේ ගෙවීම් ප්‍රමාද වී තිබෙන්නේ. මේක ඇත්තටම විශාල අර්බුදයක් නෙවෙයි. එහෙත් IMF කොන්දේසිවලට පාකිස්තානය අවනත වෙන්න ඕනෑ. පාකිස්තානය මීට පෙර වතාවන් ගණනාවකදීම IMF සංවිධානයෙන් ණය ආධාර ලබාගෙන තිබුණා. මෙවර අප ඉල්ලා සිටින ණය මුදල යම් ඉහළ අගයක් ගන්නවා. පසුගියදා පැවැති සාකච්ඡාවලට පැමිණි දූත පිරිසේ ප්‍රධානියා නේතන් පෝටර් පවසා සිටියේ අපගේ සාකච්ඡාවල ප්‍රගතියක් තිබෙන බවයි. ඉදිරියට සාකච්ඡා නවත්වන තත්ත්වයක් උද්ගත වෙලා නැහැ. පාකිස්තානයේ නව බදු හරහා පාකිස්තාන රුපියල් බිලියන 170ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 627ක් අමතරව උපයා ගැනීමට අපගේ රජය බලාපොරොත්තු වෙනවා. නව බදු ක්‍රමවේදයක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීම IMF සංවිධානයේ ප්‍රධාන කොන්දේසියක්. අකැමැත්තෙන් වුණත් මේ තීරණ ගැනීමට සිදුවෙනවා. එහෙත් මෙම නව බදු ක්‍රමවේදය මුළුමනින්ම ජනතාව මතම පටවමින් සිදුකරන්නට බලාපොරොත්තු වන්නේත් නැහැ. එහිදී කෙසේ වෙතත් වක්‍රාකාරව එම බදු පැනවීම් සිදුකරන්නට පුළුවන්. පසුගිය 2023 පෙබරවාරි මුල් සතිය වන විට පාකිස්තානයේ විදේශ සංචිත ඩොලර් බිලියන 2.9 දක්වා ශීඝ්‍ර ලෙස පහත වැටිලා. මෙම සංචිතය තව දින 25කටත් අපට ප්‍රමාණවත් මදි. මේ නිසා අපට IMF සංවිධානයේ සහාය අත්‍යාවශ්‍යයි. IMF සංවිධානයේ ප්‍රමාදයක් වනවා නම් එය ඉතා බරපතළ ප්‍රතිවිපාක ඇතිකිරීමට හේතු වෙනවා. IMF විසින් අපෙන් ඉල්ලා ඇති කොන්දේසි අතරට ආදායම් එකතු කිරීම, ඉලක්ක නොකළ සහනාධාර ඉවත් කිරීම, විනිමය අනුපාතිකයට මැදිහත් නොවීම සහ තවත් කොන්දේසි ගණනාවක්ම ඇතුළත් වෙනවා….’

පාකිස්තානයේ මුදල් අමාත්‍ය ඉෂාක් ඩාර් තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ පාකිස්තාන රජය මෙම ඉදිරි දින කිහිපය තුළදී IMF සංවිධානයට තදබල ලෙස ඉල්ලීම් සිදුකරමින් නැවත හැකි ඉක්මනට ඉදිරි සති දෙක තුළ සාකච්ඡාවක් ලබාගන්නා බවයි. ඒ අනුව දේශපාලන විශ්ලේෂකයන් ප්‍රකාශ කර ඇත්තේ මෙම තත්ත්වය යටතේ පාකිස්තාන රජය IMF සංවිධානයට බොහෝ ආයාචනයන් රැසක්ම සිදුකර ඇති බවය. පසුගිය දිනවලදී සිදුවූ මෙම බැගෑපත්වීම් හේතුවෙන් දැන් IMF සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි සතියේදී පණ නැවත වරක් පාකිස්තානයට පැමිණ සාකච්ඡා පැවැත්වීම ආරම්භ කරන බවයි. මේ තත්ත්වය යටතේ මේ දිනවල පාකිස්තානයේ රජය IMF කොන්දේසි නොපිරිහෙලා ඉටුකිරීමට දිවා රාත්‍රී කටයුතු කරමින් සිටී.

මේ අතර පාකිස්තානයේ වත්මන් අගමැති ෂෙහ්බාස් ෂරීෆ් (Shehbaz Sharif) පාකිස්තාන IMF අර්බුදය ගැන ප්‍රකාශ කර ඇත්තේ IMF ඇප දීමේ කොන්දේසිවලට රජය වහා එකඟ වන බවයි. නැවත හැකි ඉක්මනින් IMF සාකච්ඡා පැවැත්විය යුතු යැයි ඔහු ප්‍රකාශ කර ඇත. මෙම තත්ත්වය ‘පරිකල්පනයෙන් ඔබ්බට’ ගිය ක්‍රියාවලියක් යැයිද ඔහු අවධාරණය කර ඇත. ඔහු එයින් අර්ථවත් කර ඇත්තේ රටේ ජනතාව පීඩාවට පත්කරනු ලබන ක්‍රියාවලියක් ලෙසිනි. මෙම තත්ත්වය යටතේ පසුගියදා එරට තුළ ඉන්ධන මිලද ඉහළ දැමූ අතර විදුලි බිල් ගාස්තුද ඉහළ දැමීමට කටයුතු කරගෙන යයි. පාකිස්තානයේ අගමැතිවරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එරට වත්මන් ආර්ථික අභියෝගය සිතාගත නොහැකි තරම් අර්බුදකාරී එකක් බවයි. එවැනි තත්ත්වයක් යටතේ IMF කොන්දේසි ක්‍රියාත්මක කිරීම අදහාගත නොහැකි බවත්, එහෙත් අතිශය අකැමැත්තෙන් හෝ එය සිදුකළ යුතු යැයි ෂෙහ්බාස් ෂරීෆ් අගමැතිවරයා රූපවාහිනී සාකච්ඡාවකදී පවසා ඇත.

පාකිස්තානයේ දේශපාලන ව්‍යාකූලත්වය සහ පිරිහෙන ආරක්ෂක තත්ත්වය මධ්‍යයේ අධික විදේශ ණය ගෙවීමට උත්සාහ කිරීමේදී ගෙවුම් ශේෂ අර්බුදයකින් පාකිස්තානය දැඩි ලෙස පීඩාවට පත්විය. මේ අතර වසර 48කට පසුව පාකිස්තානය තුළ උද්ධමනයද ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මේ කාලයේ පාකිස්තානයේ බහුතර ජනතාව එදිනෙදා ආහාර ලබාගැනීමට මහත් දුකක් විඳිමින් සිටී. එසේම අනෙක් සුවිශේෂ පුවත වන්නේ දැනට පාකිස්තානයේ ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 1,658ක් වැනි ඉතා අවම අගයකට පත්ව තිබීමය. එනම් මෙම අගය දැනට ලෝකයේ 177 වැනි ස්ථානයටද පත්ව තිබේ. කෙසේ හෝ පාකිස්තානය යනු දීර්ඝ කාලීනව යම් දරිද්‍රතාවකට පත්ව සිටි රටක් වුවත් දැන් එම තත්ත්වය අතිශය ශීඝ්‍ර ලෙස වර්ධනය වී ඇත. පාකිස්තානය ඉක්මනින්ම IMF පිහිට පතන්නේ එහෙයිනි.

පසුගියදා IMF නියෝජිත කණ්ඩායම අවසන් නිගනයකට නොපැමිණ පාකිස්තානයෙන් පිටව යන විටදී පාකිස්තාන රජය ඉල්ලීමක් කර ඇත්තේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති සංදේශය (The Memorandum of Economic and Financial Policies) යන ලියැවිල්ල තමන් වෙත ලබාදෙන ලෙසයි. කෙසේ හෝ දින 10ක් සාකච්ඡා සිදුකළද එම විශේෂ ලියවිල්ල ලබාදී නොතිබිණි. මෙය කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම ප්‍රකාශ කරන සියලු කොන්දේසි පියවර සහ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග විස්තර කරන ප්‍රධාන ලේඛනයකි. මෙම ලේඛනයේ ඇති නීතිරීති සහ කොන්දේසිවලට දෙපාර්ශ්වයම එකඟ විය යුතුය. පසුව IMF සංවිධානය එම කෙටුම්පත ලබාදීමට කටයුතු කර තිබුණු බව එරට මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි. මෙවැනි තත්තවයක් යටතේදී IMF මුල් වාරිකය ලබාදීම තව තවත් ප්‍රමාද වීමට ඉඩ ඇත. කෙසේ ඉදිරි සති දෙකක පමණ කාලය පාකිස්තානයට තීරණාත්මක කාලයකි. එනම් IMF තීරණයට අදාළවය.

අද පාකිස්තානයේ මෙවැනි තත්ත්වයක් තිබියදී IMF කතාවේ පිටු ශ්‍රී ලංකාව තුළද පෙරළෙමින් ඇත. එසේ වන්නේ පසුගිය වසරේදී ශ්‍රී ලංකාවද IMF සංවිධානයෙන් ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් ලබාගැනීමට තීරණය කළ වගතුගයි. ශ්‍රී ලංකාවේ රජයටද IMF විසින් නොයෙකුත් ආකාරයේ තදබල කොන්දේසි පැනවූ අතර, ශ්‍රී ලංකා රජය දැන් ඒවා ක්‍රියාත්මක කරමින් සිටියි. එහෙයින් මේ වන විට අපේ රටේ ජනතාවගේද ගෙල සිරවෙමින් ඇත. මේ ලිපිය ලියමින් සිටි මොහොතේදී දැන් ආරංචි වූයෙ මෙරට විදුලි ගාස්තුව 66%කින් ඉහළ දැමීමේ පුවතයි. පසුගිය වසර අගදීද මෙරට විදුලි බිල ඉහළ නැංවූ අතර මේ වතාවේදීද එය ඉතා බියකරු ලෙස සිදුකර ඇත. මෙරට තුළ මේ සියල්ල සිදුවන්නේද IMF සංවිධානයේ ණය කොන්දේසිවලට අනුවය. පාකිස්තානයේද පසුගියදා මෙලෙසම විදුලි බිල් වැඩිකරනු ලැබුවේය. මේ අතර ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඉන්ධන මිල ඉහළ දැමීම සහ අනෙකුත් බදු වර්ග ඉහළ දැමීමද ශීඝ්‍රයෙන් සිදුවෙයි. ශ්‍රී ලංකා රජය දැනටම මෙම IMF කොන්දේසි ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබුණද හෙට අනිද්දාම පාකිස්තානයට සිදුවූ දේ අපටත් සිදුවෙයිද? පාකිස්තානයට ලබාදීමට නියමිතව ඇත්තේ විශාල ණය මුදලකි. එහෙත් අපට ඇත්තේ සොච්චම් ණය මුදලකි. එහෙත් එයවත් ශ්‍රී ලංකාවට ලැබෙයිද? උචිත සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලකාවට ණය ලබා නොදෙන බවද පසුගිය වසරේදී IMF සංවිධානය ප්‍රකාශ කර තිබිණි ඉන් පසුව ශ්‍රී ලංකා රජය සහ IMF සංවිධානය අතර සාකච්ඡා ගණනාවක්ද පැවැත්විණි. එහෙත් මෙතෙක් ශ්‍රී ලංකාවටද ප්‍රථම ණය වාරිකය ලාබදීමට තීරණය කර නැත. IMF ලබාදුන් කොන්දේසි මෙසේ විය.

වැට් බදු, ආදායම් බදු ශක්තිමත් කිරීම, බදු අනුපාත වැඩිකිරීම, බදු පදනම පුළුල් කිරීම, බලශක්ති මිලකරණ ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීම.

මුදල් මුද්‍රණය කිරීම වහාම සීමා කිරීම සිදුකළ යුතුය.
ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පුළුල් උපායමාර්ගයක් සංවර්ධනය කිරීම සිදුකළ යුතුය.
නම්‍යශීලී විනිමය අනුපාතයක් ප්‍රතිස්ථාපනය කිරීම.
අවදානමට ලක්විය හැකි කණ්ඩායම් මත සාර්ව ආර්ථික ගැළපුම්වල අහිතකර බලපෑම් අවම කිරීමට කටයුතු කිරීම.

අපූරු වගතුග නම් මෙම රජය බලයට පත්වන විට තිබුණු ඇමෙරිකානු ඩොලර් බිලියන 7.6ක් වූ විදේශ සංචිතය ඩොලර් මිලියන 1,878 දක්වා පහත බැස ඇත. අපේ රටේ ජනතාව අතේ පිච්චියක් නැතත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ළඟ පසුගියදා රුපියල් කෝටි ගණනින් තිබුණේය.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

විශාල ගොඩනැගිලි පෙරළුණා! දහස් ගණනක් මැරුණා! මෙන්න හේතුව! ලංකාවත් වහාම සූදානම් වන්න…

Next Post

මොන කරුමයක්ද මන්දා! තුර්කියේ ආයෙමත් ප්‍රබල භූ කම්පනයක්! 44000ක් මියගිහින් තවම සති 2යි!

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.